-12-
එදායින් පස්සෙ මං ඒ ඉස්කෝලෙ දෑහැට දැක්කෙ නෑ. අප්පා ලෝයර් කෙනෙක් නිසා හැදුවෙ ම ඒ රැලට විරුද්ධ ව නීතිමය පියවර ගන්න. ඒත් මට ඕනි වුණේ නෑ මේක තව ඇද්දන්න. ඒ නිසා මගෙ කටේ බලේට ම එහෙම නොකරපු අප්පා අපේ ගෙවල් මාරු කරල බුසාන් ඉඳන් සෝඋල්වලට පදිංචියට ආවා.
දැන් අවුරුදු දහයක් වෙනවා ඒ සිද්ධිය වෙලා. එදායින් පස්සෙ මං ජීවිතේට ඒ පිටසක්වළ දෙපත් නයා තියා ඒ ඉස්කෝලෙවත් බුසාන් පළාතවත් දෑහෙට දැක්කෙ නෑ. දකින්න ඕන කමක් තිබ්බෙත් නෑ.
මං දැන් අලුත් ම සෝෂල් මීඩියා කම්පනි එහෙක අයිතිකාරියක්. 'කිකෝ' කියල. මේ වෙද්දි රටේ ජනප්‍රිය ම සමාජ මාධ්‍ය ජාලය ඒක. වෙයිබෝවලටත් වඩා දියුණුයි. බිලියන 4කට එහා ඩවුන්ලෝඩ් තියනවා. ලෝකෙ පුරා. ඒකෙන් මට එන කෝටි ගාණක ආදායමින් මාසෙකට කොටසක් මං ළමා හිංසනයට එරෙහි ව අරමුදලකට එක්රැස් කරනව එක්සත් ජාතීන්ගෙ සංවිධානයත් එක්ක එකතු වෙලා.
ඒක මට සතුටක් ගෙනාවා.
මතක ද දන්නෑ මං ඉතිහාසයට ගොඩක් ආසයි කීවා..?
මං ඒක අතෑරිය ම කියන්නත් බැහැ. මොක ද මගේ ආයතනය මගින් පුරාවිද්‍යා වටිනාකමක් ඇති පරිශ්‍රයන් සංරක්ෂණය කරන්න ප්‍රොජෙක්ට් එකක් කරගන යන නිසා. :*)
පන්තියෙ ළමයි තිස් දෙනාවත් ඇඳුරුවෙ නැති මං දැන් ලෝකයක් අඳුරන යුග කාන්තාවක් වෙලා.
ලෝකෙ පුදුමාකාර ම දේ වෙන මොකවත් නෙමේ.., ජීවිතේ ම තමයි..
ඔම්මගෙන් මට දැන් තියන එක ම කරදරේ කසාදයක් කරගන්න කියල විතරයි. ඒත් අවුරුදු 10කට කලින් හදවතේ ඒ හැඟීම කොච්චර තදින් පෑරුණා ද කීවොත් තා ම ඒක යන්තංවත් ඔළුව උස්සල නෑ. 28ක මං තාමත් තනිකඩ යි.
ඔම්මා නං කියන්නෙ මට පිස්සු කියල. ඒත් එයත් දන්නෑ දෙපත් නයෙක් ඇවිත් ඒ හැඟීමට දෂ්ට කරල ලිස්සල ගියේ දැන් දශකයකටත් කලින් කියල.
මං කියන්න ගියෙ නෑ. ඒ අමිහිරි මතක හාරාවුස්සන්න මට ඕනිකමක් තිබ්බෙ නෑ කිව්වොත් හරියට ම හරි.
මගෙ ඔෆිස් රූම් එකේ ග්ලාස් වින්ඩෝ එකෙන් පේන බිල්ඩින්ග් පාරවල් පිරුණු සෝඋල් නගරයේ දර්ශනය දිහා බලාන කල්පනාවෙ නිමග්න වෙලා උන්නු මගේ කල්පනාව බින්ඳෙ මේසෙ උඩ තිවුණු ලෑන්ඩ්ලයින් එකට ආපු කෝල් එකක්.
මං ඒකට ආන්ස්වර් කළා.
"ඔව්..?"
"මැඩම් කිම්.., බුසාන්වල ග්ම් ඉල් උසස් පාසලේ විදුහල්පතිතුමා මැඩම් එක්ක සම්බන්ධ වෙන්න අවසර ඉල්ලනවා. මැඩම් ආදි ශිෂ්‍යාවක් කීවා. සම්බන්ධ කරන්න ද?" රිසෙප්ෂනිස්ට් ගර්ල් විනීත ව අහද් දි මා ව මොහොතකට ගල් වුණා. මං කලින් මතක් කළා වගේ ජීවිතේ තමයි මේ ලෝකෙ තියන පුදුමාකාර ම දේ..
