Chào các bạn! Vì nhiều lý do từ nay Truyen2U chính thức đổi tên là Truyen247.Pro. Mong các bạn tiếp tục ủng hộ truy cập tên miền mới này nhé! Mãi yêu... ♥

eclipse

........................................................................

නා එයාගේ කතාව ඉවර කරනවත් එක්කම ඒ ගැන අහන්න දහසක් ප්‍රශ්න ජන්කුක්ගේ හිතට ආවා........

ඒත් සනාගේ මේ හෙලිකිරීම අහගෙන ඉදපු එකම කෙනා ජන්කුක් විතරක්ම උනේ නෑ......

බ්ලැක් වුල්ෆ් කණ්ඩායමේ නායකයා, ජියොන් මින් හෝ එහෙමත් නැත්තම් ජන්කුක්ගේ තාත්තා සනාගෙත් ජන්කුක්ගෙත් මේ කතාවට මුල සිටම ඇහුම්කන් දීගෙනයි ඉදියේ.......

මේ තරම් කාලයක් සැලසුම් කරලා ගත්තු හැම තීරනයක්ම ඔහු උඩු යටිකුරු කලේ ඔහුත් නොදැන සිටි අලුත් දේවල් දැනගන්න ලැබුනු නිසාත්, ජන්කුක් දැන් ඒ සියල්ලම දැනගත් නිසාත්.....

තව මොහොතක්වත් බලා නොයිද සනාගේ කාමරේට ඇල්ෆා ඇතුලු උනේ හොදටම තරහින්....

ගිය ගමන් සනාව ඇදෙන් පහලට ඇදලා දැම්මේ සනාගේ අතේ තිබුන ඉවර උනු කෑම භාජනේ මහ හයියෙන් හඩ නගාගෙන බිම කෑලි කෑලි කුඩු වෙනවත් එක්කම.....බිමට වැටුනු සනාගේ ඇගේ ඒ වීදුරු කෑලි වලින් විවිද කැපුම් පාරවල් ඇති උනා......

ඒත් මේ අවස්තාවේ ජන්කුක් ඇල්ෆාට බයක් උනේ නෑ......

"මගේ අක්කට ආයේ අතක් තියලා තිබ්බොත්....."

ජන්කුක්  ඇල්ෆාගේ කොලර් එකෙන් අල්ලගත්තා......ඒත් එයා පරක්කු වැඩී....හතර වටෙන්ම ආව මුරකාරයෝ ජන්කුක්ගේ අත් දෙකෙත් බෙල්ලෙත් දම්වැල් දාන්න පටන් ගත්තා...ඒ දම්වැල් හැම එකක්ම රිදී දංවැල්....එහෙමත් නැත්තම් වෘකයන්ට වැඩිම වේදනාවක් දෙන ලෝහය....වෘකයන්ගේ බලය සියලුම දේ අඩපන කරන ලෝහය.....

ඇග හැමතැනින්ම වැටුනු රිදී දංවැල් එක්ක ජන්කුක්ගේ ශරීර ශක්තිය වගේම එයාට කතා කරගන්න තිබුන ශක්තිය පවා  හීන වෙලා ගියා....ඒත් බොහොම අමාරුවෙන් ජන්කුක් එයාගේ වචන එලියට ගත්තා.....

"තමුසේ....තමුසෙව තමයි මම මුලින්ම ඉවරයක් කරන්නේ"

ජන්කුක් ගේ කතාව අහගෙන ඉදිය ඇල්ෆා මහ හඩින් හිනා උනේ සමච්ව්ලේට .....

"හෙල්ලෙන්නවත් බැරුව පණ්ඩිත කම් කියවන්න එපා මෝඩ මිනිහෝ.....මට වඩා බලවත් වෙන්නද හැදුවේ....."

ඇල්ෆාගේ ගේ ඇස් ඊලගට ගියේ සනා ලගට.....ඇල්ෆා සනාට කතා කරන්න පාවිච්ව් කලේ එයාගේ බලවත් ඇල්ෆා හඩ...

