Chào các bạn! Vì nhiều lý do từ nay Truyen2U chính thức đổi tên là Truyen247.Pro. Mong các bạn tiếp tục ủng hộ truy cập tên miền mới này nhé! Mãi yêu... ♥

Curse

මම ඉපදුනේ පුන්චි පවුලක...අපෙ පවුල මේ රාජදානියේ කිසිම විශේෂයක් දක්වපු පවුලක් නෙමෙයි....අපි මේ රාජදානියේ සාමාන්‍ය වැසියෝ...මගේ පවුල එහෙම එකක් උනාට මම එහෙම කෙනෙක් උනේ නෑ.......

මගේ ජීවිතේ ස්තිර එකක් නෙමෙයි...මගේ ජීවිතේ කියන්නේ දෙවියන්ගේ එක පරික්ශාවක්...

මේ ලෝකේ ඉපදුනු පලවෙනි සත්‍ය ලේ ඇති වෘකයා මමයි...ඒක සද දෙවිදුන්ගේ පරික්ශාවකින් සිදු උනු දෙයක්...සද දෙවිදුන් මේ ලෝකේ පලවෙනි ඔමේගා මවන්න කලින් මේ ලෝකේට සත්‍ය ලේ ඇති වෘකයෙක් බිහි කලා...ඒ අලුතින් ඉපදෙන්න ඉන්න ඔමේගගේ මේට් විදියට...දෛවයෙන්ම ලියලා දීලා.....

මම පුන්චි කාලෙදි මේ ගැන දැනගෙන ඉදියේ මගේ අම්මයි තාත්තයි විතරයි...අපි පුන්චි පවුලක් උන නිසා මගේ ආරක්ශාව ගැන බලන්න හිටියේ ඒ දෙන්නා විතරක් වුනා.....

පුන්චි කාලෙදි මම මගේ පවුලත් එක්ක එකට හැදුනත් ඔමේගගේ ඉපදීම දවසේ රාජමාලිගයෙන් මාව එයාලා ලගට ගත්තේ සද දෙව්දුවගේ අවසරෙන්...හැබැයි ඒ කිසිම කෙනෙක් මගේ ඇත්ත තත්වය එහෙමය්හ් නැත්නම් මම සත්‍ය ලේ තියන කෙනෙක් කියන එක දැනන් හිටියේ නෑ....සද දෙව්දුව මාව එයාලට භාර කලේ මම ඔමේගගේ වැඩි මහල් සහෝදරයා බවට පත් කරලා......

එදා පටන් මම හැදුනේ රජ මාලිගයේ....රජතුමා සහ රැජිනිය මට සැලකුවේ එයාලගෙම දරුවෙක්ට වගේ ...පුන්චිම කාලෙදි ඇත්ත දෙමව්පියන් ලග ඉන්න එක අපහසු උනත් ටික කාලයක් යද්දී මට ඒක පුරුදු උනා.......

තවත් කාලයක් යද්දී මට ආරන්චි උනේ මගේ අම්මට තවත් දරුවෙක් ලැබුනා කියලා....මම මගේ ඇත්ත අම්මව එදා පටන් අද වෙනතුරු දැකලා තිබුනේ නැහැ...රජමාලිගයට ඇවිත් දැනටමත් අවුරුදු දෙකක් උනායින් මට මගේ අම්මා ගැන හරි මතකයත් තිබුනේනැහැ......ඒත් මට ආරන්චි උනේ අලුතින් ඉපදුනු ලමයා සාමාන්‍ය කෙනෙක් කියන එකත්, එයාගේ විශේෂතවයක් නෑ කියන එකත්...ඒත් මම මගේ මල්ලිව එහෙමත් නැත්නම් සහෝදරයව කිසිම දිනයක දැක්කේ නැහැ.....

හැමදේම සාමාන්‍ය විදියට තිබුනේ මට අවුරුදු 17ක් වෙනකම් විතරයි...එතනින් පස්සේ මගේ ජීවිතේ වෙනස් වෙන්න ගත්තා....

ටේ හ්‍යුන්ග් එහෙමත් නැත්නම් ඒ ඔමේගා මගේ මේට් කියලා දැනගෙන ඉදියත් මගේ හිතේ ඇත්තටම එයා ගැන ඇති උනේ සහෝදර ප්‍රේමයක්....මේ තරම් කාලයකට මම එයා දිහා බැලුවේ සහෝදරයෙක් විදියට.....

ඒත් මගේ යාලුවෝ 6දෙනා අතර මගේ ඇස් එක්කෙනෙක්ව වෙන විදියකට දකින්න ගත්තා....මට එයාගේ ගැන හිතන එක නවත්තන්න බැරි උනා....දෛවයෙන් මොන දේ තීරනය කලත් ඒ හැමදෙයක්ම මගේ හිතේ එයා වෙනුවෙන් තිබ්බ හැගීමට යටත් වුනා.....

