Chào các bạn! Vì nhiều lý do từ nay Truyen2U chính thức đổi tên là Truyen247.Pro. Mong các bạn tiếp tục ủng hộ truy cập tên miền mới này nhé! Mãi yêu... ♥

Hey Beautiful !

වසර 200ක් ආපස්සට........

එදා පුරහද දවසක්...වසරේ ප්‍රථම චන්ද්‍රග්‍රහනය සිදු වෙන දවස....මුලු වෘක සංහතියම එක් තැනකට රැස් වුනා....ඒ චන්ද්‍ර වංශයේ රජ මාලිගයට.....

ලොව ප්‍රථම වතාවට සද දෙව්දුවගෙන් වරම් ලත් දරුවා බිහිවෙන දිනය.....ඔමේගගේ කුසේ ඉන්න දරුවට පියෙක් නැති උනේ ඒ දරුවා සද දෙව්දුව විසින් ඇගේ කුසට ලබා දුන් ත්‍යාගයක් වන නිසයි......

වෘක ඉතිහාසයේ ප්‍රථම වරට පිරිමි ඔමේගා කෙනෙක් බිහි කිරීම මුලු වෘක සංහතියම  සැමරුවේ එකම සතුටකින්...ලොව පිවිතුරුම ආත්මය ,ලොව පිවිතුරුම ජීවය දෙව්දුව විසින් ඔමේගගේ කුසේ සැගවුවේ නව මසකට පසු මේ අයුරින් බිහි වෙනවා දකින්න.....

ඒ සද දෙව්දුවගේ පලවෙනි පොලවට වැඩීම....දරුවා බිහිවනවත් සමග මුලු අහසම දම් පැහැයටත්, මාලිගය වටා ඇති සියලු ජල උල්පත්වල ජලය ලා නිල් පැහැයකටත් හැරෙන්න ගත්තා....එදින සද පෑයුවේ මද්දහන වේලාවේ...

දරුවා මෙලොව එලිය දුටු විට පලමු වර ඔහුව තම දෑතට ගත්තේ සද දෙවිදුන් විසින්.....

"අද සිට මගේ දරුවව මම මේ ලෝකෙට බාර කරනවා....ඔහු දැන් මේ ලෝකේ දරුවෙක්...ඒ ආත්මය අයිති මෙලොවට...."

අලුත උපන් දරුවගේ නලල සිප ගත් දෙව්දුව දරුවව යලිත් ඔමේගට භාර කලේ දෙව්දුවගේ රුව මීදුමත් සමග නොපෙනී යද්දී........

මේ අතරේ සුර්‍ය වංශයේත් මෙවැනිම සිදුවීමක් සිදු උනා...

සූර්‍ය දෙවිදුන් මෙලොවට ලබා දුන් පලවෙනි දරුවා...දෙවියන්ගේ ශක්තිය එක්ක මෙලොවට ගෙනාවේ සද දෙවිදුගේ දරුවාගේ ආරක්ශකයෙක් විදියට....ඔමේගගේ පිවිතුරු බවට පෑහෙන්න වෙනත් දෙයක් තියනවනම් ඒ හිරු දෙවිදුගේ දරුවගේ ශක්තිමත් බව.......

......................................................................

පුන්චි  පිරිමි දරුවන් හත් දෙනෙක්....හරිම සතුටින් සෙල්ලම් කරනවා...එකිනෙකා පස්සේ පන්නමින් වටේ දුවන ගමන්,සිදු වෙන පුන්චි පුන්චි ආබාද වලින් අසීමිත සතුටක් ලබන ඒ පිවිතුරු කුඩා දරුවන් අතර ඒ ඔමේගාත් හිටියා..ලොව බිහි උනු විශේෂතම ජීවය....පිවිතුරුම ආත්මය.....

