Chào các bạn! Vì nhiều lý do từ nay Truyen2U chính thức đổi tên là Truyen247.Pro. Mong các bạn tiếp tục ủng hộ truy cập tên miền mới này nhé! Mãi yêu... ♥

Heartbeat


.......................................................................

වර්තමානය....

ජන්කුක් හිමින් ඇස් ඇරියේ එක්වරම භයානක හීනයක් දැකලා නැගිටිනවා වගේ.......සිරුරෙන් හොදටම දහඩිය දාලා ඉදිය ජන්කුක් ඉක්මනින්ම ඔරලෝසුවෙන් වෙලාව බැලුවා...ඒ වෙනකොටත් වෙලාව උදේ 8 පහු වෙලා....

"මොකක්ද මම දැක්ක ඒ හීනේ..."

ජන්කුක් දැතින්ම එයාගේ ඔලුව අල්ලගත්තේ එයාගේ ඔලුව හොදටම රිදෙන්න ගත්ත නිසා......එකින් එක හීනයේ වුන දේවල් මතක් කරන්න උත්සහ කලත් එයාට හීනේ අන්තිම ටික මතක් වුනේ නෑ...ඒ වගේම

ඒ හැමදෙයක්ම හීනයක් බව එයා විශ්වාස කලෙත් නෑ......

"ජන්කුක් ...ස්කෝලේ යන්න ලෑස්ති වෙන්න පරක්කු වෙනවා"

එයාට ඇහුනේ සුපුරුදු කටහඩක්....

ජන්කුක් ඉක්මනින් එබිලා බැලුවේ එයාගේ දොර දිහා...දොර ලග ඉදපු කෙනාව දැක්කම ජන්කුක් තවත් පුදුම උනා........

එතන හිටියේ ජීමින්..ජන්කුක්ට හිතා ගන්න බැරි උනේ වයිට් මූන් පැක් එකේ කෙනෙක් කොහොමද එයාලගේ පැක් එකට ආවේ කියන එක....

"ජීමින් ඔයා මොකක්ද මෙහෙ කරන්නෙ?"

හැරිලා යන්න ගියපු ජීමින් ආයෙමත් නැවතුනේ ජන්කුක් අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න..ජන්කුක් දිහා සැකෙන් ටික වෙලාවක් බලන් ඉදපු ජීමින් කතා කලා....

"මම මොනාද කරන්නේ කියලා අහන්නේ? ඔලුවවත් කොහෙ හරි වැදුනද ජන්කුක්?"

ඒත් ජන්කුක්ට තාමත් ඒක ප්‍රශ්නයක් වුනා....

"ජීමින්..ඔයා ඇයි මගේ ගෙදර ඉන්නේ? කෝ එතකොට මගේ අක්කා?"

"ජන්කුක්..මේ අහනවා තමුන්ට මාව පේන්නේ අක්කෙක් වගේද ආහ්?"

ජීමින් ජන්කුක් ලගට ආවේ ලග තිබ්බ කොස්සත් අතේ අරන්....ජන්කුක් තාමත් ජිමින් දිහා බලන් ඉදියේ පුදුම වෙලා....

"මේ පැහැදිලිව කියනවා මගේ අක්කා කෝ..අනිත් එක කොස්සක් උස්සගත්තේ මොකද?"

කොස්ස බිමින් තියපු ජීමින් ටිකක් වෙලා ජන්කුක් දිහා බලන් ඉදලා ඉක්මනින් ගිහින් ජන්කුක්ගේ නලලෙන් අත තියලා  ජන්කුක්ට අසනීපයක්ද බැලුවා.ජන්කුක් ජීමින්ගේ අත අහකට ගසලා දාලා ඇදෙන් නැගිට්ටා...

"හ්ම්ම්...අසනීපයක් නම් නෑ...කොස්ස ගත්තේ අබියව මතක් වෙලා"

"කවුද අබියා?"

