Chào các bạn! Vì nhiều lý do từ nay Truyen2U chính thức đổi tên là Truyen247.Pro. Mong các bạn tiếp tục ủng hộ truy cập tên miền mới này nhé! Mãi yêu... ♥

-7-

එදා ඉඳන් ඒලියන් ව දකිද්දිත් මගෙ මූණ රතු වෙනවා. ඒ නිසා එයා දිහා බලන්න ඕනි වුණත් මං අහක බලාගන ම හිටියා. ඒකට එයා හිනාවෙද්දි මා ව පුපුරන්න වගේ.

ශිට්!

ඉන්ටර්වල් බෙල් එක ගහපු ගමන් මං වෙනදා වගේ නොඉඳ හැමෝට ම කලින් පන්තියෙන් එළියට පැනල බංකරේට දුවන් ආවෙ ඒලියන්ට අහුවෙයි කියලා.

"ආාශ්! තමුසෙ කවද ඉඳන් ද ඕයි ඔච්චර බොළඳ වුණේ!? ලැජ්ජාවෙ බෑ!" මාත් එක්ක ම දුවන ගමන් රිකී මට ඇද කළා.

"ඒත් ඉතිං කවදාවත් මනුස්ස ප්‍රාණියෙක් ව ළඟට නොගත්ත මෙයාට එකපාට්ට මෙහෙම එකෙක් ගැන කැමැත්තක් ඇති වුණා ම නොදැනි ම බොළඳ වෙනව තමා.." ක්ලියෝ කීව කතාවට මා ව එහෙම්ම ම නතර වුණා.

"මොකක්!?" මගෙ ඇස් ලොකුවුණේ ඉබේට ම.

"මොක ද ඔහොම බලන්නෙ? තා ම තේරුම් ගත්තෙ නැද් ද තමුසෙ ඒලියන්ට කැමැතියි කියල?" ෆ්ලොපී කිව්වෙ හිනා වෙන ගමන්.

"එයාට එහෙම තේරෙන්නැතු ව ඇති අනේ? ඕව ගැන දැන ගන්න අඩු ම හරි යාළුවෙක්වත් ඉඳපු එකක් යැයි.." ඇන්ඩි කීවා.

හතරදෙනා මට ඇද කරද්දි මට ම ඒක තේරුණා.

එහෙනං..,
අවුරුදු 18ක මට..,
මුල් වතාවට කෙනෙක් ගැන කැමැත්තක් ඇති වුණා ඒ කියන්නේ..

මගෙ මූණෙ හිනාවක් ඇඳුණෙ මට දැනුණු සතුට නිසා. සමාජයට මුහු වෙන්න බය වුණු මට එයින් කෙනෙක් එක්ක ම ඉන්න ඕනි වෙලා. ඉස්සරට වඩා මං විවෘත යි කියල මට හිතුණා. ඒ නිසා මගෙ සතුට වැඩිවුණා. හතරදෙනා ම ඇවිදින් මා ව බදාගත්තෙත් ඒ සතුටට ම යි.

"මැඩම් මොකෝ මේ තනියෙන් හිනාවෙන්නෙ?" එකපාට්ට ම මගෙ කර වටේට වැටු⁣ණු අත දිහා බලල ගැස්සිච්ච මං ඊළඟට බැලුවෙ ඉස්සරහ බලන් මට අතක් දාගන කියවන ඒලියන් දිහා. එයා ඇත්තට ම ගොඩක් ලස්සනයි.
මට ප්‍රශ්න ගොඩයි.

මෙච්චර ලස්සන කොල්ලෙක් ව ඇයි කවුරුත් ගණන් නොගන්නෙ?

මෙහෙම කොල්ලෙක් ඇයි මගෙ පස්සෙන් එන්නෙ?

ඒ ⁣තමා මගෙ හිතේ නලියපු ලොකු ම ප්‍රශ්න දෙක. උත්තර අහන්න හිතුණ් නැති නිසා මං එයාගෙ මූණ දිහා බලාගන කල්පනා කළා.

ඒක දැනිල යි එයත් මගෙ පැත්ත බැලුවේ. එයාගෙ මූණෙ ලොකුවට තිබ්බ හිනාව අඩුවෙලා මොහොතකට එයා ගැස්සුණා වගෙයි මට තේරුණේ. එයා⁣ගෙ ඇස් දිහා බලාගන ම මං හිනාවුණා.