"සනා උබ අද සීමාව පැන්නා.......අදින් තමුන් ඉවරයි....මම කියන විදියට වැඩ කරනවා.....මගේ සේවකයෝ ඉන්නවා පිපාසයෙන්.....උබ උන්ගේ වහලා වෙන්න ඕනි...ඒ පිපාසය උබ නැති කරන්න ඕනි"

තමන්ගේ තාත්තම තමන්ව කාම පිපාසයෙන් ඉන්න අශීලාචාර මිනිසුන්ට භාරදෙන්න හදද්දී සනාට දැනුනේ හරිම අසරන බවක්.....මේ වෙනුවෙන් සටන් කරන්න එයාට ඕනි උනත් ,ඇල්ෆා කටහඩට නිකන්ම යටත් උනු එයාගේ ඇතුලාන්තයේ වෘකයා ඒ කිසි දේකට ඉඩ දුන්නෙ නැහැ...සනා  ඇදේ පහල කොනේ ගුලි වුනේ වේදනාවට....

ජන්කුක්ව ඒත් එක්කම එතනින් අරන් ගියේ හිර කරන්න...............

........................................................................

White moon pack

"ජෙනීගේ සුවද කොහොම හරි වෙනත් එකකින් වෙනස් කරන්න....මම දැන් සුගාත් එක්ක අපේ ගෙදර  එන ගමන්....." 

ටේ හ්‍යුන්ග්ට නම්ජූන් ගේ කටහඩ ඇහුනේ මනසේ සම්බන්දයෙන්.....මේ තරම් වෙලාවක් සටන වෙනුවෙන් එයාටත් පෙනී ඉන්න ඕනි කියමින් රන්ඩු කරපු ටේ හ්‍යුන්ග් නම්ජූන්ගේ පණිවිඩෙන් තවත් පුදුමයට පත් උනා.......

"තාත්තේ....සුගා......එයා මෙහෙ එනවලු"

"බැල්ක් වුල්ෆ් පැක් එකේ?"

ටේ හ්‍යුන්ග් ඇල්ෆාගෙන් බලාපොරොත්තු වුනේ මීට වඩා ලොකු ප්‍රතිචාරයක්....තම සතුරු කණ්ඩායමේ බලවත්ම සතුරා ගැන කියද්දි මීට වඩා ප්‍රතිචාරයක් ටේ හ්‍යුන්ග් එයාගේ තාත්තගෙන් බලාපොරොත්තු උනා.... ඒත් ඇල්ෆා සුගාව තැකුවේ හරිම සියුම් විදියට.....හිමින් එයාගේ ලාච්චුව අතගාපු ඇල්ෆා ඒකෙන් පුන්චි බෝතලයක් එලියට ගත්තා.....

"ජීමින්....මේක ගිහින් ජෙනීට දෙන්න...එයාගේ සුවද මේකෙන් හන්ගන්න පුලුවන්.....සුගාට එතකොට ආයෙමත් ජෙනීගෙන් බලපැමක් වෙන්නේ නෑ....ඒ වගේම ජෙනීටත් කරදරයක් නැති වෙයි......අනිත් එක ඔයාලා දෙන්නට කතා කරන්න වෙලාවක් ලැබුනේ නෑනේ"

ඇල්ෆා කතා කල විදියෙන් ටේ හ්‍යුන්ග් වගේම ජීමින් පුදුම උනේ ඇල්ෆා මේ හැමදේම දැනගත්තේ කොහොමද කියන එක ගැන........

"බය වෙන්න එපා ලමයිනේ ...නම්ජූන් හැමදෙයක්ම මට කිවුවා..."

දෙන්නගෙම බය උනු මූනු දැකපු ඇල්ෆා කතා කලේ පුන්චි හිනාවක් එක්ක..

ඒත් එක්කම ජීමින් කාමරෙන් යනවා බලන් ඉදිය ඇල්ෆා ටේ හ්‍යුන්ග් දිහාට හැරුනේ  එයාට තවත් වැදගත් දෙයක් කියන්න මුල පුරන ගමන්.....

"ටේ හ්‍යුන්ග් ,ඔයා දන්නවද අපියි...බ්ලැක් වුල්ෆ් ලයි මේ තරම් තරහා ඇයි කියලා?"

ටේ හ්‍යුන්ග් ඔලුව දෙපැත්තට  වැනුවේ නොදන්න බව අගනවන්න.......