මේ හත් දෙනා ලොකු වෙනවත් එක්කම ඔවුන්ගේ මිත්‍රත්වයත් එන්න එන්නම දියුනු උනා....සමහර බැදීම් යාලුකමට එහා යන්න උනා...සමහර බැදීම් යාලුකමින් නැවතුනා...සමහර බැදීම් සහෝදරත්වයකට පෙරලුනා....ඒත් සමහර බැදීම් නතර උනේ ආදරයක් බවට පත් වෙලයි....

මේ පුන්චි ඔමේගගේ ශරීරය වර්දනය වෙනවත් සමගම ඔහු ලොව සිටින සුන්දරම ජීවය බවට පත් උනා....කිසිම මිනිසෙකුටවත් අඩුම තරමේ ආත්මයකටවත් ඒ සුන්දරත්වය පරාද උනේ නෑ....ඔහුව දකින ගැහැනු පිරිමි සියල්ලන්ම ඒ රුවට වශී උනා...

දිග නිල් රිදී පැහැ විශාල උනු ඇස්...රෝසමල් පෙති මෙන් පිරුනු මී පැණි මෙන් රස පිරුනු තොල්..නලල තෙක් දික් උනු කැරලි සහිත රිදී පැහැත් නිල් පැහැයටත් හැරුනු කෙස්...රෝස පැහැ තැවරුනු සිනිදු කම්මුල්....කාන්තාවකට වඩා සුසිනිදු දේහය ඒ සුන්දර මුහුනත් සමග අපූරු රටා මැවුවා....දික් වූ අතැගිලි...ඔමේගව දෙවියන්ගේ විශිෂ්ටම කලා නිර්මානය බවට පත් කලා...සියලු රාජදානි වැසියන් ඔමේගව සැලකුවේ දෙවිකෙනෙක්ට සමානව....


සමහරුන් දරාගන්න බැරි ආශාවට ඔමේගව අල්ලන්න නොඑනවාම නෙමෙයි....ඒත් මේ ඔමේගා හරිම ආඩම්බරකාරයෙක් උනා....තමන්ගේ යහලුවන්ට සහ දෙමාපියන්ට හැරෙන්න වෙන කිසිම කෙනෙක්ට තමන්ගේ ඇගට අත තියන්න ඔහු ඉඩ දුන්නේ නෑ.........

මේ අතරේ ඔහුගේ රුව නිසාම ඔමේගාව අපහසුතාවයට පත් උනු අවස්තා නැතුවාම නොවෙයි....එක් එක් පුද්ගලයන් ඔමේගව දකින වාරයක් ගානේ කාම ආශාවන්ගෙන් පිරී යන්න ගත්තා....මිනිසුන් වෘකයන්ට විතරක් ඒ ආශාව සීමා උනේ නෑ....මේ ජීව ලොවෙන් එපිට ආත්ම ලොවටත් ටේ හ්‍යුන්ග් එහෙමත් නැත්නම් ඒ ඔමේගගේ සුන්දරත්වය බලපෑවා.....

ඔමේගගේ පස්සෙන් දහස් ගනනක් ගැහැනු පිරිමි දෙගොල්ලන්ම ආවත්....ඒ සුන්දරත්වය ,ඒ හිත , ඒ ආඩම්බරකාරයා ගේ අයිතිය තිබුනේ එකම එක ඇල්ෆා කෙනෙක්ට විතරයි....ඔමේගගේ හිත නොදැනුවත්වම නැවතුනේ එයාගේ පුන්චි කාලේ ඉදන් එකට ඉදිය හොදම යාලුවගේ ලග..........ඒ තමයි ජන්කුක්...

තවත් විශේෂ පවුලකින් ,එහෙමත් නැත්නම් සූර්‍ය වංශයේ එකම රජ කුමරු ,කිරුල හිමි කුමරා උනු ජන්කුක් අනිත් හැමකෙනෙක්ටම වඩා ශක්තිමත් තරුනයෙක්.....හිරුගෙන් මෙලොවට ලැබුනු එකම දායාදය.....ටේ හ්‍යුන්ග්ගේ ආරක්ශාව වෙනුවෙන්ම බිහි උනු ආත්මය...

