Chào các bạn! Vì nhiều lý do từ nay Truyen2U chính thức đổi tên là Truyen247.Pro. Mong các bạn tiếp tục ủng hộ truy cập tên miền mới này nhé! Mãi yêu... ♥

#엉망 #explanation

තේරුණා ද දන්නෑ. මාත් මෙහෙම ලියන මුල් ම වතාව.

බයවුණේ හේම නෑනෙ!? නෑ නෑ මයෙ ෂූඛර පැටව් ලෙසට ම හිත හයිය පොරවල් ඒම ලේසියෙන් බය වෙන්නෙ නෑ හුහ්! ;)

තේරුණා හරි නොතේරුණා හරි, කතාව මං නිකං කියාගන යන්නම්. බලන්න ඔයාලගෙ අනුමාන හරි ද කියලා. ;D

මුලින් ම, 엉망 (eongmang) කියන්නෙ, 'අවුල', 'mess' කියනෙක ම තමා.

පටන් ගන්න කලින් කිව්වත් වගේ මං මේක ලියන්න inspire වුණේ Bebe Rexhaගෙ I'm a Mess සිංදුවෙන්. තැනින් තැන ඒකෙ lyrics එහෙන් මෙහෙන් ඔබ්බව ල තියෙනව ඔයාල දකින්නැති.

ඉතිං කතාව..

කතාවෙ ප්‍රධාන චරිතය ගෑනු ළමයෙක්. ඉම් ජින් ආ. ඔයාල දකින්නැති ඒක. ජින් ආ තමා දිගට ම කතාව කියන් යන්නෙ. එයා අමුතුයි කියල තේරුණානේ.. කතා කරන හැටි, එකපාරට ම mood swings වෙන හැටි. ඔව්, එයා මානසික රෝගී ⁣කෙනෙක් තමයි. හරියට ම කිව්වොත් schizophrenia තත්ත්වය.

තව චරිත දෙකක් උන්නනෙ. කිම් නම් ජුන්. කිම් සොක් ජින්. මේ දෙන්නගෙන් එක්කෙනෙක් ජින් ආ ගෙ හිතේ මැවිච්ච එක හිතළු චරිතයක් විතරයි. කවුරු කියල ද හිතන්නෙ?

නම් ජුන් ද?

සොක් ජින් ද?






ඇත්තට ම හිතළුව තමා නම් ජුන්!

😱😱😱😱😱😱

සප්පයිස් උණා නේ?

ඈ?

ආ නැද් ද?

කමක් නෑ.

එතකොට කවු ද මේ සොක් ජින්?

හරි හරි WWH තමා බොලව් කෞතේ ඒක දන්නැත්තේ? මං අහන්නෙ කතාවෙ දි.!


ජින් ආ මැරෙන්න මගෙ ජුන් මගෙ ජුුුන් ගගා උන්නට ඇත්තට ම එයාගෙ පෙම්වතා තමයි සොක් ජින් කියන්නේ.

😱😱😱😱😱😱

දැන් නං ඇත්තට ම සප්පයිස් වුණා නේ..? ;)

නෑ!? 

අනෙ පච හලන්නෙපා බං. බලාම් ජනේලෙන් එහාපැත්⁣ත, ගලක් පැලිල ඇති.

ජින් ආ එයාගෙ ගෙදර අයට කැමැති නෑ කියල දැක්කනෙ. පිස්සෙක් වුණත් එහෙම නිකං අකැමැති වෙන්නෑනෙ. ඇත්තට ම එයාල හොඳ අය නෙවේ. ජින් ආ කියන්නෙ ගෘහස්ථ ප්‍රචණ්ඩතවයට පුංචි කාලෙ ඉඳන් ම ගොදුරු වෙච්ච ළමයෙක්. ඒත් ඔයාල දකින්නැති එයා වෙනුවෙන් උසාවියට හොඳ ⁣lawyer කෙනෙක් ව ගෙන්නල තිබ්බා. ඔව්, ජින් ආ කියන්නෙ පෝසත් පවුලක දරුවෙක් තමා. ඒත් ඒ පවුල් ජීවිතේ කොහොමටවත් පෝසත් එකක් වුණේ නෑ. ඒ නිසා තමා depressionවලින් පටන් ගත්ත එක පවුලෙ අවධානයක් නැති කම නිසා ම schizophrenic තත්ත්වයක් දක්වා දරුණු වුණේ.

