Soul Twin
"ජීමින්....එයාගේ රාක්ශ ස්වරූපයට ඕනි ඔයාව...ඒක ශාපයක්..ඔයා එයාට ශාපයක්"
........................................................................
පුරහද .....ඒක තමයි හේතුව" ප්‍රොෆෙසර් කිවුවේ මෙතන සිද්ද උනු හැමදෙයක්ම එකින් එක බලන් ඉදලයි.....
ඒත් මේ නුපුරුදු හඩට බය උනු තුන් දෙනාම ඉක්මනින් පිටිපස්ස බැලුවා....ජීමින් විතරක් තාම ගල් වෙලා..නම්ජූන් එයාට මොහොතකට කලින් කිවුව දේ තේරුම හොයනවා.....
"ප්‍රොෆෙසර්......."
ජින් එකපාරටම කිවුවේ පුදුමයෙන්...
"ඩොක්ටර්....."
ප්‍රොෆෙසර් හිනා වුනේ ජින් දිහා බලලා ...ඒ හිනාවේ තිබුනේ කියවගන්න බැරි හැගීමක්....
"මම දැනගෙන හිටියා වෘකයෝ ඉන්නවා කියන එකත්....ඒ වගේම ඔයා එයාලට සම්බන්දයි කියන එකත්......අර ගෑනු ලමයගේ මරණෙටත් මේ වෘකයොන්ගේ සම්බන්දයක් තියනවා මම ඒක දැනගෙන හිටියා"
ප්‍රොෆෙසර් කියාගෙන ගියේ එයා මේ ලෝකේ වැදගත්ම සොයා ගැනීම කලා වගේ ජයග්‍රාහී ලීලාවෙන්......
ඒත් එක්කම ගලක් වගේ වෙලා ඉදපු ජීමින්ට මොහොතකට පන ආවා...
"එ-එයා මැ-මැරිලද? ඒ ගෑනු ලමයා?"
ජීමින් එයාගේ වචන පිට කරගත්තේ බොහොම අමාරුවෙන්....එයාගේ බය දෙගුන තෙගුන උනේ එයාට උදවු කරන්න අවස්තාව ලැබිලත් එයා උදවු නොකරපු නිසා ඒ ගෑනු ලමයගේ ජීවිතේ නැති උනා කියලා දැනගත්තමයි....
"ජීමින්....හොදටම ඇති ප්‍රශ්න විසදුවා...ඔයා මෙතනින් යන්න....නැත්තම් මට ඔයාව බේරගන්න බැරි වෙයි"
නම්ජූන් කිවුවේ ජීමින්ව දොර ලගට තල්ලු කරන ගමන්....
නම්ජූන්ට හැමවෙලාවෙම අවනත ජීමින් මේ වතාවෙත් එයාගේ කීම අහලා එතනින් පැනලා දුවන්න පටන් ගත්තා....
"ප්‍රොෆෙසර්...ඔයා මෙතනින් යන තරමට හොදයි...නැත්තම් ඔයාගේ ජීවිතේ ගැනත් අපිට වගකියන්න බෑ"
ජින් කිවුවේ දොරෙන් පිටත සැරින් සැරේ බලන ගමන්......
ඒත් ප්‍රොෆෙසර් ට ඒකට උත්තරයක් දෙන්න ලැබුනේ නෑ......
දිග නියපොතු, තනි කලු උන ඇස්, කහපාට ඇහි බෝල, උල් දත් වගේම මූන පුරා වැවුනු කෙස්..සම්පූර්න වෘක එහෙමත් නැත්තම් රාක්ශ වෘකයෙක් ප්‍රොෆෙසර්ගේ ඇගට කඩා පැන්නේ ප්‍රොෆෙසර් මහ හඩින් කෑ ගහද්දිමයි.....
"ජින් ඉක්මන් කරන්න...."
නම්ජූන් කලබල උනේ ප්‍රොෆෙසර්ට කරදරයක් වෙයි කියලා...ඒත් එක්කමයි නම්ජූන් එයාගේ වෘක රූපෙට හැරුනේ....ජීවිතේ ප්‍රථම වතාවට පිටස්තර මනුස්සයෙක් ඉස්සරහා එයා එයාගේ අනන්‍යතාවය හෙලි කලා......
