DNA
Because we’re the two who found our destiny❤️
(චන්ද්‍ර වංශයේ මාලිගය)
ඒ වගේම මතකයේ තියාගන්න මේ හැමදෙයක්ම වෙන්නේ මද්‍යම රාත්‍රියේ බව
...........................................................
ජන්කුක් දුවගෙන ගියේ ඒ දරුනු සුවද පස්සේ...නොදැනුවත්වම එයා ඇවිත් තිබුනේ උත්සව ශාලාවට.....උත්සව ශාලාවෙන් ඒ සුවද තව තවත් වැඩියෙන් දැනෙන්න ගත්තා...ඉක්මනින්ම ඒ සුවද අදුරගත්තු ජන්කුක්, ඒ සුවද එන්නේ කාගෙන්ද කියන එකත් හොයාගත්තා....
උත්සවයේ ඉදපු එක ගෑනු ලමයෙක්, ලස්සන රතු ඇදුමකිනුත්, සිහින් ශරීරයකිනුත් හෙබි ඒ ගෑනු ළමයා ලග ජන්කුක් නැවතුනේ ඒ සුවද හමන්නේ එයාගේ ලගින් බව දැනගෙන....
එක් අතක් එයාගේ උරහිසට තිබ්බ ජන්කුක් ගෑනු ලමයා එයාගේ දෙස හැරෙන තුරු බලන් ඉදියා....ඒත් ගෑනු ලමයා හැරෙනවත් එක්කම ජන්කුක්ට එයාගේ ඇස් අදහගන්න බැරි උනා.........ඒ ඉදියේ එයා හොදින්ම දන්න කෙනෙක්.....
"මේට්"
ජන්කුක්ගේ කටින් පිටවෙනවත් එක්කම කුමරිය පුදුමයෙන් ජන්කුක් දෙස බැලුවා.....
"කුමරිය"
ජන්කුක්ට කියවුනේ දන්නෙම නැතුව.... කුමරිය චන්ද්‍ර වංශයට අයත් රජුගෙත් ,රැජිනියගෙත් එකම කුමරිය, එහෙමත් නැත්නම් ටේ හ්‍යුන්ග්ගෙත්, යුන්ගීගෙත් එකම සොහෝදරිය.....
"ජන්කුක්? ....මේට්? මොකක්ද ඒ කතාව?"
ජෙනී ඇහුවේ කිසිම දෙයක් තේරුම් ගන්න බැරුවයි.....
"ඔව් ජෙනී ඔයා මගේ මේට්"
ජන්කුක් තවත් පරක්කු නොකර කුමරියව එයාට ලං කරගත්තේ කුමරියගේ ඉන වටේ අතක් යවමින්....ජන්කුක්ගේ තොල් රැදුනේ කුමරියගේ ගෙල මත....
කුමරියට මුලදි මේ දේ අවශ්‍ය නොවුනත් ජන්කුක්ගේ මේ ක්ෂණික ක්‍රියාව,එයාගේ කඩවසම් බව, දක්ශ බව වගේම හිත් ඇදගන්නා සරාගි බවත් ..ටේ හ්‍යුන්ග් වෙනුවෙන් විතරක්ම ආවෙනික උනත් ඒ ආදරනීය බව හැම ගෑනු ලමයෙක්ම වගේම ජෙනී කුමරියටත් බලපෑවේ එයාගේ මුල් තීරනේ වෙනස් කරලා.....
ඒ වගේම ජන්කුක් එක්ක එකටම වැඩුනු ඇය ජන්කුක් වෙනුවෙන් හීන දැකපු කෙනෙක්...ඒ වෙනුවෙන් එයා හැමදාම ටේ හ්‍යුන්ග් ට ඉරිසියා කලා...ටේ හ්‍යුන්ග් ජන්කුක්ගේ ආදරේ ලබන්න තරම් බලවත් උනේ කොහොමද කියන එක ගැන...ජන්කුක් ටේ හ්‍යුන්ග්ගේ දැකපු විශේෂය ජෙනීව හැමදාම ටේ හ්‍යුන්ග්ට වෛර කරන්න පෙලබුවා...ජන්කුක් ටේ හ්‍යුන්ග් වෙනුවෙන් කරපු හැම දෙයක්ම දිහා ඉරිසියාවෙන් බලන් ඉදිය ජෙනීටත් ඒ දේවල් ජන්කුක්ගෙන් ලබන්න ඕනි උනා...