"මගේ මේට් වෙන කවුද?"

ජන්කුක් ජීමින් දිහා බලන් ඉදියේ එපා කරපු විදියට....😒

"මේ ටවුසේ මගේ කවුද ?"

ජන්කුක් තවත් ඉවසුවේ නැහැ...

"ජන්කුක් ඇත්තටමද ඔය අහන්නේ...පොඩ්ඩක් ඉන්න බලන්න මගේ මල්ලිට අසනීපයක්වත්ද කියලා?"

"මල්ලි?"

"ඔව් ජන්කුක් මන් ඔයාගේ අයියානේ..එක කුස උපන් සහෝදරයා..මතක නැදද අම්මගේ බඩේදිත් රන්ඩු උනා අපි දෙන්නා...හැබැයි ඉතින් මම දින්නා ඒ කාලෙත් වෙනදා වගේම"

ජන්කුක් ජීමින් දිහා බැලුවේ ප්‍රශ්නාර්ත බැල්මකින්...ජන්කුක් තව දේවල් ජීමින්ගෙන් අහන්න හැදුවත් ජීමින් තවත් වෙලාවක් එතන හිටියේ නෑ.....ජන්කුක්ට ඉක්මනට ලෑස්ති වෙන්න අන දිලා එයත් ගියේ ස්කෝලෙට යන්න ලෑස්ති වෙන්න...

ජන්කුක්ට මේ හැම දෙයක්ම ප්‍රශ්නයක් උනත් එයා ඒවට උත්තර දැනගන්නම හිතාගෙන ඉක්මනටම ලෑස්ති උනේ ස්කෝලෙට යන්න ජීමින්ගේ කාර් එකෙන්...

මග දිගට ජීමින්ගේ කියවිල්ලක් නැති තැන ෆෝන් එකේ සිංදුවක් දාගෙන හෙඩ් ෆෝන් ගහගත්තේ එයාගේ හීනේ ගැන මතක් කරමින්...ඒත් තාමත් අවසන් ටික එයාට අපහැදිලි දර්ශනයක් වුනා......ඒක මතක් කරන්න කොයිතරම් උත්සහ කලත් අන්තිමට එයාට මතක් උනේ ටේ හ්‍යුන්ග් ව..එයාගේ මේට්..එයාගේ ආත්ම ගානක් ඉදන් සොයාගෙන ආව ආදරෙ...

ජන්කුක්ට අන්තිම වතාවට මතක තිබුනේ එයා පුර හද දවසේ ටේ හ්‍යුන්ග් ව මාක් කරපු විදිය..ඒ මතකයත් එක්ක ටේ හ්‍යුන්ග්  දැනටමත් එයාගේ කියලා තේරුන නිසා ජන්කුක්ට පුන්චි හිනාවක් ගියේ දන්නෙම නැතුව....එයාට දැන් තිබුනේ එක උවමනාවයි ..ඒ ටේ හ්‍යුන්ග් ව බලන එක..එයත් එක්ක හැමදේම කතා කරන එක...එයා මේ ආත්මෙදි ටේ හ්‍යුන්ග් ගැන හිතලා නොතිබුනත් ඒ අතීත සිදුවීමෙන් එයාගේ හිතට ටේ හ්‍යුන්ග් ගැන ආවේ අසීමිත ආදරනීය හැගීමක්...

ස්කොලෙ ලගින් බැහැලා ජීමින් එක්ක ඇතුලට ගියේ ජීමින්ට හිතින් බැන බැන..මේ කිසිම දෙයක් මතක නෑ වගේ රගපාන එකට

එත් මේ අතීතයට යෑමේ සිදු වීමෙන් පස්සේ මොනාහරි දෙයක් සිදුවෙලා ඇතිද කියන එක ගැනත් ජන්කුක්ට සැකයක් නොතිබුනාම නෙමෙයි.....