"එහෙනම් අහගන්න....ඒ පැක් එකේ ලූනා...එහෙමත් නැත්තම් එයාලගේ ඇල්ෆාගේ ඔමේගා, සරලවම කිවුවොත් ජන්කුක්ගේ අම්මා....එයා බොහොම බලගතු කෙනෙක්.....එයාට අනිත් අයගේ හිත් කියවන්න හැකියාවක් තිබුනා වගේම, ඇල්ෆා කෙනෙක්ගේ වගේ ශක්තිය තිබුනා.....ඒක කොහොම උනාද කියන එක අපි දන්නේ නෑ.....ඒත් ඒ ඇල්ෆාට එයාගේ ඔමේගා ඒ තරම් බලවත් උනු එක දරාගන්න බැරි උනා....ඔහොම කාලයත් එක්ක ලොකු අපරාදයක් ඒ ඔමේගට සිද්ද උනා...එයාගේ ආත්මය අදුරට බිලි උනා.....අදුර එහෙමත් නැත්තම් රාක්ශයා කියන්නේ පිපාසයෙන් ඉන්න කෙනෙක්...පිවිතුරු බලවත් ඔමේගගේ ආත්මයෙන් අදුර තවත් බලවත් උනා...එදා හැම වෘක රංචුවක්ම වගේ අදුරට බිලි උනා......හැබැයි ඒකෙන් සද දෙව්දුව අපිව විතරක් ආරක්ශා කලා....අපේ පැක් එක විතරක්...ඒ ඔයා නිසා...ඔයාව ඒ අදුරට දෙන්න බැරි නිසා...දෙව්දුව කිවුවේ ඔයා බලගතු නිවුන් ආත්මයක එක් පුරුකක් කියලා.....ඔයා ඒ ආත්මයන්ගේ ගැලවුම්කරුවා කියලා....ඔයාගේ පිවිතුරු බවෙන් මුලු ලෝකයක් ආරක්ශා කරන්න පුලුවන් කියලා....ඉතින් ඔයා නිසා අපේ මුලු රංචුවම එදා ආරක්ශා උනා.....ඒ වගේම සද දෙව්දුව එදා පොරොන්දුවක් උනා...ඒ ඔයාගේ 19වෙනි උපන්දිනේ දවසට ආයෙමත් මේ ලෝකෙට වඩිනවා කියන එක....ඒ කියන්නේ හෙට වගේ දවසක...හැබැයි ඒ සාමාන්‍ය දේකට නම් නෙමෙයි...ඒ වෙන තුරු ඔයාව ආරක්ශා කරගන්න එයා නම්ජූන්ට පුන්චි කාලෙදිම පැවරුවා....ඒකයි සුගා ව,නම්ජූන්ට පාලනය කරන්න පුලුවන්....එයා විශේෂ දෙයක් දන්නවා සුගා ගැන...ඒත් කවදාවත් කිසිම කෙනෙක්ට කියලා නෑ..අනිත් වැදගත්ම දේ...ජින් කියන්නේ වෘකයෙක්...එයාව මනුස්සයෙක් කලේ දෙව්දුව...නම්ජූන් ට එයාගේ වැඩ ලේසි වෙන්න....ඒත් මේ කිසිම දෙයක තේරුම අපි දන්නේ නෑ.... " ඇල්ෆා කතා කලේ හරිම බරපතලව.....

"ඒ කියන්නේ හෙට? මගේ උපන්දිනේ  දවසේ..හැමදේම වෙනස් වෙන්නේ..." ටේ හ්‍යුන්ග් ඇහුවේ නොඉවසිල්ලෙන්....

"ඔව් ටේ හ්‍යුන්ග් හෙට...ඔයා දන්නවද ඒකේ තේරුම...හෙට පුර හද වගේම අපේ සටන....ඔයාට අනතුරක් වෙන්න පුලුවන්..නැත්නම් කිසිම හේතුවකට සද දෙව්දුව මේ ලෝකෙට වඩින්නේ නෑ....ඒ නිසයි මම කියන්නේ ඔයා පරිස්සම් වෙන්න ඕනි කියලා....ඒ නිසා කරුණාකරලා හෙට කොහෙවත් යන්න එපා....අපි කියන විදියට ඉන්න...නැත්නම් අවුරුදු ගානක අපේ ආරක්ශාවෙන් වැඩක් නැති වේවි"

ඇල්ෆා ටේ හ්‍යුන්ග් ට බැගෑපත් උනා....ටේ හ්‍යුන්ග් තාත්තා ගේ වචන වලට අවනත උනේ කියපු දේ බරපතල බව එයාටත් දැනුන නිසා....

"එතකොට ඇයි අපි එයාලා එක්ක සටන් කරන්නේ?"