මේ ලැබුනේ එයාගේ අවස්තාව..ජන්කුක්ව එයාගේ කරගන්න සදහටම...ඒ නිසයි හරියටම කිසිම දෙයක් නොදන්නවා උනත් ජන්කුක්ට එයාව සලකුනු කරන්න දිලා ජෙනී පිටත බලාගත්තේ.....
ජන්කුක් ජෙනීගේ ගෙලට ලං වෙනවත් සමගම ජන්කුක් දත් ප්‍රථම වතාවට වෘක දත් බවට හැරුනා....දිගු උල් සහිත දත් ශක්තිමත් ඒවා බවට පත් උනා....ඒ එයා වැඩිහිටි වෘකයෙක් වුනු බවට සලකුනක්....
ජන්කුක් මේ දේවල් කලේ නිවැරදි සිහියකින් තොරව...එයාගේ පාලනය මේ අවස්තාවේ තිබුනේ එයාගේ වෘකයගේ අතේ.....ඒ සිහියෙන් ජෙනීගෙ ගෙලට ජන්කුක්ගේ දත් ගෑවෙනවත් සමගම....
"ජන්කුක්....මොනාද කරන්නේ?"
ඊලග මොහොතේ ජන්කුක් ඉදියේ බිම....ජීමින් එයාවත් තල්ලු කරගෙන එතනට ආවේ යුන්ගී එයාගේ පස්සෙන් ඇදෙද්දී....
බිමට වැටුනු සැරට ජන්කුක් නැවතත් සිහියට ආවා...මද වේලාවක් වට පිට බැලුව ජන්කුක් ආයෙමත් පියවි සිහියට ආවේ ජීමින්ගේ කටහඩින්...
"ජීමින්...ඔයා මොකද මෙතන කරන්නේ? එතකොට කෝ මගේ රෝස මල?"
ජන්කුක් කතා කලේ වටපිට බලමින් ටේ හ්‍යුන්ග්ව හොයන ගමන්....
"ජන්කුක්...ඔයාට මොකද උනේ? ඔයා මොනවද මේ කරන්න ගියේ?"
ජීමින් ජෙනී දිහාත් ජන්කුක් දිහාත් මාරුවෙන් මාරුවට බැලුවේ මොනාද සිද්ද වෙන්නේ කියන එක හිතාගන්න බැරුවයි....
"ඇයි- ඇයි මම මොනාද කලේ?"
ඒ ප්‍රශ්නෙට පිලිතුර ලැබුනේ මේ තරම් වෙලා නිහඩා ඉදිය ජෙනීගෙන්....
"ජන්කුක් කියන්නේ මගේ මේට්?"
ජෙනී ඒක කිවිවේ පිලිතුරකට වැඩිය ප්‍රශ්නාර්තයකින්....
ඒ ලැබුනු පිලිතුරෙන් ජීමින් ,යුන්ගී වගේම ජන්කුක් පුදුමයට පත් උනා....
"මොකක්?"
තුන් දෙනාම එකවර කෑ ගැහුවේ ජෙනී දිහා සැක සහිත බැල්මෙන් බලාගෙන....
"ඔව් ජන්කුක්..දැන් ඔයා ආවේ මගේ සුවද පස්සේ නේද? අනිත් එක මේ ජීමින් ආවේ නැත්නම් ඔයා මාව ඔයාගේ කරගන්නයි හැදුවේ"
ජෙනී කිවුවේ පුන්චි සරාගි ඉගියක් ජන්කුක් වෙත යවමින්....එක් කෙස් ගහක් ඇගිල්ලකින් අබරපු ජෙනී ජන්කුක්ව එයාගේ මායාවන් වලින් වසග කරගන්න උත්සහා කලා..මේ මායාවන් ජන්කුක්ට වෙනදට බලනොපෑවත් අද එයාට ඒක යන්තමින් හෝ බලපාන්න උනා...ඒත් ජන්කුක් ඒ මායම් වලට රැවටෙන්න එයාගේ හිතට ඉඩ දුන්නේ නෑ....