ශරීර ශක්තිය, කඩවසම් බව, බුද්ධිය වගේම ඕනම දෙයක් කිරීමේ හැකියාව නොඅඩු උනු ඔහු සියලුම කාන්තාවන්ගේ අවදානයට යොමු උනා....හැම කෙනෙක්ටම ඕනි උනේ ජන්කුක්ගේ ඇගිල්ලක හරි පහස ලබන්න...එය කාන්තවන්ට පමනක් නොවී පිරිමි පුද්ගලයනුත් ජන්කුක්ගේ කඩවසම් බවට වසග උනා....

හොදට පිරුනු මස් පිඩු සහිත ශරීරයත්....ඕනෙම කෙනෙක්ගේ සිත් වසග කරන ආසාවන් සහිත් ඇස් දෙකත් , හුරතල් නහයත් , ස්ට්‍රෝබෙරි රස උනු තොල් වලටත්...සියලුම ජීවින්ගේ සරාගී හැගීම් අවුස්සන්න තරම් ශක්තිමත් උනා....සටන් ක්‍රම, සංගීතය, වගේම ඕනිම දෙයක් සර්ව සම්පූර්න කිරීමේ ජන්කුක් සතු වුනු හැකියාව ඒ අයව තවත් පිස්සු වට්ටන්න සමත් උනා.....

ඒත් ජන්කුක්ගේ හිත තිබුනේ එකම කෙනෙක් ලග...මොනම හේතුවකටවත් ඒ හිත එයාගේ ලගින් හෙල්ලුනේ නැහැ...ජන්කුක්ගේ ඇස් වලට දකින්න පුලුවන් උනේ එකම දෙයයි..එයාගේ හිතට හිතන්න පුලුවන් උනේ එකම දෙයයි..ඒ ටේ හ්‍යුන්ග් ගැන විතරමයි....

ජන්කුක් කියන්න බොහොම හොද කෙනෙක්...හේතුවක් නැතිව කිසිම කෙනෙක්ට එරෙහිව තමන්ගේ ශරීර ශක්තිය පාවිච්චි නොකරන්න තරම් ඔහු කරුනාවන්ත උනා....මිනිසුන් හැම කෙනෙක් එක්කම සුහද චරිතයක් වුනු ජන්කුක්ට තිබුනේ එකම දුර්වල තැනක්...ඒ තමයි එයාගේ දුර්වලකමත් ශක්තියත් දෙකම වෙන ටේ හ්‍යුන්ග්.....

අනෙක් අය ටේ හ්‍යුන්ග් ට හෙලන සරාගි බැල්ම , ඇස් වලින් ටේ හ්‍යුන්ග් ව විදින අය ඒ දේවල් පුලුවන් තරම් ජන්කුක්ගෙන් සැගවී කරන්න වග බලාගත්තා....ඒ වගේම කිසිම විදියකින්  ටේ හ්‍යුන්ග් ට අතක් වත් තියන්න ඔවුන් නිර්භීත උනේ නැත්තේ එහෙම කරපු හැම අවස්තාවකම ඒ කෙනා ජන්කුක්ගේ එදින ගොදුර උන නිසා.....

ටේ හ්‍යුන්ග් ගේ එක තප්පරයක් පවා ජන්කුක්ට බොහොම වැදගත් දෙයක් උනා.....

මේ ආදරේ පටන් ගත්ත විදිය ගැන දෙන්නටම හරි අවබෝදයක් නැති උනත්..ඔවුන් එකිනෙකාට අසීමිතව ආදරය කරන්න අරන්...එකිනෙකා නැතුව ගෙවෙන එක මොහොතක් ගැන හිතන්න බැරි තරමට ඔවුන් ලං වෙලා....මේ ආදරේට රාජදානි දෙකෙන්ම අවසර ලැබිලා තිබුන නිසා කිසිම කෙනෙක්ට ඔවුන් අතරට එන්න වුනේ නෑ......එයාලගේ ආදරෙත් එයාලා තරම්ම පිවිතුරු උනා......