"මොකක්ද අදුර කියන්නේ කලු පාට...කලු වෘකයන් කියන්නේ අදුර ටේ හ්‍යුන්ග්...එයාලට ඕනි අපිවත් ඒ අදුරට ඇදලා ගන්න....එයාලා සටන් කරන්නේ අපිවත් ඒ වගේ කරන්න....අදුර, නපුර, සදුගේ ශාපය මේ හැමදේම එකක්...කොටින්ම කිවුවොත් සුගා තමයි ඒ අදුරු බලවේග වල ආරම්භය"

........................................................................

Full moon day

පූර්ණ චන්ද්‍රයා හිමින් අහසෙන් නැගෙන අතර හිමින් හිමින් අහසට නැගුනු හද මද වේලාවකින් ඉර විසින් ඔහුගේ ආක්‍රමණයට යටත් කරගත්තා....ඉරු දෙවියන් සද දෙව්දුව වැලදගන්නා සේ චන්ද්‍රයාගේ අඩක් පමණක් පෙනෙන්න හිරු විසින් සද ආවරනය කලා...........

වෘක කණ්ඩායම් දෙක මේ අතරේ තම තමන්ගේ සටනට ලෑස්ති වෙමිනුයි ඉදියේ.....අර්ථයක් නැති සටනක් බව දැන දැනත් මේ සටනට ඔවුන් සූදානම් වුනා.....

මේ අතර,

ටේ හ්‍යුන්ග් ඉදියේ එයාගේ කාමරේට වෙලා ,මුලු කාමරේම තිර රෙදි වලින් වැහිලා..එක අගලකින්වත් සද රැස් නොවැටෙන්න....කාමරේ හතර වටෙන්ම අගුලු දාලා තිබුනේ ටේ හ්‍යුන්ග්ගේ ආරක්ශාවට.....කලු ඝන තිර රෙදි නිසා අදුරු උනු කාමරය එකම එක පුන්චි බල්බයකින් විතරක්  එලිය උනා....

එයා මේ විදියට ලෝකයෙන් හැන්ගිලා ඉන්නත්, තමන්ගේ සහෝදරයෝ ,තාත්තා ඇතුලු අනිත් වෘක සාමාජිකයන් තම ජීවිතේ අනතුරේ දාගන්න අවස්තාවක මේ විදියට, ඒවයින් පැනලා යන්නවත්,ටේ හ්‍යුන්ග්ට කොහෙත්ම උවමනාවක් තිබුනේ නෑ...එයාට ඕනි උනේ ඒ අයත් එක්ක සටන් කරන්න...ඒ අයට උදවු කරන්න ...ඒත් එයා එතනට යන එක ගැටුම් තවත්  දුරට වැඩි කරාවි කියන බය නිසාම ටේ හ්‍යුන්ග් එයාගේ කාමරේම ඉන්න තීරනය කලා.....

ටේ හ්‍යුන්ග් එයාගේ කාමරේ තනි වෙලා ඉන්න අතරේ නම්ජූන් ඇතුලු සියලුම වයිට් මූන් වෘක රැලේ සාමාජිකයන් එන්න තියන සටනට ලෑස්ති උනා....සුගාව බෙහෙතකින්  යලිත් සිහිනැති කරපු නම්ජූන් සටනේ භයානකත්වය අඩු කරන්න එහෙමත් නැත්තම් සටනේ මූලබීජය, අදුර වෙන සුගාව මේ වගේ අවස්තාවන් සදහාම වෙන් වුනු බිම් මහලේ සැග උනු සිර කාමරේ හිර කලා....ඒ සුගාගේ අවසරයෙන්....

සියලුම වෘකයන් තමන්ගේ ඇල්ෆාට ආචාර කිරීමෙන් පසු වෘක නිවසින් පිට උනේ චන්ද්‍රග්‍රහනය ආරම්භ වෙනවත් එක්කමයි....තම තමන්ගේ වෘක රුවට හැරුනු සියලු වෘකයන් රංචු පිටින් ඉදිරියට ගමන් කලා...

මේ අතරේ බ්ලැක් වුල්ෆ් පැක් එකේ සිදු උනෙත් ඒ හා සමාන දෙයක්...ජන්කුක් සහ සනා හිර වෙලා ඉදිය අතර අනිත් සියලු වෘකයන් සටනට ලෑස්ති උනා....චන්ද්‍රග්‍රහනය සිදු වෙනවත් එක්කම ඔවුනුත් නිවසින් පිටත් උනා.....

