Chào các bạn! Vì nhiều lý do từ nay Truyen2U chính thức đổi tên là Truyen247.Pro. Mong các bạn tiếp tục ủng hộ truy cập tên miền mới này nhé! Mãi yêu... ♥

-5-

මං මේ ළඟ දි හොයාගත්ත දෙයක්!!! පඳුරු බංකරයක්!

බංකරයක් කීවට එතන නිකං පඳුරුවලින් වටවෙලා උඩිනුත් කැනොපියක් හැදිච්ච හිස් ඉඩක්. හිටගන්නනං බෑ ඉඳගෙන තමා ඉන්න ඕනි. පිට්ටනියට ටිකක් එහායින්. එතන හරි ෂෝක්. මං හිතන්නෑ කවුරුවත් දන්නව ඇති කියල. ඒ නිසං මං දැන් එතනට තමා යන්නෙ කන්න. හරී ම නිදහස්...!~~ හැමදා ම උණත් එතන මට හිටිය හැකි..
මං අර හතර දෙනත් එක්කත් කයියක් දාගන තනිය ම කනවා.
පොඩි අඩුවක් නොදැනුණාමත් නෙමේ. ඒත් මං දැනෙන් නෑ වගේ හිටියා.

.
.
.
.
.
.

මං බංකරේ අස්සට වෙලා ලොල් එකේ සැන්ඩ්විච් එකක් කකා හිටියෙ සෙට් එකත් එක්ක. ඒක රහයි. අපෙ ඔම්මගෙ කෑම කොහොමත් රහයිනෙ ඉතිං. මං ඔම්මට කියුවෙ ඉස්කෝලෙ කෑම කන්න අප්පිරියයි කියල. ඔම්මත් ඒක පිළිගත්තා. ;) මොක ද එයා කොහොමත් ඒ ගැන අවුලෙන් හිටියෙ මං එන්න එන්න කෙට්ටු වෙන නිසා..

එකපාරට ම බංකරේ අස්සට ලෙමනේඩ් කෑන් එකක් රෝල් වෙලා ආවා.

"ඈෑෑෑෑඈෑෑෑෑඈෑෑෑෑහ්හ්හ්හ්!!!" මං බෙරිහන් දුන්න නෙමේ කෑ ගැහුණා. මේ හරියට එන්නෙ කවු ද?
මං හෙමීට නැවීගන ගිහින් මූණ විතරක් එළියට දාල වටේ බැලුවා.

ම්ම්හ්ම්..
කවුරුත් නෑනෙ!

මං එහෙම්ම ම ඉඳන් ලෙමනේඩ් කෑන් එක අතට අරං බැලුවා.

"ඒක අලුත් එකක් නෙ!" ෆ්ලොපී පිටිපස්සෙ ඉඳන් කිව්වා.
මං ආයෙත් තව ටිකක් එබිල වටපිට බැලුවත් අඩු ම භූතයෙක්ගෙ අවතාරයක්වත් නෑ.

"මේ හරියට ළමයි එන්නෑනෙ!" ඇන්ඩි බයවෙලා.

"නුගු යා?" (කවු ද?) මං ටිකක් හෙමීට ඇහුවා.
ඒත් එතන ගහක ලේනෙක් විතරයි හිටියෙ. වෙන මොකෙක්වත් නෑ.

"ටිං!" ඒ ගහේ තිබ්බ පීච් ගෙඩියකින් කෑල්ලක් කන ගමන් ඌ සද්දයක් දැම්මා.

"කියොප්තා!" ඒ දිහා බලන් උන්නු මට එහෙ ම කියවුණා.

අහස පේන්න ඔළුව විතරක් බංකරෙන් එළියට දාල මුනින් අතට දිගාවෙච්ච මං ටිකක්වෙලා බලන් උන්නෙ සුදු පාට පුළුන් බෝල වළාකුළු කැටි කැටි අමුතු ම රටාවකට අහස පුරා විසිරිලා තියන හැටි. මං ලොකු හුස්මක් වාතලයට මුදා හැරියා..