"එතකොට ඔයා මගේ කුකී"
"හරි ජෙනී එහෙමද? එහෙනම් අහගන්න හොදට... මම ඔයාව මගේ මේට් විදියට ප්‍රතික්ශේප කරනවා "
ජන්කුක් දෙවරක් නොහිතා ජෙනීව ප්‍රතික්ෂේප කලේ ටේ හ්‍යුන්ග් ගැන හිතෙන් වද වෙමින්......
ජෙනීගේ මේ අලුත් විදිය නුරුස්සපු ජන්කුක් මීලගට පටන් ගත්තේ ටේ හ්‍යුන්ග් ව හොයාගෙන එතනින් දුවන්න....
ජන්කුක් යනතුරු බලන් ඉදපු යුන්ගී ජීමින්වත් එක්කගෙන ගියේ ශාලාවේ කෙලවරට...
"එහෙමද ජන්කුක්..බලාගන්න ඔයාගේ ටේ හ්‍යුන්ග්ටයි ඔයාටයි මම කරන දේ" ජෙනී එයාටම මිමිනුවේ හැමකෙනෙක්ම එතනින් ඉවත් උනු වෙලාවේ
........................................................................
"ජීමින්.මම දන්නේ නෑ මොකක්ද වෙලා තියෙන්නේ කියලා නම්..ඒත් මොනා උනත් වෙලා තියෙන්නේ හොද දෙයක් නෙමෙයි..ඒ වගේම වෙන්න යන්නෙත් හොද දෙයක් නෙමෙයි....."
යුන්ගී එකදිගට කතා කරගෙන ගියේ පුන්චි කලබලයකින්....
ජීමින් යුන්ගී කියන හැමදේකටම ඔලුව වැනුවේ එයාගේ එකගතාවය පලකරන්න....
"අනිත් එක මොන දේ කොහොම උනත් අපේ රහස ගැන එයාලා දැනගන්න බෑ...අඩුම තරමේ ටේ හ්‍යුන්ග්ටවත් මේක දැනගන්න මම ඉඩ තියන්නේ නෑ...ඔයත් මේක ජන්කුක්ටවත් දැනගන්න ඉඩ තියන්න බෑ.....තේරුනාද?"
යුන්ගී ඇහුවේ ජීමින්ගේ ඉන වටේ එක් අතක් යවලා ජීමින්ව තවත් එයාට ලං කරගනිමින්....
"මම දන්නවා හ්‍යුන්ග්...මම කැමති නෑ කිසි දෙයක් ජන්කුක්ට හංගන්න..ඒත් අපේ ආදරේ වෙනුවෙන් මට එයාගෙන් මේක හංගන්න වෙනවා...මම ඒක කරනවා..අපි දෙන්නා වෙනුවෙන්"
ජීමින් ලං වුනේ යුන්ගිගේ පපුවට...ඒත් එක්කම ජීමින්ගේ බද වටේ එයාගේ අත් දෙක තවත් හිර කරපු යුන්ගී ජීමින්ව තදින්ම වැලදගත්තා...
.හිමින් ජීමින්ගේ දෙතොල් වලට බර උනු යුන්ගී පුන්චි හාදුවක් තිබ්බේ ජීමින්ව සනසවන්න.....හැම ප්‍රශ්නයක්ම හැම කනගාටුවක්ම දෙන්නටම අමතක වෙන්නත්, එයාලගෙම ලෝකෙක එයාලට තනි වෙන්නත් දෙන්නම උනන්දූ උනේ යුන්ගීගේ පුන්චි සිපගැනීම දරුනු එකක් වේගෙන එද්දී......
........................................................................
