Chào các bạn! Vì nhiều lý do từ nay Truyen2U chính thức đổi tên là Truyen247.Pro. Mong các bạn tiếp tục ủng hộ truy cập tên miền mới này nhé! Mãi yêu... ♥

-10-

"පරයා..."

මගෙ හිතේ වැඩිච්ච කේන්තිය මටත් හොරා වචනයක් වෙලා කටින් පිටවුණා. හිතේ වේදනාවට යි, තුවාලවලට යි, මගෙ ලෙඩේට යි, කේන්තියට යි, කියාගන්න බැරි මහා හැඟීම් ගොඩ දරාගන්න බැරු ව මා ව ආය ම ගැහෙන්න ගත්තා. කඳුළු බේරුණේ පාලනයක් නැතු ව..

"මොකද් ද බැ#ලියෙ තමුසෙ ඒ කිව්වෙ!? කොහෙන් ආපු හයියක් ද ආ!?" මින් ආ කියන ගෑනි ඇවිත් ආය ම මගෙ කොණ්ඩෙන් අල්ලගත්තා. ඒ කරල දැනටත් ගිනිගන්න මගෙ කම්මුලක් රත් වෙන්න පාරක් ගැහුවා. ඒත් ඒකට වඩා මගෙ හිතට වැදුණු පහර දරුණු වැඩි නිසාදෝ ඒ කිස් කන කම්මුල් පාර මට නොදැනුණු තරම්..

"හඃ! ඔයිට වැඩිය ⁣ඒව මේකි මට කියල තියේ.." අර රැවටිලිකාර දිව දෙකේ පිටසක්වළයා ආය කියවන්න ගත්තා.

"ම්වෝ!?" මින් ආ පුදුම වෙලා මට ඔරවපු එරවිල්ලක්. "තියන්න වටින් නෑ තෝ ව වේ%!" ඒකි මගෙ අනික් කම්මුලටත් ඊට වඩා වේගෙන් ගහල අනික් ගෑනු දෙන්නටත් එන්න කියල කතා කළා.

ඒත් ඊට කලින් මං ඉස්සර වුණා. මේ ගෑනු රැලෙන් ගුටි කන්න හරි මට දෙයක් දැනගෙන ඉන්නෝනි පැහැදිලිව ම. මං මගෙ රතු වෙලා ඉදිමිච්ච ඇස් දෙකෙන් කෙලින් ම බැලුවෙ අරූ දිහා. ඌ තාමත් කිණ්ඩියට හිනාවෙලා බලන් ඉන්නව මං දිහා. ඒත් මගෙ ඇස් මගෑරියා.

"කොන්ද පණ නැති පො%$#.." මගෙ කටින් නෑහෙන ගාණට එහෙම පිටවුණා..-

"ඇයි මෙහෙම කරන්නෙ?" කේන්තියට ම ආපු හයියකින් මං එහෙම ඇහුවා.

"අනේ.. මැඩම්ට තා ම තේරුණ් නැද් ද? තමුසෙ විතරයි..තමුසෙ ම විතරයි හලෝ මට අහුවුණ් නැති එකා මේ ඉස්කෝලෙ! මං හිතං හිටියෙ මං හැමෝව ම බය කරගත්ත කියල. ඒත් බලනවකො තමුසෙ ව මට මිස් වෙලානෙ! ඉතිං තමුසෙගෙන් වෙන ම ආතල්ලෙකක් ගන්න හිතුණ බං. ඒකටත් හරියන්න උඹ ලෙසට ම මෝඩයිනෙ අයිසෙ. ආය මට ලව් කරල යි නැවතුණේ.."

එහ්..?

හඃ!~

"හඃ! ඔප්පගෙ ලස්සන දරාගන්න බැරිවෙන්නැති.." මින් ආ රුකුල් දුන්නා.