නම්ජූන්ගේ වෘකයා ගියේ සුගාගේ රාක්ශ වෘකයාගේ ඉදිරිපිටට...එක් වරක් දෙවරක් ගෙරෙවුවත් සුගාගේ අවදානය ඒ අතට යොමු උනේ නෑ....නම්ජූන් එයාගේ ක්‍රමේ වෙනස් කලේ කොහොමහරි සුගා එහෙමත් නැත්තම් වෘක රාක්ශයාගේ අවදානය වෙන පැත්තකට හරවන්න....
මේ දේවල් ගැන කලින් දැනුවත් වෙලා ඉදිය ජින් ඉක්මනින්ම එයාගේ සිරින්ජරයට බෙහෙත් පුරවන්න පටන් ගත්තා....
නම්ජූන් කෙලින්ම පැන්නේ වෘක රාක්ශයාගේ ඇගට....එකපාරටම වැදුන සැර නියපොතු පාරින් රාක්ශයාගේ අවදානය නම්ජූන්ට හැරුනා...ඒ අතරේ ඉක්මනින්ම ප්‍රොෆෙසර් හැන්ගෙන්න තැනක් හොයාගත්තා....
රාක්ශයා මහ හයියෙන් ගොරවන්නත්, දත් විලිස්සන්නත් ....එයාගේ නියපොතු තවත් දික් වෙන්නත් පටන් ගත්තේ ඇස් දෙක තවත් කහ පාටින් දිලිසෙනවත් එක්කමයි......
එකපාරම හැරුනු රාක්ශයාගේ අත් ගියේ නම්ජූන්ගේ කකුලක් ලගට..ඒ නියපොතු පාරින් නම්ජූන්ගේ එක කකුලක් තුවාල උනා...
ඒත් එක්කමයි ජින් සිරින්ජයත් අරගෙන රාක්ශයාගේ ඇගට පැන්නේ...ඒත් උනේ නොහිතපු දෙයක්....සිරින්ජරය අතින් ගිලිහිලා පොලවේ රෝල් වෙන්න ගත්තා...ඒකෙන් රාක්ශයාගේ අවදානය ජින්ට යොමු උනා...තමන් මනුස්සයෙක් නිසත්,වෘකයෙක් තරම් ශක්තියක් නැති නිසත් ජින් එතනම දුර්වල උනේ රාක්ශයාගේ මුහුනේ තිබුන භයන්කාර පෙනුමට වගේම එයාට ගැලවීමක් නෑ කියන දේ තේරුම් ගිය නිසයි....
නම්ජූන් තවත් බලාගෙන ඉදියේ නැත්තේ තමන්ගේ එකම සහකරු බේරගන්න උවමනාවෙන්..ආයෙමත් රාක්ශයාගේ පිටට පැන්න නම්ජූන් ඌව තුවාල කරන්න පටන් ගත්තා....එහෙන් මෙහෙන් ලැබුනු සීරීම්, නියපොතු පහරවල්,දත් පහරවල් දෙන්නගෙම ඇගේ සලකුනු වෙන්න උනා...
ඒ දෙන්නාගේ සටන වෙන අතරේ ජින් ඉක්මනින්ම දිවුවේ සිරින්ජරේ හොයාගෙන....අතට අහු වෙන පරක්කුවට සිරින්ජරය රාක්ශයාගේ බෙල්ලටම ගැහුවේ මහ හයියෙන් රාක්ශයාගේ කටින් හූවක් පිට වෙනවා ඇහෙනවත් එක්කමයි....
රාක්ශයගේ ඇස් හිමින් හිමින් යතා තත්වයට පත් වෙන්නත් ,නියපොතු කලින් තත්වෙට හැරෙන්නත් පටන් ගත්තා...
