-8-
එදා ඉඳන් ඒලියන්ට එතනට එන්න තහනමක් තිබ්බෙ නෑ. මං එයා එනකං බලාන උන්නා කිව්වොත් තවත් හරි. කීයටවත් මං ඒත් එදායින් පස්සෙ එයත් එක්ක එකට නං ආවෙ ම නෑ. කොච්චරවත් මට ඒකට චකිතයක් තිබ්බා. එයාගෙ ඒ ගැන කහටක් තිබ්බෙත් නෑ හැබැයි.
.
.
.
.
.
.
අපි දෙන්නත් එක්ක බංකරේ ඉඳන් කකා උන්නෙ. එකපාට්ට ම ඒලියන් කතා කරන්න ගත්තා.
"යොන්ග් සු-යා..,"
"ම්ම්හ්?"
"මගෙ නම කියන්න.."
"නම.. නම?" මං ඒ වෙනකං එයාට ඒලියන් කියල නමක් දුන්නට ඇත්තට නමක් අහන්නවත් මතක් වුණ් නෑ. පුරුද්දට. කොහොමත් මං පන්තියෙ අයගෙවත් නමවත් හොයපු කෙනෙක් නෙවේ. මගෙ නමට අත උස්සනව ඇරෙන්න අනික්ව ගැන මට අවධානය බිංදුව යි. දරුණු ඉන්ට්‍රොවර්ට් කෙනෙක් මං...
"දෙයියනේ මෝඩ කෙල්ල! මගෙ නමවත් නොදැන ද මේ අපි ඩේට් කරන්නෙ එතකොට?" එයා හිනාවුණා. ලස්සන යි.
"නම මොකට ද? මං ඔයාට යි කැමැති. ඔයාගෙ චරිතෙට.." මං හිනාවුණා.
"ඒත් මගෙ නම දැනගෙන ඉන්න එපැයි.. මහ අමුතු යි අප්පා ඔයා. වෙලාවකට තේරුම් ගන්න ම බෑ."
"ම්ම්හ් කියන්නකො ඉතිං.."
"මතක තියාගන්න හරි ද..? ජොන්ග්ගුක්. ජොන් ජොන්ග්ගුක්."
"නමත් ලස්සන යි හැබැයි.." කට කොනින් පටන් අරං මං ලොකු හිනාවක් දැම්මා. මනුස්සයෙක්ට හැම අතින් ම මෙහෙම පර්ෆෙක්ට් වෙන්න පුළුවන් ද මං අහන්නේ?
"ආරෝ.. (දන්නවා..) ඒක ලස්සනයි තමා.."
"ඒත් හැබැයි...මන්ද ඒක නිකං අහල පුරුදුයි මට.." මං ඇත්තට කීවෙ. මට අහල පුරුදුයි මේ ඉස්කෝලෙ දි ම වගේ. ඒත් කොහෙදි ද කොහොම ද කියල මීටර් නෑ. එයාට හිනාවක් ගියා.
"පුදුම යි.. ඔයාට මතක යි කියන එකත්.."
"හෙහෙහ්.. ඇත්ත.." මට හිනාගියා. ඔව් ඉතිං මෙච්චර පිට ලෝකෙට අවධානයක් නොදුන්න මට එහෙම මතකයක් තියන එක මටත් පුදුම යි තමා හැබැයි..
.
.
.
.
.
.
දින සති ගතවෙද් දි මං එයාට, එයාගෙ ගතිගුණවලට තව තව ළං වුණා. මං ආස ම වුණේ එයාගෙ හිනාවට. ඒකට හිත පිරෙනවා.
අදත් ඉතින් මං එයා එනකං බලාන හිටියා. ඒත් එයා ආවෙ නෑ. මං ටිකක් ඉක්මන් කරල කාල ගියේ ඇයි නැත්තෙ බලන්න. ඒත් එයා කොහෙකවත් මට හම්බුණ් නෑ. ඉන්ටර්වල් එකේ පන්තියට යද්දි ඒ හිටියෙත් නෑ.
කලිනුත් මෙහෙම වුණා මතක යි දවසක්.
ඒත් එදා මං යද්දි පන්තියෙ උන්නා එදා. මං කිරි හලාගත්ත දවසනේ..
ඒත් අද නෑනෙ. මොකක්හරි වැඩක් ද..? මොකද් ද ඒ?
මට ටිකක් කලබල නොවුණාමත් නෙමේ.
එයා මතුවෙනකං මං පන්තියෙ දොර දිහාට ඇස් හරවගන උන්නා.
පීරියඩ් එකක් ඉවරවුණා. තාම එයා නෑ. දැන්නං මා ව ටිකක් වේගෙට ගැහෙනවා. මොනවහරි වෙලාවත් ද..?
ඊළඟ පීරියඩ් එකත් ඉවරයි. ඊළඟට ඉතිහාසය..... ඒත් දමල ගහල මං යන්න හැදුවෙ.