එයා ජීමින්...පුන්චි කාලෙදි යාලුවෙක් විදියට එයාව දැක්කත් මම ටිකෙන් ටික වයසින් වැඩි වෙනකොට මට එයා ගැන වෙනස් අදහස් පහල වෙන්න ගත්තා...මට ඕනි උනේ එයාව මගේ ලගින්ම තියාගන්න....එයාව මගේම කරගන්න.....එයාව සිපගන්න..එයාව ආරක්ශා කරන්න....එයාගේ හිනාව දකින්න....මේ හැගීම් ආදරේ කියන එක මම හෙමින් තේරුම් ගත්තා....

මේ විදියට කාලය ගත වුනත් මට එයාගෙන් තප්පරයක්වත් ඈත් වෙලා ඉන්න බැරි තත්වයක් උදා වුනා...මගේ හිතේ එයා වෙනුවෙන් තිබ්බ හැම හැගීමක්ම එන්න එන්න වැඩි වුනා...මට එයාව අයිති කරගන්න ලොකු උවමනාවක් ආවේඑයාගේ ඇස් වලිනුත් මම ඒ වෙනස දකිද්දී....හිත් කියවන්න බැරි උනත් මම දන්නවා එයාත් මම එයාට ආදරේ කරනවා වගේම මට ආදරේ කරනවා කියලා......

මේ අතරේ මේ හැගීම් පහල වෙන්න ගත්තේ අපි දෙන්නා අතර විතරක්ම නෙමෙයි....ටේ හ්‍යුන්ග් සහ ජන්කුක් දෙන්නත් එකිනෙකා වෙනුවෙන් වෙනස්කම් දක්වන්න ගත්ත එක අපි හැම කෙනෙක්ටම තේරුම් ගියා.....

එක දිනයක එයාලා එයාලගේ ආදරේ එකිනෙකාට කියා ගත්තා....ඒ දවසෙයි මම තීරනය ගත්තේ...දෛවයට ඕනි දේ මොනා උනත් මමත් මගේ ආදරය ලබාගන්නවා කියන එක....ඒකයි දෛවයට එරෙහි වෙන්න මම තීරනය කලේ.......

ඒත් තව සතියකින් උදා වෙන මගේ 18 වෙනි උපන්දිනේ මේ හැමදෙයක්ම වෙනස් කරන්න ඉඩ තියනවා...ටේ හ්‍යුන්ග් මගේ මේට් කියන එක එදාට ඔප්පු උනොත් මට ඕනි උනත් ඒ බන්දනයෙන් ගැලවෙන්න මට ලැබෙන්නේ නැහැ...එහෙමයි දෛවය මේ මේට් සම්බන්දේ ගොඩ නගලා තියෙන්නේ.....

මගේ උපන්දිනේට පෙර මේකට විසදුමක් හොයන්න මම තීරනය කලා...මම ගියේ අතීතයේ විශ්වාසයෙන් අදහපු වෘක දෙවිවරුන්ගේ පරන කඩා වැටිච්ච දේවාලයක් ලගට....මොනාමහරි දෙයක් හොයාගන්න...

ඒත් මට මුනගැහුනේ එතන හිටියේ කාන්තාවක්...සම්පූර්න කලු ඇදුමකින් හිස ආවරනය කරගෙන ඉදියේ ඒ ගෑනු කෙනා බැලූ බැක්මට මායාකාරියක් වගෙයි මට පෙනුනේ...මම එයාට කතා කරන්න කලින්ම එයා මට කතා කලා...

"දරුවෝ...කොහෙද යන්නේ?"

මම එයා දිහා පුදුම වෙලා බැලුවත් එයා මගේ දිහා ඔලුව උස්සලා බැලුවේ නැහැ...

"මම...මම මේ වැදගත් වැඩකට යන්නේ...ඇයි?"

ඒ සැරේ එයා මගේ දිහා ඔලුව උස්සලා බැලුවා..වයසින් නම් ටිකක් වැඩි මහලු කාන්තාවක් එයා....මූනෙන් පෙනුනේ විශ්වාසවන්ත බවක්...

"ඔයා යන්නේ ඔයාගේ දෛවය වෙනස් කරන්න බව මට පේනවා දරුවෝ"

ඒ කාන්තාව කියද්දි මම පුදුම වුනේ එයා මගේ හිත කියවන්න ඇති කියලා බය වෙලා.....

"ඔයාගේ දෛවය ඔයාට වෙනස් කරන්න පුලුවන්.....මට පුලුවන් ඒ වෙනුවෙන් ඔයාට උදවු කරන්න...."

"කොහොමද ඒ? ඔයා මට උදවු කරන්නේ කොහොමද?"

"මම මායාකාරියක්..මට පුලුවන් මගේ මායාවෙන් ඔයාව වෙනස් කරන්න ඔයාගේ දෛවය වෙනස් කරන්න...හැබැයි ඒ වෙනුවෙන් ආයෙමත් ගෙවන්න ඔයාට සිද්ද වෙනවා"

මට ගෙවන්න සිද්ද වෙනවා...ඒ වෙලාවේ ඒක ගැන මම බරපතලව හිතුවේ නැහැ...මට ඕනි උනේ ජීමින්ව ලබාගන්න විතරයි.....ඉතින් මම ඒ මායාකාරියට එකග වුනා....

