
Doctor
ජීමින් පස්සෙන් පස්සට ගියේ දන්නෙම නැතුව......සුගාගේ මූන විරූපිව යන විදිය දැකලා එයාගේ ශරීරය වෙවුලන්න ගත්තා....ඇගම පන නැතිවෙලා ,අත් සීතල වෙලා ගියත් තව දෙපාරක් හිතන්නේ නැතුව දුවන්න එයා තීරනය කලා...
ඒත් එයා දුවන්න කලින්, ඒ පැත්තෙන් ඉදන් සුගා ටික ටික එයාගේ පැත්තට එනව දැක්ක බයට ජීමින්ගේ කකුල් එතනම ගල් උනා...දුවන්න තියා ඇවිදගන්නවත් එයාට පනක් තිබුනේ නෑ....
ටිකෙන් ටික ලගට ආව සුගා එකපාරටම හැරිලා අනිත් පැත්තට දුවන්න පටන් ගත්තා...ජීමින් බලාගෙන ඉදියේ පුදුමයෙන්.....එකපාරටම බිම ඉදගත්ත ජීමින් දිග හුස්මක් ගත්තේ එයාගෙ කලබල උනු හිත ආයෙමත් සන්සුන් කරගන්න.....එයාට ඒ ගෑනු ලමයට උදවු කරන්න ඕනි උනත් එයාගේ හිත ඒකට ඉඩ දුන්නේ නැත්තේ උදවු කරන්න ගිහින් එයාවත් ඒ කරදරේම වැටෙයි කියන බයට......එකපාරටම නැගිටලා ටේ ව හොයන්න එයා දිවුවේ හිත ටිකක් සන්සුන් උනාට පස්සේ......
ස්කෝලේ ආර්ට් රූම් එකට ජීමින් ඇතුලු උනේ ටේ හ්‍යුන්ග්ගේ සුවද එයාගේ වෘක ඉවට දැනුන නිසයි....ඒත් දැක්ක දේ එයාට විශ්වාස කරගන්න බැරි උනා....
ටේ හ්‍යුන්ග් ලීසාව කිස් කරනවා....දෙන්නම හිටියේ ලොකු වැඩක....කාගෙවත් ඇගේ නුල් පොටක් වත් තිබුනේ නැති අතර,හිතා ගන්න බැරි තරම් ආවේගයකින් ඒ හැමදේම සිද්ද උනා.....
හැබැයි ඒ ටේ හ්‍යුන්ග්ගේ සාමාන්‍ය විදිය නම් නෙමෙයි කියන එක ජීමින් තේරුම් ගත්තා....හදිසියේම ජන්කුක් එක්ක සිද්ද උන දෙයින් පස්සේ මේ ලීසා එක්ක සිද්ද වෙන දේ ජීමින්ගේ හිතේ ප්‍රශ්නයක් ඉතුරු කලා....ඒත් මේ වෙලාව ඒ ප්‍රශ්න වලට උත්තර හොයන්න කාලය නෙමෙයි කියලා දැනගෙනයි එයා ආයෙමත් හැරිලා ගියේ......
මග දුරක් යනකොට එයා දැක්කේ ජන්කුක්ව, ඩ්‍රාමා රූම් එකේ කවුලුවකින්....ජීමින්ට මේ සිද්ද වෙන දේවල් වල සම්බන්දය හොයාගන්න බැරි උනත් ඒවයේ එකිනෙක ගැලපීමක් එයාට පේන්න ගත්තා......
ජන්කුක් හිටියේ කෙල්ලෙක් එක්ක....ටේ හ්‍යුන්ග් ලීසා එක්ක ඉදපු විදියමයි....හරිම ආවේගෙකින්...කිසිම හැගීමක් නැතුව හැමදේම සිද්ද වෙනවා...
ඒත් ටිකක් එබිකම් කරලා බලද්දී ජීමින් දැක්කේ ඒ ජෙනී කියලා..ජන්කුක් එක්ක හිටියේ ජෙනී....