"හ්හ්හ්හ්හ්හ්හ්හාාාාහ්හ්...!~ යෙප්පොතා...!~" (ලස්සනයි...!~) මට කියවුණා.
විබාග, හමුවීම්, මිනිස්සු, සමාජය, ප්‍රශ්න, හැල හැප්පීම්, අභියෝග,... මේ මුකුත් නැතු ව, හැමදා ම මෙහෙම දිගාවෙලා හුළඟත් එක්ක තාලෙට අහස දිහා බලාන ඉන්න තිබුණ නං...
මට පුංචි කාලෙට යන්න ඕනි.. කිසි ම දේක කිසි බරක් පතලක් නැති, හැම දේක ම පුදුමයක්, ලස්සනක්, සතුටක්, විතරක් දැක්ක ඒ අහිංසක; අව්‍යාජ; සුන්දර කාලෙට ආයෙ යන්න පුළුවන් නං, මං ඕනි ම දෙයක් කරන්නං..

මල් එක්ක කතා කරන්න.. ගස් අතුවල කකුල්වලින් එල්ලෙන්න.. සත්තුත් එක්ක තරඟෙට දුවන්න.. මගෙ ම හීන ලෝකෙ සුරංගනාවියොත් එක්ක හිනාවෙන්න.. ලෝකෙට අවධානයක් නොදී මගේ ම කියාපු කෙයා ෆ්‍රී ලෝකෙක තනිවෙන්න තිබ්බ නං..

ඒත් බෑ. යථාර්ථය දරුණු විදියට මට පහරක් දුන්නා. මට ලෝකෙන් ඈත් වෙන්න බෑ.
මේ හැම දේට ම මුහුණ නො දී පැනල යන්නත් බෑ.
එහෙම ගිහින් ජීවත් වෙන්නත් බෑ.
ලෝකෙටත් නොදැනි ම මං පොළොවෙ කොටසක් වෙලා යාවි..
ඇහැ කොනින් කඳුලක් බේරිලා ගිහිං තණකොළ උඩට වැටුණා.

"ඉමෝෂනල් වෙනව කියල අහසක් දැක්ක පලියට ඔච්චර බොළඳ වෙන්න එපා බං!! සික්! අඬන්න තරං මොන උලව්වක්ත!?" ඇන්ඩි? ඔයා? මයෙ දෑස මට ම සුවර් නැතු ව ගියා.

"ඒකනෙ බං නිකං වනගත වෙන්න යනව වගේනෙ. මීට පස්සෙ අහස බලන්න දෙන්න හොඳ නෑ මේකිට!" හරි ෆ්ලොපී එල ඈ. ඉඳල ඉඳල ඩිංගක් සංවේදී වුණා ම ඒකත් ඇවිත් කුජීත කරනව මුන් ටික. සෙද්ද.

"හිතුණොත් මේ ඔක්කො ම අතෑරල වනගත වෙනව මං! මට එපා වෙලා තියෙන්නෙ මේ ජීවිතේ..."

"අඩෝ මේ වනේ නෙමේ අද Yumi's Cells එකේ අලුත් එපිය රිලීස් වෙනව!" රිකී මා ව වොන් බාගෙකට ගණන් නොගෙන කෑ ගැහුව. කොහොමත් ඕකි ඉන්නෙ ම මේ ලෝකෙ නෙමේනෙ. ඇයි මං මෙච්චර සංවේදී වෙලාවකත් මේකි මෙහෙ-----

පොඩ්ඩක් ඉන්න!

මොකද් ද ඒකි ඒ කිව්වෙ!???

"හම්මටසිරි!!!!" මං කෑගහගන කෙළින් වුණා. මට අමතක ම උණානෙ හත්තික්කෙ ඒ ගැන! යුමී'ස් සෙල්ස් නොබල කොහොම ද!?

"තෞසෙ වනගත වෙන්නැද් ද?" ක්ලියෝ කිණ්ඩියක් දාගන ඇහුවා. ඉදකිම් සැක්!..
ජාමෙ බේරගන්නත් එපැයි දැන්.