"හහ්!~" මට කට කොනට හිනාවක් ගියා. උන්ගෙ සිඟිති ආතල්ලෙකට ද එතකොට මගෙ ජීවිතේ, මගෙ හැඟීම් එක්ක මෙහෙම සෙල්ලං කළේ..
හිත දරුණු විදියට කලකිරෙද් දි කේන්තිය යටපත් කරගන දුක ඉස්සරහට ආවා. මට දරන්න බෑ තව.. ආයිමත් මා ව ගැහෙන්න ගත්තා.

"හම්මෙහ් අදට ආතල් ඇති.. මින් ආ තෞසෙලට ඕන එකක් කරගන්න.." එහෙම කියපු අර පිටසක්වළයා නැගිටල බෑග් එකත් කරේ දාගන යන්න ගියේ ආය මගෙ දිහා හැරිලවත් නොබලා. මා ව හීතල වෙලා යද්දි කෙල්ලො තුන් දෙනා ඇවිත් මා ව වට කරගත්තා.

ඒත් අරූ ආය ටිකකට නැවතුණා.

"යා හෝ ජුන්! අර මේකිගෙ එවපු පික් එක හැමෝට ම යවපන්!" කියල අන්තිම වතාවට මට කිණ්ඩියට හිනාවෙලා ගියා.

....... .. .

මොන ෆොටෝ එකක් ද?
මා ව රත් වුණා.





එතකොට අර හෝ ජුන් කියපු එකා මට උගෙ ෆෝන් එක තාලෙට වන වන පෙන්නුවෙ ඒකේ තිබ්බ පික් එකක්.. මගෙ ඇස් උඩ ගියා!

ඔළුව ඇතුළෙන් කීං ගාල යන කන් හීරෙන සද්දයක් මට ඇහුණා..

......... .... ... .. .

"ඉව්ව්!"

"මොන්ටිසෝරි බබා තා ම බේබි අන්ඩවෙයාර් ද අඳින්නේ!?"
හැමෝම හක හක ගාල හිනාවෙන්න ගත්තා.






අඬන්නවත් හයියක් නැති මම බලාගත්තු අත බලාගන උන්නෙ වේලිච්ච තොල් දෙක වහගන්නවත් නිච්චියක් නැතුව.. කිසි සංවේදනයක් නොදැනෙන ගාණට ම මට මහා අසරණකමක්, මං ගැන ම මහා දුකක් දැනුණේ.
ඒත් ඒව පිට කරන්නවත් මට නෑ කිසි ශක්තියක්.. ගතින් හිතින් දෙකින් ම ඍණ අගේකට ම වැටිච්චි මට අන්තිමේ කට කොනට හිනාවක් ගියා..

.
.
.

මට හරි සිහියට එන්න ටික වෙලාවක් ගියා.

.
.

අදට ඇති නැද් ද දෙයියනේ!? මොනව ද මේ වෙන්නෙ!? යථාර්ථෙ ඔළුවට ගිය හැටියෙ මගෙ ඇස්වලට ගොස ගොස ගාල කඳුළු එන්න ගත්තෙ වටේ පේන එකත් බොඳ කරලා. අසරණකම කියන එක මට කොයි තරමට දැනුණ ද කීවොත් ඒ හිත් පිත් නැති ඒ සත්තු ටික ඉස්සරහ අත් දෙක බඳාගන මං වැඳ වැටුණා.

ලැජ්ජයි තම යි..

බොළඳයිත් වෙන්නැති..

ඒත් ඔයාලට දැනිල තියනව ද ඒ අසරණකම..?
ඇස් ඉස්සරහ තමන්ගෙ ජීවිතේ විනාස වෙන්න නේ ද යන්නෙ කියල තේරෙද් දි දැනෙන ඒ කාලකණ්ණි අසරණකම..?
තමන්ගෙ උදව්වට එක බලු බල්ලෙක්වත් නෑ කියල තේරෙද් දි දැනෙන එපා කරපු අසරණකම..?

