Chào các bạn! Vì nhiều lý do từ nay Truyen2U chính thức đổi tên là Truyen247.Pro. Mong các bạn tiếp tục ủng hộ truy cập tên miền mới này nhé! Mãi yêu... ♥

Blank space

අවුරුදු 200කට පෙර

"බබා......අනේ ඉක්මනට නැගිටින්න ,අපි මෙතනින් පැනලා යන්න ඕනි"

ඇල්ෆා කතා කලේ හොදටම බයෙන්....මොන තරම් ශක්තියක් ,බලයක් ඇල්ෆා කෙනෙක්ට තිබුනත් මේ වෙලාවේ එයාගේ ඇගට ඇතුලු වෙලා තිබුන විසෙන් හැම බලයක්ම, ශක්තියක්ම අඩපන වෙලයි තිබුනේ....

"ඉක්මනට මෙහෙන් දුවගෙන එන්න"
ඇල්ෆා කතා කලේ එයාගේ ඔමේගට..සතුරන්ට අහු නොවී එයාගේ ඔමේගව රැක ගන්න බලාපොරොත්තුවෙන් ....

"අනේ බෑ.......මට තව අඩියක් වත් යන්න බෑ....හරිම මහන්සි"
දැනටමත් කකුලට වැදිලා තිබුන පිහි පාරෙන් බාගෙට සිහිය නැතිව ඉදිය ඔමේගා කතා කලා.....

"ප්ලීස් අපේ බබා වෙනුවෙන් ....මේ ටික යමු..." අඩන්න කදුලු නැති නිසයි ඇල්ෆා කෙදිරි ගෑවේ....

"යමු....."
ඔමේගා ඇල්ෆා එක්ක හිනා උනේ ඇල්ෆාගේ පිට උඩට නගින ගමන්...එයාලගේ එකම බලාපොරොත්තුව එකම සතුට....ඔමේගගේ බඩෙ ඉන්න එයාලගෙ දරුවා ගැන හිතන ගමන්.....

වැඩි වෙලාවක් ඒ ගමන එයාලට යන්න ලැබුනේ නෑ...........

ආයෙමත් අලුත් ලෝකෙකදි හමුවෙන්න ඇල්ෆා සහ ඔමේගා පොරොන්දු උනේ සතුරන්ගේ අසීමිත ආසාවන් ඔමේගගෙන් ඉශ්ට කරගනිද්දි.....ඒ ඉරනම හැමතැනින්ම ලේ ගලමින් ඉදපු ඇල්ෆාගේ ඇස් ඉදිරිපිටම ,ඔමේගට දුන්නු අසීමිත වදයෙන් එයාගෙ අන්තිම හුස්මත් නැති වෙලා යනවා ඇල්ෆා බලන් ඉද්දි රාක්ශ ආත්මය ඔමේගව එයාගේ ලෝකෙට ඇදගෙන ගියා..................

........................................................................

වර්තමානය

"ජියොන් ජන්කුක් "

"කිම් ටේ හ්‍යුන්ග්"

පාසල් දෙකේ ෆුට් බෝල් කණ්ඩායම් නායකයෝ දෙන්නා මූනට මූන බලාගත්තේ එකිනෙකාට සමච්චල් හිනාවක් දාන ගමන්....

"එහෙනම් ඔට්ටුව මතකනේ"

ජන්කුක් කතා කලේ අනිත් පිලේ නායකයාට එක අතක් දීලා හොලවමින්....ටේ හ්‍යුන්ග්, එහෙම නැත්තම් අනිත් පිලේ නායකයා පුලුවන් වෙර දාලා ඒ ටැටූ ගහපු අත හෙලවුවේ හැමෝම ඉස්සරහ වේදනාව පෙන්නන්න බැරුව දෙපැත්තට ඇබරෙන ජන්කුක්ව තවත් අපහසු කරවන්න.....

"ඒයි කිම්.....අතාරිනවා"

"ඔයානේ ජියොන් අල්ලන් ඉන්නේ"

තවත් දුර යන්න හදපු එයාලගේ සෙල්ලම නැවතුනේ ඇත්තම සෙල්ලම පටන් ගත්ත නිසයි.....

කණ්ඩායම් දෙකම අවසාන ගෝලය වෙනකනුත් සම ලකුනු ලබාගත් නිසා....අන්තිම ගෝලයට ලොකු තරගයක් තිබුනා.........