එතකොට ම මෙන්න එනව හිනාවෙවී. ඇවිත් මුකුත් වුණ් නැති ගාණට ඉඳගෙන ආය හිනාවෙනව.
"මොක ද-"
"වැටුණා.. හෙහ්.." මට කතා කරන්නවත් නොදී එහෙම කියල එයා කලිසම් කකුල ටිකක් උස්සල පෙන්නුවෙ මේස් එකට ටිකක් උඩින් ඔතපු බැන්ඩේජ් එකක්. මට තරහා ගියා. වෙන කපල්වල වගේ මෙහෙම වුණා ම හංග හංග අඬ අඬ හුරතල් වෙන සිරිතක් අපිට තිබ්බෙ ම නෑ. ඕන මඟුලක් කතා කරනවා. ඒ නිසා ප්‍රශ්න ඇති වුණේ ම නැති තරං..
"මෝඩයා! මැසේජ් එකක්වත් දාන්න බැරිවුණා ද? ගණං ඉවර වෙද්දි ම කවදාවත් නැතුව විද්‍යාව ටීචර් කඩංපාත් වුණ නිසා එන්නවත් බැරිවුණා මට.."
"ෆෝන් එක මෙතනනෙ.. නැත්තං දානවා." එයා අහිංසක හිනාවක් දැම්මා.
"ආායිශ් පාබෝ..! ගොඩක් අමාරු ද..?"
"ටිකක් රිදෙනව.."
"කොහෙන් ද ඔය වැටුණේ...?"
"බංකරේට ළඟ ම පඩිපෙළ නෙමේ කලින් එක.."
"අයිගෝ.. බලාගන ඇවිදිනව මීට පස්සෙවත්.." මං ඔරවගත්තා.
"යැයි යැයි.." එයත් මට ඇද කළා ම අපි දෙන්නට ම හිනා ගියා.
එතකොට ම යි ඉතිහාසය මිස් ආවෙ..
.
.
.
.
.
.
මං අද ඉන්ටර්වල් එකේ හෙමි හෙමින් කොරිඩෝර් එක දිගේ ඇවිදං යද්දි මම දැක්ක කොලු රැලක් මං දිහා බලනවා. සෙක්ෂන් එකේ මැර කල්ලිය විදියට ලේබල් ගහගන උන්නෙ උන් තමා මට මතක හැටියට. මං වැඩිය දන්නෑනෙ ඉතිං. කවුරුත් නෙමෙයි එයාලට ළං වෙන්නෙ.
ඒ නිසා මටත් පොඩි බයක් නොදැනුණා කීවොත් ඒක බොරුවක් වෙනව.
මං මගෙ ගමන ටිකක් ඉක්මන් කරන ගමන් නිකමට පිටිපස්ස හැරිල බැලුවා. ඒ එකෙක් මගෙ පස්සෙන් එනවා..! නළලට හීන් දාඩිය දාන්න ගන්න අතරෙ මගෙ හිත ඇතුළෙ ලොකු ප්‍රශ්නයක් නලියන්න ගත්තා. 'මෙච්චර කල් පාඩුවෙ ඉඳපු මා ව මෙයාලට නෝට් වුණේ කොහෙන් ද?'
මං තවත් ගමන ඉක්මන් කළා. එතකොට ම අතක් ඇවිත් මා ව ඇදන් යද්දි ගැස්සිච්ච පාර මට කෑගැහුණ් නැති ටික විතරයි. උඩට ගත්ත හුස්ම පහළට දැම්මෙ ඒ ජොන්ග්ගුක් කියල දැක්කට පස්සෙ යි. මං අනික් අතිනුත් එයාගෙ අත අල්ලගත්තා. ඒ කරල මං බැලුවෙ අර පස්සෙං ආපු කොල්ල දිහා. ඌ දිවෙන් කම්මුල ඇතුළ හාර හාර එතන නැවතිලා මං දිහා ම බලං උන්නු හැටියට නං මට කලින්ට වඩා ටිකක් බය හිතුණා.
මං තවත් එයාගෙ අත තදකරල අල්ලගත්ත ම එයා මං දිහා බලල ගමන ඉක්මන් කරල කෙළින් ම ගිහිං නැවතුණේ බංකරේ ඇතුළේ.
"ඇයි ඔයාගෙ පස්සෙන් ආවෙ?" බිම අතට අහුවුණු තණකොළ පොදිය ම පොඩි කරගන එයා ඇහුවෙ කේන්තියෙන්. එයා එච්චර කේන්තියෙන් ඉන්නව මං මීට කලින් දැකල තිබුණ් නෑ.
"මටත් හිතාගන්න බෑ. අඩු ම පන්තියෙ උන්වත් නොදන්නකොට උන් කොහොම ද මං ගැන දැනගත්තෙවත්..?"
"ශිට්! පර හැත්ත!" මගෙ ඇස් ටිකක් ලොකු වුණා. ඒක එච්චර දෙයක් නොවුණත් එහෙම වචන එයා පාවිච්චි කරනව මට ඇහිල ම නැති තරං..
