-9-
මා ව මහන්සියට යි බයට යි ආතතියට යි ඔක්කො ම එක්ක හයියෙන් ම ගැහෙන්න ගත්තා. බෑග් එකෙන් ම ඇදල මා ව බිමට අතෑරල වීසි කරපු පාර ඒ කොන්ක්‍රීට් පොළොවට දකුණු දණිස්ස හොඳට හීරිලා ලේ එන්න ගත්තා.
"ආහ්!~"
මං දණිස්ස අල්ලගන ඉන්නැද්දි ම කොල්ලෙක් ඇවිත් මගෙ බෑග් පිටෙන් ඇදල අරගන්නකොට යි මං ඔළුව උස්සල බැලුවේ.
කාලෙකින් මං මගෙ හතර දෙනාව දැක්කෙ ම නෑ. ජොන්ග්ගුක් එක්ක ඉන්නැද්දි එයාල ආවෙ ම නෑ. ඒත් දැන් එකපාරට ම ආවා.
"මොකද් ද මේ වෙන්නේ?"
"කවු ද මුන්?"
"ඔයා ව bully කරන්න නේ ද යන්නෙ?"
"ඇයි ඔයා ව ම අහුවුණේ?"
"කොහොම ද ඔයා ව නෝට් වුණේ?"
"මෙච්චර කල් පාඩුවෙ හිටිය ඔයාට මොකද් ද මේ වෙන්න යන්නෙ?"
"මේක හීනයක් නෙවෙයි ද?"
හතර දෙනා එක පිට එක කියවද් දි තුවාලෙ පුපුරු ගැහුවත් මං මගෙ අත කොනිත්තගත්තෙ මේක ඇත්තට ම හීනයක් නෙමේ ද බලන්න.
ඒත් ඒකත් හොඳට ම රිදුණා මට.
හීනයක්..
..නෙවෙයි.~
එතකොට ම අර මා ව වට කරන් ඉන්න කොල්ලො ටික මහ හයියෙන් මට හිනාවෙන්න ගත්තා. හිනා හඬවල් අනුව බලද්දි යි දැක්කෙ කොල්ලො විතරක් නෙවේ කෙල්ලො දෙතුන් දෙනෙකුත් ඉන්නව කියල.
"හීනයක් කියල ද හිතුවෙ?" එකෙක් කියල මහ හයියෙන් හිනා වුණා.
"තාමත් ඉස්කෝලෙ යන උන් ම ද මේ?"
"මැරයො වගේ ඉන්න එකෙන් මුන්ට මොකද් ද ලැබෙන සතුට?"
අර දෙන්නෙක් කිව්වා. මට ඒ හතර දෙනාගෙන් කවු ද කියල තෝරගන්නවත් මානසිකත්වෙ පැහැදිලි ව තිබ්බෙ නෑ.
"යා, මෝඩි!" ඒ සෙට් එකෙන් එක කෙල්ලෙක් බිම ඉන්න මං ගාවට ආවා. ඇවිත් වචනෙන් වචනෙට ඇඟිල්ලෙන් මගෙ නළලට අනින ගමන් කියවන්න ගත්තා. "මේක. හීනයක්. නෙමේ....~ මෝඩි!" කියල හිනාවෙන්න ගත්තා.
"මොන කුණුහරප ආතල්ලෙකක් ද ඒකි ඒ ගත්තෙ?" මං හිතන්නෙ ඒ රිකී කීවෙ.
"බෑග් එක බලනව!" එකෙක් කිව්වා ම තව කොල්ලෙක් ඇවිත් මගෙ බෑග් එකේ සිප් ඔක්කො ම ඇරල එහෙම්ම ම අනික් පැත්තට හැරෙව්වෙ ඇතුළෙ තිබ්බ ඔක්කො ම වැටෙන්න ඇරලා. ඒලියන් කලින් ගිය නිසා මං අද බයට ම ඔක්කොම කාලත් නෙවේ තිබ්බෙ. කෑම පෙට්ටිය බිම වැටුණු පාර පියන ඇරිල ඉතුරු කෑම හතර වටේ විසික් වුණා. මගෙ ඇඟෙත් එක්ක.
"හ්හ්!" මට හුස්මක් ඇද්දුණා.
"ඊඊව්.." එක කෙල්ලෙක් අප්පිරිය කළා මට ඇහුණා. අනික් ළඟ උන්නු කීපදෙනෙකුත් මූණු හකුළුවගෙන.
"හෙහ්.. තා ම කෑම පෙට්ටි උස්සං එනව බං.." එකෙක් කියල හිනාවුණා.
"යා කොලර් එකේ ලේන්සුවක් එල්ලල ඉලෙමෙන්ටරි ස්කූල් යවමු ද?" ඊට වඩා හයියෙන් තව එකෙක් කියල ඔක්කොම එක්ක හිනාවුණා.