"නෑ නෑ වෙනව! වයිෆයි කණුවකු යි ටැබ් එකයි එක්ක." මං කට කොනට ජයග්‍රාහී හිනාවක් දැම්⁣මා. මං දිනුම්. ;)

•~ding dong ding~•

"පන්ති⁣ය ඇතුළෙ තමා ගත වෙන්න වෙන්නෙ.." ෆ්ලොපී එහෙම කීවෙ ඉන්ටර්වල් ඉවර වෙන බෙල් එක ඇහිල.

.
.
.
.
.
.

බංකරේ යට දිගාවෙලා මං හොඳ ඇලට් එකක් දාගන අහස දිහා බලාගන හිටියා. ඊයෙ රෑ යුමී'ස් සෙල්ස් එපි 4ක් එක දිගට බලල වෙබ්ටූන් එකෙනුත් ඩ්‍රාමා එකෙන් කවර් වෙච්චි තැනට වෙනකං කියවල දොයියගනිද් දි පාන්දර 3.30ත් පහු යි. ආයෙ ඉස්කෝලෙ යන්න 6ට නැගිටින්නත් වුණානෙ.
ඒ නිසා මට පට්ට ම නිදිමතක් ආවා. තියෙන සනීපෙයි නිස්කලංකෙයි එක්ක එහෙම් ම ඇස් පියවුණේ මා ව පොඩි නින්නදකට ඇදල දාල..

"අන්න්‍යොංග්!"

"කවු ද?" මං ඇහුවා.

"මේ මං! ඔයාගෙ ඒලියන්!"

"මොකක්!? තෞසෙ මොක ද මගෙ හීනෙ ඉන්නෙ!? අහකට වෙනව! ආාශ්! අනික කොහොම ද ඔහේ මං ඔහෙට කියන්නෙ 'ඒලියන්' කියල දැනගත්තෙ!?? ඔක්කොට ම එහා තෞසෙ කවද් ද පිටසක්වළයො මගෙ වුණේ!???" මං කෑගැහුව. මේ මොන මළ සමයමක් ද මේ!? හීනවලටත් එන්නෙ බම්බුව!

"අඃ!-" මා ව එකපාරට ම ඇහැරුණා. හම්මේ හීනයක්.... මං නින්ද ගිහිං පැත්තට වැටිල තිබ්බ ඔළුව කෙළින් කළේ ආයි ටිකක් අහස
බලන්න. ඒත්,-

"ආාාාාආාාාාආාාාාආාාාාආාාාාහ්හ්!" ඒලියන්! මගේ මූණට උඩින් එබීගන හිනාවෙනව! දෙයියනේ තව ටිකෙන් හුම්ම ටිකත් යනව!
අර හතර දෙනත් ඒ අස්සෙ මට ම හිනාවෙනව!

"මා ව දැක්ක ම එච්චර බය හිතෙනව ද!?" හිනාවෙවී අහන හැටියක්! මට අනාගතේවත් පේනව ද? එයාගෙ මූණ එහාට කරල මං කෙළින් වෙලා ඉඳගත්තා.

"කොච්චර වෙලා බලන් හිටිය ද?" මං ඇහුවෙ අවුලෙන්. මං අලුව කෑව ද දන්නෙත් නෑ නින්දෙන්. සැක් දැකල නං හේ ම මළ විලි ලැජ්ජාවයි.

"ම්ම්ම්.... දැනට... පැය කාලක් විතර.."

"ඈ!?" කොච්චර කළත් එකපාට්ට පිටවෙන ඒ 'ඈ' එක ගොං විදියට ම යි පිටවෙන්නෙ.

අරූ හිනාවෙනව. මා ව දැක්ක ම ඔච්චර හිනා⁣යන්නෙ ඇයි මුට හැමවෙලාවෙ ම? මා ව ජෝකර් කෙනෙක් වගේ ද පේන්නෙ?

"නැට්ට පෑගිච්ච පූස් පැටියෙක් වගේ.." එයා හිනාවෙන ගමන් මගෙ කම්මුලක් ඇඟිලි දෙහෙකින් මිරිකුවා.
මගෙ ඇස් ලොකුවුණේ ඉබේට ම. හිත කියෙව්ව ද?