මං හිනාවුණා මගෙ ඔම්ම අප්ප ඇරෙන්න තව කෙනෙක් එක්ක. ගොඩ කාලෙකින්.

"ඔයා ඔය මාත්තෙක්ක හිනාවෙනව ද? ඇයි ඔහොම බලන් ඉන්නෙ? මං එච්චරට ම හැන්ඩ්සම් ද.?" අලුතෙන් හිනාවක් මවාගන්න එයා උත්සාහ කළා. ඒකට මට හිනාගියා. එයා එහෙම්ම ම ඉන්නැද් දි මං එන්න ආවා.
මට හරි ම සතුටු යි. මෙහෙම ඉන්න මට ආස හිතුණා.

විනාඩියක් යන්නත් කලින් ආය ම ඒ අත මගේ කර වටේ යනව දැනෙද් දි මගේ මූණෙ තිබ්බ හිනාව තවත් වැඩි වුණා. මං කැමතියි ඒකට.

"යාාා.., ඔයා හරි අමුතු යි යොන්ග් සුයා.." මං හිනාවෙන දිහා බලාගන එයා කීවා.

....'යොන්ග් සු-..යා..!!?' එයා ඇත්තට ම එහෙම ද මේ දැන් මට කතා කළේ!? ආආආහ්හ්හ්හ් දෙයියනේ දෙයියනේ..!!!!

"දන්නව.." මං එයාට මගේ සැන්ඩ්විච් එකක් දික් කළේ බංකරේ හරියට ළං වෙද් දි. මගෙ අතේ ඒක තියෙද් දි ම ඒක අතට නොගෙන එයා කෑල්ලක් කෑවා. ඒ කරල මගෙ දිහා බැලුවා. මගෙ ඒලියන් හරි ම කියුට්නෙ.. මට ආයි ම හිනාගියේ එයා කරපු වැඩේට.. ආදරේ හිතෙනවා.

" 'මගේ.., ඒලියන්' !??" රිකී ඇහුවෙ සුපුරුදු කින්ඩි හිනාවත් එක්ක.
මාත් ඒකට උත්තර දුන්නෙ පාලනය කරගන්න බැරි හිනාවකින් ම යි.

"ඔයා මුලින් යන්න." එකපාර ම බංකරේ ළඟ නැවතුණු එයා එහෙම කිව්වා. මං එයාගෙ මූණ දිහා බැලුවෙ 'ඇයි?' අහන්න වගේ.

"මට ආයිත් ගුටි කන්න බෑ! ඔයාට පුදුම හයියක්නෙ තියෙන්නෙ! මට තාමත් රිදෙනව එදා ගහපුවා! පයිනුත් ගැහුවා නපුරි!" එයා උරිස්සක් අනික් අතින් මසාජ් කර කර පළවෙනි පාරට මට ඔරවල බැලුවා. ඒත් ඒ තරහකට නෙමේ කියල තේරෙනව. හා පැටියෙක් වගේ දෙයියනේ. හැබැයි යෝධ හා පැටියෙක්. මට වඩා අඩි බාගෙකට කිට්ටු වෙන්න ම උසයි. ඒ ගාණට ම හරියන මහතත් තියේ. මං උඩ බලන්නෝන කතා කරන්න.

මම කටත් ඇද කරන් එයාගෙ හිසේ ඉඳන් පාදාන්තෙ දක්වා ම බැලුවෙ මෙච්චර හයිය එකෙක්ට ඒත් මගෙ හිච්චි අත්වලින් ගහපුව දැනුණෙවත් කොහොම ද කියල..

"යාා.. අපිටත් ඉතිං රිදෙනව හොඳේ..! මීට පස්සෙ ගහනව නං කියල ගහන්න.."

"හඃ!~" මං ඇතුළට ගියා මුලින් ම. මගෙ පස්සෙන් එයාලත් ඇතුළට ආවා. හතරදෙනා එකට ගුලි වෙලා බලාගන ඉන්නවා අපි දිහා.

"දැන් තරහ නෑ වගේ.." මගෙ උරිස්සට අතක් තියාන එයා ඒ ම ඇහුවා.

