#엉망 #1
ළඟක දි ඉඳන් හැමදේ ම හරි අවුල් වෙලා. මේ හැමදේ ම පිස්සුවක් නේ ද? ඉන්න ජීවිත කාලෙ අවුරුදු ටිකට අපි නැහෙන නැහිල්ලක්.. අන්තිමට මොක කළත් මැරෙන එකනෙ. ඒත් දුවන් නැතුව ඉන්නව ද අපි?
නෑනෙ?
නෑ.
එහෙම ඉන්න බෑනෙ. අපි හරි මෝඩයි. එක අතකට අපි ඔක්කොම පිස්සෝ.
මගෙ තෙරපිස්ට් නං එන එන සැරේට කියන්නෙ 'ඔක්කොම හරි යයි, කිසි ප්‍රශ්නයක් වෙන්නෑ, මේක හරි සුන්දර ජීවිතයක්' කියල තමා. ඒත් මට ඔය තට්ටය ව තඹේකට ෂුවර් නෑ. ඌ විතරක් නෙවේ මට කාවවත් විශ්වාස නෑ.
එයා කොහොම ද එහෙම කියන්නෙ!?
කිසිම දෙයක් හරි යන්නෑ.
හැමදාම ප්‍රශ්න විතරයි.
මේක මහ කාලකණ්ණි ජීවිතයක්.
Bạn đang đọc truyện trên: Truyen247.Pro