ටික වේලාවකින් මනුස්ස රූපෙට හැරුන සුගාගේ ශරීරය සිහිසුන් වෙලා බිමට වැටුනේ අනිත් තුන් දෙනාගෙම ඇස් ඒ ශරීරයට යොමු වෙලා කරමින්...
"එහෙනම් මේ රාක්ශයාවත් සදුගේ ශාපයවත් මිත්‍යාවක් නෙමෙයි"
මේ තරම් වෙලා බයෙන් ගැහුනු හෝසොක් කතා කලේ සුගාගේ ශරීරයට අත තියන ගමන්.....
මේ අතර ජින් දුවගෙන ගියේ නම්ජූන්ගේ තුරුලට....
........................................................................
White moon pack
"ටේ හ්‍යුන්ග්...."
ජීමින් කතා කලේ එයා දැනගත්ත රහස එයාගේ යාලුවත් එක්ක බෙදාගන්න හිතාගෙන......ඒත් ටේ හ්‍යුන්ග් හිටියේ වෙනමම සිහියක....
එතකොටමයි ටේ හ්‍යුන්ග්ට දැනුනේ නම්ජූන් එයාව මනසින් සම්බන්ද කරගන්න හදන බවක්....ටේ හ්‍යුන්ග් එයාගේ මනස විවෘත කලේ පනිවිඩේට ඇහුම්කන් දෙන්න......
"ජීමින්....තාත්තට මේක කියන්න එපාලු....හ්‍යුන්ග් ඇවිත් කියන්නම් කිවුවා"
ටේ හ්‍යුන්ග් කිවුවේ නම්ජූන්ගේ පනිවිඩෙන් පස්සේ එයාගේ මනසේ දොරටු වහන ගමන්....
"ජීමින්, ටේ හ්‍යුන්ග් ඔය දෙන්නට තාත්තා උඩට එන්න කිවුවා"
ජෙනී කියාගෙන ආවේ ජීමින් දිහා දුක් මුසු බැල්මකින් බලාගෙන....ජීමින්ගේ ඇස් ගියෙත් ජෙනී ලගට...උන දෙයින් පස්සේ ඒ දෙන්නට කතා කරන්න වෙලාවක් ලැබුනේ නැති තරම්....ඒත් ටේ හ්‍යුන්ග් තව දුරටත් ජීමින්ට ජෙනී දිහා බලන්න ඉඩ දුන්නේ නෑ.....ටේ හ්‍යුන්ග් උඩ තට්ටුවට එයාව ඇදගෙන ගියේ ජෙනීගේ මායාවකින් ජීමින්ව ගලවන්න එයා උත්සහා කරනවා වගේ......
ටේ හ්‍යුන්ග් ,ජීමිනුත් එක්ක එයාගේ තාත්තාගේ කාමරේට ඇතුලු උනා......
"එන්න දෙන්නම වැදගත් දෙයක් කියන්න තියනවා" තාත්තා කිවුවේ දෙන්නටම ඉදගන්න ආරාදනා කරමින්...
"මේකයි ජීමින්...හෙට සටනට ඔයා ලෑස්ති වෙන්න ඕන...එතකොට....... ඔයා ටේ හ්‍යුන්ග් ......අපිට වටින දේවල් ආරක්ශා කරන්න වෙනවා...."
කිම් මින් සුක් එහෙමත් නැත්තම් ටේ හ්‍යුන්ග් ගේ තාත්තා කතා කලේ කෙලින්ම ටේ හ්‍යුන්ග් දිහා බලාගෙන....
"වටින දේවල්??"
ටේ හ්‍යුන්ග් ඇහුවේ පුදුමයෙන්....
"ඔව් වටින දේවල්....ඒ කියන්නේ ඔයා.....ඔයා හෙට මේ ගෙදරින් එලියට බහින්න හිතන්නවත් එපා......" ටේ හ්‍යුන්ග් ගේ තාත්තා කිවුවේ ජීමින්ගෙත් ටේ හ්‍යුන්ග් ගෙත් කුතුහලය තවත් අවුස්සන ගමන්.....
.......................................................................
