Destiny
දින 3කට පසු.....
චන්ද්‍ර වංශයේ මාලිගයත්, සූර්ය වංශයේ මාලිගයත් කලබල උනේ හදිසියේ යෙදුනු විවාහා මංගල්‍යයන් නිසා.......
හැම අතින්ම ආව අමුත්තනුත්, රාජකීය පවුල් වල සාමාජිකයනුත් මාලිගා වටා එක් රොක් උනා.....
ටේ හ්‍යුන්ග් ගෙත් හෝසොක් ගෙත් විවාහය චන්ද්‍ර වංශයේ මාලිගයේ එම රජතුමාගේ ප්රදානත්වයෙනුත්.....ජන්කුක්ගෙත් ජෙනීගෙත් විවාහය සූර්ය වංශයේ මාලිගයෙ එම රජතුමා , රැජිනිය සහ චන්ද්‍ර වංශයේ රැජිනියගේ සහභාගීත්වයෙනුත් සිදු උනා.....
ජන්කුක් සහ ජෙනී සූර්ය දෙවිදුන්ගේ ආශිර්වාදයෙනුත්, හෝසොක් සහ ටේ හ්‍යුන්ග් චන්ද්‍ර දෙව්දුවගේ ආශිර්වාදයනුත් විවාහා වෙන්න නියමිතව තිබුනා......
මේ විවාහය ගැන ආසාවෙන් හා නොඉවසිල්ලෙන් කෙනෙක් ඉදියා නම් ඒ ජෙනී විතරක් වුනා....ටේ හ්‍යුන්ග් සහ ජන්කුක් මේ විවාහයේ ගොදුරක් බවටත් හෝසොක් මේ විවාහයේ පැටලුම්කරු ලෙසත් ජනතාව අතර ප්‍රසිද්දියට පත් උනා.........ටේ හ්‍යුන්ග් සහ ජන්කුක්ගේ ආදර කතාව දැන සිටි සියලු රට වැසියන් අතරින් බොහෝ දෙනෙක් ඔවුන්ට අත් වූ මේ අවාසනාවන්ත ඉරනම ගැන දුක් වෙද්දී තවත් සමහරු මේ දේ ගැන සතුටු උනේ අවසානයේදි ජන්කුක්ව ගැහැනු ලමයෙක් විසින් විවාහා කරගන්නා නිසා......
........................................................................
ජන්කුක් ඉදියේ එයාගේ කාමරේට වෙලා....විවාහා උත්සවයේ මනමාලයා ඔහු උනත් ඔහුට මේ පිලිබදව කිසිම හැගීමක් තිබුනේ නැහැ....එයාගේ හිතේ තිබුනා නම් තිබුනේ මේ දේවක් ගැන අප්‍රසන්න බවක් විතරයි...
උපකාරයට ඉදිය සේවිකාවත් ජන්කුක්ගේ ඇදුම් පිලිවෙලින් හැදුවයින් පස්සේ එතනින් ඉවත් උනේ ජන්කුක්ගේ ඉල්ලීමට....ජන්කුක්ට එයාගේ කාලය තනියම ගත කරන්න උවමනා උනා.....
මේ අතර ජීමින් හිමින්ම ජන්කුක්ගේ කාමරේට ඇදෙන්න උනා..දොරෙන් ඔලුව දාපු ජීමින් කණ්ණාඩිය ඉදිරියේ ඉදගෙන ඔහේ බිම බලන්, හිස් හැගීමකින් වගේම අප්රානවත් බවින් ඉන්න ජන්කුක්ට කතා කලේ හරිම හිමින්.....
"ජන්කුක්...මම ඇතුලට එන්නද?"
ජීමින්ගේ කටහඩට බර කල්පනාවක ඉදිය ජන්කුක් තිගැස්සුනත් ඒ බව නොපෙන්වා ජන්කුක් ජීමින්ට ඇතුලට එන්න අවසර දුන්නා..
ජන්කුක්ගේ කමරේ ඇතුලට ගිය ජීමින් තව එක තප්පරයක් නොබලා ජන්කුක්ගේ ඇග වටේ අතක් යවලා එයාව තුරුල් කරගත්තේ සනසන්න හිතාගෙන....ඒත් එක්කම මේ තරම් වෙලා එයාගේ කදුලු හිර කරගෙන ඉදිය ජන්කුක් ජීමින් ඉදිරියේ වේගවත්ව ඒ කදුලු එකින් එක හලන්න ගත්තා....
"හ්‍යුන්ග්...ඇයි-ඇයි අපිටම මෙහෙම වෙන්නේ? ඇයි මටයි මගේ රෝස මලටයි එකම එක අවස්තාවක් එයාලට දෙන්න බැරි...එකම එකක්.."
