-14-
HIS POV
මට එයා ව මිස් වුණේ කොහොම ද මන්දා. මෙච්චර කල් මගෙ පන්තියෙ ඉඳලත් මට මගෑරිලනේ.
මට නෝට් වුණේ මෙහෙම යි.
එදා අපේ අප්පා උදේ පාන්දර ම මට බැන්නා. දන්නැද් ද ඔය එයාගෙ නල්ල මලේ ඔෆිස් එක පළාතෙවත් එන්නෑ කියලා. හැමදා ම දිගාරින තැටියනෙ.
ඒත් එදා ටිකක් එයාගෙ වචන සැර යි. ටිකක් නෙවේ ගොඩක් ඇත්තට ම. මං ලෙසට ම මූඩ් ගහල තමා ඉස්කෝලෙ ගියේ එදා.
තියන හිසරද මදිවට අර මින් ආ ගෑනිගෙ වදෙන් බේරෙන්න ඕනි නිසා මං ටිකක් පය ඉක්මන් කරල යි කැන්ටිමට ගියේ. කෝමත් ඕකිට යි රැලට යි උන්ගෙ පාන් පිටි තට්ටු දහය උලන් එන්න සැලකිය යුතු වෙලාවක් යනවා.
මට කොනකට ගිහින් නිදහසේ කන්නයි ඕනි වුණේ. ඒ නිසා කවුරුත් නෑ කියල පෙනුණ මේසෙකට ගියේ. කොහොමත් මාත් එක්ක කවුරුත් එකට ඉඳගන්නෙත් නෑ.
ඒත් මෙන්න යද් දි එතන මොකෙද් ද එකියක් ඉන්නව! මං ඒකි ව කවමදාවත් දැකලවත් තිබ්බෙ නෑ මීට කලින්. අලුත් වෙන්නත් බෑ හැබැයි ඒ යුනිෆෝර්ම් එකත් ටිකක් පරණ යි.
අඩෝ මං දන්නැති උනුත් ඉඳිය ද..?
මට පොඩි ආතල්ලෙකක් ගන්න යි ඕනි වුණේ.
මුළුගැන්විලා ඉන්න හැටියෙන් ම හැටි තේරුණ නිසා මං ඒකිගෙ බාසාවෙන් ම ගේමට එන්ටර් වුණා.
ඒත් මං කෑම තැටිය තියපු සද්දෙට ම මේකි ගැස්සුණානේ..
හඃ! ලේසි වැඩිදත් මන්දා..
"ඇයි හැමදා ම තනිය ම ඉඳන් කන්නෙ?" මං ඇහුවෙ ගොඩක් කල් ඉඳන් එයා ගැන අවධානෙන් ඉඳියා වගේ දැනෙන්නත් එක්ක.
ඒත් මෙන්න මේකි මූණවත් බලන්නැතුව නැගිටල ගියා!?
එතකොට යි මට තේරුණේ හිතුව තරම් ම ලේසිත් නැහැ කියල..
ඊළඟ දවසෙ මං හෙමීට ගිහින් සද්ද නොකර ම වාඩි වෙද් දි එයා චොප්ස්ටික් දෙක බත් එකේ කූරු ගගහ උන්නෙ බර කල්පනාවක.
එවෙලෙ තමා මං හරියට ම මූණ දැක්කෙත්..
එයා හිතුවට වඩා ලස්සන යි කියල නොහිතුණාමත් නෙවෙයි. ඒත් එවෙලෙ එතනින් එහාට හිතන්න ගියේ නෑ.
මං 'අන්න්‍යොංග්!' කියද් දි ගැස්සිච්ච විදියට නං ඇත්තට ම යි හිනා ගියේ හැබැයි.
එදා කිරි එක ඇඟේ හලාගත්ත දවසෙ නං මට ගෙදර ගිහිල්ලත් හිනා!
කාලෙකින් හොඳ 'අහිංසක' ආතල්ලෙකක් ගත්තේ..! හිතේ කොනකින් මතු වෙන්න ගත්ත වෙන මොකද්දෝ හැඟීමක් මං එදා පොඩි කරල දැම්මෙ එහෙම..