.......................................................................

වනාන්තරයේ මැද

චන්ද්‍රග්‍රහනය සිදු වෙන අතර  වෘක රංචු දෙක වනාන්තරයේ මැද මුහුනට මුහුන බලාගෙන රැස් උනා...තම මනුස්ස රුවෙන් ඉදිය වෘක කණ්ඩායම් දෙකේ නායකයන් එකිනෙකා හා මුහුනට මුහුන ගැටුනා.....

"මේ සටන අපි දිනුවොත් ඔයාලා අපිට යටත් වෙන්න ඕනි"

බ්ලැක් වුල්ෆ් ඇල්ෆා කිවුවේ වයිට් මූන් ඇල්ෆාට මීලගට කතා කරන්න ඉඩ දීලා....

"ඒත් මේක අපි දිනුවොත් ඔයාලා මේ හැමදේම ආයෙත් නිදහස් කරන්න ඔනී...හැමදේම කියන්නේ සුගාවත් එක්ක...එයාව අපිට දෙන්න"

වයිට් මූන් ඇල්ෆා කියනවත් එක්කම කණ්ඩායම් දෙක එකිනෙකාගේ තීරන වලට එකග උනා....

සටන පටන් ගන්න උනේ ඇල්ෆා වරුන් දෙන්නගෙන්. තම වෘක රුවට හැරුනු ඇල්ෆාවරුන් එකිනෙකාගේ මුහුනට ගොරවනවත් සමග වට රවුමක් ගියේ සටනට පෙර කරන ආචාරයක් ලෙස...ආචාර කිරීමෙන් පසු අනිත් වෘකයනුත් ඒ මේ අත දිවුවේ එකිනෙකාගේ ජීවිත නැති කරගන්න, එකිනෙකා හා සටන් කරන, බලය උදුරගන්න අරමුනෙන්....

මුලු පරිසරයම ඔවුන්ගේ ගෙරවිලි වලින් ,විලාප හඩින් ,එකිනෙකා ගැටෙන හඩින් පිරී යද්දි මුලු වනාන්තරයම ලේ විලක් වෙන්න ගත්තා...

මේ අතර සද කෙමෙන් කෙමෙන් හිරු ගෙන් ඈත් උනා.........

ඈත් වෙනවත් එක්කම........,

ජන්කුක් ඉදියේ වේදනාවෙන්....රිදී දම්වැල් ඇගේ වැදෙනවිට දැනෙන  වේදනාවට වඩා මේ දැනෙන වේදනාව වෙනස් එකක් බව ජන්කුක්ට තේරුනේ එයා කලින් ඉදලම රිදී වලින් වෙන වේදනාවේ හොද අත්දැකීම්කරුවෙක් නිසා......

ජන්කුක්ගේ මුලු ඇගම පිච්චෙන්න ගත්තා.....එයාගේ ආත්මය එයාගෙන් ගිලිහිලා යනවා වගේ දැනෙන්න ගත්තා...හිරු විසින් සද ආක්‍රමණය කරපු ඒ මුලු වෙලාවෙම ජන්කුක්ට හිතින් වගේම ගතින් නිදහසක් නැති උනා..විවිද නුපුරුදු හැගීම් දැනීම් ජන්කුක්ගේ ඇග වෙලා ගනිද්දී දන්නෙම නැතුව එයාගේ ඇස් රතු පැහැයටත් නිල් පැහැයටත් මාරුවෙන් මාරුවට හැරුනා.....අවසානෙදි එයාගේ ආත්මය ශරීරයෙන් ගිලිහෙනවත් චන්ද්‍රග්‍රහනය අවසානයේදි ආයෙමත් එයාගේ ශරීරයට ආත්මය ලැබුනු බවත් ජන්කුක්ට දැනුනා....

එතනින් එහාට සිදු උනේ නොහිතපු දෙයක්...නැවත පූර්ණ චන්ද්‍රයා පායනවත් එක්කම සද දම් පැහැයට හැරෙන්න පටන් ගත්තා....ලෝකයේ සියලුම දේ නැවතුනා....සටන් කරමින් සිටි සියලුම වෘකයන් එතනම ගල් උනා.....ගස් කොලන් හෙලවෙන එක නැවතුනා...කිසිම ශබ්දයක් ඇහෙන්නේ නැතිව ගියා....ලෝකයම එකම වේලාවක නැවතුනා...කාලය ගමන් කරන එක ඇණහිටියා...