ජන්කුක් දුවගෙන ගියේ ටේ හ්‍යුන්ග් ගේ සුවද පස්සේ....එයාට කලින් වගේ ටේ හ්‍යුන්ග් ගේ සුවද පැහැදිලි කරලා අදුරගන්න බැරි උනේ ,තාමත් එයාගේ වෘකයා එයාගේ මේට්ගේ සුවද හොයපු නිසයි...එයාගේ වෘකයා එයාගේ මේට්ගේ පහස වෙනුවෙන් ,ඒ සුවද වෙනුවෙන්..ඒ ආශ්‍රය වෙනුවෙන් ජන්කුක් එක්ක පොර බැදුවා..ජන්කුක්ට ඒ හැම අවස්තාවකම එයාගේ ඇගේ වෘකයාව පාලනය කරගන්න ඕනි උනත්..ගතවෙන හැම මොහොතක් ගානෙම ඒ වෙනුවෙන් එයාගේ ශරීරය වේදනා දුන්නා..හදවත දුර්වලව ගැහෙන්නත්, මුලු ඇගම පිච්ව්චෙනවා වගේ දැනුනෙත් එයා එයගේ මේට්ව ප්‍රතික්ශේප කරපු එකේ ඵලයක් විදියටයි....ඒත් මේ හැමදෙයක් ජන්කුක්ගේ හිතේ ටේ හ්‍යුන්ග් වෙනුවෙන් තිබුන ආදරේට යටත් උනා...එයාගේ ශරීරය ,හදවත වේදනා දුන්නත් එයාට ඕනි උනේ ටේ හ්‍යුන්ග්ව හොයාගන්න......
ජන්කුක් අපහසුවෙන් උනත් ටේ හ්‍යුන්ග්ගේ සුවද පස්සේ ගමන් කලා...අවසානයේ ජන්කුක් නැවතුනේ මාලිගාවේ පොකුන ලග..එතනින් ටේ හ්‍යුන්ග්ගේ සුවද තදින්ම දැනුනත් ටේ හ්‍යුන්ග්ගේ රූපය එයාට ඒ අතරින් හොයාගන්න බැරි උනා ......මද වේලාවක් වට පිට විපරම් කල ජන්කුක් අවසානෙදි ටේ හ්‍යුන්ග්ව දැක්කා..ඒත් ඒ එයා බලාපොරොත්තු වුනු විදියට නම් නෙමෙයි.....
ටේ හ්‍යුන්ග් හිටියේ පොකුන ලග බිම සිහියක් නැතිව..එයාගේ ශරීරයත් සිහිය නැතිව බිම වැතිරිලා තිබුනේ මලකදක් වගේ.....ඇස් බාගෙට පියවෙන්නත් ,ආයෙම ඇරෙන්නත් ගත්තා....ඒ ඇස් වල කදුලු පිරිලා....අසරන වුනු ටේ හ්‍යුන්ග් එහෙමම පොලවේ දිගා වෙලා ඉදියේ කරකියාගන්න දෙයක් නැතිව...
ඒත් එක්කම එතන ඉදියේ තවත් මිනිස් රුවක්...සාමාන්‍ය උසකිනුත්, සාමාන්‍ය ශරීරයකුත් ඇති ඒ මිනිසා හුරුපුරුදු අයෙක් බව ජන්කුක් වටහාගත්තා...
මේ හැමදේකටම වැඩිය ජන්කුක්ගේ හිත බිදිලා යන්න ගත්තේ දුටුව එක දෙයකින්.....
ටේ හ්‍යුන්ග්ගේ ගෙලෙන් අදිකව ලේ ගැලුවේ එක් විශේෂ ස්තානයකින්.....අලුතින්ම සටහන් උනු දත් පහරත් , ඒ අසල උනු දම් පැහැ පැල්ලමත් ජන්කුක්ගේ ලෝකයම නතරකරන්න තරම් බලවත් උනා....ටේ හ්‍යුන්ග් ව එයාගේ මේට් සලකුනු (මාක්) කරලා
"එයාව..එයාව මගෙන් උදුරගෙන..මගේ රෝස මල.....එයාට වෙන කෙනෙක් අත තියලා"
ඇස් දෙකෙන් වැටෙන කදුලුත් එක්ක ජන්කුක් ඉක්මනින්ම දුවගෙන ගියේ ටේ හ්‍යුන්ග් සිහි නැතිව වැටිලා ඉදිය තැනට...ගියපු ගමන් ටේ හ්‍යුන්ග්ගේ ශරීරයෙන් අතක් තිබ්බ ජන්කුක්ට ටේ හ්‍යුන්ග්ගේ ශරීරයේ අසාමාන්‍ය උනුසුම් බව එකවරින් පැහැදිලිව දැනුනා...මේ උනුසුම එයා එයාගේ සහකරු එහෙමත් නැත්නම් මේට් ට යටත් වෙන බවටත්, ඒ සලකුන ටේ හ්‍යුන්ග්ගේ ශරීරයේ ස්තිර වෙන බවටත් සලකුනක් බව ජන්කුක් දැනගෙන ඉදියා....දම් පැහැ පැල්ලමෙන් ඔප්පු උනේ මේ සලකුනු කිරීම ටේ හ්‍යුන්ග්ගේ කැමැත්තකින් තොරව සිදු උනු එකක් බව......