නායකයෝ දෙන්නා එකම සැරේට බොලේ පස්සෙන් දිවුවත් බොලේ ගන්න ඔන්න මෙන්න තියද්දී ජන්කුක් ටේ හ්‍යුන්ග්ට කකුල් මාට්ටුවක් දැම්මේ කෙලින්ම ටේ හ්‍යුන්ව බිමටම වැටෙන විදිය බලලා ආයෙත් සමච්චලේට හිනා වෙන ගමන්.....

ඒ අනුව ජන්කුක්ගේ පාසල ජයග්‍රහනය කලා......ජයග්‍රහනය අනවුන්ස් කරනවත් එක්කම ජන්කුක්ට හයියෙන්ම ටේ හ්‍යුන්ග් ගැහුවේ මූනට පාරක්.....

"ඒයි කිම්" ජන්කුක් කතා කලේ මඩ වලෙන් නැගිටින ගමන් හොදටම තරහෙන්...

"ජියොන්....තමුසේ හොර කලා"

ටේ හ්‍යුන්ග් ගියේ ජන්කුක්ගේ ශර්ට් එකෙන් අල්ලන්න...ඒත් ඊට කලින් ජන්කුක් එයාවත් පෙරලගෙන බිමට වැටුනා......

දෙන්නම මඩ වලේ පෙරලි පෙරලි ගහගත්තේ මුලු ස්කෝලෙටම ඇහෙන්න පුලුවන් තරම් නම් කියාගෙන බැනගන්න ගමන්......

"ජියොන් ,කිම් දැන්ම නවත්තනවා"

"ඒක ඔයාගේ මල්ලිට කියන්න සනා"
ටේ හ්‍යුන්ග් රන්ඩුව නවත්තන්න දැන්ම උවමනාවක් නැති කමට කතා කලා....

"අයියේ ප්ලීස් නවත්තන්න " ජෙනී දුවගෙන ආවේ ජීමිනුත් එයාගේ පස්සෙන් එන ගමන්.....

වැඩි වෙලාවක් යන්න කලින් ජන්කුක් රන්ඩුව අතෑරලා නැගිට්ටේ ජෙනීගෙ උඩ ඉදන් පල්ලෙහාට වෙනකම් ස්කෑන් කරන්න....

"ම්ම්ම්....ලස්සන නන්ගියෙක්නේ...කිම්....බැරිද දවසකට දෙන්න"
ආයෙමත් ජෙනීගෙ උඩ ඉදන් යටට බලන ගමන් ජන්කුක් කතා කලේ ජීමින් ඉක්මනටම ඇවිත් ජෙනීගේ ඉස්සරහින් හිට ගනින්ද්දී.....

"මොනාද මගේ නන්ගි ගැන තමුසේ කිවුවේ?" ටේ හ්‍යුන්ග් ආයෙමත් ජන්කුක්ගේ ශර්ට් එකෙන් අල්ලගත්තා...

"ටේ , එපා ප්ලීස්....අපි ඉක්මනට යන්න ඕනී" ජීමින් ටේ හ්‍යුන්ග්වත් ඇදගෙන එලියට ගියේ ටේ හ්‍යුන්ග් ජන්කුක්ට ඇස් වලින් "පස්සේ බලාගමු" කියන එක ඉගි කරද්දී.....

"ජියොන් ,තමුසේ එනවා මාත් එක්ක යන්න" මොනා නැතත් ජන්කුක් එයාගේ අක්කට බයයි...කනෙනුත් අල්ලගෙන දෙනෝ දාහක් ඉස්සරහා ඇදගෙන යද්දී ජන්කුක් මුකුත් නොකර මී පැටියෙක් වගේ හිටියේ ඒ නිසයි...

"මේ පොඩි එකාගේ ප්‍රශ්න විසදන්නත් ඕනි , අර ලොකු යක් පැටියගේ ප්‍රශ්නත් විසදන්න ඕනී"
සනා බැන බැන මග දිගට ජන්කුක් වත් ඇදගෙන ගියේ ප්‍රින්සිපල්ගේ ඔෆිස් එකට.......

ඔෆිස් එකේ හිටියේ ප්‍රොෆෙසර් ,ඩොක්ටර් වගේම ප්‍රින්සිපල්...සුගාට තුන් දෙනාම බැන්නත් කන් දෙකට එයාගේ පුන්චි ඉයර් ෆෝන් ගහගෙන සුගා හිටියේ තුන් දෙනාටම දැනෙන්නේ නැති වෙන්න....

ඒත් සනා ,ජන්කුක් එක්ක එතනට එනවා එයාගේ වෘක ඉවෙන් තේරෙද්දී කනේ ගහපු ඉයර් ෆෝන් අයින් කරලා සුගා නැගිට්ටේ තුන් දෙනාම පුදුම වෙලා බලන් ඉද්දීයි....

