Colours
අවුරුදු 200කට පෙර....
"ඉක්මනට මේ පැත්තෙන් එන්න පැටියෝ....ඔයාව අහුවෙන්න පුලුවන්...."ඔමේගා කතා කලේ අඩන ගමන්.....
ඒත් ඇල්ෆා එයාගේ ඔමේගවත් තුරුල් කරන් ගස් අස්සෙන් හැන්ගි හැන්ගි ගියේ සටන් කරන්න බැරි කමකට නෙමෙයි.....සතුරන් එක්ක ගැටෙන්න බයකටවත් නෙමෙයි....ඒ එයාගේ ඔමේගව ඒ නපුරන්ගෙන් ආරක්ශා කරගෙන එයාට පුන්චිම තුවාලයක් වත් දෙන්න ඕනි නැති උන නිසයි....ඒත් හදිසියේම උන සද්දෙකට සතුරන්ගේ අවදානය එයාලගේ පැත්තට යොමු උනා.....
"නෑ ...මට එන්න බෑ බබා...ඔයා දුවන්න..මම මෙයාලව නවත්තන්න බලන්නම්"
"බෑ මට ඔයාව දාලා යන්න බෑ....ප්ලීස් එන්න" ඇල්ෆාගේ උත්සහය....එයාගෙ ඔමේගව ආරක්ශා කරන්න ,එයාගේ ජීවිතේ ආරක්ශා කරන්න උනත්....
"පැටියෝ........අයින් වෙන්න"
ටික වෙලාවකින් ඇල්ෆා දැක්කේ එයාගේ ආදරනීය ඔමේගගේ සිහි සුන් මල කද.........
........................................................................
වර්තමානය..........
"ඇල්ෆා.....මම එන්නද ඇතුලට?"
"එන්න......කිවුව වැඩේ කලාද?"
"ඔව්....ඔක්කොම කලා..හැම විස්තරයක්ම ගිනි තිබ්බා....බෙහෙත් හැම එකක්ම විනාශ කලා...."
"ගොඩක් හොදයි....."
"කෝ මම දැන් වැඩේ කලානේ...දැන් මම ඉල්ලපු දේ මට දෙන්න...අනිත් එක මේක ගනුදෙනුවක් මිසක් උදවුවක් නෙමෙයි......."
........................................................................
ටේ හ්‍යුන්ග් අලුත් ස්කෝලේ තාප්පෙට හේත්තු උනේ හොරෙන්ම කවුද ඉන්නේ බලන්න.....ඒත් එක්කම ජීමින් එයාගේ පිටි පස්සෙන් ඉදන් කෑ ගහන්න ගත්තා...
"බලනවා කිම්.....ඔයා නිසා මටත් හැන්ගිමුත්තන් කරන්න වෙලා"
ජීමින් කතා කලේ ටේ හ්‍යුන්ගේ පිටට තට්ටු කරන ගමන්.....
"ශ්....ශ්....ජීමින්..කෑ ගහන්න එපා ගොන් පැටියෝ.....මම අර වසවර්තියා ඉන්නවද කියලා බලන්නේ"
තව ටිකක් තාප්පෙන් බෙල්ල ඔබන ගමන් ටේ හ්‍යුන්ග් කතා කලත් එයා තාප්පෙන් එබෙන එක නැවතුනේ ඔලුවට වැදුනු ටොකු පාරට.....
"බූරු පැටවු දෙන්නා....ඊයේ චන්ඩි වගේ ඉදලා අද බය වෙලා ද....මෙහෙ එනවා බයයි නම් මගේ පස්සෙන්"
ජෙනී කිවුවේ දෙන්නවම පහු කරගෙන ස්කෝලේ ගේට්ටුව ලගට යන ගමන්....
"කවුද කිවුවේ බයයි කියලා.....මම මේ රන්ඩු වෙන්න ඕනි නැති කමට හැන්ගුනා මිසක්...."
ටේ හ්‍යුන්ග්ට කතා කරලා ඉවර කරගන්න ලැබුනේ නැත්තේ ජෙනී වගේම ජීමිනුත් එයාට ඇහුම්කන් දෙන්නේ නැතුව ඇවිදින්න ගත්ත නිසයි....