අසරණකම දරාගන්න බැරුව මට වැඳ වැටීගෙන ම කෑ ගැහුණා.

"අනේහ්..! ඒක විතරක් කරන්න එපා..ජෙබල්! (කරුණාකරලා!) ..අනේඒහ්! එපා! මට ගැහුවත් කමක් නෑ අනේ ඕක නං කරන්න එපා..හ.." හයියෙන් ගලන කඳුළු අස්සෙන් ඉකි ගගහ මං කිව්වෙ අත් අතුල්ල අතුල්ල වැඳගෙන. ඒත් උන් නෙවේ ඒක තැකුවේ.

"තමුසෙට කොහොමත් ගහනව තමා බැ#ලියේ! ඔප්පගෙ කරේ එල්ලිච්ච එකියෙක්ට මං නිකං යන්න දෙයි කියල හිතුව ද!?" මින් ආ කිව්වෙ බිම දෙකට නැමිල ඉන්න මට පයින් පාරක් ගහලා.

මං ඔළුව දෙපැත්තට වන වන 'එපා' කීවෙ පිස්සියෙක් වගේ. ඒත් අර මිනිහා අනික් හැමෝටමත් පෙන්නලා මට උරුක් කරගන ම සෙන්ඩ් අයිකන් එක ටැප් කළේ මට තියන අන්තිම හයියෙන් මං ගිරිය යටින් කෑ ගහද් දී..

"එපාාාාහ්හ්හ්! අහ්‍රර්ර්ර්ර්ර්!!! ආාාහහ්!" මා ව එහෙම්ම ම කඩාගන බිමට වැටුණා. පොළොවට අත මිට මො⁣ළවගන ගගහ මං ඇඬුවා. මං වගේ මුළුගැන්වෙන පොඩි කෙල්ලක් එකපාරට මේ වෙන දේවල් කොහොම දරාගන්න ද..? මං හිටියෙ පිස්සෙක් ගාණට ඔළුව අවුල් වෙලා.

මං අඬද්දි ම එක කෙල්ලක් මාව කොණ්ඩෙන් ම ඇදල කෙළින් කළා. ඒත් එක්ක ම තව එකෙක් මගෙ බඩට ම පයින් ගැහුවා. සපත්තු පාර මට බර වැඩියි..
"ආාහ්!"

එතනින් නැවතුණේ නෑ හතර වටෙන් ම මට දරන්න බැරි තරං සපත්තු පාරවල් වදින්න ගත්තා. ඔළුව බදාගන බිමට මං වකුටු වුණේ ටිකක් හරි බේරෙන්න.. ඒත් ඇති බේරුමක් වුණ් නෑ.

කොල්ලො ටික ෆිල්ම් එකක් බලනව වාගෙ හිනාවෙනවා..

ඇයි දෙයියනේ මා ව මෙච්චර පණක් නැති කෙල්ලෙක් කළේ..!?
හිත යටිනුත් මං කඩාගන වැටුණා.

එතකොට මින් ආ මගෙ දණිස්සෙ ලේ කැටි ගැහීගන එන තුවාලෙට ඒම් කරල හයියෙන් ම ගැහුවා ම මට තරු විසික් වුණා.

"ආාාාාහ්හ්හ්..ආාආආාා...!!!!"

උන් හිනාවෙන්න ගත්තෙ පිස්සියො වගේ.
ඒ ගහල ඉවර වෙලා මින් ආ ඇවිත් ආය ම මගෙ කොණ්ඩෙන් මා ව උඩට ඇද්දා. ඔළුවත් එක්ක මුළු ඇඟ ම ඇදුම් කනව මගේ දැන්.. කෙල්ලො වෙලත් හිතක් පපුවක් නැති හැටි ගැන මට මොහොතකට පුදුම හිතුණා. මං ලෝකෙ ගැන දන්නෙ කොච්චර ඇබිත්ත යි ද..? ආය ම මං අතරමං වෙලා..