තවත් දෙපාරක් නොහිතා ජීමින් ඩ්‍රාමා රූම් එක ඇතුලට දිවුවේ මේ වතාවෙ නම් එයාගේ සීමාවේ රතු කට්ටටම පැනලා තිබුන නිසයි.....
ඒත් එයා කාමරේට යනකොට හැමදේම වෙලා ඉවරයි.....
"ජියොන්..........මම තමුසෙව..."
ජීමින් කෙලින්ම ගියේ ජන්කුක්ගේ කොලර් එකෙන් අල්ලගන්න.....ඒත් ජන්කුක් නෙමෙයි වචනයක්වත් කතා කලේ....
"තමුසේ කොහොමද මගේ කෙල්ලව එහෙම අල්ලන්නේ...කොහෙන් ආපු හයියක්ද? "
ජීමින් ජන්කුක්ගේ කොලර් එකෙන් අල්ලගෙන එයාව හොලවන්න ගත්තා......
"එයා කැමැත්තෙන් ආවේ"
ජන්කුක් කතා කලේ තබේකට ගනන් ගන්නේ නැතුව.....ඒක ජීමින්ගේ තරහා තවත් ඇවිස්සුවා...මේ අතරේ ජෙනී ඉක්මනින් එතනින් පැන ගත්තේ ටේ හ්‍යුන්ග් ව එක්කගෙන එන්න, හැමදේම දරුනු අතට හැරෙන්න කලින්....මොකද හැමෝම දන්නවා ජන්කුක් කියන්නේ හැප්පෙන්න හොද කෙනෙක් නෙමෙයි කියන එක......
"ජෙනී...කැමැත්තෙන් ආවට තමුන් දන්නවා එයාට කොල්ලෙක් ඉන්නවා කියලා ජියොන්...ඉතින් ඇයි?"
තවත් ඉවසන්න බැරිම තැන ජීමින් ජන්කුක්ට ගහන්න පටන් ගත්තා....මේතරම් වෙලාවක් පාඩුවේ ඉදපු ජන්කුක්ව ඇවිස්සෙන්න ගත්තේ එතකොටයි....මොන දේ උනත් කිසිම කෙනෙක්ට තමන්ගේ ඇගට අතක් තියන්න දෙන්නේ නැති එක ජන්කුක්ගේ ප්‍රතිපත්තියක් .........
ජන්කුක් ජීමින්ගේ බෙල්ලෙන් අල්ලගත්තේ හුස්ම ගන්න බැරි තරමට බෙල්ල තද කරලා...ජීමින්ව පස්සෙන් පස්සට අරන් ගිහින් කෙලින්ම ඔලුව ගැහුවේ ඩෙස්ක් එකක....ජීමින්ගේ නලල තුවාල වෙලා ලේ ගලන්න ගත්තේ වැදුන පාර සැර වැඩි නිසා......
"පාක්...තමුන් සීමාව පැන්නා......හිතුවෙ ඔක්කොම අහගෙන මම පැත්තකට වෙයි කියලද.....?"
ජන්කුක් කතා කලේ ගැඹුරු කටහඩකින්, ඒ කටහඩේ මුසු වෙලා තිබුනේ වෛරයක්.....ජීමින්ට ඒ හඩට බය නොහිතුනාම නෙමෙයි...ඒත් කටට වෙර අරන් එයා කතා කලේ එයාට උන අසාදාරනේට හේතු හොයන්න....
"තමුසේ කලේ වැරැද්දක් ....පිලිගන්නවා ඒක"
ජීමින් වේගෙන්ම කියාගෙන ගියේ ජන්කුක්ගේ තරහා තවත් අවුස්සමින්....
ජන්කුක් කියන්නේ කිසිම දවසක කිසිම කෙනෙක්ගෙන් සමාව ගත්ත කෙනෙක් නම් නෙමෙයි.....එයා හැම ප්‍රශ්නයක්ම විසදගන්න යොදා ගත්තේ එයාගේ ශරීර ශක්තිය....මුලු ස්කෝලෙම එයාට බය ඒ නිසයි......වචනයක්වත් එයාට විරුද්දව කියන්න ඉදිරිපත් වෙන්න තරම් කවුරුත්ම නිර්භීත උනේ නැහැ.....එක්කෙනෙක් හැරෙන්න...ඔව් ඒ ටේ හ්‍යුන්ග්
"එක එකා කියන දේවල් කරන්න මට පිස්සුද...ඔක්කොටම කලින් තමුසෙගෙ කෙල්ලව තමුන් ලගින් තියාගන්න වැඩ කරනවා....එතකොට අනිත් කොල්ලෝන්ව හොයන්නේ නැති වෙයි එයා"...