පස්සෙ දවසක මං ගිහිං තව ආතල්ලෙකක් ගන්න එයා ව හොයනකොට මෙන්න හොයාගන්නත් නෑ!
ඉන්ටර්වල් එකෙන් පස්සෙ පන්තියටත් එනව හැබැයි.
ඇයි කියන්න දන්නෑ මට පුදුම කුතුහලයක් ආවෙ මෙයා අතුරුදහන් වෙන්නෙ කොහෙට ද කියල දැනගන්න..
මට අපේ එකෙක් බස්සල හොයවන්නත් තිබ්බා. උනුත් ඒ වෙනකොට මගේ අලුත් ම කෑල්ල මේක කියල දැනගෙනනෙ උන්නෙ.
ඒත් මන්ද මට ම ඒක හොයාගන්න ඕනි වුණා.
ඉතිං දවසක් මං බලාගන ම ඉඳල නොදැනෙන්න එයාගෙ පස්සෙන් ගියේ මේ ලොවෙත් නැති හයිඩින්ග් ස්පොට් එක හොයාගන්න.
එහෙම තමා එයාගෙ පුංචි 'බංකරේ' මං හොයාගන්නෙ.
ඊළඟ දවසෙ මං ගිහින් ලෙමනේඩ් කෑන් එකක් ඇතුළට රෝල් කරල ආවෙ මොක ද වෙන්නෙ බලන්න.
අනුමානෙ හරි! ඇහුණ් නැතෑ කන් අඩි පලාගන යන්න බෙරිහන් දිවිල්ල! මං බඩත් අල්ලගෙන දිව්වෙ හිනාව වැඩිවෙලා බඩ කොරවෙන්න ආපු හන්දා.
පස්සෙ පස්සෙ අපි ගොඩක් හම්බෙන්න ගත්තෙ ඒ බංකරේ ඇතුළෙ තමයි. ඒක එයාගෙ බංකරේ ඉඳන් 'අපේ' බංකරේ වෙනකං ම අපි මුණගැහුණා.
මං එච්චර වෙනස් විදියට හැසිරිලා නෑ කිසිම කෙල්ලෙක් ඉස්සරහා. කී දෙනෙක් ව නං මං අතෑරල තිබුණ ද ඒ වෙද් දි.? ඒත් ඒ එක්කෙනෙක් එක්කවත් මං එහෙම හැසිරිලා තිබ්බෙ නෑ.
හේතුවක් දන්නෙ නැතිවුණාට මට එයා ව එපා වුණෙත් නෑ.
අපි දිගට ම හම්බුණා.
එතකොට යි මට තේරුණේ....
මට විතරක් නෙවේ අපේ රැලටත් ටිකක් ඒත්තු ගැන්නිල තිබ්බා ඒ වෙද්දි නං. විශේෂයෙන් මින් ආට. ඒකි කියන විදියට මං කවුරු එක්ක ගියත් ඒකිගෙලුණේ..-
#කක් තමයි! කවු ද දන්නෑ කීවෙ..
අපේ කොල්ලො එක්ක ඔය ගෑනු ටික මට ඒකි ව මතක් කර කර වද දුන්නෙ කවද් ද උන්ගෙ ආතල් එකත් ගන්නෙ කිය කිය අහ අහා.
ආඩම්බරේ ඉහට ගහපු මට මගේ හිතේ තියන මඟුල් ගැන කියන්න ගිහින් චාටර් වෙලා උන් අතර මට තිබ්බ තැන නැති කරගන්න උවමනාවක් ආවෙ නෑ එවෙලෙ.....-
එහෙම තමා ෆොටෝ එක ගහන ඒ කාලකණ්ණි නරුම වැඩේ ප්ලෑන් වුණේ..---
.
.
ඔව්,
ඔව් මං දන්නවා!
මං කරගත්ත ම මෝඩ ම හරක් වැඩේ ඒක.!