ටේ හ්‍යුන්ග් අනිත් දෙන්නත් එක්ක ස්කෝලේ ඇතුලට යනවත් එක්කම දැක්කේ ලීසව...ලීසා හිටියේ ලොකර් එක ලගට වෙලා ..එයාගේ පොත් අවුස්සන ගමන්....ටේ හ්‍යුන්ග්ගේ කට වේලෙන්න ගත්තේ ලීසාව දැක්කම එයාගේ හිතේ ලීසා වෙනුවෙන් තිබුන කැමැත්‍ත තව තව වැඩි වෙද්දීයි....ඒත් එක්කම ජෙනී දුවගෙන ගියේ එයාගේ හොදම යාලුවව බදාගන්න, කොල්ලෝ දෙන්නව එතන තනි කරලා....
"ටොක් ටොක් ටොක්.....ටේ හ්‍යුන්ග් ගෙදර ඉන්නවද?"
ජීමින් ටේ හ්‍යුන්ග්ට තට්ටුවක් දැම්මේ ටේ හ්‍යුන්ග්ව ආයෙත් මේ ලෝකෙට ගන්න...
ටේ හ්‍යුන්ග්ගේ මූන ඒකෙන් රතු උනත් එයා ඒක පෙන්නන්න මැලි උනා....ඒ නිසයි ආයෙත් හඩ වැඩි කරලා ජීමින්ට කතා කලේ.....
"පිස්සුද චිම්? "
ටේ හ්‍යුන්ග් කතා කලේ රතු උන මූන වහගන්න ජීමින්ගෙන් මූන හන්ගන්න උත්සහ කරමින්....
"ආව්...කොල්ලා රතු වෙලා....යන්න ගිහින් කතා කරන්න"
ටේ හ්‍යුන්ග් හිත හදාගත්තේ ලීසාට ගිහින් කතා කරන්නයි..ඒත් වැඩි වෙලාවක් යන්න ලැබුනේ නෑ ජන්කුක් එතනට ආවේ ටේ හ්‍යුන්ග් දිහා බලාගෙන සමච්චල් හිනාවක් මූනේ තියාගෙනයි......ටික වෙලාවක් මූනට මූන බලන් ඉදියත් හැරෙනකොටම ටේ හ්‍යුන්ග්ට තේරුනා ජන්කුක් කරන්න හදන්නේ මොනාද කියන එක.....
ජන්කුක් ඇවිදගෙන ගියේ ලීසා ලගට...ලීසා හැරෙනවත් එක්කම ලොකර් එක දෙපැත්තෙන් අත තියලා ලීසාව කොටු කරගත්තේ එකපාරටම නොහිතපු කිස් එකකින් ලීසාව පුදුම කරද්දී.....මුලු ස්කෝලෙම ෆෝන් වට කරගෙන රැස් උනේ අලුත්ම නිව්ස් එක වෙබ්සයිට් වලට දාන්න බලාගෙන....කෙල්ලෝ ඉරිසියාවෙන් කෑ ගැහුවේ හැමෝම ජන්කුක් වෙනුවෙන් , ජන්කුක්ගෙන් පොඩිම අවදානයක් ගන්න එක උනත් ඒ කෙල්ලන්ට ලොකු දෙයක් උන නිසා..
හැමෝම එයාලා දිහා බලන් හිටියත් ජන්කුක් බලාගෙන ඉදියේ ටේ හ්‍යුන්ග් දිහා....මේ ඔට්ටුවත් එයා දින්නා කියලා අගවන්න...ටේ හ්‍යුන්ග්ගේ මූන මේ සැරේ නම් රතු උනේ ආව කේන්තියට...ටේ හ්‍යුන්ග්ගේ අත් මිට මොලවෙනවා බලන් ඉදපු ජන්කුක් ඒ වෙලාවෙම ලීසාගෙන් ඈත් උනේ එයාට ඕනි උන දේ සිද්ද උන නිසා.....ඒ ටේ හ්‍යුන්ව කේන්ති අවුස්සන එක....
ජන්කුක් පුදුම වෙලා ඉදපු ලීසවත් එතනම දාලා එයාගේ පන්තිය ඇතුලට ගියේ ටේ හ්‍යුන්ග්ගේ ඇගේ ලාවට හැප්පෙන ගමන්....
"ටේ කලබල වෙන්න එපා.....අපි තාම ස්කෝලෙට ආව විතරයිනේ..රන්ඩු වෙන්න නම් හිතන්නවත් එපා..."
ජීමින් ටේ හ්‍යුන්ග් ගේ පිට අතගෑවේ ටේ හ්‍යුන්ග් ගේ කේන්තිය නිවන්න බලාගෙන....