ජන්කුක් ජීමින් එක්ක එයාගේ හිතේ තියන හැමදෙයක්ම දොඩවන්න ගත්තේ සිහියකින් තොරව...ගතවෙන හැම තප්පරේකම එයාට මතක් වුනේ ටේ හ්‍යුන්ග් ව....ඒ දෙන්නා එකට ගත කරපු හැම මොහොතක්ම...කිසිම ශාරීරික බැදීමකින් තොරව උනත් ඒ දෙන්නගේ ආදරේ මොන තරම් දුර ගියාද කියන එක.....ටේ හ්‍යුන්ග් එයා නිසා හිනා වුනු හැම තප්පරයක්ම...හිනා වෙනකොට ඒ ඇස් වල තිබුන ලස්සන....ඒ හදවතක් හැඩැති දෙතොල් හිනාවෙනකොට තවත් හැඩ වෙන විදිය..ඒ හැමදෙයකටම වඩා ජන්කුක්ගේ හිතට වද දුන්නේ එක දෙයක් වුනා...ඒ එයාට ආයෙමත් ඒ හිනාව, ඒ ඇස් දකින්න ලැබෙන්නේ නෑ කියන එක, ආයෙමත් කිසිම දවසක ටේ හ්‍යුන්ග් ගේ හුලගක්වත් නොවැදෙනවා කියන එක ජන්කුක්ව පනපිටින් මරන්න තරම් රිද්දුවා...මේ හැමදෙයක්ම ආරම්භ උනේ ඒ දවසේ...ඒ දවස නොආවානම් කියා ජන්කුක්ට හිතුන වාර අනන්තයි ..............................
........................................................................
දින 3කට පෙර.......
".........හැම අදුරක්ම මේ ලෝකෙට ඒවී"
සේ ජින් එයාගේ කතාව ඉවර කලේ එතන ඉදිය හැම කෙනෙක්ගෙම හිතට වේදනාවක් දෙමින්.....
"මො-මොකක්ද?"
අලුතින් දැනගන්න ලැබුනු මේ දෙයත් එක්ක ජන්කුක් කරන්න ඕනි මොනවද කියන එක තේරුනේ නැතුව ගියා.....හදවත වගේම හඩත් හිර වෙලා ගියේ දැනුනු වේදනාවට...අමාරුවෙන් උනත් එයා එයාගේ වචන එලියට ගත්තේ එයාලගේ මේ අවාසනාවන්ත ඉරනමේ අග මුල සොයාගන්න.....
"මට සමාවෙන්න ජන්කුක්....ඒත් මෙතන අපිට නවත්තන්න බැරි දෙයක් තියනවා....ටේ හ්‍යුන්ග්ගේ මේට් සාමාන්‍ය කෙනෙක් නෙමෙයි...එයා වෙනස් වෘකයෙක්...මම මීට කලින් මේ වගේ සලකුනක් කිසිම දවසක දැකලා තිබුනේ නැහැ...මේ ගැන මම අහලා තිබුනේ පුරා වෘත වල විතරයි...."
"මොන වගේ දෙයක්ද ඔයා අහලා තියෙන්නේ සේ ජින්?"
සේ ජින්ගේ කතාවට මෙවර බාදාකලේ ටේ හ්‍යුන්ග් ගේ මව විසින්...
"රැජිනියනි....ටේ හ්‍යුන්ග්ගේ මේට් කවුරු උනත් එයා සාමාන්‍ය කෙනෙක් නෙමෙයි...එයා ශාපලත් වෘකයෙක්...එයා අදුරෙන් ශාපලත් කෙනෙක්...ඒ කියන්නේ එයාගේ ස්වරූපය පුර හද පායන හැම දිනයකම වගේම එයාගේ මේට්ව අදුරගන්න පලවෙනි දවසෙත් වෙනස් වෙනවා....හරියට අද දවසේ උනා වගේ.....එයා ඒ දින වලට රාක්ශයෙක් වෙනවා..කිසිම කෙනෙක්ට පාලනය කරන්න බැරි...ඉතින් එයා ලග අදුර තියෙන්නේ...එයාගේ මේට් වෙන කෙනෙක්ට අයිත් වෙනවා කියන්නේ...............ඒ අදුර තවත් බලවත් වෙනවා කියන එක...."
"කොහොමද එහෙම වෙන්නේ? අනිත් එක රාක්ශ වෘකයෙක්...එයාලා කොහොමද ඉන්නේ...එතකොට අපි අතර ඉන්න රාක්ශයා කවුද?"
ජන්කුක් වෙනුවට මෙවර කතා කලේ යුන්ගී....
" ඒක මෙහෙම දෙයක්...අදුරට ඕන වෙන්නේ නරක..ඒ කියන්නේ හැම වෙලාවෙම අපිරිසිදු දෙයක් වෙනුවෙන් අදුර බලාගෙන ඉන්නේ...ටේ හ්‍යුන්ග් කියන්නේ පිවිතුරු කෙනෙක්...අඩුම තරමේ එයාගේ පලවෙනි හාදුව වත් ලබලා නැති.... මම දන්නේ නෑ අපිරිසිදු බවයි, පිවිතුරු බවයි කොහොම එක් උනාද කියලා.....ටේ හ්‍යුන්ග් කුමරුට එහෙම මේට් කෙනෙක් ලැබුන එක හරිම අසාමාන්‍ය දෙයක්...."