මං දැනන් උන්නා..;
මං හොඳට ම දැනන් උන්නා මට එයා ගැන තිබ්බෙ වෙන දා වගේ පත්තුවෙලා නිවෙන ආකර්ශනයක් නෙවේ කියලා.
මං වෙන කිසිම කෙල්ලෙක් ව එච්චර මෘදු විදියට කිස් කරල තිබ්බෙ නෑ.. ඔව්, ඒ පළවෙනි වතාව, මට එහෙම සතුටක් දැනුණ. ඇස් දෙකක් දිහා බලල හිනා වුණ..
ඒත්, ඒත්,
ඇට්ටරකමට ආඩම්බරේට ම මුල් තැන දුන්නා.
ගොං කම ඇත්තට ම..
මට,
මට තියන පසුතැවීම තේරෙනව ද..?
.
.
කොල්ලො ටික එයාට වැඩේ දෙන්න කතා කරපු දවසෙ ඒත් මට බයක් නොදැනුණා කිව්වොත් බොරු.. උන්ගෙ සීමාවක් නැතිකම ගැන මං හොඳට ම දන්නවනේ. මං හිටියෙත් ඉතිං උන් එක්කමනෙ.
ළමයි මට බය වුණේ හේතුවක් ඇතුව.
ඒක නිසා එයාට නිච්චියක් නැතුව ඇති කියල හිතන් මගෙ නම එයාට කිව්ව දවසෙ එයාට ඒක මතක තිබ්බ වගේ කිව්වහ ම මට පුංචි චකිතයක් ආවෙ නෑ කියන්න බෑ..
ඒ නිසයි අරුන් ඇහැ ගහනව දැක්ක ගමන් එයා ව ඇදගෙන ආවෙ. ඒත් නැවෙන්න තරං..
ඔව් එයා එවෙලෙ කිව්ව හරි.
මං වැඩ කළේ 'කොන්ද පණ නැති පො#%යෙක්' වගේ තම යි.
එයා ඇවිදින් හොඳට ම බය වෙලා මට ගගහ කතා කරද් දි කඳුළු බේරිල ගියේ හිත කෑලි කෑලිවලට කැඩිල ගිය නිසාම යි.
ඒත්,
මගෙ මොට්ට ඇට්ටර ඔළුවෙ උඩින් ම වැඩ කළේ ආයෙත් ගැම්මට ඉස්කෝලෙ එන්නෝනි නේ ද කියනෙක.
දරාගන්න බැරි තැන නැගිටල මං කෑ ගැහුවෙ හිතකින් නෙවේ.
එයාගෙ ඇස් ලොකු වෙන හැටි දකිද් දි මට ඒ ඇස් දිහා කෙළින් බලන්න බැරි වුණා.
එයාගෙ දණිස්සෙන් ලේ එනව හොඳට ම. මට අහන්න ඕනි වුණා රිදෙනව ද කියල.. ඒ ලස්සන පිළිවෙළ කොණ්ඩෙ දැනට ම අවුල් වෙලා. මං දැනන් උන්නා මෙතනින් නවතින් නෑ කියලත්..
ඔව්, හරි. මං ඒ තුප්පැහි ප්ලෑන් එකට ම යට වුණා. මං ෆොටෝ එක ගැන ෂේප් වෙන්න හිතන් උන්නත් ඒක ගත්ත දවසෙ හවස අපේ එකෙක් දැක්කෙ මටවත් කරගන්න දෙයක් නැතිකරලා. ශිට්! ඇයි මං ඒක ඩිලීට් නොකළේ!?
මගෙ හිත කෑ ගහද්දිත් ඒ උ$& ඒක උගෙ ෆෝන් එකට අරන් ඉවරයි.
පරයා--
ඌ නෙවෙයි මම!
මට ආවෙ මාත් එක්ක ම ලොකු කේන්තියක්. දරාගන්න බැරි තරමේ වරදකාරී හැඟීමක්. ඒත් ඒ ඔක්කොම මං පිට කළේ අර කාටවත් වදයක් නොවී පාඩුවෙ උන්නු අහිංසකීගෙන්.