ස්කෝලේ ඇතුලට ගිය ජන්කුක්ගේ හිතේ තිබුන ප්‍රශ්න වල්ට තවත් ප්‍රශ්න එකතු වෙන්න ගත්තා...

ජීමින් ගියපු ගමන් බදාගත්තේ සුගාව...සුගාත් ජීමින්ව තුරුලු කරගත්තේ හරිම ආදරනීය විදියට....ජන්කුක්ට තවත් පුදුම හිතුනේ එයාලා කතා කරපු වචන වලට....

"හ්‍යුන්ග්...මම ඔයා නැතුව පාලුවෙන් හිටියේ....කොහෙද මෙච්චර කල් ගිහින් හිටියේ අනේ?"

ජීමින් ඇහුවේ සුගා ලග හුරතල් වෙන ගමන්....

"මම වෙන කොහෙ යන්නද ඉතින්... දන්නවනේ මම අරයත් එක්ක පොඩි ගමනක් ගියා.."

සුගා කිවුවේ ක්ලාස් එකේ දොරෙන් එලියට එබෙන ගමන්....

"හ්ම්ම්...සනා නම් ලකී..ඔයා එයාගේ මේට් වුන නිසා"

ජීමින් කියනකොට ජන්කුක්ගේ ඇස් උඩ ගියේ සනා ගේ නම සදහන් වුන නිසා...ඒකත් සුගාගේ මේට් විදියට..

එකපාරටම දොර ලගින් ඇහුන සද්දෙට දොර දිහා බලපු ජන්කුක් දැක්කේ සනා ඇතුලට එනවා..සනා කෙලින්ම ගියේ යුන්ගී ලගට..යුන්ගිගේ තොල් වලට කිස් එකක් දුන්න සනා අනිත් අය දිහා බලලා හිනා වුනා...ජන්කුක්ගේ කට ඇරුනේ සනා ජන්කුක්ට ඔරවනකොට...

"හහ්...ජන්කුක් ආවද? "

ජන්කුක්  අසිහියෙන් වගේ ඔලුව වැනුවේ ආවා කියන එක අගවන්න...එයාට තාම මේ කිසිම දෙයක් තේරුම් ගන්න බැරි උනා...

"අක්කේ ..මොනාද මේ වෙන්නේ සුගයි ඔයයි..මොකක්ද මේ පැටලිල්ල..?"

ජන්කුක් ඇහුවේ මකුලු දැලක  පැටලිලා ගැලවෙන්න බැරුව දගලන අසරනයෙක් වගේ....

"අක්කා?...මම කවද්ද ඔයාගේ අක්කා වුනේ ජන්කුක්?...එක වයසේ අයට අක්කා කියනවද? අනික අක්කා කියලා මාව නාකි කරන්න එපා "

සනා සුගාගේ උකුලෙන් ඉදගන්න ගමන් ජන්කුක්ට කිවුවත් ඒකට උත්තරේ ලැබුනේ ජීමින්ගෙන්..ජන්කුක් කතා කරන්න කලින් එයාගේ කටට අතක් තියලා කට වැහුව ජීමින් ජන්කුක් වෙනුවට කතා කරන්න ගත්තා...

"මෙයා මේ මොකක් හරි හීනයක් දැකලා අක්ක කෙනෙක් ඉන්න හීනයක්...ඒකයි මේ"

ජීමින් කිවුවේ "ඔයාට මොලේ අවුලක් කියලා හිතයි..ඒ නිසා කට වහගෙන ඉන්න "කියන එක එයාගේ දත් තද කරගෙන තොල් වලින් මුමුනන ගමන්.....

මෙහෙම කතාව යනකොට ජන්කුක්ට මේ හැමදෙයක්ම ප්‍රශ්නයක් වෙන්න ගත්තා..එයා බලන් හිටියේ ටේ හ්‍යුන්ග් එනකන්...