සෙ ජින් එයාගේ කතාව දිගටම කරගෙන ගියේ ජන්කුක් දිහා හොරැහින් බලන ගමන්...
" ඒ වගේම සද දෙව්දුව ටේ හ්‍යුන්ග්ව මේ ලෝකෙට එවුවේ පිවිතුරු බවේ සංකේතය විදියට....එයා සදේ දරුවෙක්...ගොඩක් ආරක්ශිත බලවත් කෙනෙක්......ඒත් දැන් මේ රාක්ශයා ටේ හ්‍යුන්ග්ගේ අයිතිය එයාගෙ සලකුනෙන් වෙනස් කලා...ටේ හ්‍යුන්ග් කියන්නේ තවත් සදේ දරුවෙක් නෙමෙයි....එයා දැන් අයිත් ඒ රාක්ශයාට...ටේ හ්‍යුන්ග් ට එයාගේ සලකුනෙන් පිට යන්න බෑ...එහෙම උනොත් එයා ඒකෙන් ලෝකයේම පිවිතුරු බව නැති කිරීමක් කරනවා.....ඉතින් ටේ හ්‍යුන්ග් රාක්ශයාට හැරෙන්න වෙන කෙනෙක්ට අයිති වෙනවා කියන්නේ එයාගේ ආත්මය අපිරිසිදු වීමක්...අදුරට
අපිරිසිදු බව ලැබෙනවා....ටේ හ්‍යුන්ග් කියන්නේ මේ ලෝකේ පිවිතුරුම ආත්මය..ඉතින් ඒ ආත්මය අපිරිසිදු වෙනවා කියන්නේ එයාගේ ආත්මය අදුරට බිලි වීමක්.....අදුර තවත් ශක්තිමත් වෙනවා ඒකෙන්...මේ ලෝකෙටම අදුර පැතිරෙන්න පුලුවන්....ඊටත් වඩා.......ඊටත් වඩා...."
සේජින් අදිමදි කලේ ජන්කුක් දිහාවට එයාගේ ඇස් යොමු කරමින්.....රජතුමා දෙස උවමනාවෙන් බලපු සේ ජින්ගේ බැල්මේ තිබුන ඉගිය ක්ශනයකින් තේරුම්ගත් රජතුමා ඒ සැනින් ජන්කුක්ව එතනින් ඉවත් කරගන්න පෙරමුන ගත්තා........
නම්ජූන්ට ඉගි කරපු රජතුමා ජන්කුක්ව නම්ජූන් එක්ක එලියට යැවුවේ ජන්කුක්ගේ සිහිය රජුගේ බලයෙන් නැති කරලයි....
ජන්කුක් නම්ජූන් එක්ක එලියට යනතුරු බලන් ඉදිය සේ ජින් එයාගේ කතාව යලි ආරම්භ කලා....
"හිරුයි සදුයි එක් වෙනවා කියන්නේ....ලෝකය අදුරු වෙනවා කියන එක.... හිරු සදු දෙන්නම ලෝකය ආලෝකමත් කලත්....ඒ ආලෝකය පවතින්නේ එයාලගේ වෙලාවෙදි විතරයි...එයාලා එලිය දෙන්නේ ලෝකයේ ඒ අදුර නැති කරන්න...ඒත් ඒ දෙන්නා එකම වෙලාවක අහසට ආවොත්...ඒක චන්ද්‍රග්‍රහනයක්...ඒ වෙලාවට ලෝකෙම අදුරු වෙනවා....ඒක හරියට එයාලා විසින් එයාලවම විනාශ කරගන්නව වගේ වැඩක්..."
ජන්කුක්ගේ මව මේ වෙලාවේ අඩන්න ගත්තේ එයාගේ ආදරනීය පුතත්, එයාගේ ආදරෙත් මේ විදියට දුක් විදිනවා බලන් ඉන්න බැරි තැන......
මේ අතරේ එක් වරම හැමකෙනෙක්ම දොර දිහා බැලුවේ වේගයෙන් දිර ඇරෙන සද්දෙට....දොර ලග හිටගෙන හිටියේ හෝසොක්....එයා එකපාරම කතා කලේ කාටවත් කතා කරන්න ඉඩ තියන්නේ නැතුවයි......
