-11-
මගෙ මූණට වැටුණෙ බෙල්ල ගාවට දිග කොණ්ඩ ගස් ටිකක් විතරයි.
........ ... .. .
මගෙ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා.
"ඔමො! ඕ මියන්! මං ලස්සනට තමා කපන්න හිටියේ.. ඒත් ටිකක් වැඩිපුර කැපුණනේ..!" මින් ආ එහෙම කියල කපල ඉතුරු අඩි දෙකක් විතර දිග කොණ්ඩ ගොඩ මගෙ ඉස්සරහට විසික් කළා. මගෙ පපුව හෝස් ගාල ගියා ඒ අපරාදෙ දැක්කහ ම.. ආයමත් කඳුළු උනන්න ගත්තෙ මටත් වඩා ආදරෙන් බලෙන් ම තෙල් ගගා මගෙ කොණ්ඩෙ පරෙස්සන් කරපු මගෙ අහිංසක ඔම්ම ව මතක් වෙලා. පපුව ඇතුළෙන් ඉරාගන ඉරාගන යනව වගේ දැනිච්ච වේදනාවට මට හයියෙන් ම ඇඬුණා.
"ඈයිශ්! ඔය මූසලකමට අඬන එක නවත්තගන්නව අයිසෙ! මහ බබෙක්නෙ!" කොල්ලෙක් කෑ ගෑවා.
මා ව තනිකර හෙම්බත් වෙලා. හැමතැක ම තුවාල වෙලා. එතකොට මගෙ රින්ග්ටෝන් එක ඇහුණා. නිකමට අහස බලද්දි යි තේරුණේ දැනටත් කළුවර වැටිල කියල. දෙයියනේ ඔම්මයි අප්පයි බය වෙලත් ඇති. මං කවදාවත් නොකිය පරක්කු වෙන්නෑ.
"ඒක ගනින්!" එක කොල්ලෙක් කීවා ම තව එකෙක් ගිහිං බිම වැටිල දැනටත් ස්ක්‍රීන් එක ඩැමේජ් වෙලා තිබ්බ මගෙ ෆෝන් එක අතට ගත්තා.
"ඔම්මා!" ඌ කෝලර් අයිඩී එක කියෙව්වා. අනේ..!
"කෝ ඕක දෙන්න.." මින් ආ ගිහිං ඒක අරං ආය මං ළඟට ඇවිදින් කෝල් එක ආන්ස්වර් කරල ස්පීකර් ඔන් කළා.
"මොනව ද කරන්නෙහ්!?" මං කතා කරනකොට ම මින් ආ අනික් කෙල්ලට ඉඟි කළා ම ඒකි මගෙ කට වහගත්ත තද කරලා.
"ඕ... ඔම්මොනී..." ස්පීකර් එකත් ඔන් කරලා ඒකි හරි අහිංසක විදියට කතා කළා.. මට දඟලගන්නවත් හයියක් නෑ.
අනික, 'ඔම්මොනී'..!? හඃ!~
"ආා.. මේ දුව කවු ද..? කෝ යොන්ග් සු?" අනේ ඔම්මා...!
"ආාහ් යොන්ග් සු මේ අපිත් එක්ක පාඩම් කරනව ඔම්මොනී.. ලබන සතියේ යුනිට් ටෙස්ට්නේ්.. මේ දැන් ටිකකට වොශ්රූම් එකට ගියා.." ඒකි කට ඇද කර කර මං දිහා බලාන කියද්දි අනික් උන් කටවල් වහන් හිනාවෙනවා.
"ආා හාා එහෙම ද පුතේ.. බලන්නකො මට යොන්ග් සු නිකමටවත් කිව්වෙ නෑනේ.." මං කොහොම ද ඔම්මා ඔයාට කියන්නෙ..? එහෙම ටෙස්ට් එකක්වත් නැතිකොට..? මින් ආ කට උල් කරගන මට 'අයිගෝ' කියන්න වගේ ඔළුව දෙපැත්තට වැනුවා.
"ඒකනෙ නේ ද..? මං හිතුව කියන්න ඇති කියලා..."
"හරි එහෙනං පුතේ ඔයාල පාඩම කරගන්න මං තියනවා... එයාට ඉක්මනට එන්න කියන්නකො.. දැනටත් කළුවර වැටිලනෙ.." අනේ ඔම්මා! විශ්වාස කරන්න එපා! මට හෝ ගාල කඳුළු එනවා..
"ආ හරි ඔම්මොනි මං කියන්නං... එහෙනං තියනවා..."
"හරි පුතේ හරි.."
"අන්න්‍යොංග් ඔම්මොනී..." මිනා එහෙම කියල ෆෝන් එක කට් කරල ඒක ඕන කමින් ම බිම වැට්ටුවා..
"ඔ~! වැටුණා.." ඊළඟට පෑගුවා. "අනේ..~! පෑගුණා..!"
කට්ටිය ම අත්පුඩි ගගහ හිනාවුණේ.. අරකි මගෙ කට අතෑරියා.