ජන්කුක් කිවුවේ එක අතකින් ජීමින්ගේ අත පිටිපස්සට තද කරලා අබරන ගමන්....ජීමින්ට නොදැනුවත්ම කෑ ගැහුනේ එකින් එක අතේ ඇට කැඩෙනවා දැනෙද්දී.......
ඒත් එක්කමයි ටේ හ්‍යුන්ග් ,ජෙනීත් එක්ක එතනට දුවගෙන ආවේ ........
"ජන්කුක් අතාරිනවා මගේ යාලුවාව..."
ටේ හ්‍යුන්ග් ජන්කුක්ගේ ශර්ට් එකෙන් ඇදලා එයාව තල්ලු කලේ ජීමින්ව නිදහස් කරගන්න.....ජීමින්ගේ ඇස් වල තිබුනේ කදුලු....හිතේ වගේම ශරීරයේ වේදනාවට.......
ජීමින්ගේ කදුලු දැක්ක ටේ හ්‍යුන්ග් කෙලින්ම ගියේ එයාගේ තරහා පිරිමහගන්න......ජන්කුක්වත් දාගෙන බිම පෙරලුනේ එයාගේ ඔලුව පොලවේ සැරින් සැරේ ගහන ගමන්.....ජන්කුක් දත් මිටි කාගෙනම ටේ හ්‍යුන්ග්ව එයාගේ ඇගෙන් ඈත් කලා....ටේ හ්‍යුන්ග්ගේ බෙල්ලෙන් අල්ලගත්ත ජන්කුක් මූනටම අත මිට මොලවපු පාරක් දුන්නේ ටේ හ්‍යුන්ග්ගේ කටින් ලේ එන්න....එක අතකින් ටේ හ්‍යුන්ග් ගේ අත පිටිපස්සට අල්ලගෙන එයාගේ මුලු ශරීරයම බිත්තියට තද කලේ ටේ හ්‍යුන්ග්ව බිත්තියටයි ජන්කුක්ගේ ශරීරයටයි හිර කරගෙන......
"කිම්. ටේ .හ්‍යුන්ග් .....මේක තමුසෙගෙ ප්‍රශ්නයක් නෙමෙයි....හොට දාන්නේ නැතුව පැත්තකට උනා නම් තමයි හොද...."
ජන්කුක් කතා කලේ ටේ හ්‍යුන්ග්ට විතරක් ඇහෙන්න....
ජන්කුක්ගේ අතින් එයාගේ අත ලිහාගත්තු ටේ හ්‍යුන්ග් ,ජන්කුක්ව බිත්තියට තද කලේ ඇහැක් කලු වෙන්න තරම් පාරක් ජන්කුක්ට ගහන ගමන්....
දැන් මුලු ස්කෝලෙම රැස් වෙලා ඉදියේ ඩ්‍රාමා රූම් එකට....එක එක්කෙනා තම තමන්ගේ ෆෝන් වලින් මේවා වීඩියෝ කරද්දි ..තවත් සමහරු මේ රන්ඩුවට උල්පන්දම් දෙන්න එක එක්කෙනාගේ පැත්ත අරන් කෑ ගහන්න ගත්තා...
මේ වෙනකොට දෙන්නම හිටියේ හොදටම තුවාල ලබලා....ජෙනි ජීමින්ව එක්කගෙන ගියේ ඩොක්ටර් ලගට...ඒ වෙනකනුත් රන්ඩුව නැවතුනේ නෑ.....