"මමයි ටේ හ්‍යුන්ග්ගේ මේට්...මමයි ඔයාලා කියන ඒ රාක්ශයා..මේ ගැන මගෙන් කිසිම දෙයක් අහන්න එපා.....මම රාක්ශයෙක් උන විදිය මමවත් දන්නේ නෑ.....ඊට වඩා වැදගත් දෙයක් තියනවා ඔයාලට හිතන්න....ටේ හ්‍යුන්ග් ලග තියන මගේ මාක් එක දම් පාටයි....ඒක නිල් නෙමෙයි...ඒකේ තේරුම මම අර්ධ රාක්ශයෙක් කියන එක......."
........................................................................
එදින සිට අද වෙන තුරුම ජන්කුක්ට ටේ හ්‍යුන්ග් ව මුන ගැසීමත් , සූර්ය මාලිගයෙන් එලියට බැසීමත් පවා තහනම් දෙයක් වුනා...ජන්කුක්ව එයාගේ කාමරේටම සීමා කරපු රජතුමා ,ජන්කුක් එයාගෙන් එකම වතාවකට හෝ ටේ හ්‍යුන්ග් ව බලන්න ඉල්ලුව විට ඒ හැම අවස්තාවකම පැවසුවේ "මේ හැමදෙයක්ම ඔයාලගෙම හොදටයි කරන්නේ" කියන එකයි.....
ජන්කුක්ගේ හිත හැම අවස්තාවකම ටේ හ්‍යුන්ග් ගැන වදවුනේ එයා හෝසොක්ව අවසාන වශයෙන් දැකපු විදියත් , ඒ ගැන හරියකට නොතිබුන විශ්වාසයත් එයාගේ හිතේ හොල්මන් කරද්දී.....හෝසොක් රාක්ශයෙක් නම් ටේ හ්‍යුන්ග් එයත් එක්ක ඉන්නේ කොහොමද...? ටේ හ්‍යුන්ග් ව ඇයි රාක්ශයෙක්ට දෛව ගත කලේ? ඇයි ඒ පිවිතුරු ආත්මය මේතරම් විදවන්නේ?ටේ හ්‍යුන්ග්ට හෝසොක් අනතුරක් කරාවිද? මෙ වැනි දහස් ගනනින් නැගුනු ප්‍රශ්න නිසාම ජන්කුක්ට ටේ හ්‍යුන්ග් මුනගැසෙන්න තියන අවශ්‍යතාවය තව තවත් වැඩි උනා...එයාට ඕනි උනේ හැම කෙනෙක්ටම හොරෙන් ටේ හ්‍යුන්ග් වත් අරගෙන කාටවත් නොපෙනෙන්න හැංගෙන්නයි...හැමදේකින්ම ටේ හ්‍යුන්ග්ව ආරක්ශා කරන්න පුලුවන් එයාට විතරක් බව එයා දැනගෙන ඉදියා.....ජන්කුක්ට ඕනි උනේ ආයෙමත් ටේ හ්‍යුන්ග් ව එයාගේ තුරුලට අරන් කලින් තිබුන විදියට මේ හැමදෙයක්ම හරිගස්සන්න....දහ අට වෙනි උපන්දිනයක් නොආවා නම් කියා ජන්කුක් ප්‍රාර්ථනා කරපු තරම්
ජන්කුක් මාලිගයෙන් පැනලා යන්න ගත්තු හැම උත්සහයක්ම අසාර්තක වුනේ ජන්කුක් වෙනුවෙන්ම විතරක් හැම තැනකම යොදා තිබුනු මුරකරුවන් නිසාත්, ජන්කුක්ට මාලිගයෙන් එලියට අඩිය තියන්න බැරි වෙන විදියට කරලා තිබුන මායාවත් නිසයි......
මේ දින තුනම ජන්කුක් ගෙවුවේ ගොඩක් වේදනාවෙන්..ටේ හ්‍යුන්ග් ගැන වචනයක්වත් එයාට ඇහෙන්න කිසිම කෙනෙක් කතා නොකලේ හරියට ටේ හ්‍යුන්ග් සහ ජන්කුක් අතරේ කිසිම දවසක කිසිම දෙයක් නොතිබුන ගානට....හරියට ටේ හ්‍යුන්ග් කියලා කෙනෙක්ව කිසිම කෙනෙක් දැනගෙන නොඉදිය ගානට....ජීමින්ට උනත් ජන්කුක්ව මුනගැසෙන එක විවාහය දිනය වෙනතුරු තහනම් කල අතර සේවකයන්ටත් රජුටත් ඇරෙන්න කිසිම කෙනෙක්ව මුනගැසෙන එක ජන්කුක්ට තහනම් උනේ එයා හොරෙන්ම මාලිගයෙන් පැනලා යන්න කරපු උත්සහා හැම එකක්ම රජතුමාට ආරංචි උන නිසයි....ජන්කුක් කාගෙම හෝ උදවුවෙන් මෙතනින් පැනලා යයි කියන බය රජතුමාගේ හිතේ තිබුනා......
........................................................................