මට තාමත් හිතාගන්න බෑ මේ මගෙ කටින් මං ඒක ශෙයාර් කරන්න කිව්ව කියලා.
මං නං මහ කාලකණ්ණියෙක්! ඒ හැඟීම දරාගන්න බැරුව මං එතනින් යන්න ගියේ හිතින් දහස්වාරයක් සමාව ඉල්ලන ගමන්.
මං දන්නව ඒක වැඩක් නෑ.
මේ දැන් මම එතන හිටිය නං කොහෙත් ම මෙහෙම දෙයක් වෙන්නෙ නෑ.
ඒත්, ඒ ගැන කතා කරල වැඩකුත් නෑ..
එදා ගෙදර ගිහින් මගෙ කාමරෙත් ලොක් කරගන බඩු ඔක්කොම පොළොවෙ ගගහ හැපි හැපි මං ඇඬුවෙ මගෙ කාලකණ්ණිකම නරුම අවතාරයක් වගේ මගේ හිත වහගෙන හොල්මන් කරන්න ගත්ත නිසා.. මගෙ කෙල්ලට මොනවයින් මොනව වෙලා ඇති ද කියල හිතන්නත් මට බය හිතුණා. මට මාව ම තිත්ත වුණේ කවමදාවත් නැතුව.
.
.
දවස් දෙහෙකට විතර පස්සෙ ඉස්කෝලෙන් කේස් එක හොයාගන මාව යි එයාව යි ස්කූල් වයලන්ස් කමිටි එකෙන් ගෙන්නල තිබ්බා. මං දිගට ම බලන් හිටියෙ එයා දිහාම යි. දෙයියනේ අර ලස්සන දිග කොණ්ඩේ.. අර පර හැත්ත ඒක විනාස කරලා. මදිවට බලන බලන තැන තුවාල කැළල්. අර දණට ලොකු බැන්ඩේජ් එකක් දාලා. තැලිච්චි පාරවල් අනන්ත යි.. මට ආය ම මා ව එපා වුණා.-
එයා නිකමටවත් මගෙ දිහා හැරිලවත් බැලුවෙ නෑ. මට දරාගන්න ම බැරිවුණේ ඒක.. ඒ ඇස් ඉස්සර කොච්චර ආදරෙන් ද දෙයියනේ මා ව හෙව්වේ..!!?
මට තිබ්බා!;
මට තිබ්බා මේ විනාසෙ නවත්තන්න..! ඒක මතක් වෙන සැරයක් සැරයක් ගාණෙ මට ආයෙ ආයෙ ම මාව ම එපා වුණා.
මං බලාගන උන්නා එයා මාව කමිටි එකට අල්ලල දෙනකං. අප්පා මේක ක්ලියර් කරනව කියල දැනගෙන හිටියත් මට ඕනි වුණා එයා ම මට දඬුවම් දෙන්න කියල කියන්න. මට තදින් ම ඕනි වුණා මේ පව් පියවගන්න..
ඒත්,
එයා කිව්වා මතක නැහැ කියලා! මං ඒ මූණ දිහා ම බලන් උන්නෙ මහා පුදුමෙන්. ඒ ඇස්වල කඳුළු. එයා මට තාමත් ආදරෙයි කියල දැනෙද් දි මට දැනුණු ජරා මූසල හැඟීම...-
ඒත් එයා නොදැනුවත්ව ම මට දුන්නෙ දරුණු ම දඬුවම..
එයා,
එයා ඇත්ත කිව්ව නං මගෙ හිතට සැනසීම යි ටිකක්හරි. මං පව් පියෙව්වා කියල හිත රවට්ටගන්නවත් තිබ්බා. එයා මා ව අතෑරපු එකෙන් මං තවත් දරුණු නරුමයෙක් ගාණට වැටුණ එක වුණේ.
ඒ වගේ දේව ගති තියන කෙල්ලක් ආය නං ලැබෙන්නෑ කියල මට හරියට ම ඒත්තු ගියේ එවෙලේ.