Black wolf pack
ජන්කුක් හිටියේ හොදටම අමාරුවෙන්....වැදුනු කස පහර සියය කොහොම දරාගත්තත් ඒවයින් පසුව ඇති වෙන වේදනාව හරිම අපහසු එකක් උනා..එකින් එක හම ඇදෙනවා වගේම....ඒ තුවාල වලින් අසීමිත දැවිල්ලක් දැනුනේ ඒ පහර දුන්නු හේතුව යලි යලිත් මතක් කරමින්.....
"මට ටේ හ්‍යුන්ග් ව මරන්න වෙනවා"
ජන්කුක් එයාටම කියාගත්තේ එයාගෙයි ටේ හ්‍යුන්ග් ගෙයි අතීතය මතක් කරගන්න ගමන්....
ටේ හ්‍යුන්ග් කියන්නේ ජන්කුක්ගේ පාසලේ හතුරා, තරගකාරයා වගේම එයාව අපහසුතාවයට පත් කරන්න බලන් ඉන්න එකම කෙනා උනත් ජන්කුක්ට ටේ හ්‍යුන්ග් ගැන තිබුනේ වෙනම හැගීමක්....
ඒ හැගීම වෛරයක්වත් ,පලිගැනීමක්වත් නොවෙන බව එයාට වැටහුනේ ටේ හ්‍යුන්ග් ගේ ඒ නිල් ඇස් දැක්ක දවසෙයි.....අනිත් කාටවත් එයාගේ ඇගට අත නොතියන්න දුන්න ජන්කුක් ටේ හ්‍යුන්ග් ට ඒ දේ කරන්න ඉඩ දුන්නා....ටේ හ්‍යුන්ග් එයත් එක්ක රන්ඩුවට ආවත් ඒ දේවල් සුලුවෙන් ඉවර කරන්න එයා වග බලාගත්තා.....එයාට කවදාවත් බරපතලව ටේ හ්‍යුන්ග් ව තුවාල කරන්න ඕනි උනේ නෑ....ඒ වගේම ස්කෝලෙදි ගෑනු ලමයි දහස් ගනනක් එක්ක ජන්කුක් ආශ්‍රයකලත්...එයාගේ ජීවිතේ පලවෙනි වතාවට කොල්ලෙක්ගේ තොල් වල රස විදින්න ආශාවක් ටේ හ්‍යුන්ග් නිසා, එයාගේ පිරුනු තොල් නිසා ජන්කුක්ට ඇති උනා....කවදාවත්ම ටේ හ්‍යුන්ග්ගේ ඇස් දිහා බලන් ඉන්න එයාට එපා උනේ නෑ....ඒත් මේ කිසිම දෙයක්, හැගීම් හෝ හැසිරීම් වලින් නොපෙන්වා ඉන්න තරම් ජන්කුක් දක්ශ උනා....එයාගේ සීතල හිත ඒ හැගීම් හගවන්න තවත් උපකාරයක් උනා......
ඒත් මෙතන එයා ඉදියේ වෙනම අවස්තාවක....
මේ හැමදෙයක්ම කනපිට හැරිලයි තිබුනේ....එයා මේ ලෝකේ ආදරේ කියලා දෙයක් දන්නවා නම්..ඒ සනා නිසයි....එයා මේ ලෝකේ කාටමහරි ආදරේ කරනවා නම් ඒ සනාට විතරමයි.....එයාට අම්මෙක් වගේම තාත්තෙක් උන එයාගේ අක්කටම විතරයි.........ඒ එකම සෙනෙහස බේරගන්න නම්,
එයාට වෙන තීරනයක් තිබුනේ නෑ....ටේ හ්‍යුන්ග්ගේ ජීවිතේ නිකරුනේ විනාස කරනවා ඇරෙන්න.....
ජන්කුක් වේදනාවෙන්ම නැගිට්ටේ එයාගේ ඇල්ෆාව හොයාගෙන යන්න....තාමත් සිදූ උනු තුවාල වලින් ලේ ගලද්දි ඒ ගැන එයා තැකීමක් කලේ නැති තරම්, එයාගේ ශරීරය මේ වේදනාවලට හුරු වෙලා, මේ රිදවීම් වලට හුරු වෙලා...අපහසුතාවයන්, දඩුවම් කියන්නේ ජන්කුක්ගේ එදිනෙදා දින චර්‍යාවේ කොටසක් තරම් වෙලා....