" යකෝ...මූ කනේ ඇබ ගහන් ඉදලා...අපරාදේ මගේ වචන..."
ප්‍රින්සිපල් එහෙමත් නැත්තම් ජැක්සන් කෑ ගැහුවේ සනා ඔෆිස් එකට ඇතුලු වෙනවත් එක්කම....

"සර්...මමයි මෙයාලගේ අක්කා....මොකක්ද මෙයා මේ සැරේ කරලා තියෙන්නේ?"
සනා සුගාට ඔරවන ගමන් ප්‍රින්සිපල් ගෙන් ඇහුවා...

"මේකා මගේ ඔක්කොම ෆයිල් ටික ගිනි තියලා...ඒ මදිවට පුටුවත් කඩලා" ප්‍රොෆෙසර් කේන්තියෙන් කියාගෙන ගියා..

ඊලගට කතා කලේ ඩොක්ටර්...
"මගේ බෙහෙත් ටිකට වතුර දාලා , ලැබ් එකේ දොරත් කඩලා.."
ප්‍රොෆෙසර් තරම්ම කලබලෙන් නැතුව ඩොක්ටර් කියාගෙන ගියා....

"එතකොට ස්කූල් එක ඇතුලේ දුම් බීලා තියනවා" අන්තිම වැරැද්දත් ප්‍රින්සිපල් කියාගෙන ගියා....

"බ්‍රෝ....මරු වැඩේ"

ජන්කුක් සුගාට අතෙන් ඉගි කරද්දී සනා කෙලින්ම ප්‍රහාරයක් එල්ල කලේ ජන්කුක්ගේ ඔලුවට..ජන්කුක්ගේ කට වැහුනේ දන්නෙම නැතුව...

හෙට දෙමව්පියන් එක්ක එන්න පොරොන්දුවෙන් සනා දෙන්නවම එලියට එක්කගෙන ගියේ හොදටම බැන බැන......

"මුන් වෘකයෝද...බල්ලොද....ඇයි දෙයියනේ හැම වෙලාවෙම මොකක හරි පැටලෙන්න යන්නේ"
සනා මොනා කිවුවත් දෙන්න නෙමෙයි කනකටවත් ගත්තේ....

......................................................................

"

ආහ්හ්හ්හ්හ්.....මම ඒ මිනිහව මරනවා" ටේ හ්‍යුන්ග් කෑ ගැහුවේ ලග තියන බඩු ඔක්කොම පෙරලන ගමන්....

"එයා වෘකයෙක්...මිනිහෙක් නෙමෙයි" ජීමින් කතා කලේ බිමට නැමිලා මොනාදෝ හොයන ගමන්...

"මොකෙක් හරි....මම ඌව මරනවා...එච්චරයි........."ටේ හ්‍යුන්ග් කතා කලේ ජීමින්ව හොයන ගමන්...ඒත් එක්කම බිම ඉන්න ජීමින්ව දැකලා ටේ හ්‍යුන්ග්නුත් බිමට නැමුනා....

"මොනාද හොයන්නේ චිමී?"

"ජෙනී ගේ කරාබුව වැටිලා..."

" ආහ්...මගේ නන්ගිගේ බොරු ඕවා ....ඔයාව ආයෙත් රවට්ටලා" ටේ හ්‍යුන්ග් නැගිට්ටේ තමන්ගේ නන්ගිව හොදින්ම දන්න නිසයි....

"හ්ම්ම්....මට හිතුනා...ඒක නෙමෙයි ටේ, එයා මට ඇත්තටම කැමැත්තක් නෑ වගේනේ"

ටේ හ්‍යුන්ග්ට ජීමින්ගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ලැබුනේ නැත්තේ ඒත් එක්කම පැක් එකේ ලූනා එහෙමත් නැත්නම් ටේ හ්‍යුන්ග්ගේ අම්මා එතනට ආව නිසයි....

"ටේ හ්‍යුන්ග් ....පුතේ තාත්තා ඔයාට කතා කරනවා....යන්න ගිහින් බලන්න ඇයි කියලා" ටේ හ්‍යුන්ග් කාමරෙන් පිටත් උනේ තාත්තගේ කාමරේ හොයාගෙන.....

