Chào các bạn! Vì nhiều lý do từ nay Truyen2U chính thức đổi tên là Truyen247.Pro. Mong các bạn tiếp tục ủng hộ truy cập tên miền mới này nhé! Mãi yêu... ♥

-2-

ඉන්ටර්වල් එක වෙලාවෙ මං කෙල්ලො සෙට් එකත් එක්ක කොරිඩෝර් එක දිගේ පැත්තකින් ඇවිදගෙන ගියේ හෙමින් හෙමින්. ඔය කොහෙහරි කොනේ ටේබල් එකක් හැමදා ම ඉතුරු වෙනව. මං ඉතිං ඒකෙ තමා ඉන්නෙ.
තනියම.

කවුරුත් මාත් එක්ක ඉඳගන්න එන්නෙ නෑනෙ ඉතිං. මාත් මොකට ද එල්ලි එල්ලි යන්නෙ.
මං මගේ කෑම තැටියත් අරං අර කිව්ව වගේ ඉතුරු වෙච්චි මේසෙකට ගිහිං වාඩිවෙලා පාඩුවෙ කන්න ගත්තා.

"ඔයාට පාළු හිතෙන් නැද් ද? තනිය ම ඉන්නෙ?" ඇන්ඩි ඇහුවා. එයා කොහොමත් සංවේදි යි තමා. ඒත් මේක වැඩිය අහල නෑ. මට රිදුණොත් කියල වෙන්නැති. ඒත් මං බලාගන රිකී එයාට වැළමිටෙන් අනිනව යි ක්ලියෝ ඔරවනව යි.. හෙහ්..

"මට පාළු හින්දනෙ ඔයාල ඉන්නෙ ඔය.."

"ම්ම්හ් ඒකත් ඇත්ත.."

මං ෆ්ලොපීයි කට්ට්ය එක්ක කියවන ගමන් ම මනෝපාරකුත් දාගන ඔහේ කකා උන්නෙ.
ඇත්ත මාත් එක්ක කවුරුත් ඉන්නෑ. යාළුවොත් නෑ. මගෙ අමුතු ලස්සනකුත් නෑ. ඇති හැකියාවකුත් නෑ. තිබ්බට මං පෙන්නන්න යන්නෙත් නෑ. කාගෙවත් අවධානයක් ගන්නෙ මොකට ද? පන්තියෙ රෑන්ක්වලත් මං ඉන්නෙ මැද හරියක. පීටීවලත් ඔහේ පැත්තක ඉන්නෙ. පන්තියෙත් ඉන්නෙ කොනක. ඒ නිසා මං කාගෙවත් වැඩි අවධානයක් ගත්ත කෙනෙක් නෙවේ. අවධානයක් ඇත්තෙ ම නැති තරං මං ගැන. සමහර පන්තියෙ උන් පවා මං ඉන්නවදවත් දන්නෙ නැහැ. කවදත් එහෙම නිසා මං ඒ විදියට ආස වුණා. හරි ම සාමකාමී. අඩු ම අපෙ හෝම්රූම් ටීචර්ටවත් මගෙ නම තා ම හරියට මතක නෑ. පැටළෙනවා.

මං සාමකාමී ව කටත් පුරවගෙන කකා ඉන්නකොට එකපාරට ම කොහෙන් ද ආපු කෑම තැටියක් 'ඩාං' ගාල මගෙ ඉස්සරහට පතබෑවුණා. ළඟ උන්නු කීපදෙනෙකුත් මේ දිහා හැරිල බලනව මට පෙනුණා.

"ඇයි හැමදා ම තනියෙ ම ඉඳන් කන්නෙ? ඒ කෑම තැටිය එතනට දාපු කොල්ලා මගෙන් ඇහුවා.