ඒත් එයාගෙ වැරද්දකුත් නෑ. මට ඒ බොරු සැනසීමවත් ලැබෙන්න වටින් නෑ.
මං දන්නවා..
එයා නැගිටල යද්දි ඉන්න තැනත් අමතක වෙලා මා ව පස්සෙන් ඇදුණෙ නිකං කාන්දමක් වගේ. එයා ඒත් හැරිලවත් බැලුවෙ නෑ. මට කොහොමත් යන්න් හම්බුණෙත් නෑ..
ඊට පස්සෙ මං හයි ස්කූල් ඩ්‍රොප් අවුට් වෙලා හෝම් ස්කූලින්ග් ගත්තේ. අප්පා ලැජ්ජාවට යි එහෙම කළේ. ඒත් ඒක හොඳ යි. මටත් විවේකයක් ඕනි වුණා.
ඒත් මගේ හිතට කිසි විවේකයක් තිබ්බෙ නෑ.
කොච්චර උත්සාහ කළත් එයාගෙ කිසිම කන්ටැක්ට් එකක් මට හොයාගන්න බැරිවුණා. අඩු ම SNSවත් උන්නෙ නැහැ එයා. මට එපා වෙලා අතෑරල දාපු වාර අනන්ත යි. ඒත් අමතක කරන්නෙ කොහොම ද...?
මට ඊට පස්සෙ එෆෙයාර්ස් කීපයක් ම තිබ්බත් ඒවට එච්චර ආයුෂ තිබුණෙ නෑ.
එදා වයලන්ස් කමිටි එකේ දි අන්තිමට එයා ව දකිද් දි හිතිච්ච දේ ඒ විදියට ඔප්පු වෙද් දි මට තවත් මේ ඔක්කොම එපා වුණා.
හිත හිත ඉන්න එක නවත්තල මං ඉගෙනගන්න හිත යොමු කළේ අර කාලකණ්ණි හැඟීමෙන් ඩ්ස්ට්‍රෑක්ට් වෙන්න.
ඔව්,
එහෙම බැලුවොත් පොතක් අතින් නොඅල්ලපු මම ඉගෙනගත්ත එකේ ක්‍රෙඩිට් එක යන්නෙත් එයාට ම තම යි. එයාගෙන් තරං ඉම්පැක්ට් එකක් අප්පාගෙන්වත් මට වැටිල නැතුව ඇති..
මං ඉංග්‍රීසි ගුරුවරයෙක් වෙලා ආය ම මගෙ පරණ ඉස්කෝලෙට ම ආවෙ, මට ආයමත් ඒ කෙටි කාලෙ සුන්දර මතක තිබ්බ තැන් නැතුව පාළුවක් දැනුණු නිසා. එතකොට සිද්ධිය වෙලා අවුරුදු අටකුත් ගිහින්.
ඔය අතරෙයි කිකෝ කියල අලුත් SNS platform එකක් හිට් වෙන්න ගන්නෙ. ඒක බලාගන ඉන්දැද් දි යි හිතාගන්නවත් බැරි තරම් දියුණු වුණේ..
මගේ කිකෝ පේජ් එක ම ස්ක්‍රොල් කර කර ඉද් දි දවසක් ඒ කම්පනි එකේ CEO ගැන පෝස්ට් ආර්ටිකල් එකක් දැකල යි මගෙ මුළු ඇඟ ම ගල් වෙලා ගියේ..
┏━━━━━━━━━━━━━━━━━━━━━━━━━━┓
"Back then, HISTORY was my favorite subject.., but somehow I ended up here, in PROGRAMMING..!"
- Yeong Su Kim
( CEO, K!KO.kr Corp. )
♡ 1.8M ◞·௰ 57.4K ◞➾ 68.1K
K!KO • 14 Nov 2030
┗━━━━━━━━━━━━━━━━━━━━━━━━━━┛
ඒ උන්නෙ එයා!!
මට හිතාගන්න බැරි තරමෙ සතුටක් දැනුණෙ!
මං කොච්චර නං හෙව්ව ද!? ඒත් අන්තිමේ මට හම්බුණේ නොහිතපු ම විදියට.