"මැඩම්,....සම්බන්ධ කරන්න ද..-?" මා ව එකපාරට මේ ලෝකෙට ආවෙ ඒ ගෑනු ළමයගෙ කටහඬින්.
"ම්ම්, ඔව්. සම්බන්ධ කරන්න."
"හරි මැඩම්. මොහොතක් රැඳෙන්න.." මං බලාගන හිටියා. ටිකකින් ඇහුණෙ හරි ම යටහත් පහත් ඒත් වැදගත් පිරිමි කටහඬක්.
"අම්ම්... යොබුසෙයෝ.., කිම් යොන්ග් සු-ශී!, මම ග්ම් ඉල් උසස් පාසලේ විදුහල්පතිතුමා, මුන් හ්‍යොක් පිල්.."
"ඔව්.. කියන්න සර්.."
"අයිගෝ.. මට සර් කියන්න එපා.. මට වඩා කොච්චර ඉහළ තැනක ද මිස් කිම් ඉන්නේ?"
මට හිනාවක් ගියා. "ඒකට කමක් නෑ. ඇරත් මං සර්ට වඩා ගොඩක් බාල යි!"
"අයිගෝ.., මං අගය කරනව ඒ නිහතමානිකම!"
බටර් ගාන්න දන්නෙ ම නෑ...
"අහ්!~ බොහොම ස්තූතියි!"
"මේ, මං ඔබතුමියට ආරාධනාවක් කරන්න යි මෙහෙම සම්බන්ධ වුණේ. මං හෙට මිස්ගෙ කාර්යාලයටත් එන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ නිල ලිඛිත ආරාධනාව එක්ක.."
"ඔව් කියන්න.." මං නැවතිල්ලෙ කතා කළා.
"අහ්හ්.. අපේ පාසලේ උපාධි උත්සවේ පැවැත්වෙනව ලබන 24 වෙනි දා. සිකුරාදාවක්. ඉතිං, උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තිය විදියට ඔබතුමියට ආරාධනා කරන්න යි අපි ගුරු මණ්ඩලේ සාකච්ඡා කළේ. මිස් අපේ පාසලේ ආදි ශිෂ්‍යාවකුත් නිසා, මේ අවස්ථාවට සහභාගි වෙනව නං ඒක අපිට ලොකු ගෞරවයක්. ඒ වගේ ම අපේ දරුවොන්ටත් මිස් ආදර්ශයක් වේවි.." වයසක මිනිස්සු පවා මට ගරු තියල කතා කරන්නෙ දැන්. මට නිහතමානී සතුටක් ආවා. ඒත් මං කල්පනා කළේ..., කාලෙකට කලින් අතෑරල ම දාල පැත්තවත් නොබලන්න හිතාගත්ත තැනට යනව ද නැද් ද කියල මගෙ හිත තර්ක කළා.
ඔම්ම එහෙම මෙතන උන්න නං පැනපු ගමන් එපා කියයි.. හෙහ්..
"මිස් කිම්..,?" මං මනෝ තර්කෙන් එළියට කඩන් වැටුණෙ ප්‍රින්සිපල් සර්ගෙ කටහඬට.
"ආ.. ඔව් සර්.. මං බොහොම කැමැති යි එන්න. බොහොම ස්තූතියි ආරාධනාවට! ආරාධනාව පිළිගත්තා කියල හිතාගන්නකෝ.." මං බොහොම සුහද ව කීවා. මට යන්න හිතුණා. මොකද්දෝ මාත් නොදන්න හේතුවකට.
"අයිගෝ.. කොච්චර ඉහළට ගියත් ඔබතුමීගෙ නිහතමානිකම බලන්නකෝ. හරි සතුටු යි මිස් අපේ පාසලේ ආදි ශිෂ්‍යාවක් වුණු කාරණාව ගැන. ඒ වගේ ම බොහොම ස්තූතියි අපේ ආරාධනාව පිළිගත්තට..!" ආයෙත් එක ම පටිය දිග අරිනවා. හනේ ඉතිං..
"අනේ.., සුළු දෙයක්නෙ ඉතිං.. මං ඉගෙනගත්ත තැනනෙ."
රෙද්ද තමයි.-
සර් හිනාවුණා.
"හරි එහෙනං මිස් කිම්, හෙට මං එන්නංකෝ නිල ලිඛිත ආරාධනාවත් එක්ක.."