මගෙ ඔළුව කැරකෙනවා. කට්ටිය ව එක දෙක වෙලා පේන්න ගත්තා.
"යා.. දැන් ඇති නේ.. සෙකුරිටි එකෙන් පැට්‍රෝල් එකේ එයි දැන්. යන්.." මින් ආ එහෙම කියල කිසි ගාණක් නැතු ව ගිහිං එයාගෙ බෑග් එක කරට දාගත්තා.
"ම්ම්හ්, යමං.." කට්ටිය ම කිය කිය එකා දෙන්න යන්න ගත්තා.
මා ව අල්ලං හිටපු එකී මා ව වේගෙන් බිමට තල්ලු කරල අන්තිම පාරටත් පයින් කකුලට ගහල ගියේ.
මා ව කෙහෙල් කඳක් වගේ 'ඩං' ගාල බිමට කඩං වැටුණෙ. පණ නෑ මට. වටේ ලෝකෙ ම කැරකෙන්න ගත්තා. අන්තිමට මතක ඒ යන රැලේ කකුල් ටික විතරයි. සංවේදනය නොදැනි ගිහිං මගෙ ඇස් පියවුණා.
.
.
.
.
.
.
ඊළඟ දවසෙ නැගිටිද්දි මං පුළුවන් තරං ප්‍රාර්ථනා කළේ ඒ හීනයක් වෙන්න කියල. ඒත් ඇස් අරිද්දි දැක්ක ඉස්පිරිතාල ඇඳ නිසා ඒ ඔක්කො ම ප්‍රාර්ථනා ඇස් ඉස්සරහ ම කුඩු වෙලා ගියා.
"අනේ දෙයියනේ පැටියෝ.." ඔම්මා මා ව දෝතින් ම බදාගත්තා. "මොන අපරාදයක් ද දෙයියනේ මේ!? කිසි එකෙක්ට කරදරයක් නොකර පාඩුවෙ උන්න දරුවට මෙහෙම කරපු උන්ට හොඳක් නං වෙන්න එපා..!" අපෙ ඔම්මා අඬනවා දෙයියනේ.. මටත් කඳුළු ගලාගන ගියේ කෙලවරක් නැතුව. ඇඟපත රිදුණත් මං ඔම්ම ව හයියෙන් ම බදාගත්තා..
"ඔම්මාා..ආ.."
"හනේ දෙයියනේහ්.. බලන්න මූණෙ හැටි.. මුන් ළමයි ද නැහ්නං යක්කු ද?" ඔම්මා ඈත් වෙලා මගෙ මුළු මූණ ම අත ගෑවා. "දැන් අඬන්න එපා මැණික. ඔය ජරා ඉස්කෝලෙන් අපි අයින් වෙමු.. ඔම්මා ඉන්නවනෙ, ම්ම්..?"
මං ඔම්මට ඔළුව වනල ආයිමත් එයාගෙ තුරුල්ලෙ වැටුණා. අප්පගෙ ඇස්වලත් කඳුළු පිරිලා. මං බලද්දි එයා අහක බලාගත්තා. මට තවත් හයියෙන් ඇඬුණා.
මගෙ රත්තරං ඔම්මවයි අප්පවයි අඬවපු පරයො රැල! දිව දෙකේ පිටසක්වළයා! ඕනි නැතිවුණත් මං උන්ට හිතෙන් සාප කළා.
"මං නිසා කරදර නේ ද..?" මං ඔම්මා දිහා බලාන ඇහුවා.
"මොන කරදරයක් ද පැටියො ම්ම්.. මොනව ද මේ කියවන්නෙ මෙච්චර හරියක් වෙලා. දැන් කාලෙ ළමයි හැදෙන්නෙ තනිකර තිරිසන්නු වගේ. මුන්ගෙ දෙමාපියො මුන් මෙහෙම වෙනකං පොල් ගානව ද දෙයියනේ! ස්ස්ස්.. තොලත් පැලිල.." ඔම්මා මගේ ඔළුව අතගෑවෙ ආදරෙන්. එයාට හොඳට ම ඇඬෙනවා. නහය රතු වෙලා තියන හැටියට කියත හැකි එයා කලිනුත් හොඳට ම අඬලා.
ආය මං කවමදාවත්.., මිනිස්සු කියන ජාතිය නං විශ්වාස කරන එකක් නැහැ..
එතකොට ම ඩොක්ටර් ආවා.
"අම්ම්.. දැන් නං මෙයාට යන්න පුළුවන්. මට නං හිතාගන්න බෑ මේ පොඩි වුන් හැදෙන විදිය. කෙල්ලෙක්ටත් මෙහෙම ගහනව ද මං අහන්නෙ..?" ඩොක්ටර් කීවෙත් අනුකම්පාවෙන්. මං අනුකම්පාවකට ආස නැති වුණත් ඩොක්ටර්ට බැනලත් වැඩක් නෑ. එහෙම තමයි මිනිස්සු..