මේ අතරේ අර මිනිස් රුව එහෙමත් නැත්නම් ටේ හ්‍යුන්ග් ගේ මේට් කැලෑව පැත්තට දුවන්න ගත්තේ ජන්කුක්ගෙන් ගැලවෙන්න හිතාගෙන ...
"මගේ රෝස මල...ඔයා හොදින්ද මැනික? "
ජන්කුක් ටේ හ්‍යුන්ග්ගේ හිස එයාගේ උකුලෙන් තියාගෙන එහා මෙහා කලත් මුලදි ප්‍රතිචාරයක් ලැබුනේ නැති උනා....මේ අතරේ ජන්කුක්ට තව දෙයක් දැනෙන්න ගත්තා..ඒ ටේ හ්‍යුන්ග්ගේ ගෙලේ තිබුන සලකුන ටිකෙන් ටික කලු පැහැ වෙන්න ගත්ත බවක්......මේක සාමාන්‍ය සලකුනු කිරීමක දෙයක් නොවෙන බව ජන්කුක්ට වැටහුනා...
"මැනික ඇස් අරින්න.."
ටේ හ්‍යුන්ග්ගේ කම්මුල් පුරා අත් යැවුව ජන්කුක්ගේ ඇහෙන් වැටුනු එක කදුලකින් ආයෙමත් සිහියට ආව ටේ හ්‍යුන්ග් ජන්කුක් දිහා බලන් ඉදියේ හරිම අසරන විදියට....
ටේ හ්‍යුන්ග්ගේ ඇස් ඇරෙනවත් එක්කම ජන්කුක් ඉක්මනින් කතා කරන්න ගත්තා....
"මැනික කවුද ඔයාට මෙහෙම කලේ?"
ජන්කුක් ඇහුවේ අසරන වුනු එයාගේ රෝස මල දිහා බලාගෙනයි...එයට පිලිතුරක් විදියට ටේ හ්‍යුන්ග් කැලෑව දෙස බැලුවේ යමක් අගවන්න....
ඉක්මනින්ම ටේ හ්‍යුන්ග්ගේ ඇස් යොමු උනු දිශාව බැලුව ජන්කුක්ට කිසිම දෙයක් ඒ දෙසින් දකින්න උනේ නෑ...
ඒ නිසාම ජන්කුක් ටේ හ්‍යුන්ග්ව අත් දෙකෙන්ම උස්සගත්තේ ඉක්මනින්ම රාජකීය වෛද්‍යවරයා හම්බෙන්න හිතේ තියාගෙන.......
ටේ හ්‍යුන්ග්වත් තුරුලු කරගත්තු ජන්කුක් ඉක්මන් ගමනින් යන්න පිටත් උනත් ආයෙමත් පිටිපස හැරිලා බැලුනේ කැලෑව දෙසින් ආව අතු හෙලවෙන සද්දෙට....අහම්බෙන් වගේ ජන්කුක් ඒ අතරින් දැක්කේ එයා කවදාවත් දකින්න බලාපොරොත්තු නොවුන දෙයක්......
ගස් කොල අතු අතරින් ජන්කුක් දැක්කේ නුපුරුදු නමුත් සුපුරුදු මුහුනක්...
