#엉망 #6
මෙන්න මා ව උසාවියකට ඇදන් ගියා.
මං මුකුත් කළේ නෑනෙ. ඒ ලේ ගිය විදිය ලස්සනයි. රතු පාට. ඒක හරි ලස්සනයි. ඌ එහෙම විතරයි ලස්සන.
මං වෙනුවෙන් කෝට්කාරයෙක් කතා කරන හැටි බලාන මං බකංනිලාගෙන උන්නා. හනේ මං වෙනුවෙන් බම්බුව! උට හොඳ කුට්ටියක් හම්බෙන්නැති!.
ඊට පස්සෙ යි මා ව මේ හුණ්ඩු ඇඳට වැටුණේ.
මට මේ ලෝකෙ අප්පිරිය යි. ඔව්, එක්කෙනෙක් ඇර..
මං ජුන් එනකල් බලන් උන්නා. ඒත් ඇයි එන්නැත්තේ!?
මට කොච්චර රිද්දුවත් මං ආදරයෙිනෙ. ඔයා ඒක දන්නැද් ද දෙයියනේ!?
ඇයි මට පිස්සියෙක් කියන්නෙ? ආයෙ ආයෙ කියන්නෙ ඇයි?
ඔව් මං මහා අවුලක් තමා, ජීවිතේ දි..
මං පරාජිතයෙක් තමා, ඔයාගෙ ආදරේ දි..
මං වෛරක්කාරියක් තමා, අරූව මතක් වෙද් දි..
කොටින් ම ඔයාගෙ ආදරේ වෙනුවෙන් මං පිස්සියෙක් තමා, ඉතිං ඕක අලුත් දෙයක් යැයි!?
ඒත් ඔයාට මා ව අප්පිරිය යි.
ඒ වුණත් මා ව අප්පිරිය ඔයාට මං පිස්සු වැටිලා.. මොකද් ද කරන්නේ!? මට ම ලැජ්ජ යි! මගෙ ජීවිතේ ම මහා අවුල් ජාලාවක් වෙලා. මේක නවත්තන්න බැරි ද?
නෑ, මට නවත්තන්න ඕනි නෑ.
මොන දේ වුණත් ඔයාට ආදරෙයි. ඔයා ව ඕනෙ. එච්චරයි.
Bạn đang đọc truyện trên: Truyen247.Pro