"ජියොන් ,කිම් රන්ඩුව නවත්තනවා"
සනා ගේ කටහඩ ඇහුනේ පිටිපස්සෙන්....ඒත් එක්කම ජන්කුක්ට ඊලග තප්පරේදි තේරුනේ සනා එයාව එක අතකිනුත් ටේ හ්‍යුන්ග්ව අනිත් අතිනුත් ඇදගෙන ස්කූල් හොස්පිටල් එක පැත්තට යනවා....සමහර වෙලාවට ජන්කුක් පුදුම වෙන්නේ ගෑනු ලමයෙක් වෙලත් එයාගේ අක්කට මෙච්චර ශක්තියක් කොහෙන්ද කියන එක ගැන....
........................................................................
ජීමින් ජෙනීගේ උදවුවෙන් ඩොක්ටර් ලගට ගියත් එයා හිටියේ හරිම අමාරුවෙන්....එක අතක් කැඩිලා ඒ වගේම බෙල්ලේ ජන්කුක්ගේ ඇගිලි පාරවල්...එක කකුලක් ඇදගෙන ගියේ බිම වැටුන පාරට කකුල පන නැති උන නිසා.....
ඒත් ඒ ඔක්කොටම වැඩිය එයාගේ ඇග පන නැති වෙලා ගියේ ඩොක්ටර් ලග සුගා ඉන්නවා දැක්කමයි...කලින් උන දේවල් ඔක්කොම එයාගේ ඔලුවේ ආයෙමත් මැවෙන්න ගත්තා....සුගා ඇවිත් තිබුනේ පුන්චි තුවාලෙකට බෙහෙත් දාගන්න....හරියට එයාගේ අතේ හීරීමක් වගේ....ඒත් ජීමින්ව ඊට වඩා පුදුම කලේ සුගා ගේ ලේ...ඒ ලේ වල රතු පාටට වඩා තිබුනේ කලු පැහැයක්...ගොඩක් අදුරු රතු පාටකට ලං වුන කලු පාටක්.....
ජීමින් ටිකක් වෙලා සුගාගේ අත දිහා බලන් ඉදියත් ඩොක්ටර් ඉක්මනටම එයාගේ අත බැන්ඩේජ් එකකින් වහලා දැම්මා.....
ජීමින් හෙමින් ඔලුව උස්සලා බැලුවේ සුගාගේ ඇස් දිහා....ඒවා තාමත් කලු පාටද බලන්න...ඒත් එයා දැක්කේ වෙනම දෙයක්....සුගා ඒ වෙනකොටත් එයා දිහා බලාගෙනයි හිටියේ...ඇස් වල තිබුනේ කලකිරීමක්...ඒත් එයාගේ හැසිරීම් වලින් නම් පෙනුනේ කිසිම දෙයක් උනේ නෑ වගේ හැගීමක්.......
ඒත් එක්කමයී ටේ හ්‍යුන්ග්වයි ,ජන්කුක්වයි එක්කගෙන සනා එතනට ආවේ....ඒ දෙන්නා එනවත් එක්කම ඩොක්ටර් සුගාව එතනින් යැවුවේ...."පස්සේ කතා කරමු" කියන එක සුගාට විතරක් ඇහෙන්න මුමුනලයි...ඒත් ජීමින්ට ඒ මිමිනීම හොදින්ම ඇහුනේ වෘක මිනිසුන්ගේ අධි සංවේදි ශ්‍රවන හැකියාවට පින්සිද්ද වෙන්න.........
ඒක ජීමින්ව එයාගේ ප්‍රශ්න ගොඩේ තවත් අතරමං කලා.....ඩොක්ටර් ඇයි රහස් කතා කරන්නේ සුගා එක්ක?
"ඩොක්ටර්....මේ ඇට්ටරයෝ දෙන්නා ආයෙමත් රන්ඩු වෙලා....හොදටම තුවාල වෙලයි ඉන්නේ....ඉක්මනට මොනා හරි කරන්න..."
සනා කියන පරක්කුවට ජින්..එහෙමත් නැත්නම් ඩොක්ටර් එයාලගේ තුවාල වලට ප්‍රතිකාර කරන්න පටන් ගත්තා.....