හිමින් හිමින් ඇල්ෆාගේ කාර්‍යාලයට ගිය ජන්කුක් ඒ දොරට තට්ටු කලා....
"ඇල්ෆා.."
"ඇතුලට එන්න"
ඇල්ෆාගේ කටහඩ ඇහුනේ තවත් සියුම් කටහඩක් එක්ක මුසු වෙලා....
ජන්කුක් දොර ඇරගෙන ඇතුලට යනකොටයි දැක්කේ තවත් ගෑනු කෙනෙක් අඩ නිර්වස්ත්‍රව ඒ කාමරේ ඉන්නවා....ජන්කුක්ගේ අම්මා නැති උන දවසේ ඉදන් ඇල්ෆා එහෙමත් නැත්තම් එයාගේ තාත්තා වෙන වෙන ගෑනු අයව එයාගේ කාර්‍යාලයට එක්කන් එන්න පුරුදු කරගත්තා....මුලින් ජන්කුක්ට තිබුනේ ඒ ගැන අසීමිත තරහක්...එයාගේ අම්මා ගැන හිතන වාරයක් ගානේ දුකක්...ඒත් පසු කාලීනව එයත් ඒ දේට පුරුදූ උනා....ගොඩාක් ගැහැනු ලමයි ආශ්‍රය කරන්න....එයාලගේ හිත් එක්ක සෙල්ලම් කරන්න...ගෑනු ලමයෙක්ව,ඔමේගා කෙනෙක්ව සෙල්ලම් බඩුවක් කරගන්න.......
ඒත් කිසිම දවසක ජන්කුක්ට හරි සම්බන්දයක් ඒ ගෑනු ලමයින් එක්ක තිබුනේ නෑ.....
"ඇල්ෆා මම තීරනය කලා.....මම වයිට් මූන් පැක් එක විනාශ කරනවා....හෙට තියන සටනට මම ලෑස්තීයි"
ජන්කුක් කියාගෙන ගියේ කාමරේ ඇතුලේ සිදු වෙන දේවල් නොදැක්ක ගානට.....
ඇල්ෆා මදකට එයාගේ අවදානය අර කාන්තාවගෙන් ජන්කුක්ට යොමු කලා...මද වෙලාවක් ජන්කුක්ට තියුනු බැල්මක් හෙලුව ඇල්ෆා ආයෙමත් කතා කරන්න පටන් ගත්තා.....
"හොදයි එහෙනම්....දැන් යනවා..සනාව නිදහස් කරගන්නවා"
ඇල්ෆා අණ දුන්නේ ජන්කුක් එයා කියන වචනයක් කිසිම දවසක නොකර පස්ස බලන්නේ නෑ කියන එක හොදින්ම දන්න නිසයි.....
ජන්කුක් මුරකාරයා පස්සෙන්ම ගිහින් සනාව නිදහස් කරනතුරු එතන බලන් හිටියා....
සනාගෙ කාමරේ දොර ඇරෙනවත් එක්කම ජන්කුක්ට දැනුනේ හරිම වේදනාවක්...
එයාගේ සහෝදරිය කලුවර කාමරේ මුල්ලකට වැටිලා....මුලු කාමරේ පුරාම වතුර තිබුනා... සනාගේ ඇදුම් ඔක්කොම ඒ වතුරෙන් තෙත් වෙලා .....එයාගේ තොල් සුදු මැලි වෙලා....ඇස් රතු වෙලා තිබුනේ මුලු වේලාව පුරාම ඇඩුව නිසා වෙන්නැති...ජන්කුක් අනුමාන කලා...ඒ සීතලට මූනේ,කම්මුල් වල රෝස පැහැය ගිහින්.....මල කදක් වගේ පාණ්ඩු පාටක් වෙලා. එයා අපහසුවෙන් ඉදිය බව ජන්කුක් තීරනය කලේ සනා සැරින් සැරේ වෙවුලපු විදියෙන්....
