-4-
ඊට පස්සෙ දවසෙ මං යද්දිත් එයා ඉඳගෙන කනවා. ඊයෙ තිබ්බ ලැජ්ජාවට ම මං ඒත් එතන හිස් පුටුවෙන් නොඉඳ වෙන කොනකට ගියා. එයා මා ව දැක්කෙ නෑ.
"ඔච්චර කුලෑටි වෙන්න එපා බං.." ක්ලියෝ ආය ම තර්ක කරන්න ආවා මා එක්ක.
"කට වහගන්නවා.." මට එයාට මුහුණ දෙන්නත් බෑ දැන්. මට මක්වෙලා ද මේ..
"පිස්සෙක්!" ෆ්ලොපී කව්වෙ ටිකක් කේන්තියෙන්.
මං එදා කෑවෙ තනිය ම. එයා මා ව හොයන බවක් පෙනුණෙත් නෑ. හහ්! එතකොට මං විතර ද...
"උඹ විතරක් මොකද් ද?.." ආයිශ්! රිකීගෙ කිණ්ඩි හිනාව! මේ ළඟක දි ඉඳන් මේකි ඒක දානව වැඩියි. මට අල්ලන්නෙ ම නෑ; පේන්න බෑ.
"මුකුත් නෑ! ඔ~... මුකුත්. නෑ. !."
"හුම්ම් හුම්ම් හාාරි හාාරි හාාාරි.."
"නෑ කිව්වනේ! හායිශ්!"
"හරි හරි ඉතිම් කවු ද දැන් 'ඔව්' කිව්වෙ!?" ඇන්ඩි මැණික ඔයා ඉස්සර ඔහොම නෑ...හුවෑැ..
"ඔහොම හිනාවෙන්නෙපා උට්ටි!" මං කාලෙකින් ඇන්ඩිට අණක් දැම්මෙ මේ..
එයා අතකින් කටවහගන අනික් අතින් මහපටැඟිල්ල දික් කළා. මං ඔරවල අහක බලාගන පුළුවන් ඉක්මනට කාගන කාගන ගියේ තිබ්බ කේන්තියට ද මොකට ද කියන්න මං දන්නෙ නෑ.
"කෑමවලින් පලිගන්න එපා ඉතිං.." ෆ්ලොපී උඩබිම් බල බල කීවෙ ලොකු හිනාවක් තද කරගන්න තිබ්බ උවමනාවට කියල මට නොපෙනුණා නෙවේ. ඒත් ඒකෙන් වුණේ මං තවත් ඉක්මනට කෑම ටික ගිලපු එක. ඒ කරල ඒකිටත් ගස්සගන මං පන්තියට දිව්වා.
"ස්ස්හ්..ප්ෆ්හ්!~ මෙයාගෙ ඝනකම!" මගෙ පස්සෙන් ඇදෙන ගමන් රිකී කොඳුරනව මට ඇහුණා.
මෙච්චර කල් පාඩුවෙ සාමකාවී ම උන්නු මට මොනව ද මේ වෙන්නේ..? ඔක්කො ම අර ඒලියන්ගෙ වදේ නිසා....ද... නැහ්නං...,
නෑ නෑ වදේ නිසා තමයි!
තමන්ගෙ අතේ වරදක් තියනව කියල පිළිගන්න බැරිවුණා ම ගොඩක් වෙලාවට අපි බලන්නෙ කාගෙ ම හරි පිට ඒක පටවල හිතෙන් හරි අපි ව සාධාරණීකරණය කරගන්න.
කාරණාව ලොකු ද පුංචි ද කියන එක අදාළ නොවෙන්න පුළුවන් එතකොට.
සමහරෙක්ට මං බොළඳයි කියල හිතුණත්, සමාජෙට යන්න අකැමැති; සමාජ ආශ්‍රයට බය; කවමදාවත් යාළුවෙක්වත් නොඉඳපු මට ඒක එදා ලොකුවට පෙනුණා; ලොකුවට දැනුණා. මං එදා ඉඳන් ඒලියන් ව මග අරින්න හිතුවෙ ඒ නිසා වෙන්න ඇති.