ඒත් ජීමින්ගේ වැඩේ හරි ගියේ නෑ කියන එක එයාට තේරුනේ ටේ හ්‍යුන්ග්ගේ ඇස් නිල් පාටින් දිලිසෙන්න ගනිද්දී....ආයෙමත් ඒ දේ සිද්ද වෙනවා.....ජීමින් දැක්ක ගමන් ටේ හ්‍යුන්ග්වත් ඇදගෙන දුවගෙන ගියේ ස්කෝලේ ප්‍රදාන බිල්ඩින් එකේ පිටිපස්සට.....
වටපිට බැලුව ජීමින් හිතන්නෙම නැතුව ටේ හ්‍යුන්ග්ව බිමට තල්ලු කලේ එයාගේ වෘක රූපේ ටික ටික එලියට එන්න ගනිද්දී....ටේහ්‍යුන්ග්ව කොල අතු ගොඩකට තල්ලු කරනවත් එක්කම එයා ආයෙමත් පිටි පස්ස හැරුනේ ඒ පැත්තෙන් ආව කටහඩට....
"ලමයා....මොකෝ සද්දේ?"
පිටි පස්සෙන් ආව කටහඩට ජීමින්ට දාඩිය දැම්මේ එයාලගේ රහස වැරදිලාවත් මේ කෙනා දැක්කද කියන බයට....
"ආහ්....නෑ.....නෑ....මුකුත් නෑ" ජීමින්ට වෙන වචනයක් කටට ආවේ නෑ...
ඒත් එක්කම ජීමින්ගේ හැසිරීමෙන් සැකයක් දැනුන ඒ කෙනා තව තවත් කොල ගොඩ දිහා විපරමින් බැලුවා....
"නෑ......නෑ....මුකුත් නැති වෙන්න බෑ...අර කොල ගොඩ අස්සේ මොනාද තියෙන්නේ? එතනින් තමයි සද්දේ ආවේ..."
"එතන කවුරුත් නෑ....නෑ මම කිවුවේ එතන මුකුත් නෑ" ජීමින් තවත් වෙවුලන්න ගත්තේ ටේ හ්‍යුන්ගේ මනුස්ස රූපේ ටික ටික ආයෙත් එනවා දැක්කමයි......
"කවුරුත් නෑ....මොකක්ද ඒ කතාවේ තේරුම.....කෝ ඉන්න බලන්න"
ඒ මනුස්සයා ඉස්සරහට ටික ටික ආවේ කොල ගොඩ අස්සෙන් ටේ හ්‍යුන්ගේ මිනිස් මූනත් වෘක ඇගත් බාගෙට නොපෙනි පෙනෙද්දී.....
ඒත් වෙලාවටම එයාලගේ වාසනාවට එතනට ආව කෙනා එයාලගේ ජීවිතේ බේරගත්තා....තනි කලු ඇදලා...හැම තැනම ටැටූ ගහලා...කටින් දුම් දාගෙන ආව ඒ කෙනා අර මනුස්සයාගේ අවදානය වෙනස් කලා....එයාගේ සුවදින් ජීමින් දැනගත්තේ එයත් වෘකයෙක් කියන එක...නොදැනුවත්වම සන්සුන් උන ජීමින් දිග සුසුමක් හෙලුවේ දන්නෙම නැතුවයි.....
"ප්‍රොෆෙසර්...මම අදත් ගිනි තිබ්බා..වතුරත් කපලාද කොහෙද ස්කෝලෙ....පොඩ්ඩක් ගිහින් බලන්න"
සුගා කිවුවේ ප්‍රොෆෙසර්ගේ ඇස් උඩ යද්දී.....කට ඇරිලා තිබුනේ විශ්වාස කරන්න බැරි කමට....
"මේ තක්කඩියා කරලා කියනවත් එක්ක.....ලැජ්ජ නැද්ද ? "
හෝසොක් එහෙමත් නැත්තම්...ඒ මනුස්සයා..ප්‍රොෆෙසර් කිවුවේ සුගා දිහා වපර ඇහෙන බලන ගමන්...
"මගේ ලැජ්ජාව ගැන හොයනවට වඩා ඔයාගේ ගිනි ගන්න ෆයිල් ටික බැලුවා නම් හොදයිනේ"
සුගා කියාගෙන ගියේ ප්‍රොෆෙසර්ට එතනින් දුවන්න සලස්වලා..
"මේකා ගිනි තියලා ,ඒක කියලා දැන් නිවන්නත් කියනවා"
ප්‍රොෆෙසර් කෙදිරි ගගා එතනින් දිවුවෙ ලග තිබුන වතුර බාල්දියත් උස්සගෙන....