ඒ මුහුන පුරා කෙස් වැවී තිබුන අතර ඇස් කලු පැහැයෙන් දිලිසෙන්න ගත්තා.....වියරු මිනිසෙකුගේ මෙන් දත් ඉදිරියටත් ,අදික ලෙස දික් වුනු නියපොතුත් ඒ අතරේ තිබුනා......ඒත් මේ හැමදෙයකටම වඩා ජන්කුක් පුදුම වුනේ ඒ රාක්ශ මිනිසා පැනලා යනවත් එක්කම හද එලියට පැහැදිලි වුනු ඒ මුහුන දකින විට.....
"හොසොක් හ්‍යුන්ග්"
ජන්කුක්ගේ කටින් පිට වුනේ දන්නෙම නැතිව.........
........................................................................
ඒ වෙනකොටත් සාදය අවසන් වෙලා හැම අමුත්තෙක්ම ඉවත් වෙලයි ඉදියේ....
රැජිනියන් දෙදෙනාත් ,රජවරුන් දෙදෙනාත් , ජෙනී කුමරියත් , ජින්,යුන්ගී,නම්ජූන් වගේම ජීමිනුත් රාජකීය වෛදයවරයත් සමග ටේ හ්‍යුන්ග්ගේ කාමරය ලග රැස් වෙලා හිටියේ මේ තත්වය ගැන හැමදේම කලින්ම දැනගෙන...
ජන්කුක් ටේ හ්‍යුන්ග්වත් තුරුලට අරන් දුවගෙන එන බව ඈතින්ම දැක්ක චන්ද්‍ර වංශයේ රජුත් රැජිනියත් ඉක්මනින්ම ටේ හ්‍යුන්ග්ගේ කාමරේ දොරටු විවෘත කලේ රාජකීය වෛද්‍යවරයත් සමග කාමරයට ඇතුල් වෙන ගමන්...
ටේ හ්‍යුන්ග්ව එයාගේ ඇදෙන් හාන්සි කරවපු ජන්කුක් කෙලින්ම හැරුනේ වෛද්‍යවරයා දෙසට...ඒ වෙනකොටත් රාජකීය වෙදැදුරු එයාගේ ප්‍රතිකාර පටන් ගෙනයි තිබුනේ....වෛද්‍යවරයා බෙහෙත් කරන අතරතුර ජන්කුක් වෛද්‍යවරයා ට බැගෑපත් වෙන්න පටන් ගත්තේ ටේ හ්‍යුන්ග්ගේ ජීවිතේ ගැන බය වෙලයි...
"සේ ජින් අනේ කොහොමහරි මගේ ටේ හ්‍යුන්ග් ව සනීප කරන්නේ එයා ඉන්නේ ගොඩක් අමාරුවෙන්....ඔයා ගොඩක් දක්ශ වෙදෙක් නේද?කොහොමහරි මගේ ටේ හ්‍යුන්ග්ගේ අසනීපේ අඩු කරන්න"
ජන්කුක් කලබලෙන් කතා කරනවිට රජවරුන් ,රැජිනියන් ඇතුලු සැම දෙනාම ජන්කුක් දිහා බැලුවේ හරිම අනුකම්පාවෙන්....ඒත් ඒ අනුකම්පාවට වැඩිය දෙයක් ජීමින්ගේ ඇස් වල නම් තිබුන බව ජන්කුක් තේරුම් ගත්තා....හරියට වරදකාරී හැගීමක් වගේ දෙයක්...
"ඇයි ඔයාලා ඔහොම බලන්නේ? මට මගේ රෝස මල නැතුව ඉන්න බෑ ඔයාලා ඒක දන්නවනේ අම්මේ....."
ජන්කුක් එයාගේ අම්මාටය්හ් කෑ ගැහුවේ ඒ බැල්ම තවත් දරාගන්න බැරුවයි.....
" සමාවෙන්න ජන්කුක්....ඔයාට එයාගෙන් ඈත් වෙන්න වෙනවා"
රැජින කතා කලේ කණගාටුවකින්...ජන්කුක්ට රැජින කියපු දේ ඇහුනත් ඒ දේ විශ්වාස කරන්න බැරි උනා......එකවරම එයාට ලැබුනේ බලාපොරොත්තු නොවුනු ,ඒ වගේම හීනෙකින්වත් එයාට අහන්න ලැබෙයි කියලා හිතුන දෙයක් නෙමෙයි.