ආාශ්හ්. I hate humans. Thanos හරි දෙයියනේ.
මෙච්චර මං පාඩුවෙ පැත්තකට වෙලා නිදහසේ ඉන්න හදනකොට මෙන්න මොකෙද් ද එකෙක් කඩා පාත් වුණා! උත්තර දෙනව තියා හරියට උගෙ මූණ බලන්නෙවත් නැතු ව නැගිටල එන්න ආවෙ කවුරුත් නැති තැනකට ගිහිං පාඩුවෙ කන්න.

"ආාහ්.. මං වැරැද්දක් කිව්ව ද..? Rude.." මට ඇහුණා ඌ එහෙම කියනව. ආායිශ් මා ව පිච්චෙනව වගේ. කීපදෙනෙක් මං දිහා බලාන මොන මොනාදෝ කියවනව මට පේන්න ගත්තා. ආාහ් මං ආස නෑ මේකට. මොන මළ වදයක් ද මේ..!?

මං තව කොනක මේසෙකට ගිහිං පුළුවන් තරම් වේගෙන් කාල ඉවර වෙලා වොශ්රූම් ගිහිං පන්තියට ගියා.

.
.
.
.
.
.

මං අද ගිහිං ඊයෙ මේසෙ හරියට ඇහැටවත් පේන්නැති කොනක මේසෙකට ගිහින් කෙල්ලො සෙට් එකත් එක්ක කන්න ගත්තා.

"ඔයාට හිතෙන් නැද් ද ඊයෙ ඔයා ඕනවට වැඩී කියල..?" අතට බරවෙලා මං දිහා බලාන ඉන්න ගමන් ෆ්ලොපී ඇහුවෙ එකපාරට ම.

"ඇයි එහෙම කියන්නෙ? දන්නවනෙ මට ඕන පාඩුවෙ ඉන්න; ඔයාලත් එක්ක.

"ඒ කොල්ල ඇවිත් තමුසෙත් එක්ක කෑව කියල උඹ ප්‍රෙග්නන්ට් වෙන්නෑ බං.. මළවිකාර ඕයි උඹෙත්.. ඉස්කෝලෙ යනකාලෙ යාළුවො කියල ජාතියකුත් ඉන්න ඕනි බං.. මොකද් ද උඹෙ ඔය ජීවිතේ ඈඃ? මෙලෝ රහක් නෑ." රිකීත් බයිනව! ආයිහ් මේ මොන උලව්වක්ත!?

"ඉතිං ඔයාල ඉන්නෙ! ඒ ඇති." ඒත් එහෙම කිව්වත් කොච්චර වුණත් මට තේරෙනවා. මං කොහේමහරි අතරමං වෙලා.

"කතාකල්ල වැඩක් නෑ බං උඹත් එක්ක." ක්ලියෝගෙ මූණ කලකිරිලා. සමහරවිට මං මීට වඩා විවෘත වෙන්න ඕන ද?

"අන්න්‍යොංග්!" එතකොට ම කවු දෝ එහෙම කිව්ව පාර මං ටිකක් ගැස්සිලා ඒ දිහා බැලුවා. කොල්ලෙක්. මං හිතන්නෙ ඊයෙ එකා ම යි. මං ඇස් ලොකු කරගන ම එයා දිහා බලාගන හිටියා. එයා ලස්සනයි. මං බලපු විදියට ද කොහෙ ද එයාට 'හඃ' ගාල හිනාවක් ගියා.
ඒත් මූ මහ වදයක් උණානෙ. තමන්ගෙ පාඩුවෙ කාගන්න බැයි ද ඕක ඔච්චර..?

ෆ්ලොපීත් අර හිටපු විදියට ම අතට බරවීගන කිණ්ඩි හිනාවකුත් මූණෙ තියන් මං දිහා බලාගන හිටියා. නිකං, 'අද මොකද් ද කරන්නෙ?' අහනව වගේ. රිකීගෙ මූණෙ පැණි ෆැක්ටරිය තත්පරේට පැණි ලීටර් අනන්තෙ රේට් එකෙන් වැඩ. ෂික්!

මං ඒත් අද පැනපු ගමන් දුවන්නත් බැරිකමට එහෙම්ම ම උන්නා.