"අනේ ජීමින්...මට මගේ ටේ හ්‍යුන්ග් ව අන්තිම වතාවට බලන්න දෙන්න කියන්න...අන්තිම වතාවට මට එයාට ආදරෙයි කියන්න දෙන්න...අන්තිම වතාවට...හ්‍යුන්ග් අන්තිම වතාවට එකම එක සැරයක් මට එයාව තුරුල් කරගෙන හැමදේම හරි යයි කියලා කියන්න දෙන්න....අනේ හ්‍යුන්ග් එයාලට කියන්න මම වෙන මුකුත් කරන්නේ නෑ කියලා....එයා දිහා බලලා විතරක් එන්නම් කියලා...එකම එක සැරයක් මට එයාව බලන්න දෙන්න....ඕනි නම් මට පුලුවන් එයාටත් හොරෙන් එයාව බලලා එන්න....මම එයාට අගවන්නේ නෑ මම එතන ඉන්නවා කියලා...එහෙම උනොත් මගේ රෝස මලටත් දුක හිතෙයි...එයාලට කියන්න මම එයත් එක්ක කතා කරන්නේ නෑ කියලා...කියන්න මේ හැම සීමාවක්ම එක වතාවකට නැති කරන්න කියලා....මට මගේ රෝස මල දිහා එක තප්පරේකට බලන්න දෙන්න කියන්න "
ජන්කුක් කතා කලේ හුස්ම හිර වෙන තරම් වේගයකින්...කදුලු අතරින් ඒ වේගවත් කතාවත් එක්ක එයාගේ හුස්ම හිර වුනු තරම්....එයාට ඕනි උනේ එකම දෙයයි...ඒ ටේ හ්‍යුන්ග් විතරමයි..ටේ හ්‍යුන්ග්ගේ එකම එක හුස්මක් දැනෙන්න විතරයි එයාට ඕනි උනේ...ඒත් එයාලගේ දෛවය කවදාවත් එයාලට ඒ දේ ලබා දුන්නේ නෑ.........
"අනේ හ්‍යුන්ග් ..ඔයාවත් කියන්නකෝ මගේ ටේ හ්‍යුන්ග් ට කොහොමද කියලා?එයා හොදින් ඉන්නවද...එයාට හොද උනා නේද...එයාට දුක ඇති නේද... එයාට මට තරම්වත් මේ දේවල් දරාගන්න බැරුව ඇති ජීමින්..එයා ඒ තරම් අහිංසකයි..."
ජන්කුක් ආයෙමත් එයාගේ වේගවත් කතාව නතර කලේ දිග හුස්මක් ගන්න.පුන්චි ලමයෙක් එයාගේ කැමතිම සෙල්ලම් බඩුව ඉල්ලලා අඩනවා වගේ ජන්කුක් ටේ හ්‍යුන්ග් වෙනුවෙන් අඩන විදිය දැක්ක ජීමින්ගේ ඇස් වලිනුත් කදුලු ආවේ දන්නේම නැතුව...එක දිගට කතා කරගෙන යන එකෙන් එයාට සමහරවිට හුස්ම ගන්නත් අමතක උනු තරම්........ඒත් එයාගේ හිතේ තියන හැමදෙයක්ම මේ විදියට ජීමින් එක්ක කියන එකෙන් එයාගේ හිත නිදහස් කරගන්න ජන්කුක්ට පුලුවන් උනා....
"ජන්කුක්..සංසුන් වෙන්න....බය වෙන්න එපා.....ඔයාගේ ටේ හ්‍යුන්ග් හොදින් ඉන්නවා...එයාට සිහිය ආවේ ඊයේ....එයාටත් මේ විවාහය ඕනි නෑ ජන්කුක්...ඒ විතරක් නෙමෙයි හෝසොක් හ්‍යුන්ග් ටත් මේ විවාහය ඕනි නෑ......ඒ නිසා කලබල නොවී ඉන්න...මොනදේ උනත් අපි අපේ උපරිමයෙන් ඔයාලා වෙනුවෙන් දෙයක් කරනවා...ඒකට ටික කාලයක් දෙන්න...."
ජීමින් ජන්කුක්ගේ ඔලුව අතගාන ගමන් කිවුවේ එයාගේ සැලැස්ම එහෙමත් නැත්නම් ජන්කුක්වත් ටේ හ්‍යුන්ග් වත් ආයෙමත් එකතු කරන්න එයාගේ හිතේ තිබුන අදහස ඒ වනවිටත් ක්‍රියාවට නැංවෙමින් පවතිනවා කියලා දැනගෙන....ඒත් ඒ දේ හරි යයිද කියන එක ගැන ජීමින්ගේ හිතේ සැකයක් තිබුනා.....
ජන්කුක්ට හදිසියේම ආවේ වෙන ප්‍රශ්නයක්...ඒ ටේ හ්‍යුන්ග් හෝසොක් එක්ක ආරක්ශිතද කියන එක....