එයා ගොඩක් වෙනස් වෙලා..
හොඳ විදියට.
එයා ගැන මට දැනුණෙ පුදුමාකාර සතුටක්.
එයා ඒ තරං හිත හයිය කෙල්ලක් කියනෙක මට හිතාගන්නවත් බෑ. වෙන එකියක් නං ඒ කාලෙ ම සිය දිවි නහගන්නත් තිබ්බා.
එක අතකට එයාගෙ දියුණුව මට කම්මුල් පාරක් වගේ.
ඔව්, එයා තමා අන්තිමේ දින්නේ..
මං දිගට ම ඒ ඔස්සෙ එයා ගැන හෙව්වත් හමුවෙන්න කිසිම මගක් පෑදුණේ නෑ.
මට එක ම එක, එක ම එක අවස්ථාවක්.. ජෙබල්..
එච්චරයි මගෙ ඔළුවෙ ම කැරකුණේ..
අවුරුදු දෙකක් ගෙවිල ගියා. මං විනය භාර විදියට පත්වුණේ. හඃ!~ එයා දැනගත්ත නං ඔළුවෙන් හිටගෙනත් හිනාවෙයි. එයා විතරක් නෙවෙයි මා ව ඒ කාලෙ ඉඳන් දන්න ඕනි එකෙක්.
අපේ තෑගි උත්සවේ සංවිධායක මඩුල්ලට මා ව තේරෙන්නෙ ඔය අතරෙ. එතකොට යි මට ප්‍රායෝගික ම අදහස පහළ වුණේ.
මට දැනිච්ච සතුට!!!
ඒ විදියට තමා එයා ව ප්‍රධාන අමුත්තිය විදියට ගෙන්නගත්තෙ. එයා එනව ම යි කියල අනේ මන්දා මට තදින් ම හිතුණා.
හිතුණත් වගේ ම එයා ආවා.
මට ඇස් අහක් කරන්න වුණේ ම නෑ..
අවුරුදු දහයක්.
අවුරුදු දහයකින් මේ දකින්නේ.!
ප්‍රින්සිපල් සර් අපිට ඉඩ දීල ගියහ ම මං එයා ව මං පරිස්සමට මේන්ටේන් කරපු අපේ බංකරේට එක්කං ගියේ තව අවස්ථාවක් ලැබෙන්න කියන ප්‍රාර්ථනාවත් මුළු හිතේ ම පුරවගෙන.
සැකයක් නොතිබුණාමත් නෙවෙයි.
ඒත් තවත් කොහොම ද මෙහෙම විඳවන්නේ!?
.
.
එයාගෙ වචන හදවත හරහා එක පිට එක යන ඊතල වරුසාවක් වගේ දැනුණෙ..
මට කියාගන්න දෙයක් නෑ. මට වඩා එයා විඳෙව්ව බව මං දන්නවා. මං එයාට ආදරේ කළාටත් වඩා එයා මට ආදරේ කරපු බවත් හොඳට ම දන්නවා.
මම යි ඒ අහිංසක හිත කැඩුවේ..
ඉතිං තවත් මොනා පැහැදිලි කරන්න ද..?
දරාගන්න බැරි ම තැන මං අවුරුදු එකොළහක් තිස්සෙ හිතේ මිරිකගන උන්න ඒ දේ කිව්වෙ නවත්තගන්න බැරුව ඇස්වල පිරුණු කඳුළු පිහගන්නවත් හිතේ හයියක් නැතුව..
"සරංග්හේ.. යොන්ග් සු-යා.."
එයාගෙත් ඇස් තෙත් වෙනව මං බලාගන. මොක ද මං කිව්ව දේ එයාට අලුත් තොරතුරක් නෙවෙයි.
ඔව්, එයා හොඳට ම දන්නවා. අපි දෙන්න ම හොඳට ම දන්නවා. මුල ඉඳන් අගට ම; හොඳ පැහැදිලි ව..
ඒත් වැඩක් නෑ.. මොකට ද?