"හරි මම කැමති..මොනාද මට ගෙවන්ම තියෙන්නේ?"

මායාකරි අමුතු විදියට හිනා වෙලා ටික වෙලාවක් මගේ දිහා බලන් හිටියා...

"ඔයාට සද දෙව්දුගෙන් ලැබුනු බලය ඔයාට අතාරින්න වෙනවා....."

මට ඒ බලය අතාරින එක ලොකු දෙයක් වුනේ නැහැ..මට ඇත්තටම ඕනි වුනේ ඒ බලය අතාරින්න....

"මම එකගයි..."

"හොදයි....තව දෙයක්....ඔයාගේ ලේ සම්බන්දයක් තියන සහෝදරයාටත් මේක බලපානවා..ඔයා ඔයාගේ මේට්ව අතාරිනවා කියන්නේ ඔයාගේ සහෝදරයා එයාගේ මේට් වෙනවා කියන එක.....හැබැයි ඔයා සත්‍ය ලේ තියන කෙනෙක් නිසාත් එයා සාමාන්‍ය කෙනෙක් නිසාත් එයාට මේ බලය දරාගන්න ටිකක් අමාරු වෙයි"

මට මතක් වුනේ ටේ හ්‍යුන්වයි ජන්කුක්වයි...මම මේ හදන්නේ ඒ දෙන්නව වෙන් කරන්නද....ඒත් මොනවා කරන්නද...මම මේ දේ කලේ නැතත් ඒ දෙන්නා වෙන් වෙන්න ඉන්නේ...ඒ ටේ හ්‍යුන්ග්ගේ මේට් අනිවාරෙන්ම වෙන කෙනෙක් නිසා.....මම කරන්නේ මගේ ආදරේ හොයාගන්න එක විතරයි...මම මෙතනදි  ආත්මාර්ථකාමී වුනා වෙන්න පුලුවන්...ඒත් මෙතන මට වෙන කරන්න දෙයක් නැහැ...

"හරි ඕනි දෙයක්....මම කැමති" .
මගේ එකගවීමෙන් පසු මායාකාරි මාව ගල් ගුහාවක් ඇතුලට එක්කගෙන ගියා...

මාව ගුහාවේ මැද වාඩි කරලා අතට දුන්නේ අමුතු භාජනයක්..ඊලගට ගුහාවේ එක් පැත්තකින් එයා රහස් දොරටුවක් විවෘත කලා....

ඒ දොරටුවෙන් හමාගෙන ආවේ මහා හුලගක්..ඒ හුලග ටික ටික දොරටුව අසල විතරක් කැරකැවෙන්න පටන් ගත්තා....

මන්තරයක් කියන ගමන් එයා මගේ වටේ කැරකෙන්න ගත්තා...ගුහාවම එකවරම අදුරු වෙන්නත් තැනින් තැන මද ආලෝකයක් සහිත ගිනි ගොඩවල් මැවෙන්නත් ගත්තා....

එකපාරටම මායාකාරි මගේ අතේ තිබුන භාජනයට එයාගේ හැරමිටියෙන් ගැහුවා..ඒත් එක්කම මට දැනුනේ ඒ පහර මගේ ඇගට වැදුනා වගේ...මම හයියෙන්න්ම කෑ ගැහුවේ ඇග ඇතුලෙන් ගින්දර ඇතුලු කරනවා වගේ වේදනාවක් දැනෙන්න ගද්දී ....ඒවිට කාන්තාව එයාගේ මැතිරීම තවත් වේගවත් කලා...

ඊලගට් සිද්ද වුනේ මගේ අතේ තිබුන භාජනය ලේ පැහැ දියරයකින් පිරිලා යන එක....මට දැනුනේ මගේ ඇගේ ලේ කවුරුහරි ඇදලා බොනවා වගේ....මගේ ශරීරයෙන් ආත්මය වෙන් වෙනවා වගේ ලොකු වේදනාවක් එක්ක මම එතනම සිහි නැතුව වැටුනා....

සිහිය එනකොට මගේ ඉස්සරහා හිටගෙන හිටියේ පිරිමි කෙනෙක්...එයාට මහා භයානක පෙනුමක් තිබුනේ...ඒ කාන්තාවත් එතන හිටියා..කලින් හිටියට වඩා ඇගේ රූපේ වෙනසක් තිබුනා..හරියට ඇය තරුන වෙලා වගේ....

ඒ මිනිහා මට කතා කලා.....මම ඔහුට ප්‍රතිචාර දක්වන්නේ නැතුව ඉන්න හැදුවත් මට එහෙම කරන්න බැරි උනා...මගේ ශරීරය දන්නෙම නැතුව ඒ මිනිහට ආචාර කරනවා....

එවිටයි මට තේරුනේ..මගේ ආතමය් එයාගේ සේවකයෙක් වෙලා.....මම මගේ ආත්මය එයාගේ සේවකයෙක් කරලා...මම.....අදුරට පලමු දොරටුව විවෘත කරලා........