"මේකිගෙ කොණ්ඩෙ දිග වැඩී නේ බං.." පාච්චල් හිනාවක් එක්ක අනිත් ගෑනු දෙන්න දිහා බලාන මින් ආ ඇහුවා.

"ඒක තමා. බලන්නකො සාරෙට තියන හැටි. අපේ තමා මේ වැවෙන්නැතුව අග පැලෙන්නෙ.." එකියක් මින් ආට උත්තර දුන්නා.

"ජි හ්‍යේ-යා.., මේ උඹ අද කතුර ගෙනාව නේ මගෙ අගිස් කපන්න..?" මින් ආ ඇහුවෙ දැන් උත්තර දීපු එකී නෙවේ අනිකගෙන්.

"ආහ් ඕ..~" ඒකි හිනාවෙලා ගියේ ඒකිගෙ බෑග් එක ගාවට..

මං හිතන බලු වැඩේ ද මුන් මේ කරන්න යන්නෙ!?

දැනටමත් තුවාල වෙලා තිබ්බ මගෙ හිත තවත් කීරිගැහුණා.

"අනෙහ්.. එපා.. අපෙ ඔම්ම ආසයි මගෙ කොණ්ඩෙට.." ඉතුරු වෙච්ච පණ ටිකකින් හඬ අවදි කරල මං ඇහුවෙ හරි ම අහිංසක විදියට. ඇරත් හයියෙන් කෑගහන්න මට දැන් හයියක් නෑ..

"අනාා.., නෑ පැටියො.. අපි මේ නිකං චූටි කට් එකක් විතරයි දාන්නෙ.. ඔයාගෙ ඔය හඩු පාට ගිහිං එතකොට ලස්ස්ස්සන වෙයි.." මින් ආ කිව්වෙ ඇ⁣ද කර කර.

"අම්මෝ බං ඒක.." එක කොල්ලෙක් හිනාවුණා.

"ඒයි හඩ්ඩි මින් ආට වැඳපං..! තොගෙ හඩු පාට අරින්නලු යන්නෙ!" තව කොල්ලෙක් හිනා වුණා.

එතකොට යි අර ජි හ්‍යේ කියපු එකී කතුරක් අරගන ඇවිත් මිනාට දුන්නෙ.

.
.

"ඔන්න්න... මැජික් එක පටන් ගන්නයි යන්නේ..!~" ඒකි එහෙම කිව්වා ම හැමෝම ෆිල්ම් එකක් බලනව වගේ හිනාවෙන්න ගත්තා.

එකෙක් විඩියෝ කරනවත් මගෙ ඇහැ කොනට අහුවුණා. මොන ජාතියෙ අමනුස්ස සතුටක් ද මේ ගන්නේ..?

මගෙ කොණ්ඩෙ ⁣හයිපෝනිටේල් එක ඒ වෙද්දි මැදකට ලූස් වෙලයි තිබ්බෙ. එයා ඒක ආය ඔළුවට තද කරල මුලින් ම අල්ලගන්නව මට දැනුණා. මං ඔළුව හොල්ල හොල්ල 'එපා' කිව්ව එක පිටවුණේ රහසින් වගේ.

"යා! දඟලන්න එපා! කට් එක කැත වෙයීඊ.." මින් ආ කෑ ගහල ආය අන්තිම ටික ඇදල පැදල කීවා.

එතකොට ජි හ්‍යේ ඇවිදින් මගෙ නිකටින් තද කරල අල්ලගත්තෙ මට හෙලවෙන්න බැරි වෙන්න. ඒ වෙලාවෙ මං හිටිය හැටියත් එක්ක ඒ අතත් එක්කවත් හටන් කරන්න හයියක් මට තිවුණෙ නෑ.

කතුරු සද්දයක් ඇහුණා..

Bạn đang đọc truyện trên: Truyen247.Pro