ඒත් ඊලගට පංතියේ එක ලමයෙක් ඇතුලට දුවන් ආවේ ප්‍රොෆෙසර් එනවා කියලා කෑ ගහගෙන...අනිත් හැමෝම තම තමන්ගේ තැන් වල ඉදගන්න ඉක්මන් උනත් ජන්කුක් බැලුවේ ඒ කෑ ගහපු ලමයා දිහා...ඒ ලමයා ටිකක් උස ඒ වගේම හොදට හුරු පුරුදු පෙනුමක් තිබුන කෙනෙක්..පලල් උරහිස් දැක්කම ජන්කුක්ට මතක් උනේ ජින්ව..ඒත් එක්කම ඒ ලමයා පංතිය ඇතුලට ආවා...ජන්කුක්ව තවත් පුදුමයට පත් කරමින් ඒ ලමයා වුනේ ජින්..

ඒත් එක්කම එයාලගේ සර් ඇතුලට ආවා....ඊලගට කතා කරන්න ගත්තත් ජන්කුක් ප්‍රොෆෙසර් කවුද කියන එකවත් දැක්කේ නෑ..එයා හිටියේ වෙනම ලෝකයක...එයා හිටියේ මොනාද මේ වෙන්නේ කියන එක හිතාගන්න බැරුව....එයාට තේරුනේ ලෝකෙම කනපිට හැරිලා වගේ...නොදන්න ලෝකෙක එයා අතරමං වෙලා වගේ...අන්තිමේදි එයා තීරනය කලේ ජීමින්ගෙන් මේ ගැන අහන්න...එයාගේ අවසාන බලාපොරොත්තුව උනේ ටේ හ්‍යුන්ග් ..එයාවත් මේ ගැන දන්නවා ඇති කියලා ජන්කුක් විශ්වාස කලා....

පුටුවෙන් පිටිපස්සට හැරිලා ජීමින් දිහා බැලුව ජන්කුක් අනිත් අයට ඇහෙන්නේ නැති වෙන්න ජීමින්ට කතා කලා....

"ජීමින්...ටේ හ්‍යුන්ග් කොහෙද?"

ජීමින් ආයෙත් ජන්කුක් දිහා බැලුවේ පිස්සෙක් දිහා බලනවා වගේ....🤨

"ජන්කුක් කවුද ටේ හ්‍යුන්ග්? ඔයා මොනාද මේ උදේ ඉදන් කියවන පිස්සු කතා?" 😑

"ජීමින්...ටේ හ්‍යුන්ගෙ එහෙමත් නැත්නම් මගේ මේට්?" 🤷

ජන්කුක් ජීමින් දිහා බැලුවේ අඩුම තරමේ මේ ගැනවත් ජීමින්ට මතක තියෙන්න කියලා ප්‍රාර්තනා කරන ගමන්...ඒත් එයාට ලැබුනේ එයා බලාපොරොත්තු වුන පිලිතුර නෙමෙයි....

"ජන්කුක්..මම දන්නේ නෑ ඔයා ඔය කියන ටේ හ්‍යුන්ග් කවුද කියලා ..ඒත් මම දන්න එක දෙයක් තියනවා ඒ ඔයාගේ මේට් ජෙනී කියලා"

ජන්කුක් තවත් මේක ඉවසුවේ නෑ...

"එතකොට වයිට් මූන් පැක් එකේ ඇල්ෆාගේ පුතා කවුද ජීමින්? "

ජීමින්ගේ මූනේ ආයෙත් මතු උනේ කියවගන්න බැරි හැගීමක්....🙍

"වයිට් මූන් පැක්..ජන්කුක් මොන විකාරයක්ද මේ කියවන්නේ..එහෙම පැක් කොහෙද තියෙන්නේ?"