එදා ඉඳන් එයා මට කිට්ටු වෙන උත්සාහ කරන හැම වෙලාවෙ ම මං ලිස්සල මාරුවුණා. කොහොමත් ඒකනෙ මම දක්ෂ ම වුණු දේ... මුළුගැන්වෙන එක. එයා ඒත් ඉන්ටර්වල් එකේ දි මං ගාවට එන්න ගත්ත නිසා මං පුරුදු වුණා පුංචි දෙයක් හරි ගෙදරින් ගෙනැල්ලා කැන්ටිමටවත් නොයා පැත්තකට ගිහිං කන්න.
එයාටත් ගාණක් නැතුව ඇති. අඩු ම අපි යාළුවො වෙලාවත්යැ'යි හිටියෙ.. හරියට වචනයක්වත් කතාබහ කරල නෑ.
මං ඒ වෙලාවෙ එහෙම හිතුවා. හිතල හිත හදාගත්තා.
එක්කො හිත හදාගත්තා කියල විශ්වාස කළා......?
.
.
.
.
.
.
"මේ ටිකක් ඒලියන් ගැන හොයල බැලුවොත් නරක ද?" මං මගේ ඇඳට වැටිල කළුවරේ සිවිලිමේ ගහල තියන ෆ්ලොරසන්ට් තරු දිහා බලාගන ඉන්නකොට එකපාරට ම ෆ්ලොපී ට ඒලියන් ව මතක් වුණා.
"ඇයි?"
"මාත් එකඟයි. ඔයා ඔහොම මග අරින එක හරි නෑ නේ ද? ඔයා දැක්ක එයා ඔයත් එක්ක ඉන්න යි හදන්නෙ කියල.." ක්ලියෝ...
"අන්න ඒකට යි මං කැමැති නැත්තෙ! මං ආස නෑ එහෙම එල්ලි එල්ලි එනවට." මං එරෙව්වා ක්ලියෝට.
"බොට පිස්සුත ගෑනියේ! ඔය විදියට ගිහින් නං ඔහෙට 'කන්‍යාවක් ව ඉපිද කන්‍යාවක් ව මිය යන ලදි' කියල ටැග් එකක් තමා එල්ලගන්න වෙන්නෙ!" ආාාායිශ් රිකී තොගෙ වල් හිත කොහෙ ද ඔය යන්නෙ ආ! ජින්ජ්ජා!
"ඇයි තමුසෙට මං ළමයි හදනව බලන්න ඔච්චර ඇම්ම් ඈ!"
"නැත්තෙමත් නෑ ඉතිම්... මං කියන්නෙ, ඒලියන් පට්ට හැන්ඩිනෙ බං! එයාගෙ #*&$ මාර #%* ඇති හත්තික්කෙ! ආාාාහ් මතක් වෙද්දිත් රත් වෙනව!" ඊඊඊඊශ්!!! වලත්ත ගෑනි! බලහං ඒ පැණි හිනාවෙ කැත! මගෙ ඇස් පිඟන් දෙකක් ගාණට මහත් වුණා.
"ආ ආ ආ කටවහපිය වනචරී! මොනා ද ඔය හිතන්නෙ!? ඈයිශ්! කුණු වෙයං ඔය වලත්ත කට!"
"මාත් හිතන්නෙ ඒක ඕනවට වැඩී...හෙහ්!" ඇන්ඩිත් රතු වෙලා. විරිත්තගන එහෙම කියල එයා එයාගෙ කම්මුල් අල්ලගත්තා.
"ඕ~~~! මොක ද ඔය රතු වෙලා සෙට් එක ම ආා~~? මට බැන්නට බොලාලත් ආසයි නේ..? ඔ~~?" තොල තෙත් කර නර කියන හැටි උට්ටි!
"හිටාං මං තොට අද!" ක්ලියෝගෙ ඉවසීමෙ සීමාව කියන්නෙ ලේසියෙන් එහෙම පනින සීමාවක් නෙවේ. ඒත් ඒකත් අද පැනලා. ඒකිත් තක්කලි පරද්දන්න රතු වෙලා ගිහිං කේන්තියට තවත් රතුවෙලා.