"හත්තික්කෙ එයා හැන්ඩ්සම් යකෝව්!" මගෙ ඉස්සරහ රිකී කම්මුල් දෙකත් අල්ලගන වටේට වටේට දුවනව බඹර චක්කරේ වගේ.

"ඇයි එයා කම්මුල ඇල්ලුවෙ යකුනේ! යීඊඊඊඊඊඊ!!!" ෆ්ලොපී එක දිගට ඒකිගෙ කම්මුල්වලට තලනව.

"හත්තික්කේ හත්තික්කේ යොන්ග් සුයාආාාාා මට දරන්න බෑ අයියො!" ඇන්ඩි බිමට පතබෑවිලා හතරගාත් හතර අතේ.

"ඇයි එයා එහෙම කළේ සිරාවට!?~" ක්ලියෝ පවා එකතැන හිටගෙන මූණට අතින් පවන් ගහගන්නව.

මුන් හතරදෙනා ම මූණු රතු කරගන සර්කස් නටනව. මගෙ කට ටිකක් ඇරිල එහෙම් ම නැවතුණේ කියන්න ගිය එකත් අමතක වෙලා. අවංකව ම කීවොත් කියන්න මුකුත් මතක් වුණ් නෑ. මේක ලැජ්ජාවකට නෙවේ. එහෙම ඇඹරෙන සීනි බෝලයක් නෙමේ මම. ඒත් මේ නුහුරුකම. මනුස්ස ආශ්‍රය මට හොඳට ම නුහුරුයි.

"ආ~ ඔයාට තනියෙන් අමාරු නිසා මං බටෙත් ගහල ම දුන්න අද ඔන්න.." ඌ මා ව කෝචෝක් එකට අරං ද ඒ ගමන?

"හඃ!" කොච්චර ඒක ගන්න කියල බඩ කෑගැහුවත් මගෙ නල්ල මලේ ආඩම්බරේ ඉහට ගැහුව ඒ වෙලාවේ. එහෙම්ම ම නැගිටල ගසල දාල අහක බලාගන මං යන්න ගියා.

"යා! මං වැරැදි දෙයක් ද කිව්වෙ?" ඒලියන් කෑ ගැහුවට මං නෙමේ බැලුවේ.

ඒ කියන්නෙ එදත් ලෙම⁣නේඩ් එකක් රෝල් කරල තියෙන්නෙත් මෙයා ම තමයි.

"මං ආය මෙතනට එන්නෑ." මං තත්පරේකට මගෙ ගමන නවත්තන්නැතුව කියාගන එන්න ආවා.

"ම්වෝ? වේ? දන්නව ද මොන ගේමක් දීල ද ඔයා ව හොයාගත්තෙ කියල? යාා.. එහෙම කරන්න එපා ඉතිං.."

මං නැවතිලා ඒ පැත්ත හැරිලා පළවෙනි පාරට අරුන් හතරදෙනා ඇරුණ ම තව කෙනෙක්ට කින්ඩි හිනාවක් දැම්මා. පුදුමෙ කියන්නෙ මට මේ පළවෙනි පාර වුණත්.. චකිතයක් දැනුණෙ නෑ.
අරුන් ටික සතුටට එක ම සර්කස් එකක් නටනව මං බලාගන.
"ඒ හින්ද තමා එන්නැත්තෙ!" ඒ හිනාව එහෙම්ම ම තියෙද් දි ඒලියන්ට එහෙම කියල දාල මං පන්තියට එන්න ආවා.

"යාා!" මට කතා කළත් මං බැලුවෙ නෑ. ඒත් මට ඒ වෙච්ච දේ ගැන සතුටු හිතුණ. මගෙ ඇතුළෙ මැරිල වැළලිලා ගිහින් තිවුණු ආත්ම විශ්වාසෙ කියන එක ටිකක් ශක්තිමත් වෙලා කියල මට දැනුණු නිසා. අර හතරත් මගෙ පස්සෙන් උඩ පැන පැන ආවෙ එක දිගට කච කච ගගා.

සතුටට..

Bạn đang đọc truyện trên: Truyen247.Pro