මං කළේ ඉස්සරහ බලාන හිනාවෙච්චි එක විතරයි. ඔයත් එක්ක කොහොම තරහ වෙන්න ද මම..?

"මං කලින් කියල තියෙ ද ඔයා හිනාවෙද්දි ලස්සනයි කියල..?"

"බටර් ගාන්න ඕන්නෑ මං සමාව දීල තියෙන්නෙ.. අනික මං හිනාවෙද්දි කැතයි." මොන එක වුණත් ඕවට නං අහුවෙන්නෑ පුතෝ.

"නෑ ඇත්තට කිව්වෙ.. ගිලින්න හිතෙනව.."

මං ඒලියන් දිහා බැලුවෙ පිටසක්වළයෙක් දිහා බලන ගාණට. මොනව ද මේ කියවන්නෙ? උපන්තේකට කියුට් එකියක් නෙවේ මම..
කවුරුත් එහෙම කියලත් නෑ. මට එහෙම පේන්නෙත් නෑ.

"යනව යන්න.." ඒක ගාණකට නොගෙන මං කෑම එක දිග ඇරියා. ඔම්මා අදත් සොසේජස් දාල.. ෂෝයි. මං ඒකක් එක පාරින් ම කටට දාගන්න හිතන් කටට එන තරං ඇතුළට ඔබාගන ටික ටික හප හප ඇතුළට ගන්න ගත්තා. මං ආසයි ඒ වැඩේට.

එකපාට්ට ම ඒලියන් පැනල සොසේජ් එක කටේ තියෙද්දි ම ඉතුරු හරිය එයාගෙ කටින් අරගත්තෙ කෙළින් ම මගෙ ඇස් දිහා බලාගන. මං තත්පරේකට ගල්වුණා. ඇහැ කොනින් පේනව අර හතරත් ෆ්‍රීස්z වෙලා කියල. සොසේජ් එක කඩනවත් එක්ක ම එයා මගෙ තොල්වලට පුංචි පෙක් එකක් දුන්නා.
ඒ කරල හිනාවෙලා ම සොසේජ් එක කන ගමන් ආය ම පැත්තෙන් ඉඳගත්තා.

ඇඟ ම හිරිවැටිල යනව වගේ දැනුණෙ.

ඒ මගෙ පළවෙනි කිස් එක නේ ද එතකොට?
මට හිනාවක් ගියා.

ඒලියනුත් ඒත් එක්ක ම හිනාවෙන්න ගත්තා. මට දැනෙන සතුට ම එයාටත් දැනෙනව ද එතකොට..?
මට තවත් සතුටු හිතුණා.

අපි දෙන්න ම ටික වෙලාවක් යනකං හිටියෙ පඳුරු ගොල්ලට හේත්තු වෙලා හිනාවෙවී.

"ඒ කියන්නෙ දැන් ඩේටින්ග් නේ ද?" එහෙම කියාගන එයා මගෙ පැත්තට ඔළුව හැරෙව්වා.
මාත් හිනාවෙලා ම හැරිල පොඩ්ඩකට ඒ ඇස් ළඟ නැවතිලා ඒවත් එක්ක හිනාවෙන්න ගත්තා.
මේ හැඟීමට මම කැමතියි.

"ම්ම්හ්.."

මෙහෙම පුංචි පුංචි අත්දැකීම්වලට මං ගොඩක් ආදරේ කළා. පුංචි වුණත් ඒවා ජීව්තේට එකතු කරන්නෙ ලස්සන මතකයන්.. ඒ මතකයන්ට මං ඊට වඩා ආදරේ කළා.

මං එන්න එන්න පැකිළෙන, මුළුගැන්වෙන ගතිය අඩු කරනව නේ ද කියල දැනෙද් දි; මං දැන් ඉස්සර තරම් අතරමං වෙලා නෑ නේ ද කියල දැනෙද් දි, මට දැනුණු සතුටක්..!~

ඒ හා සමානව ම මා ව ඒ තැනට ගත්ත ඒලියන් ගැන මට දැනිච්ච ගෞරවයත් කියාගන්න බෑ මට..
කොහොම හිටපු මං ද මේ..!?~

Bạn đang đọc truyện trên: Truyen247.Pro