සනාව දෑතින්ම උස්ස ගත්ත ජන්කුක් එයාව අරන් ගිහින් එයාගෙම කාමරෙන් තිබ්බා....සනාට පිරිසිදු වෙන්න උනු වතුර එකක් පුරවපු ජන්කුක් සනාට එයාගේ පුද්ගලිකත්වය දීලා කෑම ගේන්න පිටත් උනා.....
මේ වගේ දේවල් නිසයි සනා දන්නේ එයාගේ මල්ලි පිටින් පෙන්නන තරම් දරුනු කෙනෙක් නෙමෙයි කියන එක....එයාගේ හිත කවුරුම හරි ආදරෙන් පුරවපු දාට ජන්කුක් කියන්නේ ලෝකේ ඉන්න මෘදුම කෙනෙක් වේවි කියන එක සනා විශ්වාස කලා....ඒ ආදරේට එයා මුලු ජීවිතේම කැප කරයි කියන එක සනා දැනගෙන ඉදියා....
හැම දෙයක්ම ඉවර උනාට පස්සේ සනා ජන්කුක් ගෙනාව කෑම එක ඉවර කලේ ලොකු කතාවකට මුල පුරන්න......
"ජන්කුක්....ඔයා දැනගන්න ඕනි දෙයක් තියනවා"
සනා කිවුවේ බර කල්පනාවක ඉදිය ජන්කුක්ගේ අවදානය එයාගේ පැත්තට හරවගන්න ගමන්......
"සනා මේ ඒවට වෙලාව නෙමෙයි ,ඔයා විවේක ගන්න ඕනි.." ජන්කුක් කිවුවේ එයාගේ අක්කගේ යහපත ගැන හිතලයි....
"නෑ ජන්කුක් මේ තමයි හරිම වෙලාව...මම අම්මට පොරොන්දු උනා ඔයාට ඒක අවශ්‍ය වෙලාවෙදි කියනවා කියලා...."
අම්මා ගැන කරපු සදහනෙන් මේ තරම් වෙලාවක් මුරන්ඩු උන ජන්කුක්ටත් සනා කියන්න උත්සහ කරන ඒ දේ ගැන දැනගන්න ඕනි උනා......සනා ට දිගටම කතා කරන්න ඇරලා ජන්කුක් කතාව අහන්න සූදානම් උනේ ඒ නිසයි....
"හෙට පුරහද...ඔයා දන්නවනේ? ඒත් ඒක නිකනම් පුරහදක් නෙමෙයි...වසරේ පලමු චන්ද්‍රග්‍රහනය.....ඒ වගේම ......"
සනා ටිකක් කල්පනා කලේ මේ දේවල් කොතනින් පටන් ගන්නද කියන එකයි....
"අක්කේ දිගටම කියන්න"
"ජන්කුක් ඔයා අහලා තියනවද පුරහද හෝරාව ගැන...එහෙමත් නැත්තම් සද දෙව්දුව මේ ලෝකෙට වඩින දවස ගැන..."
"ඔව්...ඒ අවස්තාව එන්නේ අවුරුදු 200කට සැරයක්...."
"හරි ....ඒ වගේම ඒ පුර හද අඩහෝරාව දවසකම තමයි ඔයා ඉපදුනේ....අවුරුදු 200කට වතාවක් එන ඒ වගේ දවසට දරුවන් ඉපදෙන්නේ බොහොම අඩුවෙන්....ඒත් ඔයා ඉපදුනා...ඔයා විශේෂයි...ඒ වගේම මේ වතාවෙ කිසිම දවසක සිද්ද නොවුනු දෙයක් උනා...ආයෙමත් ඒ පුරහද හෙට පායනවා....හරියටම අවුරුදු 19 කට පස්සේ....හෙට ඔයාගේ 19 වෙනි උපන්දිනේ.....පුරහද දවසක්...පුරහද අඩහෝරාව දවසක්....සද දෙව්දුව මේ ලෝකෙට වඩින දවසක්....ඒ වගේම වැදගත්ම දේ .......ඔයා ඔයාගේ ජීවන සහකරු හොයාගන්න දවස....ඔයාගේ මුලු ජීවිතේම වෙනස් වෙයි...."