"මොකක්ද...මොනාද කිවුවේ?"
ජන්කුක්ගේ හඩේ තිබුනේ කලකිරීමක්, දුකක්,වේදනාවක් වගේම කේන්තියක් සහ අවිශ්වාසක් යන මේ හැමදේම එකට මුසු උනු බවක්...
ඒ ප්‍රශ්නයට උත්තර දුන්නේ චන්ද්‍ර වංශයේ රජතුමා.එහෙමත් නැත්නම් ටේ හ්‍යුන්ග්ගේ තාත්තා......
"ඔව් ජන්කුක් , ඔයා හිතනවට වඩා මේක බරපතල ප්‍රශ්නයක්...අපි හැමදේම දන්නවා ...ජෙනී අපිට කිවුවා...ඒ වගේම ජීමිනුත් යුන්ගීත් ජෙනීගේ වචන ඇත්ත කියලා ඔප්පු කලා.....ඉතින් අපි දන්නවා ඔයාලා එකිනෙකාගේ මේට් නෙමෙයි කියලා...ඉතින් ......අපේ රාජවංශය දෙක තීරනයක් ගත්තා....."
ජන්කුක් අප්‍රසන්නව මේ කතාව අහගෙන ඉදිද්දී කතාව එතනින් එහාට කරගෙන ගියේ සූර්‍ය වංශයේ රජතුමා ...එහෙමත් නැත්නම් ජන්කුක්ගේ තාත්තා විසින්...
"ජන්කුක් ඔයාවයි ජෙනීවයි විවාහ කරන්න අපි ලෑස්ති....ඒ වගේම ටේ හ්‍යුන්ග් එයාගේ මේට් එක්ක විවාහ කරවනවා...තව දවස් තුනකින් ඔයාලගේ විවාහ ගන්න අපි ලෑස්ති කලා....." රජතුමාගේ කතාවට බාධා වුනේ වෛද්‍යවරයා ගේ හඩින්...
"සමාවෙන්න රජතුමනි..."
"ඔව් කියන්න සේ ජින්"
රජතුමාට කලින් ජන්කුක් පිලිතුරු දුන්නේ ටේ හ්‍යුන්ග් ගැන දැනගන්න තියන නොඉවසිල්ලට....
"මට සමාවෙන්න..ඒත් ටේ හ්‍යුන්ග් ඉන්නේ අනතුරක...මේ සලකුන සාමාන්‍ය වෘකයෙක්ගේ එකක් නම් නෙමෙයි...ඒ වගේම.."
සේ ජින් මැදදි කතාව නතර කලේ දුක් මුසු බැල්මකින් ජන්කුක් දිහා බලන ගමන්...
"ඒ වගේම ...මොකක්ද සේ ජින් කියන්න?"
"රැජිනියනි...ටේ හ්‍යුන්ග් කුමාරයට අනිවාරෙන් එයාගේ මේට්, එහෙමත් නැත්නම් මේ සලකුනේ අයිතිකරු ව විවාහ කරලා දෙන්න වෙනවා..එහෙම නැත්නම්...හැමදේම විනාශ වේවි..හැම දොරටුවක්ම ඇරේවි...හැම අදුරක්ම....මේ ලෝකෙට ඒවි"
........................................................................
ලෝකයට හොද දෙයක්ම විතරක් දෙන්න කිසිම කෙනෙක්ට බෑ...අපි හොද උපද්දන හැම වාරයකම නරක එහෙමත් නැත්නම් අදුරත් අලුත් දෙයක් නිර්මානය කරනවා...හරියට හැම වචනයකටම විරුද්ධ පදයක් තියනවා වගේ ..........
........................................................................
බලන්න මොන තරම් ඒ දෙන්නා ආදරේ කලත් එයාලගේ ඉරනමෙන් ඒ ආදරේට ඉඩක් නෑ නේද ළමයි? ...........මොකද හිතෙන්නේ කතාව ගැන? දැන්? 🙄
Bạn đang đọc truyện trên: Truyen247.Pro