"ලේන්සුව....ඊලග පාර මාත් එක්ක හැප්පෙන්නේ බලාගෙන.....හොම්බක්වත් ඉතුරු කරන්නේ නෑ ඊලග සැරේ"
ජන්කුක් කිවුවේ හොස්පිටල් එකේ මේසේ උඩ ඉදගන්න ගමන්...
"ආහ් ඇත්තද විස්කෝතුව...මටත් කියන්න තියෙන්නේ ඒකම තමයි...ඊලග සැරේ දත් ටික බඩට යවන්නේ..කෙහෙල් ගෙඩියක්වත් හපාගන්න බැරි වෙන්න..."
ටේ හ්‍යුන්ග් කිවුවේ අනිත් ඩෙස් එකේ ඉදගන්න ගමන් ජන්කුක් ඉදන් ඉන්න ඩෙස් එකට කකුලක් තියලා.....
ජන්කුක් ටේ ගේ කකුලට පයින් එකක් ගහලා ඈත් කලත් ටේ හ්‍යුන්ග්නුත් ජන්කුක්ගේ කකුලට පයින් එකක් ගහලා ආයෙමත් එයාගේ කකුල තියාගත්තා....
"ජියොන්, කිම්....දත් බඩට අරින් ඒවා, හොම්බ තලන ඒවා කෙසේ වෙතත් මම දැන් ඔය දෙන්නව හමගහනවා ඕක නැවැත්තුවේ නැති උනොත්...මුලින්ම බහිනවා මේසෙන්..අත පය වගේ ඒවත් කඩන්න මෙතන..."
සනා කිවුවේ දෙන්නටම ඔරවන ගමන්....
ඉක්මනින්ම ජන්කුක්ට ප්‍රතිකාර කරලා ඉවර උන ජින් ,සනා ජන්කුක්වත් ඇදගෙන යනවා බලන් හිටියේ දිග හුස්මක් ගන්න ගමන්....
"ටේ හ්‍යුන්ග්......මෙහෙට එන්න...."
ජින් කතා කලේ ටේ හ්‍යුන්ග්ව ඇදක හාන්සි කරන ගමන්.....
"ටේ හ්‍යුන්ග් මේ විදියට රන්ඩු වෙන්න එපා...බ්ලැක් වුල්ෆ් පැක් එක කියන්නේ ලේසි කට්ටියක් නෙමෙයි"
ජින් එහෙම කියනකොට ජෙනී, ජීමින් වගේම ටේ හ්‍යුන්ග්නුත් ඩොක්ටර් දිහා බැලුවේ පුදුම වෙලා...😨😨
"ඩොක්ටර් ...,ඔයා මනුස්සයෙක් නේද?"
ජීමින් ඇහුවේ තවත් කුතුහලේ ඉවසන් ඉන්න බැරි තැන....
තුන් දෙනාගෙම මූනු වල තිබුන පෙනුම දැකලා ජින්ට හිනා ගියත් එයා ඊලගට කතාව පටන් ගත්තා....
"ඔව් මම මනුස්සයෙක්..."
"ඒත් මිනිස්සු අපි ගැන දන්නේ නැහැනේ?"
ටේ හ්‍යුන්ග් ඇහුවේ ජීමින්ගෙයි ජෙනීගෙයි මූනු දිහා එකපාර බලන ගමන්....
"හ්ම්ම්.....සාමාන්‍ය මිනිස්සු නම් නෑ...ඒත් මට ඒකට හේතුවක් තියනවා"
ජින් කිවුවේ එලිය බලලා හිනා වෙන ගමන්....
"හෙලෝ ජිනී....ගොඩ කාලෙකින්...."
නම්ජූන් හොස්පිටල් එකට ඇතුලු උනේ පුදුම වෙලා ඉදපු තුන් දෙනාව තවත් පුදුම කරමින්...
ඒත් එක්කම ජින් ගිහින් නම්ජූන්ව බදාගත්තේ නම්ජූන් එයාගෙ තොල් වලට පුන්චි සිපගැනීමක් දෙනවිට....