මට කරගන්න කිසිම දෙයක් තිබුනේ නෑ....හීනෙන් වගේ මතක තිබුනේ මගේ අතේ තිබුන ලේ පැහැ දියර භාජනය මායාකාරි මගේ අතින් අරගන්නවා..ඊට පස්සේ බොද වුනු මතකයක තිබුනේ එයා ඒකෙන් බිවුව හැටිත්...

මම එතනින් පැනලා යන්න උත්සහ කලත් මට එහෙම කරන්න බැරි උනා..මගේ ශරීරයේ සම්පූර්න පාලනයක් එයාලට තියනවා වගේ....

මම කරපු  වැඩේ බරාතල බව මට තේරෙන්න ගත්තේ පසු කාලිනව....

මගේ 18වෙනි උපන්දිනේදි ඒ දේ වෙනස් වෙලා තිබුනා..මට ජීමින්ව මගේ මේට් විදියට ලැබුනා...අපි දෙන්නා ගොඩක් ආදරෙන් කාලය ගත කලා...මේ අතරේ අපි දෙන්නා අපි දෙන්නගේ රහස් හුවමාරු කරගත්තා...

ජීමින්ට මම මේ හැමදෙයක්ම කිවුවා..මුලදි එයා මේ දේවල් වලට මාව පිලිකුල් කලත්...පසුව ඒ හැමදෙයක්ම එයාගේ ආදරේ වෙනුවෙන් කියන එක තේරුම් ගත්තා ....ඒ වගේම එයාගේ රහසත් එයා මට කිවුවා..ඒ එයා ඔමේගා කෙනෙක් කියන එක...ඒ වගේම එයා සූර්‍ය දෙවියනේ පලමු පරික්ශාව කියන එක...හරියටම මම වගේමයි...අපි දෙන්නව දෛවයෙන් එකතු නොකලත් අපි දෙන්නගේ ආදරේ වෙන්න තිබුන දෙයක් කියන එක අපි දෙන්නම විශ්වාස කලා.....

ඉන්පස්සේ කාලය ගෙවුනේ හරිම සාමකාමීව....ඒත් ටේහ්‍යුන්ග්ගේ 18 වෙනි උපන්දිනේට හැමදේම වෙනස් වෙන බව මම දැනගෙන හිටියා...

ජන්කුක් ටේ හ්‍යුන්ග් දෙන්නා දැනගනී එයාලා දෛවයෙන් ලියවුනු දෙන්නෙක් නෙමෙයි කියන එක...එයාලට වෙන් වෙන්න සිද්ද වෙයි....ඒ තරම් පිවිතුරු ආදරේකට වෙන් වෙන්න දෙන එක මගේ හිත ඉවසුවේ නෑ....ඒ නිසයි මම තීරනය කලේ මේ හැම රහසක්ම ඒ දවසට හැමකෙනෙක්ටම කියන්න...අඩුම තරමේ එතකොටවත් එයාලා මේ දේට විසදුමක් හොයාගනී.....

ඒත් සිදු උනේ නොහිතපු දෙයක්....මට මගේ තීරනය වෙනස් කරන්න සිද්ද වුනා....මම එයාලට ඒ දේ කියන්න හදපු එක නැවැත්තුවා..ඒ මම ජීමින්ට මගෙන් දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්ත නිසයි...මට දැන් මගේ ජීමින්ව කොහෙත්ම පොඩිම මොහොතකටවත් තනි කරන්න බැහැ...
ඉතින් ඒ රහස් තව කාලෙකට හන්ගන්න මම තීරනය කලා.....

මගේ වැරැද්දෙන් එදා හැමදේම වෙනස් වුනා...එදා ටේ හ්‍යුන්ග් එයාගේ මේට් නිසා හොදටම තුවාල වෙලා...මගේ හිතට දැනුනේ හරිම වේදනාවක්...මම මේ දේ කලින් කිවුවා නම් මේක වෙන්නේ නෑ නේද කියලා හිතුනා..

ඒත් මාව වැඩියෙන්ම පුදුමයට පත් කලේ සේජින් කියපු කතාව ඒ ටේ හ්‍යුන්ග්ගේ මේට්  සාමාන්‍ය කෙනෙක් නෙමෙයි රාක්ශයෙක් කියන එක...

එතකොටයි එදා බොද උනු මතකයන් ටික ටික පැහැදිලි වෙන්න ගත්තේ...

අදුර විසින් ටේ හ්‍යුන්ග්ගේ මේට් එහෙමත් නැත්නම් මගේ සහෝදරයාව බිලි අරගෙන...එයාගේ ආත්මය අදුරට යටත් එකක් කරලා..ඒකෙන් එයාලට ඕනි උනේ ටේ හ්‍යුන්ග්ව එහෙමත් නැත්නම් ලෝකයේ පිවිතුරු බව අදුරට යටත් කරගන්න...තව විදියකින් කිවුවොත් ටේ හ්‍යුන්ග් ගේ ආත්මය බිලි ගන්න....ටේ හ්‍යුන්ග්ගේ ආත්මයේ බිලි වීම කියන්නේ අදුරේ ශක්තිමත් වීම...අදුරට ටිකෙන් ටික බලය ලැබෙන්මේ ටේ හ්‍යුන්ග්ගේ ආත්මය එයාලට බිලි උනොත්....මේ හැමදෙකටම හේතුව මම ..මගේ මෝඩකම, මගේ අත්වැරදීම නිසා හැමදේකටම වන්දි ගෙවන්නේ ටේ හ්‍යුන්ග්ගෙයි ජන්කුක්ගෙයි ආදරේ....