"අනේ එහෙම ඕන නෑ මොකට ද නිකං මහන්සි ගන්නෙ. කෝකෙන් වෙන්නෙත් මා ව දැනුවත් වෙන එකනේ. මං එනවා. හෙට එන්න අවශ්‍ය නෑ.." මං ඇත්තට ම කීවෙ ඒක බොරු වැඩක් නිසා.
"අනේ ඉතිං එහෙම හරි නෑනේ.."
"මං නෙ කියන්නෙ සර්. හිතන්න එපා.. කොහොමත් හෙට මං ඔෆිස් එකේ නෑ. සර් ම කතාකළානෙ ඉතිං රාජකාරි වෙලාවෙ.. ඒ ඇති.."
"අනේ බොහොම ස්තූතියි එහෙනං ආයිත් මිස් කිම්.."
"හිතන්න එපා.."
"එහෙනං මං තියනවා මිස් කිම්..! සුබ දවසක් ඔබතුමියට!"
"සුබ දවසක් සර්!"
.
.
.
.
.
.
දෙයියනේ..! ආරාධනාව භාරගත්ත එකට ඔම්මගෙන් මං අහගත්ත තරමක්!
බොහො ම අමාරුවෙන් හෙන ම ගේමක් දීල තමා කැමැති කරවගත්තේ..!
.
.
.
.
.
.
අද උපාධි උත්සවේ දි මට ලැබුණු ගෞරවයක මහත! මං බුසාන්වල කියන තැනේ ඉඳන් එයාලට සතුටු යි.. උත්සවේ ඉවර වුණාට පස්සෙ මං ප්‍රින්සිපල් සර් එක්ක කතාබහ කළා. හොඳ මනුස්සයෙක්. හැබැයි චූට්ටක් කියවිල්ල වැඩී. ඒකනං මට එදා ෆෝන් කෝල් එකේ දි ම තේරුණා හැබැයි..
ඒත් එයා අන්තිමට කියපු කතාවකට මා ව එකතැන ම ගල් වුණා.
"ආාහ්.. ඒක නෙවෙයි, ඇත්තට ම මං දැනං හිටියෙ නෑනෙ මිස් අපේ පාසලේ ආදි ශිෂ්‍යාවක් කියලා.. මට මේ අපේ විනයභාර ගුරුතුමා තමයි මිස් ගැන කිව්වෙ! මං පුදුම වුණ තරමක්! කෝ..., මේ," සර් වටපිට බැලුවා. "අඃ!~ අර ඉන්නෙ! ජොන් සර්, පොඩ්ඩක් මෙහාට එන්නකෝ.." මං ඒ එන්න කියපු කෙනා දිහා බැලුවා. මූණෙ තිබ්බ හිනාව බොඳ වෙලා මගෙ හදවත එහෙම්ම ම නතර වෙනව වගේ දැනුණෙ. ඇස් ලොකු වුණේ මගෙ ම ඇස් අදහගන්න බැරිවුණ නිසා. එයා මං දිහා කෙළින් බැලුවෙ නැති වුණත් හිනාවුණා.
"සර් යි මිසු යි එක ම පන්තියෙ ඉගනගත්තා කියලත් සර් මට කිව්වා..?" ප්‍රින්සිපල් සර් කිව්වෙ හිනාවෙවී. මං කනස්සල්ලෙන් වුණත් ප්‍රින්සිපල් සර් එක්ක හිනාවුණේ තාමත් මං ඉස්සරහ මට පේන දේ අදහගන්න බැරුව..
"දෙන්නට කතා කරන්න දේවල් ගොඩක් තියනව වගේ පේන්නෙ.. මං යන්නං එහෙනං.." කියල ප්‍රින්සිපල් සර් ගියේ අපි දෙන්නව ඉතුරු කරලා.
සර් ගියායින් පස්සෙ එයා මට අතක් දික් කරල බොහොම විනීත ව පෙන්නුවෙ පැත්තකට යමු කියල. මාත් ඔළුව වනල එයා එක්ක ගියා. මෙතන වැදගත් විදියට ඉන්න අවශ්‍ය නිසා. එයා මා ව එක්කගන ගියේ මගේ බංකරේ ගාවට. එතන පඳුරුවලින් වැහිල වල් බිහි වෙලා නැති බව දැක්ක ම මට පුදුම හිතුණා. මං කොච්චර නං ගැවසුණා ද එතන..
"මම විතරයි දැන් එතන ඉන්නෙ.." ලොකු හුස්මක් පහළට ඇරල එයා කතාවට මුල පිරුවා. මට හිනාවක් ගියා. එයා ඇතුළට අත් දික් කරල පෙන්නුවෙ මට යන්න කියලා. මං ගිහිං වාඩිවුණා.
Bạn đang đọc truyện trên: Truyen247.Pro