"මගේ මේට්? ඒත් මම හිතුවේ මට එහෙම කෙනෙක් නෑ කියලා ...තාත්තා කිවුවේ එහෙමනේ...මට සහකරුවෙක් දෛවයෙන් දීලා නෑ කියලනේ"
ජන්කුක් තව දුරටත් කතා කරගෙන යන්න උත්සහ කලත් සනා ඒකට ඉඩ දුන්නේ නෑ......
"හොදට අහගන්න...හෙට පුරහද පායනවත් එක්කම ඔයා එලියට යන්න ඕනි....පුරහද අඩහෝරාව දවසට තවත් විශේෂ දෙයක් චන්ද්‍රයාගේ සිදු වෙනවා....සද දෙව්දුව වඩිනවත් එක්කම මුලු චන්ද්‍රයාම දම් පැහැයට හැරෙන්න ගන්නවා...ඒක දෙව්දුව සද ඇතෑරලා මේ ලෝකෙට එනවා කියන එකේ සලකුනක්....ඒත් ඒ වෙලාවට දම් පැහැ සද රැස් ඔයාගේ ඇගට වැටුනම ඔයාට ඒ සුවද දැනෙන්න ගනීවි.....ඔයාගේ සහකරුගේ...ඔයාගේ ගැලවුම්කාරයාගේ....ඒ සුවද දිගේ යන්න එයාව හොයාගෙන....හැබැයි කිසිම හේතුවකට ඒ වෙලාවේ ඇතිවෙන ආශාවට එයාව සලකුනු කරන්න යන්න එපා......."
සනා කියලා ඉවර කලේ ජන්කුක් පුදුමයෙන් පුදුමයටත් ,කුතුහලයෙන් පිරිලා යනවත් බලාගෙන....ඒත් ජන්කුක්ට අහන්න ඕනි උනේ එක ප්‍රශ්නයයි....
"අක්කේ....මගේ ගැලවුම්කාරයා?
"ඔයාගේ නෙමෙයි මේ මුලු ලෝකෙම..." සනා කිවුවේ තවත් කතාවකට මුල පුරන ගමන්.....
"අපිට මෑත අතීතෙට යන්න කාලය හරි"
........................................................................
ජන්කුක් ඉපදුනු දවස
ඔමේගා හිටියේ හරිම සතුටින්...එයාගේ පලවෙනි පිරිමි දරුවාගේ ඉපදීම වෙනුවෙන්....දරුවව අතේ තියාගෙන නලවන්න ගත්තේ දැනුනු මවු සෙනෙහසට.....ඔමේගාගේ එහා පැත්තෙන් ඉදියේ තවත් පුන්චි ඔමේගා කෙනෙක්.....එයාගේ පුන්චි සහෝදරයා දිහා හුරතල් ඇස් වලින් බලාගෙන....ඒත් එක්කම එතන හිටගෙන හිටියේ ඔමේගගේ ඇල්ෆා...එහෙමත් නැත්තම් මේ දරුවන්ගේ තාත්තා....කිසිම ලේ කදුලක් ,දරුවා වෙනුවෙන් සෙනෙහසක් වත් තිබුනේ නැති ඒ මූනේ තිබුනේ පිරිමි දරුවෙක් ඉපදුනු එකට ආඩම්බරයක් විතරයි.....මේ පවුල මෙහෙම ඉදිද්දී ඒ අසීමිත මොහොත උදා උනේ.....