කොල්ල ඇහිබැම් දික් කරනව මං ලාවට දැක්කා. මං යන්තං ඔළුව වැනුව විතරයි.
ඒ කරල තත්පරයක් යන්න කලින් එයා ඉඳගෙන කන්න පටන් අරගෙනත් ඉවරයි.
ඒලියන් කෙනෙක් ද?

ඉඳගත්තට පස්සෙ එයාගෙත් කතාබහක් තිබ්බෙ නැති නිසා මාත් මගෙ පාඩුවෙ කාල යන්න ගියා.

.
.
.
.
.
.

ඉතිහාසය පීරියඩ් එකට මං හරි ම ආසයි. අනික් උන් කොච්චර කම්මැලි කරත් අප්පිරිය කළත් මම හරි ම ආසාවෙන් වගේ ම උනන්දුවෙන් හිටියෙ ඉතිහාසය වෙලාවට. මං හරියට ම උනන්දුවෙන් වැඩ කළෙත් ඉතිහාසයට විතර ද කොහෙ ද.. පුළුවන් උණානං මං යනවා ගෝර්යෝවලට!

"යොන්ග් සු..?" ටීචර් ගෝර්යෝ රාජධානියේ සමාජ ව්‍යූහය ගැන පැහැදිලි කරන අස්සෙ මගෙ නම පැත්තකින් ඇහුණ ම මං ගැස්සිලා ගියා. ෆ්ලොපී? රිකී? ක්ලියෝ? ඇන්ඩි? නෑ ඒ ගෑණු කටහඬක් නෙවේ. ඒ කොල්ලෙක්. මා ව ටිකක් ගැහෙන්න ගත්තා. මං හෙමීට මගෙ දකුණට හැරිල බැලුවෙ කවදාවත් නැතුව මට කතා කරන්නෙ කවු ද කියල.

මගෙ ඇස් ලොකු වුණේ එතන හිටපු කෙනා දැකල.. ඒ මෙච්චර කල් ⁣මගෙ කෙල්ලො ටික හිටපු හිස් පුටුව. එතන අර මට ඉන්ටවල් එකේ දි වද දෙන ඒලියන් ඉඳගෙන හිටියා.

ඒලියන් කොයිවෙලේ ද එතනට ආවෙ..?
මං බැලුව ම එයා ලස්සනට හිනා වෙලා අත වැනුවා. මං ආයෙත් යන්තං ඔළුව වනල ඉස්සරහ බලාගන්නකොට එයාගෙ මූණ මැළවෙනව මං දැක්කා.

පව් කියලත් හිතුණ හැබැයි. පොඩි හා පැටියෙක් වගේ.

ඒත් කවමදාවත් නැතුව එදා ඉතිහාසය පීරියඩ් එක ඉවර වෙනකං බලාන උන්නෙ තව දැවෙන ප්‍රශ්නයක් නිරාකරණය කරගන්න. පන්ති නායකයො දෙන්න විතරක් හරියට දන්න මගෙ නම ඒලියන් දැනගත්තෙ කොහොම ද කියල.

ටීචර් ගියපු හැටිය මං මගෙ දැවෙන ප්‍රශ්නෙ එයාට යොමු කරන්න හිටියෙ. ඒත් මං මුළුගැන්වුණා. එයා දිහා ම මං බලාගන ඉන්න අතරෙ එයා ඒක දැනිල ද කොහෙ ද එකපාරට ම මගෙ දිහාට හැරුණා.
හැරිල ලොකුවට හිනාවුණා.

ශික්.
ලැජ්ජාවෙ බෑ. මං විදුලි වේගෙන් ඉස්සරහ බලාගත්ත. එයා හිනාවෙනව මට පේනව ඒත්.

"කියොප්තා.." එයා කිව්ව මට ඇහුණා. මං ගැන ද කිව්වෙ? මං කියුට් නෑනෙ! ඒක ඇහිච්ච පාර මං හෙමීට ආය ම ඒ පැත්ත හැරුණා.
එයා තාමත් මා දිහා බලාන ඉන්නවා. මට අහක බලාගන්න බැරිවුණා ඒ ගමන නං. ආත්ම ගරුත්වෙට හානි වෙනව නැත්නං මගෙ!