"හ්‍යුන්ග්...කොහොමද හෝසොක් හ්‍යුන්ග් රාක්ශයෙක් උනේ...ඇයි මගේ ටේ එයාගේ මේට් උනේ....ඇයි අපි අනිත් අය වගේ සාමාන්‍ය නොවී විශේෂ උනේ....එහෙම නොවුනා නම් අපි දෙන්නාට අදටත් එකට ඉන්න තිබුනා හ්‍යුන්ග්...එහෙමනම් මම දැන් මගේ රෝස මල ලග...එයාව තුරුලු කරගෙන ඉන්නවා වෙනදා වගේ"
ජන්කුක් එයාගේ අවසානය දක්වාම කදුලු හෙලුවේ මේ විශේෂය එහෙමත් නැත්නම් ඔවුන් හිරු සදුගේ දරුවෝ වීම ගැනත් ගොඩක් කම්පාවෙන්....
ඒත් එක්කමයි සේවකයෙක් ජන්කුක්ගේ දොරට තට්ටු කලේ....
"කුමරුනි...ඔබට උත්සව ශාලාවට යන්න වෙලාව හරි"
ඒ වචන ඇහෙනවත් සමගම ජන්කුක් ජීමින්ගේ තුරුලෙන් ඈත් වෙලා ජීමින්ගේ මූන දිහා බැලුවේ හරියට විසදුමක් සොයන්න වගේ.....
"ජන්කුක් මාව විශ්වාස කරන්න..හැමදේම හරි ගස්සන්නම් අපි...පොඩි වෙලාවක් විතරයි අපිට ඒකට ඕන වෙන්නේ"
අවසාන වතාවට ජීමින්ගේ වචන විශ්වාස කල ජන්කුක් එයාගේ කාමරෙන් පිටත් උනේ එයාට කිසිම දවසක අවශ්‍ය නොවුනු මේ විවාහයට සහභාගි වෙන්න...එයා මේ වගේ උත්සවයක් ගැන හීන දැක්කා නම් ඒ ටේ හ්‍යුන්ග් එක්ක විතරමයි...ඒත් සිදු උනේ හැමදේම වෙනස් විදියකට...එකතු වෙන්න ඉදපු ආදරවන්තයින් වෙනුවට ....එකිනෙකාගේ උන එයාලා අද වෙන වෙනම තවත් කෙනෙක්ගේ නමින් සදහටම දිවුරන්නයි යන්නේ....
උත්සව ශාලාවට ජන්කුක් යනවත් එක්කම ජෙනී එහෙමත් නැත්නම් එයාගේ මනාලියව ශාලාවට කැදවගෙන ආවා....ඒත් ජන්කුක්ගේ එක ඇහි පිල්ලමක්වත් ජෙනීගේ දිහාට යොමු උනේ නෑ...ඒත් ඒ දිශාවෙන් ඇහුන අනිත් කතාවට ජන්කුක් එකපාරටම ඇහුම්කන් දෙන්න ගත්තා...
ඒ කතා කලේ මිනා රැජිනිය....එහෙමත් නැත්නම් ටේ හ්‍යුන්ග් ගෙත් ,ජෙනීගෙත් මව...ඇය ඇගේ මනසින් චන්ද්‍ර මාලිගය සමග සම්බන්ද වී ඉදියේ එහෙත් මෙහෙත් සියලු චාරිත්‍ර එකට සිදු කිරීමට....
"ටේ හ්‍යුන්ග් ව එක්කගෙන ඇවිත්..අපිට දැන් මෙහෙ චාරිත්‍ර පටන් ගන්න පුලුවන්..."
ටේ හ්‍යුන්ග් ගේ නමේ එක සදහනක් පවා ජන්කුක්ව මේ තත්වෙන් අසරන කරන්න සමත් උනා.....නමුත් ඒ වචනෙන් එයා තේරුම් ගත්තේ එයා වගේම එයාගේ රෝස මලත් වෙන කෙනෙක් ලගට යන්න සූදානම් බව....ජන්කුක්ට මැවිලා පෙනුනේ ටේ හ්‍යුන්ග් ව ,එයාගේ ඉස්සරහා ඒ දෙන්නාගේ ආදරේ වෙනුවෙන් දිවුරන්න, සදහටම එයාලගේ වෙන්න බලාගෙන ඉන්න ලස්සන සුදු ඇදුමකින් සැරසුනු ටේ හ්‍යුන්ග් ව...ජන්කුක්ගේ මුවට හිනාවක් නැගුනේ එයාගේ සිතින් එයා මවාගන්න ටේ හ්‍යුන්ග් ගේ ලස්සන රූපය දැකලයි....ඒත් ඒ සිතින් මවාගැනීම තව වෙලා නොතිබුනේ ඒ වෙනුවට ජෙනී ඇවිත් එයාගේ ඉදිරියෙන් හිටගැනීමෙන්.....ඒ වෙලාවෙයි ජන්කුක් සියල්ල තේරුම් ගත්තේ...එයා එයාගේ ජීවිතේ පලවෙනි වතාවට දෙයක් අසමත් උනා...ඒකත් එයාගේ ජීවිතේ වටිනම දේ....මොන දේට දක්ශ උනත් එයා එයාගේ ආදරේ ආරක්ශා කරගන්න දක්ශ උනේ නෑ...