ජීමින්ට හුස්ම වැටුනේ දැනුයි...මේ සුගාව කලින් දන්නේ නැති උනත් කරපු උදවුවට ස්තූති කරන්න එයා අමතක කලේ නෑ......
"තැන්ක් යූ ....තව පොඩ්ඩෙන් ඔක්කොම අහු වෙනවා".
ටික වෙලාවක් නිහඩව ඉදිය සුගා කතා කරන්න පටන් ගත්තා
"මම උදවු කරන කෙනෙක් නෙමෙයි....හැබැයි ඊලග වතාවේ මෙහෙම දේවල් වෙන්න බෑ" අවවාදයකට වැඩිය සුගාගේ කටහඩේ තිබුනේ තර්ජනයක්.....
ජීමින් ඒ කටහඩට බය උනත් එයාලගේ ගැලවුම් කාරයාව තවත් අදුරගන්න එයාට ඕනි උනා...
"මොකක් හරි..මම ජීමින්...ඔයාගේ නම?"
"ඒක දැනගන්න උවමනාවක් නෑ"
කියන ගමන් සුගා හැරුනේ එතනින් යන්න...ඒත් එක්කමයි ජන්කුක්ගේ කටහඩ ඈතින් ඇහුනේ....
"ආහ්....සුගා හ්‍යුන්ග්....හායි"
"ආයිශ් ....මේ යකා ආයෙමත් ..කෑවා මාව"
සුගා තනියම කියාගත්තේ පිටි පස්සෙන් හීනියට ජීමින්ගේ කුකුලු හිනාව ඇහෙද්දී......
ජන්කුක් එතනට ඇවිත් සුගාගේ කරට අත දාගත්තේ සුගා එක්ක කතා කරන්න...ඒත් ජීමින්ව දැක්ක ජන්කුක්ගේ කතාව වෙනස් උනා....
"ආහ් මේ අර නසරානියා එක්ක ඉන්න උගේ ගෝලයා නේ"
ජන්කුක් කිවුවේ ජීමින්ගේ රෝස පාට කොන්ඩේ දිහා බලන ගමන්....
"ගෝලයා? මම පාතාලේ කියලා හිතුවද?" .
"ඔයා කෙසේ වෙතත් ඔයාගේ අර ලේන්සු ඔලුවේ බදින යාලුවා නම් හැසිරෙන්නෙ ඒ වගේ "
"ඒවා ලේන්සු නෙමෙයි"
ජීමින් ජන්කුක්ට ඔරවන්න පටන් ගත්තා....
"ඒක නෙමෙයි...මොකෝ කොන්ඩේ රෝස පාට...බොම්බයි මොටයි ඔලුවේ හලාගත්තද?"
එයාම කරපු විහිලුවට එයාම හින වෙද්දී සුගායි ජීමිනුයි මූනට මූන බලාගත්තේ එපා වෙලා...😒
"හහ් හහ් හා...හරි විහිලුව...එහෙනම් ඔහේ කටු කැලේ ගිහින් වෙන්නැති ඔය ඇග හැමතැනම කොටලා තියෙන්නේ..."
ටේ හ්‍යුන්ග් කිවුවේ කොල ගොඩ අස්සෙන් නැගිටින ගමන්....ජන්කුක් ඒත් එක්කම හිනාව නවත්තලා උඩ බැලුවේ ටේ හ්‍යුන්ග් දිහා....
ඒත් එකපාරටම ජන්කුක් එතනම ගල් උනේ ටේ හ්‍යුන්ග් ගේ ඇස් දැකලා....නිල් පාට ඇස්...තාමත් එයාගේ ඇස් නිල් පාටයි....දෙන්නම දන්නෙම නැතුව එයාලගේ ඇස් වලම හිර උනා...හරියට ගොඩාක් කල් ඉදන් තිබුන බැදීමක් ලොකු කාලයකට එයාලට අමතක වෙලා තිබුනා වගේ.....
ටික වෙලාවකින් ජීමින් සුගා දිහාත් සුගා ජීමින් දිහාත් බලාගත්තේ දන්නෙම නැතුව.....ජන්කුක් ගේ ඇසුත් ටේ හ්‍යුන්ග්ගේ වගේම නිල් පාට වෙනකොට.....
එයාලගේ පුදුමයට හේතු උනේ...මේ තරම් කාලයක් කිසිම වෘකයෙක්ගේ ඇස් අනික් කෙනා දිහා නිකන්ම බැලීමෙන් ඒ පාටම වෙලා නැති නිසයි.....
........................................................................
Thank you for reading...💜️💜️💜️
Bạn đang đọc truyện trên: Truyen247.Pro