"උන්වත් කෑම පෙට්ටි උස්සං යන්නෑ බං දැන්.. මොන්ටිසෝරි යි යවන්න තියෙන්නෙ!" කලින්ටත් වඩා හයියෙන් කට්ටියම හිනා වුණා ඒකට.
"ඇයි ඇයි මෙහෙම වෙන්නෙ?" ෆ්ලොපී කියනව මට යාන්තමට ඇහුණා.
මං කළේ ඇඟේ එක්ක ම ආපු හිතේ වේදනාවට නළලත් රැලි කරං බිම බලන් උන්නු එක විතර යි.
දත් කට කට ගාල හැප්පෙද්දි මා ව ගැහෙන්න ගත්තා. මං බයයි මේකට ආයිත්.. නෑ එහෙම වෙන්න ඕනි නෑ. ඒක හරි ගිහිල්ලනෙ තිබ්බෙ මොකද් ද මේ වෙන්නෙ??
මා ව හොඳට ම ගැහෙන්න ගත්තෙ මුළු ඇඟ ම රත් වෙද් දි... මං මගෙ කම්මුල් දෙක තදින් අල්ලගත්තා.
හතරදෙනාගෙ කටහඬවල් මට ඇහී නෑහී යන්න ගත්තා.
"මේක ඇයි ආයෙත්..!?"
"ඔයාට හොඳ වුණානේ..!"
"හිත සන්සුන් කරගන්න.. බය වෙන්න එපා.."
"ආයෙත් එපාාාා..."
"අනේ.. මොන්ටිසෝරි බබා රතු වෙලා ගැහෙනවා.." කොල්ලෙක් මා ව නෝන්ඩි කළා.
"අනූ.., කෝ එන්න නලවන්න.." කෙල්ලෙක් ඇවිත් මගෙ ඔළුව තල්ලු කළා. මා ව තව ගැහෙන්න ගත්තා. ඒ අය දිහා කෙලින් බලන්නවත් මට හයියක් නැහැ. බයට ම එකතැන ගුලිවෙද්දි අසරණකම මිරිකිලා කඳුළු විදියට කම්මුල් දිගේ බේරිලා ගියා.
සමාජ භීතිකාව... මං හිටියෙ දරුණු ම අවධියක නෙමේ. ඒ නිසා හොඳ වුණා. ජොන්ග්ගුක් එක්ක ඉන්න කොට ඇරිල ම ගියා..., ඒත් දැන්,!
ආය ම මා ව බය කරගන පාගගෙන..
"ඊයා බං මේකි දැන් ම අඬන්න අරං..!"
"තා ම පටන් ගත්තෙවත් නෑ මැණික.." කොල්ලෙකු යි කෙල්ලෙකු යි පිළිවෙළින් කීවා.
"මේ..ක. නවත්..තන්න.." මගෙ කටහඬ බිඳිලා.
ජොන්ග්ගුක් කොහෙ ද ඔයා..?
"යාා!" කෙල්ලෙක් මගෙ කොණ්ඩෙන් ඇදල ඔළුව උඩට කරල අල්ලගත්තා. " තමුසෙට කතා කරන්න අවසර දුන්නෙ නෑ අපි! කටවහගන්නවා!"
එකදිගට මා ව ගැහෙන වේගෙට ම කඳුළු ගලනවා.
"ඈයිශ්.. බැ#ලි!" ඒකි මගෙ කොණ්ඩෙ වේගෙන් ඉස්සරහට අතෑරිය පාර නළල බිම නොවැදි බේරුණේ නූලෙන්. මං යන්තමට ඔළුව උස්සල ඒ මට්ටමින් වටේ බැලුවා.
එතකොට යි මගෙ ඇස්වලට අහුවුණේ මං අඳුරන සපත්තු දෙකක්. මං ඒ සපත්තු හරහා එයාගෙ මූණ දිහා බැලුවා. බෙන්ච් එකක් උඩ වැටිලා එතන හිටියෙ ජොන්ග්ගුක්!
මට...,හ්හ්හ්! මට එවෙලෙ දැනුණු සතුට මෙච්චරයි කියල ලඝු කරන්නෙ කොහොම ද මං.? හිනාවෙන්නවත් මහ පණක් නැති වුණාට තුවාල ඉඳන් අමතක වෙලා වටේ දේවලුත් අමතක වුණේ නිකං එනර්ජි ඩ්‍රින්ක් එකක් අරගන වගේ.
ඒත් එක්ක ම එයා වැටිල උන්නු හැටි දැක්ක ම දරුණු බයක් ආවෙ මුන් එයාට මොනාවත් කරලවත් ද කියල..
ඇඟේ නැති හයියක් එකතු කරන් මං එයා ඉන්න තැනට දිව්වෙ ඉතුරු රැල කෑගහද්දි.