මගේ පුදුමය තවත් වැඩි කරමින් එතනට ආවේ හෝසොක්...ඒ එයා ටේ හ්‍යුන්ග්ගේ මේට් කියාගෙන...ඒකේ තේරුම එයයි මගේ සහෝදරයා...

ඒත් එක්කම සේජින් තව දෙයක් කිවුවා..ඒ ටේ හ්‍යුන්ග් හෝසොක්ව විවාහ කරගත්තේ නැති උනොත් ටේ හ්‍යුන්ග්ට විතරක් නෙමෙයි...මුලු ලෝකෙටම අදුරට බිලි වෙන්න වෙනවා කියන එක.....

මට මේ දැනගත්ත දේවල් එක්ක කරන්න කිසිම දෙයක් හිතාගන්න බැරි උනා.....ඒ නිසයි මම තනියම කල්පනා කලේ...අන්තිමේදි මම මගේ තිරනය ගත්තා..මේ දේට ටේ හ්‍යුන්ග්ව බිල්ලට දෙන්නේ නෑ කියන එක....මම ආයෙත් එයාලගේ ආදරේ එයාලට අරන් දෙන්න තීරනය කලා ...මම මගේ ආදරේ වෙනුවෙන් මේ දේ කලා නම් මට එයාලගේ ආදරේ වෙන්වෙනුත් මේක කරන්න පුලුවන්.....

දෙපැත්තෙම මංගල උත්සව ඉවර වෙනකම් මට මුකුත්ම කරගන්න බැරි උනා....ඒත් ජීමින් එක්ක සැලසුම් කරපු විදියට අන්තිමේදි ටේ හ්‍යුන්ග් ව මට මාලිගාවෙන් එලියට ගන්න පුලුවන් උනා...ඊලගට අමාරු උනේ ජන්කුක්ගේ මාලිගාවට කරලා තිබුන මන්තර ලිහන එක....ඒත් ජින් හ්‍යුන්ග්ගේ උදවුවෙන් අපි ඒ දේ කලා....ජන්කුක් එතනට ඇවිත් හැමදේම කලින් තිබුන තත්වෙට පත් උනාම මම හිතුවේ ඔක්කොම විසදුනා කියලා...ඒත් මම වැරදී..එකපාරටම එදා පරිසරය වෙනස් වෙන්න ගන්නකොට මට තේරුනා ලොකු දෙයක් සිද්ද වෙන්න යන්නේ කියලා....

දින තුනකින් ඒ දේ සම්පූර්ණයෙන්ම සිද්ද වුනා...මම බයෙන් ඉදපු දේ...ටේ හ්‍යුන්ග් ගේ පිවිතුරු බව ජන්කුක් අතින් නැති වෙනවත් එක්ක ලෝකයෙ පිවිතුරු බවත් නැති උනා...එයාගේ මේට් වෙනුවට වෙන කෙනෙක්ගේ උන ටේ හ්‍යුන්ග් නිසා අදුරට දොරටු ඇරුනා...ඒක හිතුවටත් වඩා තදින් බලපෑවේ ජන්කුක් කියන්නෙත් බලයන් සහිත විශේෂ කෙනෙක් නිසා....

එදා සිද්ද වුනේ මහා විනාශයක්...ඒත් එක්කම අපි හැමෝම එලියට දුවගෙන ආවත් මට මගේ ජීමින්වත් බේරගෙන එතනින් යන්න ලැබුනේ නැහැ...ඒ වෙනුවට මට ඉදිරියට මුන ගැහුනේ එදා ගුහාවෙදි මම දැක්ක ඒ පිරිමි කෙනාව...මගේ දන නැමුනේ දන්නෙම නැතුව..මගේ ආත්මය තාමත් එයාලට යටත්....

මම ජීමින්ට මනසින් කතා කලේ එයාලට මෙතනින් පැනගන්න කියන්න...එයා අදි මදි කරනකොට මටත් එයාව දාලා යන්න හිතුනේ නැතිතරම්...ඒත් ඉතින් එයාව බේරගන්නමනේ මම මේක කරන්නේ....

මම එතනින් ගැලවිලා ආවේ පොරොන්දුවක් පිට....ඒ මේ හැමදේම විසදන්න මගේ ආත්මය ...මගේ ජීවිතය බිලි දෙනවා කියලා....