"ම්ම්හ්.. අමුතු යි.." ඒක ඊට එහා ගාණකට නොගෙන මං ඉස්සරහ බලාගත්තා.
"ඔයා ඔහොම ඉන්න මං එන්නං ඈ.." එයා නැගිටල යන්න ගියා.
"යා.. එයාලත් එක්ක පැටලෙන්න නං ඔය හිතන්නෙ ඒක හිතන එකත් නවත්තන්න හරි..?" මට දැනුණු සාධාරණ සැකයක් නිසා මං එහෙම කිව්වෙ.
ඒත් එයා ගණන් නොගෙන ගියා.
මං දුවගන ගිහිං එයාගෙ ඉස්සරහින් අත දෙකත් දෙපැත්තට දිග ඇරන් හිටගත්තා.
ප්‍රශ්න..
මං ජීවිතේට ගාවගන්න අකැමැති ම දේ.
එයා මග අරින්න හදද්දි හදද්දි මං ඒ යන යන පැත්තට පැන්නා.
"ආාශ්හ්- එහාට වෙනවා!" මා ව ගැස්සිලා ගියා. එයා කවමදාවත් මට එහෙම කෑගහල නෑ.
මං ඒත් හිත හයිය කරගන එහෙම්ම ම උන්නා. "බෑ! යන්න දෙන්න බෑ!"
එතකොට එයාට ටිකක් අවුල් ගියා...වගේ දැක්කෙ.
"ආාහ්..මියාන්හේ.. මං එයාල ළඟට යන්නෑ ම්ම්. ඒත් දැන් මට වෙන අවශ්‍යතාවක් තියනව ඉෂ්ට කරගන්න. ඒකටවත් යන්න දෙන්න බැයි ද..?" මගෙ උරිස්වලින් අල්ලගන එයා ඒ ම කිව්වා.
පුංචි සැකයක් ආවත් මං එයා ව විශ්වාස කරල අත් දෙක පහළට ගත්තා.
"ගොමාවෝ.." මට පුංචි හාද්දකුත් දීල හිනාවෙලා එයා වේගෙන් වේගෙන් එතනින් යන්න ගියා.
වෙලාව යනවා.. දැන් ඉන්ටර්වල් එක ඉවර වෙන්නත් කිට්ටු යි. එයා තා ම නැතිකොට මං නැගිට්ටෙ අද නං හොයාගන්නව ම යි කියල. මෙච්චර වෙලා මොන කර්තව්වයක් කරන්න ද මූ..?
ඒත් අදත් මට කොහෙන්වත් නෑ හම්බුණේ.
බෙල් එක ගහද් දි පන්තියෙ ඇති කියල හිතන් ගියත් පන්තියෙත් නෑ.
පිරීයඩ් ගෙවෙනව තා ම නැතිකොට එයා කීවෙ බොරුවක් කියල මට ඒත්තු ගියා.
"ආාශ්!" මං ඔළුව දෙපැත්ත ඇඟිලිවලින් අතගාන්න ගත්තා.
ඒ මදිවට යන්න හදන්න හදන්න පීරියඩ් එකක් ඉවර වෙද්දි ම ඊළඟ මිස් හරි සර් හරි කඩා පයිනව. මොන කරුමයක් ද මන්දා!
අන්තිමේ ඉස්කෝලෙ ඇරෙනකං ම මට පන්තියෙන් හෙල්ලෙන්න වුණේ නෑ.
ඇරිච්ච ගමන මං රෙඩි පිට තියාන උන්නු බෑග් එකත් කරට විසික් කරගන්න ගමන් පන්තියෙන් එළියට විදල දුවගන ගියේ දැනටත් මොනා වෙලා ද කියල එක එක ඒව හිත වටේ කැරකෙද්දි. බයයි දිවිල්ලයි එකට එකතු වෙලා මහන්සිය දාඩිය කරල ඉහින් කනින් හතර වටෙන් බේරෙනව. ගිම්හානෙ නිසා කාලගුණෙන් කිසි උදව්වක් තිබ්බෙත් නෑ.
මං මෙන්ස් ටොයිලට් පැත්තට පවා ගියා. කොහෙන් හයියක් ආව ද කියල මට තේරුණෙත් නෑ. ඒත් ඒකත් එක ඵලක් නැති මහන්සියක් විතරක් වුණා ම හදවත ගැහෙන වේගෙ තව වැඩිවුණා.
මං සීනියර්ස්ලගෙ බිල්ඩින්ග් එක හරියෙන් දුවනකොට ම කවුදෝ මගෙ බෑග් එකෙන් ඇදල ගත්තෙ එහෙම්ම ම මගෙ හුස්ම හිරවෙන්න යද්දි. මා ව ඇදගෙන ගියේ බිල්ඩින්ග් එකේ පිටිපස්සට..
Bạn đang đọc truyện trên: Truyen247.Pro