....................................................................

ටේ හ්‍යුන්ග් ඉදියේ අහස දිහා බලාගෙන...රතු පැහැ උඩු ඇදුමෙනුත්, කලු පැහැ යට ඇදුමෙනුත් සැරසුනු ටේ හ්‍යුන්ග් තවත් රෙද්දක් උඩින් පෙරවන් ඉදියේ ගග ලගින් හමන සීතල සුලගින් ආරක්ශා වෙන්න...ආව සුලං පහරින් එයාගේ කොන්ඩේ එහෙ මෙහෙ පැද්දෙන්න ගත්තේ තාලයකට...

ටික වේලාවක් මෙහෙම ඉදිය ටේ හ්‍යුන්ග් ට දැනුනේ එයාගේ ඉන වටේ ශක්තිමත් අත් දෙකක් එතෙන බව....ඒත් එක්කම ඒ අත් දෙකෙන් ටේ හ්‍යුන්ග් ව පිටිපස්සට ඇදලා ගත්තේ ඒ ශක්තිමත් පපුවේ හද ගැස්ම එයාගේ පිටට දැනෙන තරමට.....ටේ හ්‍යුන්ග්ගේ උරහිසින් මුහුන තිබ්බ ඒ හදගැස්මේ අයිතිකරු හිමින් ටේ හ්‍යුන්ග්ගේ රෝසමල් පෙති මුසු උනු මී පැනි සුවද එයාගේ නහයට දැනෙන්න ඉඩ හැරියා...

ටේ හ්‍යුන්ග් මේ අත්, මේ හදගැස්ම හොදින්ම අදුරනවා..එයාව මුලු ලෝකෙන්ම ආරක්ශා කරන ඒ අත් , එයාගෙ මුලු ජීවිතේම අයිති ඒ හදගැස්ම...එයාව එයාගේ ලෝකයේ අතරමං කරන ඒ ස්පර්ශය...එයාගේ අයිතිකරු ඒ කෙනා ජන්කුක් වුනා....

"මගේ රෝස මල....තරහද මාත් එක්ක"

ජන්කුක් කතා කලේ හරිම ආදරෙන්.....

"ම්ම්ම්....ඇයි කුකී පරක්කු උනේ?"

"කුකී ...මොකක්ද ඒ?"

ජන්කුක් හිනා වුනේ ටේ හ්‍යුන්ගේ උරහිසෙන් එයාගේ මූන අයින් කරගන්න ගමන්.....

"ඔව් ...ඔයා පරක්කු උන නිසා මම ඔයාට නමක් දැම්මා"  ටේ හ්‍යුන්ග් කිවුවේ එයාගේ ඇග වටේ තිබුන සීතලට පෙරවපු රෙද්ද ජන්කුක්ටත් පෙරවන ගමන්...

"හරි ඉතින් සමාවෙන්න මට, මගේ සෝස මල....මම ආයේ පරක්කු වෙන්නේ නෑ "

ජන්කුක් කිවුවේ ටේ හ්‍යුන්ග්ගේ හිසකෙස් වල සුවද බලන ගමන්....

"සමාවනම් නිකන් දෙන්න බෑ....සමාව දෙන්න නම් මම කියන දේ ඔයාට කරන්න වෙනවා..."

ටේ හ්‍යුන්ග් කිවුවේ බොරුවට ඔරවන ගමන් එයාගේ ඔලුව හිමින් ජන්කුක්ගේ උරහිසේ  තියාගනිමින්....ඒ අතර ජන්කුක්ගේ ඇගිලි ටේ හ්‍යුන්ග්ගේ කෙස් වල සැරින් සැරේ පැටලුනා....