හිමින් දොරට තට්ටු කරපු ටේ හ්‍යුන්ග් තාත්තා ගේ කාමරේට ඇතුලු උනා....ඒ වෙනකොටත් තාත්තා හිටියේ වැඩක...ටේ හ්‍යුන්ග් එනවත් එක්කම අතේ තිබුන ෆයිල් එක පැත්තකින් තියලා ඉස්සරහා පුටුවෙන් ඇවිත් වාඩි උනේ ටේ හ්‍යුන්ග්ටත් වාඩි වෙන්න ඉගි කරන ගමන්....

"ටේ......කෙලින්ම කියන්නම් මම, ඔයාගේ අයියයි මමයි තීරනය කලා ඔයාව මේ ස්කෝලෙන් අයින් කරන්න...."

"ඒ මොකටද?" ටේ හ්‍යුන්ග් කතා කලේ කලබලෙන්...

"මොකටද? මතක නැද්ද එදා තව පොඩ්ඩෙන් ඔයා වෘකයෙක් වෙනවා හැමෝම ඉස්සරහා"
කිම් නම්ජූන්,එහෙමත් නැත්තම් ටේ හ්‍යුන්ග්ගේ අයියා එතනට ආවේ කතා කරන ගමන්....

" එක වැරදීමක්...මට පුලුවන් මාව පාලනය කරගන්න....මට මිනිස්සු ඉස්සරහා වෘකයෙක් වෙන්නේ නැතිව ඉන්න පුලුවන්" ටේ හ්‍යුන්ග් කතා කරගෙන ගියේ ඒ පාසලෙන් අයින් වෙන්නවත්...එයාගේ ටීම් එක දාලා යන්නවත් එයාට ඕනි නැති නිසා....

"ඒත් ඔයාට යන්නම වෙනවා....අපි ඔයාව දාන්නේ Eclipse college එකට...ඒක වෘකයන්ට විශේෂ උන එකක්....මිනිස්සු කීපයක් හිටියට" තාත්තා කිවුවේ තවත් කලබල උන ටේ හ්‍යුන්ග්ගේ ගේ මූන රතු වෙනවා බලන් ඉදිද්දියි....

"තාත්තේ....ඔයා මට විහිලු කරනවාද? අර කමකට නැති කොල්ලා ඉන්නෙත් ඒ මෝඩ ස්කෝලේ...මම නෙමෙයි මගේ බල්ලවත් යන්නේ නෑ ඔය ස්කෝලෙට නම්..."
ටේ හ්‍යුන්ග් කතා කලේ ජන්කුක්වයි එයාගේ මෝඩ වැඩයි මතක් වෙන වාරයක් ගානේ ආව කේන්තිය නතර කරගන්න බැරිව...

"ඔය කියන කොල්ලව මම දන්නේ නැති උනත් ඔයාට යන්නම වෙනවා....මේක අවස්තාවක් අපිට ලැබුන......ඒ වගේම ටේ.....දැන් ඔයාගේ වයස හරි....ඔයා මේ රහස දැනගන්න ඕනි කාලේ ඇවිත්...බ්ලැක් වුල්ෆ් පැක් එක ගැන...ඉතින් ඔයා ඒකට යන්නම ඕනි" තාත්තා රහසක් ගැන කියනකොට ටේ හ්‍යුන්ග් බලාගෙන ඉදියේ ලොකු කරගත්තු ඇස් වලින්.....

"ඒ වගේම ඒ ස්කෝලේ ලිසා ත් ඉන්නවා ,අමතක කරන්න එපා " නම්ජූන් කිවුවේ ටේ හ්‍යුන්ග්ට ඇහැක් ගහන ගමන්.......

.......................................................................

ඔන්න ඕකයි පලවෙනි කොටස....විකාරයක් වගේ නේ...ඒත් ඉස්සරහදි දෙන්නම එකම ස්කෝලෙට ගියාම ගොඩක් දේවල් වෙනස් වේවි....

ඉතින් කියන්න මේක ගැන ඔයාලා මොකද හිතන්නේ?

.......................................................................

තව දෙයක් මගේ ආදරනීය නැන්දා( අක්කා) ලස්සන කතාවක් ලියනවා...ශාපලත් රැජිනව බේරගන්න ලොකු අවදානමක් ගන්න මේ කොල්ලෝ හත් දෙනා ගැන.......

ඒකත් කියවලා බලන්න ...ඔයාලා කැමති වේවි....වැම්පයර් BTS ඒකේ ඉන්නේ .....

123-ovani

මෙන්න මෙයාගේ

7 boys and fateful queen's secret daughter....

ඒකත් කියවලා බලන්න ළමයිනේ...

Bạn đang đọc truyện trên: Truyen247.Pro