"ජොන්ග්ගුක්! ජොන්ග්ගුක්! ඇයි ඔහොම ඉන්නෙ ආ..!?" එයාව අත් දෙකෙන් ම හොල්ල හොල්ල මං ඇහුවත් එයාගෙ උත්තරයක් නෑ. මං දන්නෑ මට කොහෙන් ආපු හයියක් ද කියල.. ඒත් මං අනික් අත හැරිල අනික් උන්ගෙන් මෙහෙම අහන්න තරං..., නිර්භීත වුණා...? කීවොත්..,?
ඒක ද වචනෙ?
ඔව්! මං වගේ කෙනෙක්ට එතෙන්ට ඒ වචනෙ ගන්න පුළුවන්!
"මොකද් ද තමුසෙල එයාට කළේ!?"
මං ඒක අහන්න හැරෙද්දිත් ටිකක් කට්ටිය තූෂ්ණීම්භූත වෙලා උන්නෙ මං නොදන්න හේතුවකට. පස්සෙ හැමෝම කේන්තියෙන් වගේ නෝන්ඩියට "හඃ!~" ගාන්න ගත්තා.
"මේකිට මෙච්චර හරියක් කරන්න දුන්න ද බං..?" එක කෙල්ලෙක් හොඳට ම කේන්තියෙන් තව කොල්ලෙක්ගෙන් ඇහුවා ම ඒ කොල්ලත් අර කලින් හැටියට ම හිනාවුණා. ඒත් මට ඒ කිව්ව එක තේරුණ් නෑ. මං ආයිත් හැරිල ජොන්ග්ගුක් ව හොල්ලන්න ගත්තෙ මට හොඳට ම බය හිතුණු නිසා.
ඒත් එක්ක ම එක කෙල්ලෙක් එන්න හැදුව කෑගහගන. "ආයිශ් වේ% බැ#ලි, කවු ද යකෝ තොට ඔප්ප ව ඔහොම අල්ලන්න අවසර දුන්නෙ #$*යේ !?" අමු කුණුහරුප වැලක් එක්ක ඒකි මගෙ පැත්තට එද්දි කොල්ලො දෙන්නෙක් 'එපා' ගාන්න ඔළුව වනල ඒකිව පාලනය කරගත්තා.
"එපා මින් ආහ් ඉන්න.." ඒත් ඒකි තාමත් ගිනි පිඹිනව.
බය එන්න ආවත් මං ඒකි ව ගාණකට නොගෙන ජොන්ග්ගුක්ට කතා කරන්න ගත්තෙ හදවත පුදුම තරං වේගෙන් ගැහෙද්දි. එයා ට මොනව වෙලා ද..? නේක විධ අදහස් ඔළුව වටේ දඟ කරන්න ගත්තෙ මා ව තව බය කරලා.
"ඈයිශ් අහකට වෙනව බැ#ලියෙ මොක ද අරහෙන් මෙහෙන් අදින්නේ!? පාඩුවෙ නිදාගන්නවත් දෙන්නෑනෙ යකෝ!"
..............................----
මා ව එකපාරට ම ගැස්සිලා ගිහිං එහෙම්ම ම ගල් වුණා. ඒ කෑගහගන නැගිට්ටෙ ජොන්ග්ගුක්! කන් ඇස් අදහගන්න බැරුව මං බලාන හිටියෙ කේන්තියට යි නිදාගැනිල්ලටයි රතු වෙච්චි ඒ ඇස් දිහා. ඒ කෑ ගැහිල්ල අස්සෙත් මොහොතකට එයා කෙළින් මං දිහා බලල ක්ෂණයෙන් අහක බලාගත්තා.
දෙකට නැමීගන ඉඳපු මා ව එහෙම්ම ම බිම ඉන්දුනා. එයා සාක්කුවෙන් ගත්ත සිගරට් පැකට් එහෙකින් එකක් ඇදල අරන් ලයිටරෙන් ඒක පත්තු කරගන කටේ ගහගත්තා.
අනික් රැල නෝන්ඩියට හිනාවෙද්දි අර මින් ආ කියපු එකී කොල්ලො දෙන්නගෙන් ගැලවිලා ගස්සගන ඇවිත් ජොන්ග්ගුක්ගෙ කරේ එල්ලුණා.. ආාහ්.. අප්‍රසන්න යි.
වෙන දේවල් මට තේරුම් ගන්න බැරි තරම් පැටලුණේ කොහෙන් ද කියලවත් හිතාගන්න බැරුව හිතිවිලි අනන්තෙක අතරමං වෙච්ච මං ලොකු වෙච්චි ඇස් දෙකෙන් ම එයා දිහා බලාන උන්නා..
Bạn đang đọc truyện trên: Truyen247.Pro