"යා යා යා ගහන්න තරං දෙයක් කිව්ව ද බොල මම!" ක්ලියෝගෙ ඒ සීමාව ලේසියෙන් ම පනින් නැති නිසා ම පැන්න දවසටත් ලේසි වෙන්නෑ. අනික් තුන් දෙනාට ම කේන්ති යනවටත් එහා. ඒ නිසා රිකී බය වුණා. මං නයිට් ස්ටෑන්ඩ් එකේ තිබ්බ ස්ටෑන්ඩ් බයි චිප් පැකට් එක අරං වලිය බලන ගමන් කන්න ගත්තා.
ආතල්.
මුං ගහගන්න එක තරම් ආතල් එකක් මට තවත් නෑ.
ඔච්චරනෙ ඉන්නෙ ඉතිම් කෝමත්.
ක්ලියෝ ගහද් දි ඇන්ඩි යි ෆ්ලොපී යි දෙන්නත් ගියා. ෆ්ලොපී ගියේ ගහන්න ම යි. ඒත් කවදත් වගේ ඇන්ඩිට ඕනි වුණේ මුංගෙ රණ්ඩුව නවත්තන්න. කෝමත් සංවේදී පොරනෙ.
"අම්මේහ් ඇති ඇති ඕක නවත්තන්න දැන්!" ෆ්ලොපී යි ක්ලියෝ යි රිකී ව මරාගෙන කද් දි ඇන්ඩි මැදට පැන්න කියල ලොකු වෙනසක් වුණ් නෑ ඉතිම්. ඒත් ඒකි දිගට ම උත්සාහ කරන්නෙ වලිය මැඩ පවත්තන්න.
මාත් ඉතිම් ආතල්ලෙකේ මේ ජෝගිය බලාන ඉන්නවා හී.
විනාඩි හය හතක් මරාගන අන්තිමේ ඇන්ඩිගෙ කටේ බලේටත් වඩා මහන්සියට හතර දෙනා හතර තැනකින් ඇවිත් ඇඳට කඩං වැටුණා.
"හොඳ වැඩේ බොට!" මාත් රිකීට ඇද කළා. කෝමත් ඕකි ඒලියන් දැක්ක දා ඉඳන් ඉස්සරටත් වඩා ඕනිවට වැඩී.
"අනේ පලෑම්න! මං කිව්ව එකට කට්ටියත් එක්ක ම රත් වෙලා මෙතන ඒක වහන්න මට බයිනව. ඊයා බං උඹලා.." මේකිගෙ කටේ ඝනකම තුනී වෙන්නැති හැටියක් අම්මප!
"තෞසෙට ආයෙත් කන්න ඕන ද?" ඒ ගමන තවත් දරාගත නොහැකි වූ ඇන්ඩිටත් කේන්ති ගිහිං.
"වල්කමෙත් සීමාවක් තියාගන්නව බම්ලො! තෞසෙ මහ භයානකයිනෙ. ඕක ඒලියන් ඉන්න තැනක කියවුණා නං මොකෝ වෙන්නෙ කියහං! වැලේ වැල් නෑනෙ!!.." ෆ්ලොපීත් බයිනව. එකඟයි ෆ්ලොපී එකඟ යි!
"මොකෝ වෙන්නෙ ඉතිම්.. යථාර්ථෙනෙ.." කට කොනට ලොකු කිණ්ඩි හිනාවක් දාගන රිකී කට ගහගන ගියා! මේකි නං ඇත්තම යි..!
"අද. මං. තෝ ව. මරනව.!" හරි ම සන්සුන් ව පැහැදිලි ව එහෙම කීව ක්ලියෝ රිකීගෙ ඇඟට කඩාගන පැන්න හැටියට එවෙලෙ ම තොල පැලෙන්න ඇති කියල යි මට නං හිතුණෙ.
"ආාාාාආාාාාආාාාාආාාාාආාාාාආාාාාආාාාාහ්හ්හ්හ්!!!!!!!" ඒ ගමන නං ඇන්ඩිත් ගහනව!
මේ යන හැටියට නං චිප්ස් පැක් එකට ම වැඩේ දෙන්න පුළුවන් වෙයි වගේ..
.
.
.
.
.
.
ඒක නෙවෙයි..!,
මං මේ ළඟ දි හොයාගත්ත දෙයක්!!!
Bạn đang đọc truyện trên: Truyen247.Pro