සොක් ජින් කියන්නෙ ජින් ආ ට මතක ඇති කාලෙක ඉඳන් ආදරේ කරපු කෙනෙක්. ඒ වෙද්දිත් තිබ්බ ජින් ආ ගෙ mood swings එක්ක handle කරන් ඉන්න පුළුවන්කමක් තිවුණේ එයාට ම විතරයි. ඒත් එයාට අකමැත්තෙන් ම ජින් ආ ව දාල රට යන්න වෙන්නෙ ඉගෙන ගන්න. ඔය කාලෙ තමා ජින් ආ නම් ජුන් ව මවාගන්නේ. හිතල කරපු දෙයක් නෙවේ. සොක් ජින් පවා නැති වුණහ ම එයාට දැනුණු දරුණු තනිකම යවාගන්න. පුංචි හිතළු යාළුවෙක් වෙච්චි මේ කිම් නම් ජුන් කියන චරිතේ කල් යද්දි යද්දි ගලවගන්න බැරි තරමට ම ජින් ආ ගෙ හිතේ මුල් ඇද්දා. එයා ජුන්ට ආදරේ කරන්න ගත්තා.

ඒත් ජුන් එයාට කැමැති නෑ කිව්වනෙ. ඉතිං ජුන් එයාට ගැහුවලු, තුවාල කළාලු, පිච්චුවලු,... කතා ගොඩයි. ඒත් ඇත්තට ම ජින් ආ ම යි තමන්ට ම ඒ දේවල් කරගත්තේ. ඒත් එයාට දැනුණෙ අරෙහෙ ම.

තත්ත්වෙ එන්න එන්න ම දරුණු වෙද්දි ජින් ආ ගෙ දෙමාපියෝ එයා ව මානසික වෛද්‍යවරයෙක්ට පෙන්නනවා. ඒත් ආදරේකට නෙවේ. මේ තත්ත්වෙ පිටට ආරංචි වුණොත් ප්‍රශ්න නිසා. එයාල පෝසත් කිව්වනේ..

එයා කිව්ව මතක ඇති මාසෙකට සැරයයි බලන්න එන්නෙත් කියලා.

ඉතිං ඔහොම ආපු වතාවක ජින් ආ එයාගෙ අම්මගෙ බෙල්ල මිරිකන්න හැදුවා. ඒක පාලනය කරන්න තමා හෙදියක් නින්ද යන්න එන්නතක් විද්දෙ එයාට. "මං උන්ට යන්න කිව්වා... එතකොට මට කට්ටක් විද්දා." කිව්වෙ ඒක යි. XD ඒකනං තේරෙන්න ඇති.

ඒත් ඊට පස්සෙ උන් නෑ කිව්වනෙ. ඇත්තට ම ඊට පස්සෙ එයාල එන්න බයවුණා. මරන් කන්න හදනවනෙ!

ඊට පස්සෙ මෙයා ජුන් ව හොයන් යනව කිව්වා. ඇත්තට ම මෙයා දවසක් පිස්සන් කොටුවෙන් පනිනවා. මේ වෙද් දි සොක් ජින් ගෙ අධ්‍යාපන කටයුතු ඉවර වෙලා එයා ඇවිත් ඉන්නෙ. මෙයා වහල තිබ්බ ගේට්ටුව පහු කරන් ගියා කිව්වෙ ඇත්තටම යි ඉතිං. ඒක අඩවල් කරල තිබ්බෙ.

එතන ඔහෙලා හිතපු තරම් හෙන ගැඹුරක් නෑ හලෝ.. ;)

ඉතිං මෙයා ඇතුළට යද් දි සොක් ජින් දැක්කා. පුදුම සතුටක් එයාට තිබ්බෙ. මේකි ඇඳන් ඉන්නෙ ලෙඩ ඇඳුමක් කියලවත් මෝඩයට මීටර් වු⁣ණ් නෑ. එයා මානසික රෝහලෙන් පැනල කියලවත් තේරුණ් නෑ.