මෙතනින් ඉදිරියට සියලු චාරිත්‍ර චන්ද්‍ර මාලිගයත් එක්ක එකටම සිදු වෙන්න ගත්තා..එකින් එක ඉවර උනු චාරිත්‍ර වලින් පසුව අවසානයේ ඔවුන් ඔවුන්ගේ දිවුරුම් දුන්නා.....
"......කුමරියව මගේ නීත්‍යානුකූල බිරිද ලෙස බාරගන්නවා......."
"......හෝසොක්ව මගේ නීත්‍යානුකූල ස්වාමියා ලෙස බාරගන්නවා...."
........................................................................
ජන්කුක්ටත් ජෙනීටත් වෙන් කරලා තිබුන කාමරේ ඔවුන් තනි වුනේ ජීමින් අවසාන වතාවට එයාගේ සැලැස්ම ගැන ජන්කුක්ගෙන් සමාව ඉල්ලුවයින් පස්සෙයි....
මුලු කාමරේම අදුරු කරලා ඉටි පන්දම් එලි වලින් වගේම මල් පෙති විසිරුනු ඇද සූදානම් කරලා තිබුනේ අලුත් යුවල වෙනුවෙන්.....ඔවුන්ගේ මදු සමය වෙනුවෙනුයි........
ජන්කුක් කාමරේ පැත්තකට වෙන්න ඉදියේ වෙන කරකියාගන්න දෙයක් හිතාගන්න බැරුවයි...එකම කාමරේකට කොටු උනු ඔවුන්ගේ ඒ සුවද මගාරින්න ජන්කුක් ලොකු උත්සහයක් ගත්තා...එයා ඒ හැම අවස්තාවකම ටේ හ්‍යුන්ග් ගැන හිතුවා..එයාගේ හදවත කලින් ශක්තිමත් උනත් දැන් දුර්වල උනා....
එයාගේ වෘකයා ටිකෙන් ටික ජෙනීගේ සුවද වෙනුවෙන් ගැහෙන්න ගත්තා....එයාගේ වෘකයා ටිකෙන් ටික ඒ ආසාවන් වලට යටත් වෙන්න පටන් ගත්තා...මේ බව ජන්කුක්ගේ හැසිරීමෙන් තේරුම්ගත් ජෙනී මේක එයාගේ අවස්තාවක් කරගන්න තීරනය කලා.......
හිමින් හිමින් ජන්කුක් ලගට ඇදුනු ජෙනීව මුලදි ජන්කුක් ගනනකට ගත්තේ නෑ...නමුත් ජෙනී එයාගේ උත්සහය දිගටම කරගෙන ගියා....හිමින් එයා ඇදන් ඉදිය රතු පැහැ රාත්‍රී ඇදුමේ සිහින් පටිය උරහිසෙන් පහලට කල ජෙනී එමගින් ඇගේ ගෙල සහ උරහිස පෙනෙන්න සැලැස්සුවා....ජන්කුක්ගේ හිත ජෙනීව මොනතරම් ප්‍රතික්ෂේප කලත් එයාගේ ගතට ඒක අමාරු දෙයක් උනේ එයාගේ වෘකයා එයාගේ මේට් ගේ පහස වෙනුවෙන් ආකර්ශනයක් දැක්වුව නිසයි....
හිමින් උරහිසෙන් පන්නා දැමූ රතු රාත්‍රී ඇදුම මුලු ශරීරයෙන්ම ඉවත් කලේ ඇගේ ශරීරයේ පුන්චි ඇදුම් දෙකක් පමනක් ඉතිරි කරලයි....ජන්කුක්ට එයාගේ ඇස් ඒ දිශාවෙන් ගන්න බැරි උනා...අවසානයේ මේ සහකාර බැදීම..ඒ වෙනුවෙන් සටන් කරන වෘකයා...ටේ හ්‍යුන්ග් වෙනුවෙන් එයාගේ හිතේ තිබුන ආදරය පරදලා ජය ගත්තා.....ජන්කුක්ට තවත් ටේ හ්‍යුන්ග් කෙනෙක්ව මතක තිබුනේ නෑ....