"යොන්ග් සු....නේ ද?" එයා ඒ ගමන ඔළුවත් ටිකක් නමල ඇහැව්වා.

මං කොහොමහරි ⁣දහිරිය අරගත්තෙ අර වචන දෙකේ ප්‍රශ්නෙ අහන්න.

"කොහොම ද දැනගත්තෙ?" මං අහනකොට ෆ්ලොපී පන්තියෙ දොරකඩට වෙලා මට තම්බ්ස් අප් එකක් දෙනව මං බලාගෙන.. අනික් තුන්දෙනත් පෝළිමට පිටිස්සෙ ඉඳන් ඔළු ටික දාන් හිනාවෙනව.. මටත් සතුටු හිතුණා.

එයා මුකුත් නොකිය ම එයාගෙ ⁣⁣බ්ලේසzර් එකේ සාක්කුවට උඩින් ගහල තියන නේම් ටැග් එක පෙන්නුවහ ම යි මටත් හීන් දාඩිය දාගන ආවෙ.

ඇයි මං එච්චර මෝඩ ප්‍රශ්නයක් ඇහුවෙ? ඒලියන් ආයමත් හිනාවෙනව. මාත් ගොං හිනාවක් දාල ඉස්සරහ බලාගත්තෙ දැන් මූණු දෙහි ලෙලි කරං දොරකඩ ඉන්න උට්ටියො හතරදෙනාටත් එකසිය ගාණක රැවිල්ලක් දාන ගමන්.

"මට අද වෙනකං නෝට් එක බලාගන්න ඕන.. ටිකකට පොත දෙන්න පුළුවන් ද? ඒකයි එවෙලෙත් කතා කළේ. ඒත් ඔයා අහක බලාගත්තනේ.." ඒලියන් කිව්වා. මං එයාගෙ වටේ ම ඉන්න උන් දිහා බැලුවෙ මෙච්චර උන් ඉන්නැද්දි ඇයි මගෙන් ම ඉල්ලන්නෙ කියල තේරුම් ගන්න බැරුව.
එයාට ඒක තේරුණා ද කොහෙ ද..

"ආාහ්හ්...ඒක මේ...ඔයා ඉතිහාසය අනික් අයට වඩා හොඳට කරනව කියල හිතුණ. එයාල නිදාගන ඉන්නැද්දි ඔයා විතරයි හරියකට අහගන හිටියෙ. ඒකයි.."

ඈහ්? ඇයි මං දිහා බලන් උන්නෙ? මං ඒකටත් යන්තමින් ඔළුව වනල එයාට පොත දීල ඩෙස්ක් එකෙන් ඔළුව තියාගත්තෙ ඊළඟ විද්‍යාව පීරියඩ් එකට මිස් හැමදාම පරක්කු නිසා පොඩි නින්දක් දාන්න.

ඒත් විනාඩි තුනක් යන්න කලියෙන් මගෙ උරිස්සට මොකද්දෝ ඇනෙනව වගේ දැනෙන්න ගත්ත නිසා මට ඇහැරුණා.

බලද් දි ඒලියන් මට පොත දික්කරන් ඉන්නවා.
මෙච්චර ඉක්මනට ලියාත් ගත්ත ද? මූ නං ඒලියන් කෙනෙක් ම තමා. මං ඇස් ලොකු කරගන පොත ගන්නකොට එයාට ආය හිනා ගියා.

"මේ ඉක්මනට ලියාගන්න බැරි නිසා ෆොටෝ ගහගත්තා. කම්සහම්නිදා.."

"අඃ~" ම⁣ට කට කොනට අසරණ හිනාවක් ගියා. මූ මගෙ හිත කියවනව ද..?

Bạn đang đọc truyện trên: Truyen247.Pro