ඒත් මේ සිදුවීම අනෙක් අයට මේ විදියට බලපෑවත් මේ සිදුවීම වෙනත් විදියකට බලපාපු තවත් පිරිසක් මේ ලෝකේ ඉදියා.....

ජන්කුක්ගේ ඇස් එකින් එක රතු පැහැයට හැරුනා....එයාගේ ඇගට ඇතුල් උන ආත්මයේ අලුත් බවක් වගේම මහා බලවත් බවක් ජන්කුක්ට තේරුනා....ශරීරයට දැනුනු අසාමාන්‍ය ශක්තියත් බලයත් නිසා ජන්කුක් දම්වැල් අතරින් මහ හයියෙන් ගොරවන්න ගත්තා....රිදී වලින් තව දුරටත් එයාට හානියක් නැති බව ජන්කුක්ට තේරුනා...එකපාරටම සියලු දම්වැල් වාශ්ප වෙලා ගියේ මීදුමක් වගේ..‍රිදී දම්වැල් වලින් ගැලවුනු ජන්කුක් එයාගේ නහයට දැනුනු ඒ රෝසමල් පෙතිත් සමග මුසු උනු මී පැනි සුවද...එහෙමත් නැත්නම්  එයාටම වෙන්වුනු එයාගේ සහකරුගේ අලුත්ම සුවද පස්සේ සිහියක් නැතුව දුවන්න ගත්තා....මුලු ලෝකයක් ගල් වෙලා ඉදිද්දී ජන්කුක් එයාගේ සහකරුගේ සුවද පස්සේ දුවන්න උනා....සියලු ගල් වුනු සිරුරු අතරින් ජන්කුක් නොනවත්තවා ඒ සුවද හෙවුවා......

........................................................................

ටේ හ්‍යුන්ග් ඉදියේ කාමරේ එහෙ මෙහෙ ඇවිදින ගමන්.....පරිසරයේ අමුතු දේවල් සිදු වෙනවා දැනුනත් ,ඒකෙන් ටේ හ්‍යුන්ග්ගේ ශරීරයට අමුතු හැගීම් ගෙනාවත් ඒ කිසිම දෙයක් හරි හැටි විදින්නවත් ,දැනෙන්නවත්  නැති උනේ සද එලිය බිදක්වත් එයාගේ ඇගට නොවැටුනු නිසා...

නමුත්  චන්ද්‍රග්‍රහනය අවසන් උනු බව ටේ හ්‍යුන්ග්ට එයාගේ වෘක සංවේදනවලින් දැනුනා....

ඒත් එක්කම මහ හයියෙන් ගොරවන සද්දයක් එක්ක ,ටේ හ්‍යුන්ගේ කාමරේ පැත්තට වේගවත් අඩි ශබ්දයක් එනවා ඇහෙන්න ගත්තා....ටේ හ්‍යුන්ග් හැමදේටම සූදානම් ශරීරෙන් එයාගේ වෘක රූපයට හැරුනා....

එකපාරටම මහා සද්දෙන් බිමට වැටුනු ටේ හ්‍යුන්ග්ගේ කාමරේ දොරෙන් ඇතුලට ආවේ...ඒ රාක්ශයා...එහෙමත් නැත්නම් සුගා....සුගාගේ එක අතක ඉදියේ සිහි සුන් ජීමින්ගේ ශරීරය....

ජීමින්ව දැකපු ටේ හ්‍යුන්ග් සුගාගේ ඇගට පැන්නේ ජීමින්ව රාක්ශයාගේ ග්‍රහනෙන් මුදවගන්න....ඒත් රාක්ශයා ඊට වඩා ඉක්මන් උනා....ටේ හ්‍යුන්ග් ඇගට පනිනවත් එක්කම රාක්ශයාගේ අත් ගියේ ලග තිබුනු කලු තිර රෙද්දට...එක අතක නියපොතුවලින් හූරපු ඒ රෙද්දෙන් හීමින් හීමින් දම් පැහැ සද රැස් ටේ හ්‍යුන්ග්ගේ ඇගට වැටුනා...ඒත් එක්කම ටේ හ්‍යුන්ග් ආයෙමත් එයාගේ මිනිස් රුවට හැරුනේ එයාගෙවත් අනුදැනුමක් නැතිව...ඇස් නිල් පැහැයෙන් රතු පැහැයටත් හැරෙන බවත් අවසානයේදි එයාගේ ආත්මය එයාගේ ශරීරය හැර යන බවත් ටේ හ්‍යුන්ග් ට වැටහුනා.....ඇස් නිල් පැහැයට හැරෙනවත් එක්කම එයාගේ ආත්මය ආයෙමත් එයාගේ ශරීරයට ආවා....