තමන්ගේ යට ඇදුමෙන් ජන්කුක් ලගට ආව ජෙනීගේ සුවදට ජන්කුක්ගේ වෘකයා කාමයන්ගෙන් මත් උනා...අවසානයේ ඇගේ නිරුවත් ඉන වටේ එක් අතක් යැවූ ජන්කුක් ඇයව තමාට ලං කරගත්තේ ජෙනී එකින් එක ඔහුගේ ඇදුමේ බොත්තම් ලිහලා දානකොටයි....සම්පූර්නයෙන් ජන්කුක්ගේ ඇදුමේ බොත්තම් ලිහා දැමීමෙන් පසු එක් අතක් ජන්කුක්ගේ ශක්තිමත් ශරීරය දිගේ යවපු ජෙනී ඊලගට එකින් එක ජන්කුක්ගේ මුහුනේ අවයව වල එයාගේ අත් ගෙනියන්න පටන් ගත්තා...
ඒත් ජන්කුක්ට තවත් මේ දේ ඉවසන්න බැරිඋනා..ජෙනීගේ නිකටෙන් තදින් අල්ලගත්ත ජන්කුක් ජෙනීගේ තොල් එයාගේ තොල් වලට ලං කරගත්තේ හරිම නොඉවසිලිමත් වේගවත් හාදුවකින්.....ආවේගයට ජෙනීගේ ඇදුම් සියල්ල එකින් එක ඉරලා දැම්ම ජන්කුක් මීලගට ජෙනීගේ ගෙලෙන් එයාගේ දත් පහර සටහන් කලා......
දැන් ඔවුන් සම්පූර්න වශයෙන් සහකාර සම්බන්දය සම්පූර්න කරගත්තේ ජන්කුක් ජෙනීව මාක් කරනවත් එක්කම...ජෙනී උස් හඩින්ම කෑ ගැහුවේ ජන්කුක් එයාගේ දත් වලින් ජෙනීගේ ගෙල තදින්ම හපාගෙම ඉන්නත්, ඒ හැපීම අනවශ්‍ය ලෙස වේදනා දෙන්නත් පටන් ගත් නිසා....
ජන්කුක් ජෙනීගේ ගෙලෙන් එයාගේ දත් මුදවගත්තේ එයාගේ තොල් ජෙනීගේ ගෙලමත තබමින් එයාගේ සලකුන ස්තිර කරන්න( මාක් එක සීල් කරන්න)
ඒත් ඒ මොහොතේ හැමදේම වෙනස් උනා....
ජන්කුක් ආයෙමත් පියවි ලෝකයට ආවා....එයාට ඒ හඩ ආයෙමත් ඇහුනා....එයාගේ මුලු හදවතේම අයිතිය තියන ඒ හඩ...හැබැයි ඒ කලින් විදියට නම් නෙමෙයි....වෙනස්ම විදියකට.....
ජන්කුක් මේ තරම් කාලයක් බලන් ඉදිය ඒ හඩ...එයාගේ ආදරේ...මේ හැමදෙයක්ම ජන්කුක්ට එයාගේ වෘකයාව පරාද කරලා එයාගේ ශරීරයේ අයිතිය ගන්න තරම් ශක්තිමත් උනා....
"මගේ හා පැටියෝ....ඔයා මාව හොයාගෙන එනවා නේද?"
ජන්කුක්ට මෙවර ටේ හ්‍යුන්ග් ගේ හඩ ඇහුනේ ...එයාගේ මනසින්...වෙනත් වෘක කණ්ඩායම් දෙකක ඔවුන්, එකිනෙකාගේ මේට්ලා නොවීත් මනසින් කතා කරන්න හැකිවීම සිදු විය නොහැකි දෙයක්.....ඒ වගේම ටේ හ්‍යුන්ග් ගේ හඩේ දුක වගේම වේදනාවකුත් ජන්කුක්ට දැනුනා...
ජන්කුක් තත්පරයක්වත් පරක්කු නොකලේ එයාගේ රෝස මලව බලන්න ආසාවෙන්....මේ තරම් වෙලාවක් සිහියක් නැතිව කරමින් ඉදිය හැමදේම නවත්තලා ,ජෙනීවත් එතනම තනි කරපු ජන්කුක් වේගයෙන් මාලිගාවෙන් එලියට ඒ හඩ පස්සේ දුවන්න ගත්තා..එතකොටයි එයාට තේරුනේ....මාලිගාව වටා එයාට තිබුන තහනමත් හැම මායාවක්මත් බිදලා දාලා කියන එක...........
ජන්කුක් මොන තරම් නොඉවසිල්ලෙන් ටේ හ්‍යුන්ග් ව හොයාගෙන දිවුවත් එයාට අමතක උනු එක දෙයක් තිබුනා...ඒ එයා දැනටමත් වෙන කෙනෙක්ව එයාගේ නමින් සලකුනු කලා කියන එක......
.......................................................................
A/n :-ළමයි.....ඔයාලා සමහරවිට දන්නවා ඇති මේක කලින් ගියපු කතාවක්..මම මේ එඩිට් කරලා ආයෙත් දානවා විතරයි
Bạn đang đọc truyện trên: Truyen247.Pro