"හායි ජූනි"
"ඊව්...හ්‍යුන්ග්...මෙතන පොඩි ලමයි ඉන්නවා"
ජීමින් කිවුවේ ඇස් දෙක එයාගේ අත් දෙකෙන් වහගෙන....
"මොකක්ද මෙතන වෙන්නේ...කවුරු හරි මට පැහැදිලි කරන්න"
මේ තරම් වෙලා නිහඩව ඉදපු ජෙනී අන්තිමේදි කතා කලා....
"සරලවම කිවුවොත් ජින් තමයි මගේ මේට්...මගේ සහකරු"
නම්ජූන් කිවුවේ ආයෙමත් ජින් දිහා බලලා හිනා වෙලා එයාව සිපගන්න ගමන්....
"කිවුවට වැඩක් නෑ....පොඩී කියලා මැරෙන්න යෑ"
ජීමින් ආයෙමත් කියද්දී ජින් හිනා වුනේ නම්ජූන් ගේ තුරුලෙන් අයින් වෙලා...ඒත් එක්කම ටේ හ්‍යුන්ග් කතා කරන්න පටන් ගත්තා...
"හ්‍යුන්ග් ඔයා මට ඔයාගේ මේට් ගැන කවදාවත් කියලා නෑ...අනිත් එක කොල්ලෙක් කොහොමද ඔයාගේ මේට් වෙන්නේ....ඒ මදිවට මනුස්සයෙක් එයා"
ටේ හ්‍යුන්ග් ප්‍රශ්න වැලක් අහගෙන ගියත් නම්ජූන්ට ඒවට උත්තර දෙන්න වෙලාවක් තිබුනේ නෑ.....
"හැමදේම ඔයාලට කියන්නම් මම...මුලින්ම ප්‍රින්සිපලගේ ඔෆිස් එකට ගිහින් එමු....මම ආවේ ටේ ඔයාගේ නඩුවකට"
........................................................................
ඔෆිස් එක ඇතුලෙදි එකිනෙකා සමග කවුරුත් කතාවක් නොතිබුනත් එතන තිබුනු නිහඩ අනතුරුදායක ආතතිය හැමෝටම දැනෙන්න උනා.....
එලියට එනවත් එක්කම ජන්කුක්ගේ තාත්තා එහෙමත් නැත්තම් ජියොන් මින් හෝ නම්ජූන්ව නතර කරගත්තේ එයාගේ උරහිසට අතක් තියලා.....
"කිම්....තමුසෙලගේ පවුල හැමදාම මෙහෙමයි.....කට වගේම අත් පයත් පරිස්සම් කරගෙන ඉන්න එක ඔයාලටම හොදයි"
මින් හෝ කිවුවේ තර්ජනාත්මක ස්වරයකින් .....ඒත් නම්ජූන් ඒකට උත්තර දුන්නේ ගොඩක් සන්සුන්ව....
"එහෙම නෙමෙයිනේ නේද මිස්ටර්...මේක දෙන්නම දා ගත්ත ප්‍රශ්නයක්....ඔයාගේ ජන්කුක් උනත් පරිස්සම් වෙලා හිටියට ප්‍රශ්නයක් වෙන්නේ නෑ...."
නම්ජූන් කියන්න ගත්තේ ජන්කුක් ආයෙමත් මිට මොලවගෙන ඉස්සරහට එද්දී...ඒත් ජන්කුක්ගේ තාත්තා එයාව නැවැත්තුවේ අතින් ඉගි කරන ගමන්...✋
ඒත් එක්කම සනා ඇවිත් ජන්කුක්ව එතනින් අරගෙන ගියා....ටික වෙලාවක් එතන රැදුනු මින් හෝ යන්න ගියේ තව එක දෙයක් කියලා....
" හෙට පුරහද....වටින දෙවල් පරිස්සම් කරගන්නවා....."
නම්ජූන් නොසෙල්වී ඉදිද්දී ටේ හ්‍යුන්ග් පුදුමයට පත් උනා....
"පුරහද? "
"ඔව්......ආයෙමත් සටන් කරන්න කාලය"
........................................................................
මාත් එක්ක කාලය තරනය කරමු..😂
Bạn đang đọc truyện trên: Truyen247.Pro