ඒත් මාලිගාවෙදි සිදු වුනේ හීනෙකින්වත් බලාපොරොත්තු වුන දෙයක් නෙමෙයි..මාලිගාවේ හිටියේ එදා මම රැවටුව ඒ මායාකාරි..එයාගේ පෙනුම තවත් තරුන වෙලා....ඒ වගේම ඒ තරුන පෙනුම ලැබිලා තියෙන්නේ හෝසොක් ගේ ලේ වලින්...හෝසොක් මිය ගිහින් තිබුනේ දරාගන්න බැරි වේදනාවට...එයා සාමාන්‍ය වෘකයෙන් වුන නිසා අදුරේ බලය වැඩි වෙනවත් එක්කම එයාට ඒ බලය පාලනයක් නැතිවෙලා ගිහින්...

මම නිසා...මේ හැමදේම එදා මමකරපු මෝඩ වැඩේ නිසා..හැමදේම අතෑරල මමජන්කුක්වයි ටේ හ්‍යුන්ග්වයි හොයාගෙන ගියේ එයාලා දැනටමත් අතුර්දන් වෙලා ඉදපු නිසා...සුවද පස්සේ ගිහින් එයාලව මම හොයාගන්නකොට....හැමදේම වෙලා ඉවරයි...

පිරිමින් අතින් අපිරිසිදු උන තැලුම් තුවාල වලින් පිරුනු ටේ හ්‍යුන්ග්ගේ ජීවයක් නැති ශරීරය අල්ලගෙන ජන්කුක් හොදටම අඩනවා...දෙවියනේ මට මෙහෙම දෙයක් වුනා නම්....මගේ ආදරේ අද මගේ අතේ මේ විදියට හිටියානම්...මට එක මොහොතක් ජීවත් වෙන්න පුලුවන් වේවිද.....

ඒත් ඊලග මොහොතේ ඒ දේ සිද්ද වුනා...මට අනින්න ආව පාර මැද්දට ජීමින් පැන්නේ මාව බේරගන්න වෙන්නැති....මාව බේරගන්න ගිහින් අන්තිමේදි එයාවත් මම නැති කරගත්තා....

........................................................................

ජන්කුක් හිටියේ ටේ හ්‍යුන්ග්ගේ පනක් නැති ශරීරය එයාට තුරුල් කරගෙන හොදටම අඩන ගමන්...එයාගේ පිටිපස්සෙන් එයාට විවිද කස වලින් පහර දෙන්නත් එයාගේ ලේ උරාගන්නත්..ශරීරය පුච්චන්නත් ගත්තා...ඒත් මේ කිසිම දෙයක් තකන්න වත් ජන්කුක්ට උවමනාවක් තිබුනේ නෑ...එයාගේ ඇස් වගේම හිත තිබුනේ ටේ හ්‍යුන්ග් ලග...මොන තරම් වේදනා දුන්නත් ඒ හැම පහරකදිම ජන්කුක් හිටියේ ටේ හ්‍යුන්ග්ව තුරුල් කරගෙන...ඇස් වලින් බේරුනු කදුලු ටේ හ්‍යුන්ග් ගේ මූන පුරා ගැල්වුනා...ජන්කුක් හරියට මේ ප්‍රහාර වලින් ටේ හ්‍යුන්ග් ට රිදෙයි වගෙයි එයාව අල්ලන් ඉදියේ....

ඊලග තප්පරේ වුනේ භයානක දෙයක්...
යුන්ගී එයාගේ වෘක ස්වරූපයට හැරුනේ හැම කෙනෙක්වම විනාශ කරලා දාන්න...ඒත් මායාවන් එක්ක හැප්පෙන්න එයාගේ ශක්තිය මදි උනා

එක් එක් අවස්තාවන් වලදි යුන්ගී ඔවුන්ට ඔඅහර දෙන්න උත්සහා කලත් ඒ එකපහරක්වත් ඔවුන්ට බලපෑවේ නැත්තේ මායාව නිසා....

යුන්ගී එයාගේ ජීවිතේ ලොකුම තීරනය ඒ වෙලාවේ ගත්තේ ජීමින්වයි එයාවයි වෙන් කරපු ඒ අදුරෙන් පලිය ගන්න...

ටේ හ්‍යුන්ග් ගේ ලේ වලින් පිරිලා තිබුන භාජයට පැන්න යුන්ගී ඒ භාජනයේ තියන යුශ බීගෙන බීගෙන ගියා..මද වෙලාවක් ඇස් බොද වෙලා තියෙන්නත් ඉන්පසු ඇස් කහ පැහැයෙන් දිලිසෙන්නත් ගත්තා.....ටික වේලාවකින් යුන්ගී හැරුනේ මහා දරුනු පෙනුමකට...ඒ එයාගේ පලවෙනි රාක්ශ වෙනස් වීම...අදුරට අයිති මායාවන් පිරුනු ටේ හ්‍යුන්ග්ගේ ලේ බීපු සත්‍ය ලේ ඇති වෘකයෙක් වෙන යුන්ගී එතැන් පටන් රාක්ශයෙක් වුනා....

ඒත් මේ කිසිම දෙයක් ගැන ජන්කුක් දැනගෙන ඉදියේ නැහැ...එයා තාමත් හිටියේ ටේ හ්‍යුන්ග්ව තුරුලු කරගෙන...