දෙන්නා මේ තරම් ආදරෙන් ඉදියත්..එයාලගේ ආදරේට දැන් වසර දෙකකට කිට්ටු උනත් තාම ඒ ආදරේ සිපගැනීමක් තරම්වත් දුර දිග ගියේ නැත්තේ ජන්කුක්ට ටේ හ්‍යුන්ග්ව ඒ තරම් පිවිතුරු කෙනෙක් උන නිසයි....ඒ පිවිතුරු බව හාදුවකින්වත් නැති කරන්න ජන්කුක්ට ඕනි උනේ නෑ....කවදහරි ටේ හ්‍යුන්ග්ව එයාගෙම කරගන්න දවසක් වෙනතුරු ජන්කුක් ඉවසුවා...ටේ හ්‍යුන්ග් ව ඒ තරම් පරිස්සම් කරන තැනට ජන්කුක් එයාට ආදරය කලා...එයාගේ හිතේ ටේ හ්‍යුන්ග් වෙනුවෙන් විවිද ආසාවන් ඉපදුනත් එයා ඒ කිසිම දෙයක් පිවිතුරු ඔමේගගෙන් ලබාගන්න උත්සහ කලේ නැත්තේ ඔමේගටම පලවෙනි පියවර ගන්න ඉඩ දීලා.......

"මොනාද දැන් මගේ චූටි මලට මම කරලා දෙන්න ඕනි?"

ජන්කුක් ඇහුවේ ටේ හ්‍යුන්ග්ව එයාගේ පැත්තට හරවන ගමන්.....

"හා පැටියෝ....බලන්න...මගේ හ්‍යුන්ග් අර අල ගෙඩිය එනකම් දැන් පැය ගානක් බලන් ඉන්නවා..කෝ ඔයාගේ මහ ලොකු සහෝදරයා??"

ටේ හ්‍යුන්ග් ජන්කුක්ගෙන් ඇහුවේ ගහක් යට පැත්තක් බලාගෙන ඉදන් ඉන්න යුන්ගී දිහා හොරැහින් බලන ගමන්....

"ආහ්..එයා දැන් එයි..."

ජන්කුක් එහෙම කියලා ටේ හ්‍යුන්ග් ගේ කනට ලං වුනේ පුන්චි රහසක් හුවමාරු කරගන්න....

"ජීමින් ඔයාගේ අයියව පුදුම කරන්න හදන්නේ....මොකක්ද නමක් හොයාගෙන"

ජන්කුක් රහසින් කිවුවේ ටේ හ්‍යුන්ග්ගේ ඇස් උඩ යනවත් එක්කම......

"එන්න එහෙනම් අපි ගිහින් හ්‍යුන්ග්ව අවුස්සමු "

ටේ හ්‍යුන්ග් කිවුවේ හරිම සතුටින්...දෙන්නම එකිනෙකාගේ අත් පටලවගෙන ගියේ යුන්ගී ලගට....

දෙන්නම එයාගේ ලගට ආවත් යුන්ගී  දිගටම අහක බලාගෙන ඉදියේ එයාලව ගනන් ගන්නේ නැතුව.....ටේ හ්‍යුන්ග්ගේ ඉගියට ජන්කුක් කතා කරන්න පටන් ගත්තා....

"හ්‍යුන්ග්..අද ජීමින්ට එන්න වෙන්නේ නෑ කිවුවා.එයාගේ අම්මා එයාව අපේ අම්මත් එක්ක එකතු වෙලා කොහෙද එක්කගෙන ගියා"

ජන්කුක් කියපු බොරුවට ටේ හ්‍යුන්ග් තවත් පිදුරු දැම්මා....