"අපි ආය හම්බවෙන් නැතුව ඉමු ජොන්ග්ගුක්-ශී.. ආය මේ විදිහට මා ව ගෙන්නගන්නත් එපා.. මේක ටීන් මූවි එකක් නෙවේ කොල්ල නිදහසට කාරණා කිව්ව පලියට සමාව දීල කිසි අවුලක් වුණ් නැති ගාණට හැපීලි එවර් ආෆ්ටර් වෙන්න.; මේ ඇත්ත ජීවිතේ.."
මට දැනුණු කාලකණ්ණි අසරණකම වචනවලින් විස්තර කරන්න බැරි තරං දරුණු යි. එයා කියන වචනයක් වචනයක් ගාණෙ ඇත්ත වෙද් දි මට කියාගන්න වචනයක්වත් නෑ ඉතිරි වුණේ..
"අන්න්‍යොංග්!"
එයා ඒක කීවෙ අන්තිම වතාවට. ආයෙ හැරිල්ලක් නෑ කියල මට තේරුණා.
මොහොතකින් ජීවිතේ එපා වෙලා තියෙනව ද?
එයාට දුන්නු කාලකණ්ණි හැඟීම් මට ම කැරකිල ආව වගේ.
වරදක් නෑ.. තරහකුත් නෑ. කොහොම එහෙම හිතන්න ද, වැරදිකාරයා මං වුණහ ම..
පව්කාරයෙක් වුණා ම පව් ගෙවන්නත් ඕන.. මට අනන්ත වෙනි සැරේට මාව ම අප්පිරිය වුණේ...
"මියාන්හේ.." මට කියන්න ඉතුරු වෙච්ච එක ම වචනෙ කිව්වෙ ඇත්තට ම යි..
ඒ කාලෙ තිබ්බ ලැජ්ජාව මං අහකට දාල හුඟක් කල්. ඇරත් එයා ඉස්සරහ ආය ආඩම්බරකම් දාන්න තරම් මං දැන් මෝඩයෙකුත් නෙවෙ යි. අවුරුදු 18 ඒ මෝඩ කොල්ලට තොල පැලෙන්න ගහල එන්න හිතුණු වාර.. අනන්ත යි.
ඒක ඇහිල එයා නැවතුණා. මොහොතකට පුංචි බලාපොරොත්තුවත් හිතට ආවෙ නෑ කිව්වොත් ඒක බොරුවක්. ඒත්..,
ඒත් මගෙ අනුමානෙ හරි..
එයා ආය හැරිල බැලුවෙ නෑ. එදා වගේ ම.
මොක ද අපි දෙන්න ම දන්නවා, හැරුණොත් ආය දාල යන්න තරං එයාගෙ හිත ගල් නැහැ කියලා.
එයා තෝරගත්ත දේ පැහැදිලි යි.
'ඔයා විඳවන්න ජොන්ග්ගුක්...'
මට සමාවක් නැහැ.. මං දන්නවා.
අසරණකම යි දුක යි කලකිරීම යි ඔක්කොම එකතු වෙලා හිතට වද දෙද් දි මං එහෙම්ම ම බංකරේ ඇතුළට වැටුණා.
ලස්සන මතකයන් ඔක්කොම චිත්‍රපටියක් වගේ එක පෙළට මැවිල පේන්න ගද් දි මට පොඩි එකෙක්ට වගේ ඇඬෙන්න ගත්තෙ කිසි ම පාලනයක් නැතුව.. මට පාලනය කරන්න උවමනාවක් තිබ්බෙත් නෑ.
මං වගේ කාලකණ්ණියෙක් එයා වගේ දේව දූතියකට වටින් නෑ.
කොහෙත් ම නෑ.
එයාගෙ තේරීමට ගරු කරනව ඇරෙන්න වෙන විකල්පයක් මට නෑ.
"සරංග්හේ.. යොන්ග් සු-යා.." හිතේ දෝංකාර දෙන වචන ටික කටින් යාන්තමට පිටවුණේ මටත් නොදැණි..
Bạn đang đọc truyện trên: Truyen247.Pro