මේ අතරේ යුන්ගී එයාට අලුතින් ලැබුනු බලයෙන් සියලු දේවල් විනාශ කලා..ඒ මායාකාරියත් , සේවකයනුත් එක අත් පහරින් විනාශ කලත් ඔවුන් සදහටම නැති වුනේ නැහැ..ඔවුන් ආයෙමත් ඒ අදුරු ආත්මයන් ගොඩට එක් වුනා...

ටේ හ්‍යුන්ග්ගෙත් යුන්ගී ගෙත් ලේ එක් කිරීමෙන් ආයෙමත් පන දෙන්න හැදුව යක්ශ ආත්මයට ඒ දේ ලැබුනේ නැහැ..ඒ වෙනුවට අදුරේ දොරටු සදහටම විවෘත වෙලා තිබුනා.....ඒකෙන් කියවෙන්නේ ආයෙත් කුමන හෝ දවසක් මේ දේවල් සිද්ද වෙන්න පුලුවන් කියන එකයි....

යුන්ගී මේ රාක්ශ ස්වරූපයේ නොදන්න එක දෙයක් තිබුනා...ඒ මේ ස්වරූපය එයාටවත් පාලනය කරගන්න බැරි තරම් දරුනුයි කියන එක....

ඒ පාලනයක් නැති ආත්මය ඊලගට ගියේ ජන්කුක් ලගට....කිසිම දෙයක් නොදන්න ටේ හ්‍යුන්ග්වම තුරුලු කරන් ඉදපු ජන්කුක් ට ඒ රාක්ශයා එක් අත් ප්‍රහාරයක් එල්ල කලා....ජන්කුක්ගේ සිරුරත් ජීවය නැතුව වැටුනේ ටේ හ්‍යුන්ග් ගෙම ඇග උඩට......

හැමදේම ඉවර උනායින් පස්සේ යුන්ගී ආයෙමත් යතා තත්වයට පත් වෙන්න ගත්තා....

ඒ වෙනකොටයි එයා තේරුම් ගත්තේ හැමදේම විනාස වෙලා හැමදේම අවසන් වෙලා ඒ වගේම එයාට හැමදේම නැති වෙලා කියලා....

එයා ඉක්මනට දුවගෙන ගියේ ජන්කුක් ගෙයි ටේ හ්‍යුන්ග් ගෙයි සිරුරු ලගට...ගිහින් එයාලට කෑ ගගහා හොල්ලන්න ගත්තේ පිස්සුවෙන් වගේ....

"ජන්කුක් ටේ හ්‍යුන්ග් නැගිටින්න" එයාලගෙන් ප්‍රතිචාරයක් නැති තැන එයා ගියේ ජීමින් ලගට අවසිහියෙන් වගේ...ජීමින්ගේ ඔලුව එයාගේ අත්දෙකෙන් තියාගෙන ආයෙත් එයාව ඇහැරවන්න ගත්තේ එයා ඉදි කියලා හිතාගෙන වෙන්නැති....ඒත් ජීමිනි නැගිට්ටේ නැති තැන යුන්ගී ආයෙමත් පියවි සිහියට එන්න පටන් ගත්තා...

"මගේ අල බෝලේ ඔයාත් මාව දාලා ගියාද...මම වැරදීද මැනික...? මේ හැම දෙයක්ම කලේ මම ...ඒඔයා නිසා..ඔයාගේ ආදරේ නිසා...ඇයි එහෙම වෙලත් ඔයා මාව දාල ගියේ?" යුන්ගී ජීමින්ගේ මූන අල්ලගෙන මුලු මූන පුරාම සිපගත්තා...වෙනදට දැනුනු ඒ කම්මුල්වල උනුසුම අද දැනුනේ නැහැ..වෙනදට ජීමින්ගේ කම්මුල්වල තිබුන රෝස පැහැය ඒ කම්මුල්වල අද තිබුනේ නැහැ...ඒ වෙනුවට අද ජීමින්ගේ මූනේ තිබුනේ සුදු මැලි වෙලා...මුලු ශරීරයම එකම විදියට සීතල වෙලා.....

යුන්ගී අන්තිමට එයාගේ හිතේ දරාගෙන ඉදපු හැමදේම පිටකලේ හයියෙන් කෑ ගහලා..ජීමින්ගේ සිරුරත් දෑතින් බදාගෙන හයියෙනම කෑ ගැහුවේ සද තියන දිහාවට....

"ඔයා අපේ අම්මා නේද..? ඇයි මෙහෙම කරන්නේ? ඇයි අපේ ඉරනම මෙහෙම කරන්න නම් අපිව මේ ලෝකෙට ගෙනාවේ?" යුන්ගී කෑ ගැහුවේ හද දිහා බලාගෙන...

"දැන් මේවට විසදුමක් දෙන්න"

යුන්ගීගේ වචන ඉවර වෙනවත් එක්කම මුලු අහසම දිලිසෙන්න ගත්තා....යුන්ගීගේ ඇස් අන්ද කරවන තරම් දීප්තිමත් එලියකින් සද දෙව්දුව එතනට වැඩියා....