කවුරුත් නොහිතපු විදියට චන්ද්‍රයා කෙමෙන් කෙමෙන් දම් පැහැයට හැරෙන්න ගත්තා.....වතුරෙන් උඩට ආපු හද හිමින් අහසට නැග්ගා....හදට මුවා වුනු දම් පැහැ ඇස් ඇති වෘකයෙක් මහ හයියෙන් රාවය පතුරන්න ගත්තා....හරියටම අවුරුදු 200කට පසු උදා වෙන පුරහද අඩහෝරාව ගැන ඒ වෙනකොට ඒ අයට අමතක වෙලයි තිබුනේ....බකමූනෝ ,වවුල්ලු වගේම මායාකාරියන් එහෙ මෙහෙ යන්න ගත්තා...සොභා දහම අපූරූ රටා මවන්න පටන් ගත්තා .....
ඒත් එක්කම දිලිසෙන වස්ත්‍ර සහිතව දිලිසෙන ශරීරයක් ඔමේගගේ වටේ හෙවනැල්ලකින් වගේ එහෙ මෙහෙ ගමන් කරන්න පටන් ගත්තා...හිමින් ඒ ශරීරය ඔමේගගේ වටේ යන එක නැවැත්තුවේ අලුත් උපන් දරුවගේ ඔලුවට අතක් තියමින් .....ඉන්පසු ඒ රූපය හෙවනැල්ලෙන් සම්පූර්න ස්ත්‍රී ශරීරයකට හැරෙනවත් එක්කම ඔවුන්ට ඒ කාන්තා රූපය සම්පූර්න වශයෙන් දැකගන්න ලැබුනා.......
නිල් පැහැයට හැරුනු සුදු පැහ වස්ත්‍රයකිනුත්....අලු පාටට හුරු දිගු වූ වරලසත් ,හිස වටේ කැරකෙන සදේ විවිද අවස්තාවනුත්, එක් අතකින් ගත්ත මල් මිටත් එක්ක...අසීමිත රූප සෝබාවකින් හෙබි ඒ ස්ත්‍රිය සද දෙව්දුව යන්න කාටත් වැටහුනා.....
හරිම මිහිරි හඩකින් දෙව්දුව පුන්චි දරුවව ඇමතුවා ......
"රාජකීය ඇස්..රාජකීය ශරීර සලකුනු....රාජකීය වන්ශයේ ආරම්භය... සදුගෙන් වරම් ගත් එක් ආත්මයක්....විශ්වයේ බලගතුම නිවුන් ආත්මයන්ගේ පලවෙනි ඉපදීම.....වසර ගනනක අතීතයට ගිය ඒ අසීමිත කැපකිරීම, අසීමිත ආදරය....ඒ අදුරු අතීතයත් එක්ක ඔවුන් ආයෙමත් එක් වෙන්නයි උත්සහ දරන්නේ....." දරුවා දිහා ඇස් යොමන් ඉදිය දෙව්දුව මුමුනන්න උනා.....
මල්මිට දරුවා ලගින් තිබ්බ දෙව්දුව ඔමේගගේ ඇස් දිහා බැලුවා......
"නිවුන් ආත්මය හොයාගත් දවසට....ඔහු සහකරුවා වේවි....රාජකිය වෘකයන් බිහිවේවි...මුලු ලොවම අදුරෙන් ගැලවේවි"
තමන්ගේ කතාව ඉවර කල සද දෙවිදුව ඔමේගගේ ඇස් වල පැහැය රිදී පැහැයට වෙනස් කලේ දරුවව ආරක්ශා කරන්න යම්කිසි හැකියාවක් ඇයට ලබාදෙමින්..........
සද දෙව්දුව පිටත් උනේ දම් පැහැ උනු ඇස් ඇති වෘකයාගේ බදෙන් අල්ලගෙන එක් පැත්තකට වාඩි වෙන ගමන්...දීප්තිමත් එලියක් එක්ක හැමදේම ආයෙමත් නොපෙනී යන්න ගත්තා...
එතන ඉදිය හැම කෙනෙක්ම සද දෙව්දුව ගේ පැමිනීමටත් ,ඒ කියමන් වලටත් සතුටු උනත්.......ඇල්ෆා හිටියේ වෙනම කල්පනාවක..
ඇල්ෆාට ඕනි උනේ වෙන දෙයක්...එයාට ඒ රාජකීය තනතුර ලබාගන්න......
........................................................................
Bạn đang đọc truyện trên: Truyen247.Pro