ජන්කුක් ජීමින් දිහා මේ වතාවේ බැලුවේ අවිශ්වාසයෙන් ...ඒත් එයා මෙතනදි තේරුම් ගත්ත එක දෙයක් තිබුනා..ඒ මොනා උනත් සිද්ද වුන දේ වෙලා තිබුනේ එයාටම විතරක් බලපාන විශේෂ විදියකට කියන එක.....එයාට හැරෙන්න අනිත් හැම කෙනෙක්ටම හැමදේම අමතක වෙලා..නැත්නම් හැමදේම උඩු යටිකුරු වෙලා....

එයාට තව ප්‍රශ්න අහන්න ඕනි උනත් ඒක අහගන්න බැරි උනේ එයාලගේ ප්‍රොෆෙසර් තව තුන් දෙනෙක් එක්ක ආයෙමත්  ක්ලාස් එක ඇතුලට එනකොට....

ජන්කුක්ගේ හිත සතුටින් පිරෙන්න ගත්තේ  ඒ අතරේ ඉදිය ටේ හ්‍යුන්ග් ව දැක්කමයි...ඒත් එක්කම එයාගේ එයාගේ එහා පැත්තේ හිටියේ නම්ජූන්...අනිත් කෙනාව නම් එයා මීට කලින් දැකලා තිබුනේ නෑ....

"ටේ හ්‍යුන්ග්"

ජන්කුක්ගේ කටින් පිට වුනේ දන්නෙම නැතුව..ඒ අලුය්හ් ලමයා එහෙමත් නැත්නම් ටේ හ්‍යුන්ග් ජන්කුක් දිහා එකපාරටම හැරිලා බැලුවා...ජන්කුක්ගේ මූනේ තිබුනේ හිනාවක් වුනාට ටේ හ්‍යුන්ග් ගේ මූනේ තිබුනේ හිනාවක් නම් නෙමෙයි....හරිම අමුතු පෙනුමක්

මේ අතරේ එයාලගේ ප්‍රොෆෙසර් කතා කරන්න ගත්තා...

"ලමයි...ඔයාලට අදුන්වලා දෙන්න තුන් දෙනෙක් ඉන්නවා...මේ දෙන්නා ඔයාලගේ ක්ලාස් එකට අලුතින් ආව ලමයි දෙන්නා.."

ප්‍රොෆෙසර් කිවුවේ ටේ හ්‍යුන්ග්වත් අනිත් ලමයවත් පෙන්නන ගමන්....

"එතකොට මේ ඉන්නේ අද ඉදන් ඔයාලගේ ක්ලාස් ටීචර්...කිම් නම්ජූන්"

ප්‍රොෆෙසර් එහෙම කියනකොට ජන්කුක්ට ඇහුනේ ජින් හිමින් තමන්ටම මුමුනගන්න හඩ...

"මේ ඉංග්‍රීසි බෙලෙක්කයා ඒ පාර පංතිභාරත් වෙලා...මොන කරුමයක්ද?"

ජින් තව මොනාදො මුමුනනකොට ජන්කුක්ට ජින්ට අවදානය යොමු කරන්න ඕනි උනත් එයාගේ අවදානය අලුත් ලමයාගේ කටහඩින් ඒ පැත්තට ඇදලා ගත්තා....එයා මුලු පංතියටම එයාව අදුන්වලා දුන්නා...

"හායි මම පාක් බෝගුම්....සූර්‍ය වංශයේ ඇල්ෆා කෙනෙක්...චන්ද්‍ර වංශයේ අයව සාදරයෙන් පිලිගන්න්වා"

ජන්කුක් එ ලමයා දිහා බැලුවේ තවත් එක් එක් ගැටලු එයාගේ හිතේ මතුවෙද්දි...

"චන්ද්‍ර වංශය සූර්‍ය වංශය..?ඒවා කොහොමද මේ කාලෙට ආවේ? මම තාම අවුරුදු 200ක් අතීතයේවත්ද? නෑ වෙන්න බෑ..කාර් කොහෙද ඒකාලේ..මම අද ආවෙ කාර් එකෙන්නේ..