"ඔව් හ්‍යුන්ග් ...අද එන්න වෙන්නේ නැති වෙයි...මෙතන ඉදලම යන්න තමයි ඔයාට වෙන්නේ"

ඒත් යුන්ගී ඒ දෙන්නා දිහා බැලුවේ අසරන දරුවෙක්ට හෙලන බැල්මකින්...

"මගේ මෝඩ ලමයිනේ...මට ඔලුවක් කියලා එකක් තියනවා...මගේ අල ගෙඩියට මට මේ ඔලු ගෙඩියෙන් කතා කරන්න පුලුවන්....ඔය දෙන්නා හරිම මෝඩ විහිලු කරන්නේ..."

යුන්ගී කිවුවේ ඈත ඉදන් දුවගෙන එන ජීමින් දිහා බලාගෙන ......ජීමින් දුවගෙන ආවේ ටේ හ්‍යුන්ග්වයි ජන්කුක්වයි වෙන් කරලා ඒ දෙන්නගෙ මැද්දෙන් කඩාගෙන පැනලා යුන්ගිගේ උකුලෙන් වාඩිඋනා....

"මගේ පූස් පැටියෝ.."

"ශ්හ්හ්...අලබෝලේ හයියෙන් කෑ ගහන්න එපා, මට පූස් පැටියා කියලා"

යුන්ගී එහෙම කියන ගමන් ජීමින්ගේ බෙල්ල වටේ අතක් යැවුවේ එයාගේ මූන යුන්ගිගේ මූනට ලං කරගන්න...හිමින් ජීමින්ගේ තොල් වලට එයාගේ ඇස් ලං කරපු  යුන්ගී ජීමින්ගේ තොල් සිපගත්තේ හරිම මෘදු විදියකට....

ජන්කුක් සහ ටේ හ්‍යුන්ග් එකිනෙකා එක්ක බැල්මක් හුවමාරු කරගත්තේ එයාලටවත් නොදැනෙන්න....ටේ හ්‍යුන්ග්ට ජන්කුක්ගේ තොල් වල අතරමං වෙන්න ඕනි උනත් ජන්කුක් කවදාවත් එහෙම දෙයක් හගවපු නැති එකෙන් ටේ හ්‍යුන්ග් ඒ දේට බය උනා...

ටේ හ්‍යුන්ග් ආයෙමත් කතා කරන්න ගත්තේ එතන ඇති උනු අපහසු නිශ්ශබ්ද තාවය බිදින්න....

"ඔයාලා නම් හරිම බොලදයි"

"ඔව් ඔව් අපිට බොලදයි කියන්නේ මේ හා පැටියයි, රෝස මලයි...හරි ඉතිම්..."

ජීමින් පටන් ගත්තේ යුන්ගිගේ තොල් වලින් මිදෙන ගමන්.....

"ආ අල බෝලේයි....පූස් පැටියයි කියනවට වඩා ඒක ලස්සනයි හරිද? "

ටේ හ්‍යුන්නුත් පටන් ගත්තේ මේ තරම් වෙලාවක් අල්ලන් ඉදිය ජන්කුක්ගේ අත අතෑරලා...

"ඔන්න ආයෙමත් පටන් ගත්තා...."

යුන්ගී කිවුවේ ජන්කුක් දිහා අසරනව බලන ගමන්....

"හ්‍යුන්ග් දැන් මොනා කරන්නද? අපි දෙන්නා අදත් බලන් ඉමු"

ජන්කුක් කිවුවේ යුන්ගිගේ ලගින්ම ඉදගන්න ගමන්....

"මේ දෙන්නට ආදරේ කරනවට අපිට මොනා හරි දෙන්න ඕනි" යුන්ගී කිවුවේ ජන්කුක්වත් හිනස්සන ගමන්....

ටේ හ්‍යුන්ග් ,ජීමින් කියන්නේ පුන්චි දේටත් රන්ඩු වෙන හරිම හුරතල් චරිත දෙකක්...හැමදාම මේ දේ බලන්න පුරුදු උනු ජන්කුක් සහ යුන්ගී අදත් ඉදගත්තේ මේ දෙන්නාගේ රන්ඩුව දැන්ම ඉවර වෙන පාටක් නෑ කියන දේ එයාලට තේරුන නිසා..