යුන්ගී දෙව්දුවටත් කෑ ගහන්න ගත්තේ වියරුවෙන් වගේ......

" ඇයි අපිට මෙහෙම කලේ..අපේ ආදර කතා වලට ඇයි මේ විශියට කලේ?" යුන්ගී කිවුවේ හොදටම අඩන ගමන්

"දරුවෝ" දෙව්දුව කතා කලේ සැනසෙන හඩකින්....ඒත් යුන්ගී ගේ හිත සනසන්න ඒ හඩට අපහසු උනා....

"ඇයි අපි ඔයාගේ දරුවෝ නම්..මෙහෙම වෙනකම් බලන් ඉදියේ?මට ආයෙත් එයාලව ඕනි...මගේ ජීමින්ව ඕනි..මට මේ ජීවිතෙන් වැඩක් නෑ...මට ආයෙත් කලින් තිබුනා වගේ ඉන්නනෝනි"

දෙව්දුව කතා කලේ යුන්ගී දිහා අනුකම්පාවෙන් බලන ගමන්....

"මේ හැමදේම ඔයා නිසයි උනේ..ඔයා දෛවයට එරෙහි වෙන්න ගියපු නිසයි මේ දේ වුනේ...ඒ වගේම මතක තියාගන්න ඔයාට මේ හැමදේම හරිගස්සන්න ඕනි නම් ඒකට ලොකු කැපකිරීමක් කරන්න වෙනවා කියන එක"

"ඕනිම දෙයක් කරන්නම්...මට ආයෙත් කලින් තිබුනා වගේ මේ දේවල් හදලා දෙන්න...මෙයාලව මට ආයෙත් මගේලගට ගන්න පුලුවන් වෙන්න"

" යුන්ගී මේ ලෝකේ ගියපු කිසි දෙයක් ආයෙත් ගන්න බෑ...විශේෂයෙන්ම කාලය..ගියොත් ගියාමයි..අපි වැරැද්දක් කඅලොත් කලාමයි....ඒකෙන් වෙන්නතියන ප්‍රතිපලය අපිට නවත්තන්න බැහැ...ඒ වගේ තමයි..මට කිසිම දෙයක් අතීතෙට හරවන්න බැහැ..හැබැයි මට ඔයාලට අලුත් අනාගතයක් හදාලා දෙන්න පුලුවන් "

"දන්න්වා දෙවිදුනි...මම ඕනිම කැපකිරීමක් කරන්නම් ....ආයෙමත් මේ ජීවිත වලට ඉඩ දෙනවනම්"

"මම ඔයාලා හතර දෙනාවම මගේ දරුවෝ විදියට පිලිගන්නවා ...ඒත් යුන්ගී ඔයාට දඩුවමක් විදින්න වෙනවා...ඔයාට සදහටම රාක්ශයෙක් වෙලා ඉන්න වේවි..ඔයාව ඒ තත්වෙන් මුදවගන්න පුලුවන් වෙන්නේ ජීමින්ට විතරයි....ඒ කොහොමද කියලා මම කියන්නේ නෑ...එයාම දවසක ඒක තේරුම් ගනී..."

"තව දෙයක් ඔයාගේ ඇගේ තියන ලේ වල ටේ හ්‍යුන්ග්ගේ වගේම එයාලගේ දරුවගෙත් ලේ තියනවා...ඒ හේතුවෙන් ඔයාටයි ජන්කුක්ටයි අලුත් සම්බන්දතාවක් ගොඩනැගේවි....හැනැයි හොද එකක් නම් නෙමෙයි"

"දෙවියනේ ...මම කැමති මගේ ජීවිතේ කැප කරන්න ....ඕනිම දෙයක් කරන්න ....ආයෙමත් මගේ වැරදි හදාගන්න අවස්තාව ලැබෙනවා නම් මට ආයෙත් එයාලව දකින්න ලැබෙනවා නම් මට වෙන මුකුත් ඕනි නෑ"

ඒත් දෙව්දුව අන්තිමට කිවුවේ වෙනම කතාවක්.....

"මගේ දරුවෝ...මොන ආත්මෙක ඉපදුනත් මතක තියාගන්න ඔයාලගේ කතාවේ අවසානය දෛවය වෙනස් කරලා නෑ කියන එක...ඔයාලා සදේ දරුවෝ වුනත් ඒක එහෙමමයි"

.......................................................................

එදා පටන් හැමදේම ආයෙත් වෙනස් වුනා...අනිත් අය අලුත් ආත්ම ලබද්දී යුන්ගී අවුරුදු 200ක් එයාගේ රාක්ශ ස්වරූපෙන් දුක් වින්දා...එයාගේ ජීමින් වෙනුවෙන් අවුරුදු 200ක් බලන් ඉදියා...ඒත් එයාලගේ ඉරනම....මේ අලුත් ආත්මෙටවත් ලස්සන අවසානයක් දේවිද?

......................................................................

A/n :-අනේ මම දන්නේ නෑ ලමයි මම මොනවා ලියලද කියලා...

Bạn đang đọc truyện trên: Truyen247.Pro