එතකට බැලැක් වුල්ෆ් පැක් එකයි වයිට් මූන් පැක් එකයි? අනිත් එක මේ මිනිස්සුත් ඉස්සරහා එයා කොහොමද වෘකයෝ ගැන එලිකරන්නේ? මොනාද මේ වෙන්නේ?"

ජන්කුක්ට හිතින් හිතන්න ගොඩක් දේවල් තිබුනත් එයාගේ අවදානය ටේ හ්‍යුන්ග් ට යොමු උනා...ඒත් ටේ හ්‍යුන්ග්ගේ හැදින්වීම එයාගේ ප්‍රශ්න තවත් වැඩි කලා වගේම එයාගේ හිතත් රිද්දන්න සමත් උනා...

"හායි මමත් සුර්‍ය වංශයෙන්..මගේ නම වී....බෝගුම්ගේ මේට්"

"ඒත් ටේ හ්‍යුන්ග්?"
ජන්කුක්ගේ කටින් එකපාරටම පිට උනත් ඒකට උත්තර ලැබුනේ බෝගුම් ගෙන්....

"මෙතන ටේ හ්‍යුන්ග් ලා නෑ..ඉන්නේ වී විතරයි"

බෝගුම් කිවුවේ ජන්කුක් දිහා දරුනු බැල්මකින් බලන ගමන්....

ටේ හ්‍යුන්ග් දිහා බැලුව ජන්කුක්ගේ ඇස් නතර වුනේ ටේ හ්‍යුන්ග් ගේ ඇස් වල..ආයෙමත් ඒ අමුතු හැගීම එයාට දැනෙන්න ගත්තා.ඒ ඇස් වල තිබුනේ අනුකම්පාව ඉල්ලන බැල්මක් ඒ වගේම ඒ ඇස් වලින් කියවුනේ හරියට "මාව බේරගන්න "වගේ දෙයක්....

ජන්කුක්ගේ ඇස් වලින් එකපාරටම කදුලු එන්නත් හිත කෑලි දහසකට බිදිලා ගියා වගේ දැනෙන්නත් ගත්තේ හේතුවක් නැතිව....පපුවට අත තියලා තදින් අල්ලගත්තේ ඒ වේදනාව නතර කරගන්න....ඒත් එයාගේ අත් වලට දැනුනේ වෙනම දෙයක්..ඒ එයාගේ පපුවේ අමුතු ගැස්ම..හරිම අපිලිවෙලට එයාගේ හදවත් ගැහුනේ...

ඒත් ටික වෙලාවකින් හදවත් 2ක් එකම රිද්මෙට ගැහෙන ශබ්දය ජන්කුක්ට එයාගේ පපුව ඇතුලෙන් දැනෙන්න ගත්තා....

ඒත් එක්කම සිහි සුන් උන ජන්කුක්ට මේ තරම් වෙලාවක් මතක් කරන්න උත්සහ ගත්ත එයාගේ හීනේ අන්තිම ටික මතක් වුනා...එතන තිබුනේ.....

"ඔයාලා එකතු උනාම හැමදේම විසදෙයි..ඒත්.....ඔයාලා එකතු වෙන්නේ ආත්මයන්ගෙන්ම විතරක් වෙයි.."කියන සද දෙව්දුවගේ හඩත්...

"විද්‍යාවයි මායාවයි එකතු කරන්න බෑ කිවුවට මම කරන දේ බලාගන්න "
කිවුව  හෝසොක් එහෙමත් නැත්නම් ප්‍රොෆෙසර් ගේ හඩත් විතරයි......

........................................................................

මොනා වෙලා කියලද ඔයාලා හිතන්නේ?

පිස්සු වගේ ඇතිනේ...

Biggest plot twist on the earth

Bạn đang đọc truyện trên: Truyen247.Pro