"ඔන්න සත්තු ටිකයි..මල් වත්තයි ...අල පාත්තියයි ඇවිල්ලා..."

ජින් එතනට ආවේ ඈත ඉදන්ම කෑ ගහගෙන....

"ජින් එයාලා තව හොදයි ...එයාලා එහෙම කියන්නේ එයාලා ආදරේ කරන අයට...ඔයා ඔය නම් ඔක්කොම කියාගන්නේ කණ්ණාඩිය ඉස්සරහා ඉදන් ඔයාටමනේ...."
නම්ජූන් එතනට ආවේ ජින්ට සමච්චල් කරන ගමන්....

"ඔයාලා හොදයි...මට හැමෝම කියන්නේ අශ්වයෙක් කියලනේ....මම කියන්න කියලත් නෙමෙයි"

හෝසොක් කට්ටියගේ මැද්දට පැන්නේ අනිත් අයත් එක්ක එකම රවුමකට ඉදගන්න ගමන්...

මුලු උයනම හත් දෙනාගේ හිනා හඩවල් වලිනුත් ,විහිලු කතා වලිනුත් පිරිලා යද්දී, ආදරවන්තයින් එකිනෙකා ලග තුරුලු උනා....යාහලුවන් එකිනෙකාට විහිලු කරගත්තා...සහෝදරයන් එකිනෙකාව සතුටු කරගත්තාදා...එයාලගේ ජීවිත බොහොම ආලෝකයෙන් සතුටින් ගෙවුනා....

මේක මේ හත් දෙනාගේ පුරුද්දක් උනා...හැම සති අන්ත දවසකම එකතු වෙලා එකිනෙකා එක්ක කාලය ගත කරන එක....පුන්චි කාලේ ඉදන් මේක එයාලගේ දිනපතා පුරුද්දක් උනත් එයාලගේ වයස යනවත් එක්කම එයාලට දිනපතා හමු වෙන එක අමාරු උනා...ඒත් සැරින් සැරේ මේ විදියට හමු වෙන්න එයාලා එකිනෙකාට පොරොන්දු උනා......

......................................................................

මේ හැමදෙයක්ම බලන් ඉදන් අසීමිතව දුක් වුන එකම කෙනෙක් උනා...

"මගේ දරුවනේ...මේක නෙමෙයි දෛවය...ඔයාලව මේ ලෝකෙට එවුවේ ආදරේ කරන්න නෙමෙයි....දෛවයට ඕනි ඒක නෙමෙයි....."

සද දෙව්දුව කදුලු හෙලන්න ගත්තේ ආදරේ නිසා මේ අය දෛවයට පිටුපාන්න දෙවරක් හිතන්නේ නෑ කියන එක දැනගෙනයි...දෛවයට එරෙහි වීම දෛවය කුරිරු වීමට හේතුවයි.......

........................................................................

ඉතින් මේ තරම් සතුටින් ඉදපු මේ ජීවිත වලට මොනවා වෙන්න ඇද්ද??...ඒක එයාලගේ දෛවය නෙමෙයි නම්.........................

මම මේක ලියලා තියෙන්නේ මගේ දැක්මෙන්..ටේ හ්‍යුන්ග් ව ජන්කුක්ව වර්ණනා කරපු විදිය .ඒ දේවල් කලේ කතාවට ගැලපෙන විදියට....ඉතින් වැරදියට හිතන්න එපා.....

And guys.....

ස්ට්‍රෝබෙරි රස දෙතොල්
මී පැනි රස පිරුනු දෙතොල් 😅😅😅

What is this?? I know I sucks at writing ...sooo deal with it 😅

Bạn đang đọc truyện trên: Truyen247.Pro