ටේ හ්‍යුන්ගේ නිවස ලගම ඉදිය ජන්කුක්ට තිර රෙදි ඉරෙනවත් සමගම එයා හොයන ඒ සුවද තවත් තදින් දැනෙන්න ගත්තා....

අසාමාන්‍ය වේගයකින් දුවන් ආව යම් දෙයක් ටේ හ්‍යුන්ග්ගේ ඇගේ හැපුනා...ඒත් එක්කම ටේ හ්‍යුන්ග්ට තේරුනේ එයාගේ ගෙල පෙදෙසේ මහා අමුතු වේදනාවක්...යටි ගිරියෙන් කෑ ගහපු ටේ හ්‍යුන්ග් ඊලග තප්පරේට දැනගත්තේ ජන්කුක් එයාව සලකුනු කරපු බව....ටේ හ්‍යුන්ග්ගේ තොල් නැවතුනේ ජන්කුක්ගේ ගෙල ප්‍රදේශයේ....එයාගෙ සලකුනත් ජන්කුක්ගේ ඇගේ ඉතුරු කරමින්....

එකිනෙකාගේ ඇස් දිහා බලපු ආත්ම සහකරුවන්ගේ නිල් සහ රතු ඇස් එකිනෙක සමග ප්‍රතික්‍රියා කරන්න ගත්තා...ඇස් වලින් යම් කිරනක් හුවමාරු වෙනවත් සමග රතු සහ නිල් ඇස් එකතු වී දෙන්නගෙම ඇස් එක්වරම දම් පැහැයෙන් දිලිසෙන්න පටන් ගත්තා....ඔවුන්ගේ නිවුන් ආත්මයන් එක් ආත්මයක් වූ බවට සලකුනක්.......

සිදුවීම අවසානයේ ටේ හ්‍යුන්ග් ,ජන්කුක්, සුගා සහ ජීමින් එකම වර සිහි සුන්ව බිමට කඩාගෙන වැටුනා......

මේ හැමදේම ඉහල අහසේ ඉදන් බලන් ඉදිය සද දෙව්දුව මෙතනට වැඩියේ එක් දෙයක් කියනවත් සමග......

"හරි පුදුමයි...අවුරුදු 200ක් බලන් ඉදිය දේ එක් ක්ෂණයකින් සිදු උනා...මගේ දරුවනේ..."

හතර දෙනාගෙම සිරුරු එහෙමම තියෙද්දි සද දෙව්දුව හැම කෙනෙක්ගෙම ආත්ම අවුරුදු 200ක් අතීතෙට යන ගමන්ට එකතු කරගත්තා....

ලෝකයම ආයෙමත් වැඩ අරභද්දී, පරිසරයේ වෙනස්කම් සිදු වෙද්දී, ගල් උනු සියලු ශරීර වලට නැවත පන ලැබෙද්දී....දෛවයෙන් තීරනය කරන ලද ජීවිත හතරක් පමනක්, ආදරය ,කැපකිරීම නිසා එකිනෙකාගේ දෛවය වෙනස් කරගත් ආත්ම හතරක් පමනක් වෙනම කාලයකට ගමන් ආරම්භ කලා...ඔවුන්ගේ සිරුරු සිහිසුන් උනත් ආත්ම ප්‍රබෝදමත් උනා........

........................................................................

ඉතින් ලමයි බඩු එහෙම ලෑස්ති කරගත්තද? මෙතන ඉදන් අපි අතීතෙට ගිහින් ටික දවසක් අවුරුදු 200ක අතීතේ නවතින්නයි හදන්නේ.......

තව දෙයක්..මම ඔයාලගේ කමෙන්ට් වලට රිප්ලයි කරන්නම්...මේ දවස් ටිකේ වෙලාවක් තිබුනේ නෑ ...ඒකයි රිප්ලයි කලේ නැත්තේ ...තරහා වෙන්න එපා සදේ දරුවනේ....sorry guys 🙄

Bạn đang đọc truyện trên: Truyen247.Pro