#엉망 #3
මා ව කෙනිත්තුවා.
ඇස් රතු වෙලා නිල් වෙලා ඉදිමෙනකං ම,
මැණික් කටුව ගාවින්, තොල අගින්, දණිස්සෙන් ලේ පයිනකං ම,
මට ගැහුවා. මා ව කැපුවා.
සිගරට් කොටේට පිච්චිච්ච පපුවෙ තුවාලෙ වේළිලා දැන්. ඒත් තාම අල්ලද්දි රිදෙනවා. තුවාලෙට යට හිරවෙලා ගැහෙන හදවතත් ආයෙ ආයෙ පිච්චෙනවා.
කොණ්ඩෙ ඇදපු පාරවල් තාම දනවා.
කඳුළු ඇයි මේ? එන්න එපා.
ඒත් එනවා. ඇයි?
මට එයත් එක්ක තරහ වෙන්න බෑනේ... ආාාායිශ්!!
ශිබල්!!! ආාාාාර්ර්ර්ර්ර්ර්ග්ග්හ්හ්!!
කමක් නෑ. සෝජු බෝතලයක් දෙකක් ගහනවා. බියර් එක්ක.
එන්න, 'චියර්ස්' කියන්න.
"චියර්ස්!!!"
ආ, කෝ සෝජු? දැන් මගෙ අතේ තිබුණනෙ. ආ, මේ ඇඳ ගාවට සෝජු දෙන්නෑනෙ.
අයිගූ.. එහා ඇඳේ අයටත් දෙන්නෑලු. හරි ම නරක යි.
Bạn đang đọc truyện trên: Truyen247.Pro