Plot twist එක තමා අවාසනාවකට ජින් ආ ගෙ හිතේ සොක් ජින් ගැන ඉකුරු වුණ අංශු මාත්‍රෙක මතකෙ නම් ජුන්ගෙ හොර කොල්ලා විදිහට තමා පෙරළුණේ. ඉතිං මෙයා සොක් ජින් ව, තමන්ගෙ ඇත්ත ම කොල්ල ව තමා මරල දාන්නේ. එයාට හිතුණේ සොක් ජින් ආවෙ නම් ජුන් ව එයාගෙන් උදුරගන්න කියලා.

මේන්න මේ හේතුව නිසා තමා උසාවි යන්න වුණේ. මිනී මැරුමක් නෙ. ඊට පස්සෙ තමා බන්ධනාගාර රෝහලෙ හුණ්ඩු ඇඳට වැටුණා කීවෙ.

හරියට බැලුවොත් එතකොට ජින් ආ මානසික රෝහල් දෙකක උන්නා.

ඒත් සැරෙන් සැරේ ජින් ආ ගෙ යටි හිතත් කතා කරනවා. දකින්න ඇති එයා වෙලාවකට හෙන සිරා වෙනවත්. ඒ වුණත් රෝගී තත්ත්වය යට කරන්න තරම් ඒවා ශක්තිමත් මදි. ඒවා නිකං හිතට ඇවිත් නැතිවෙලා යන හිතළු විතරක් වුණා.

තාමත් ඉතිං මෙයා කොල්ල ව මරපු එකේ ගාණක්වත් නැතුව නම් ජුන් එනකං බලන් උන්නා.

ජින් ආ ගොඩක් ලස්සනයි. ඇත්තට ම ගොඩක් ලස්සනයි. රෝහලේ mild symptomsවලට හිටපු මිනිහෙක් මෙයා දිහා ඇහැ ගහගන උන්නේ. පිස්සු වුණත් ලස්සනයි නෙ. ජින් ආ ගෙ මානසික තත්ත්වෙන් අයුතු ප්‍රයෝජන අරන් උගෙ අසහනේ නිවාගන්න තමයි මෙයා කෙල්ල ගාවට එන්නෙ.

ඒත් අවාසනාවකට කෙල්ලගෙ බලාපොරොත්තුවක මහත කියනව නං, මූ ව පේන්නෙත් ජුන් විදියට. Schizophreniaවල දි, delusions වෙනව, hallucinations පේනව, කියල තිබ්බේ.. ඒත් අරූ ඇවිත් කරදර කරද් දි මෙයාට කේන්ති ගියා. එයා හොරෙන් ම හංගන් උන්න පිහියක් තිබ්බා. ආයෙත් පිස්සං කොටුවෙන් පනින්න හිතාගන තියාගත්තු. මෙයා ඒකෙන් අරූගෙ ඇඟිලි හතරක් ඇත්තට ම කපල දානවා.

ඒකට කේන්තියට තමා ඌ කෙල්ල ව මරන්නේ.

අන්තිමට ජරා ම ජීවිතයක් ගත කරලා ජරා ම විදිහකට ඒක ඉවර කරගත්තා.

ඒත් අන්තිමේ හරි එයා නැවතුණා.

පවුල තමා මූලික ගැටලුව. ලස්සන ළමා කාලයක්, පවුල් ජීවිතයක් තිබ්බ නං මේ කිසි දෙයක් නොවී, ජීවිත දෙකක් එක්ක ඇඟිලි හතරටත් ලස්සනට ඉන්න තිබ්බා.

මෙහෙම හැපි එන්ඩින්ග් එකක් නැති අවාසනාවන්ත ජීවිත කොච්චර නම් මේ ලෝකෙ තියෙන්න ඇත් ද? තියෙනව ඇත් ද?
ඉස්සරහට නොතියෙන්න අපි දැනුවත් වෙලා ඉමු❣ කාරුණික වෙමු❣෴.

කොයිම වෙලාවකවත් තමන්ගෙ තරහක්, වෙන කෙනෙකේගෙන් පිට කරන්න එපා!

#StopDomesticViolence #AgainstDomesticViolence

මට wattpad එකෙන් හම්බුණ හොඳ ම quote එක තමා මේ. [ Book :- Monster by trashjar ] ඒකත් මේ ලයින් එකේ යන කතාවක්. ඇත්තට ම මම ඒකෙනුත් inspire වුණා.

ඉතිං, අදාාස් උදාාස් කියාගන යම්න සූකරයිනි..🐷💖

~ ෂූඛරී🐽

Bạn đang đọc truyện trên: Truyen247.Pro