Chào các bạn! Vì nhiều lý do từ nay Truyen2U chính thức đổi tên là Truyen247.Pro. Mong các bạn tiếp tục ủng hộ truy cập tên miền mới này nhé! Mãi yêu... ♥

#엉망 #5

ඇයි මට ගහන්නෙ? මං ඇහුවා. කෑ ගහල ඇහුවා. බෙරිහන් දීල ඇහුවා. ඒත් උත්තරේට හම්බුණේ තව කනේ පාරවල් විතරයි. මගෙ කටේ සද්දෙ වැඩිවෙන ගාණට වැදෙන පාරවල්වල සැර වැඩි වුණා.

ඉතිං මං ම හෙව්වා.

මේ ඔක්කොම අර සුනඛයා හින්දා. මට තාමත් තරහයි.

ඇයි හිනාවෙන්නෙ? මං නරක වචන කියන්නෑ.

ඒත් ජුන්ට මට වඩා අර කොහෙවත් යන සුනඛයෙක් ව ලොකු වුණා.

කොච්චර ගුටි කෑවත් ආය ගුටි කන්න හරි මං මගෙ ජුන්ව හොයාගන ගියා. මට එයා ව ඕනි. නැතුව කොහොම ද ඉන්නෙ? මැරෙන්න බෑ. මැරෙනව නං ඌවත් මරාගන යි මැරෙන්නෙ. මං මැරිලා උට මගෙ ජුන් ව ඉතුරු කරන්න බෑ.

මං මගෙ ජුන්ගෙ බංගලාවට ම ගියා.

වහල තිවුණු අඩි ගාණක් උස ගේට්ටු පහු කරන් ගියා.

ඒත්, ඒත් යද්දි,

එයා නෙමේ එතන හිටියෙ!

අර සුනඛයා. උගෙ නම මොකද් ද කීවේ?? මගෙ ජුන්ගෙ වාසගම ම යි.

කිම්...

ජින්..

මන්දා.

ආාහ් හරි මතකයි. සොක් ජින්! කිම් සොක් ජින්! ඒ නමේ කැත! මගෙ නමේ කෑල්ලකුත් තිබ්බ හින්ද ද දන්නෑ මුට හිත ගියේ. ඉම් ජින් ආ. ඒ නමට වඩා අර නම කොහොම ද ජුන්ට ලස්සනට ඇහුණේ?

මං උට ගෙවන්න ඇහුවා. මට මගෙ ජුන් ව දීල යන්න කියලා.

ඕන දෙයක් කරන්නම්, යන්න කිව්වා. බෑ කිව්වා.

දණ ගහල වැඳල කිව්වා. බෑ ම කිව්වා.

යකෝ මේක පුදුම ලව් එකක්නෙ! ඒත් මගෙ ලව් එක එහෙම දෙන්නෑ සත්තලං..

අන්තිමට ජීවිතේ පළවෙනි කුණුහරපෙත් එක 'පලයව් වද නොදී පරයෝ!' කිව්වා. මෙන්න අඬනවා!

මට යකා නැග්ගා. ඒ සුදු ශර්ට් එකේ ලස්සන රතු පාට රටා මැවුණා.

හ්ම්ම්. ලස්සනයි. මං නිස යි ඌ ඔහොමවත් ලස්සන වුණේ.

මං ලස්සන දෙයක් කළේ. ඒත් එදායින් පස්සෙ ජුන් ආවෙ ම නෑ.

Bạn đang đọc truyện trên: Truyen247.Pro