එදා ටිකට් කපල ගෙදර ආවට පස්සෙත් ඔම්මා මගෙ පස්සෙන් ම යි.. ඊයෙ රෑ සෙකියුරිටි අංකල් පැට්‍රෝල් එකේ යද්දි මං සිහි නැතු ව වැටිල ඉන්නව දැකල හොයාගෙන යි ඔම්මලට කතා කරල එහෙම් ම හොස්පිට්ල් ඇඩ්මිට් කරල තිබ්බෙ. මා ව දැකල හොඳට ම බය හිතුණලු. ලේ පාරවල් දැකල මැරිල ද කියලත් හිතල..
"අපි ගෙදරට ගෙනැල්ල උගන්නමුකො ඒයි.. මට බයයි ආය ඉස්කෝල ගාණෙ යවන්න.." රෑ ඔම්ම යි අප්ප යි කතාවෙනව මං අහගන.
"ඔව් එහෙම කරමු. හෙට ස්කූල් වයලන්ස් කමිටි එකෙන් දූට කතා කරල. ඒ වැඩේ වුණාට පස්සෙ අපි අස්වීම් සහතිකේ ඉල්ලගමු." අප්පා කීවා.
මං කළේ හැඟීමක් නැති ව ඒවා අහන් ඉඳපු එක විතරයි. එදායින් පස්සෙ මගෙ කෙල්ලො හතරදෙනාවත් මා ව බලන්න ආවෙ නෑ. මගෙ හිත ගලක් වුණා. ඒක මෙලෙක් වුණේ ඔම්ම යි අප්ප යි වෙනුවෙන් විතරයි. හිතාගන්න බැරි විදියට මං මගෙ හිත හයිය කරගත්තා.
මං මගෙ කන්ටෑක්ට්ස් ඔක්කොම කපල දැම්මා. කොහොමත් කන්ටෑක්ට්ස් කියල මහ දෙයක් මට තිබ්බෙත් නෑනෙ ඉතිං. SNS ඔක්කොම අයින් කරල නම්බර් එක පවා වෙනස් කළේ මේ අපායෙන් එක අංශු මාත්‍රෙක මතකයක්වත් මට ඕනි වුණ් නැති නිසා..
.
.
.
.
.
.
"ජොන් ජොන්ග්ගුක්. මෙයා නේ ද යොන්ග් සු ඔයාට ගහන්න කට්ටිය මෙහෙයෙව්වෙ?" ප්‍රින්සිපල් මැඩම් එක්ක වයලන්ස් කමිටි පැනල් එක ඉස්සරහ මේසෙක ඉඳන් මගෙන් ප්‍රශ්න කළා. ජොන්ග්ගුක් ඒ දෙපත් නයා මට සමාන්තර ව පැනල් එකට ඉස්සරහින් පුටුවක ඉන්ඳලා.
මං හිතුව මට ඒක කියාගන්න පුළුවන් වෙයි කියලා. ඒත් මට බැරිවුණා. මං මට ම හිතෙන් පහර දුන්නෙ තා ම ඒ තිරිසනාට මං ආදරෙයි කියල තේරිච්ච නිසා. එයා මං දිහා ම බලන් ඉන්නව මට දැනුණා.
මං මෝඩයෙක් වගේ මුකුත් නොකිය බලාන උන්නා.
"කිම් යොන්ග් සු, ඔයා උත්තර දෙන්න ඕන. මේක තවත් සංකීර්ණ කරන්න එපා." අපේ පන්තිභාර සර් කීවා. මං එයා දිහා බැලුවෙ නෝක්කාඩුවට. එයාට මේක නිකං ම ප්‍රශ්නයක් විතර ද? 'තමුසෙත් ගුරුවරයෙක් ද ඕයි?' මගෙ හිත කෑගැහුවා. මං බලාන එයාට එහා පැත්තෙ උන්නු මිස් සර්ට එපා කියල ඉඟි කරනවා. එතකොට සර් නළල පොඩි කරන්න ගත්තා.
"මට.. මතක නෑ.. මට මූණු හරියකට මතක නෑ.. ගැහුවට පස්සෙ සිහි නැති වුණා." හිත මට ඇද කර කර බැන්නත් මට අරයගෙ නම කියාගන්න බැරිවුණා.
"ම්ම්හ්.. හරි එහෙනං.. ඔයාට යන්න පුළුවන්." මං නැගිටල ගියේ නිකමටවත් අරූ දිහා නොබලා. එයා ඒත් දිගට ම මං දිහා බලා ඉන්නව දැනුණ මට. ඒත් ඒ දිහාට හැරෙන්න මගෙ හිත නැවුණෙ නෑ.
"ඔයා කොහෙ ද යන්නෙ ජොන් ජොන්ග්ගුක්!? තමුන්ට යන්න බෑ!" ප්‍රින්සිපල් මැඩම්ගෙ කටහඬ මට හෝල් එකෙන් එළියට යද්දි ලාවට ඇහුණා.
Bạn đang đọc truyện trên: Truyen247.Pro