Chào các bạn! Vì nhiều lý do từ nay Truyen2U chính thức đổi tên là Truyen247.Pro. Mong các bạn tiếp tục ủng hộ truy cập tên miền mới này nhé! Mãi yêu... ♥

-13-

කොච්චර වෙලා අපි කතා නොකර එහෙම ම උන්න ද දන්නෙ නෑ. දරාගන්න බැරි තරමෙ නිහඬ බවක් එතන තිබ්බෙ.

ඒත් මං නෙවේ මුලින් ම කතා කරන්න ගියේ.

මොකට ද!?
හඃ!~

.
.

"මං විනයභාර ගුරුතුමා කිව්ව ම.., හෙහ්! විහිළුවක් වගේ නේ ද..?" මං කතා නොකරන ම තැන එයා කතා කළා.

"ලොකු ම විහිළුව!" එදා පිරිමහගන්න බැරිවුණු තරහ මං අදින් පියවගත්ත ද මන්දා..

එයා එදා වගේ ම කට පුරෝල හිනා වුණා.

"ඔයා ලස්සන වෙලා.."

"ගිලින්න හිතෙනව ද?" මං එකට එක කිව්වා.
එයා මං දිහා බැලුවෙ පුදුමෙන් වගේ.
"හාාාාහ්.. ⁣අමතක කරන එක ලේසි යි කියල හිතුව ද..?" මං එහෙම කිව්ව ම එයා ආයාසයෙන් ඉස්සරහ බලාගත්තා.

"මං හිතන්නෑ මං සමාව ගන්න සුදුසු ඇති කියල ඒත්, මට සමාවෙන්න.. ඒ කාලෙ ගැන මට දැන් ලැජ්ජයි.."

"ලැජ්ජ නොවී කොහොම ද?"

"ඔයා ඔය මට ගහනව ද?"

"කැමැත්තක් හිතාගන්න.."

"දැනගන්න ඕන නැද් ද ඒ ජොන්ග්ගුක් විනයභාර ගුරුවරයා වෙනකං වෙනස් වුණේ කොහොම ද කියලා.."

"ඔයාගෙ නමවත් අවශ්‍ය වුණ් නැති මට ඒ පට්ටන්දර මොකට ද? දන්නවනෙ මං එහෙම අවධානයක් දෙන කෙනෙක් නෙමේ කියල.." මං ඉස්සරහ බලාගන ම යි කතාකළේ. එයාගෙ මූණ බලන්නවත් හිත් දුන්නෑ මට. තාමත් මතකයි මා ව ගුටි කන්න දාල කිණ්ඩියට හිනාවෙලා ගිය හැටි..

"හෙහ්.. ඔයා වෙනස් වෙලා නෑ.." එයා හිනාවුණා.

මාත් හිනාවුණා.
"කවු ද කිව්වෙ? මං හොඳට ම වෙනස් වුණා. වෙනස් කෙරෙව්වා. එක දෙපත් නයෙක්.. ඒ හිටපු බොළඳ කෙල්ල ඉන්පස්සෙ මනුස්ස ජාතිය ම විශ්වාස කරන එක නැවැත්තුවා. හැමෝම පේන්න ගත්තෙ දෙපත් නයි වගේ."

එයා ටික වෙලාවක් මුකුත් ම නොකිය මං දිහා ම බලාන උන්නා.

"ඔයා කියන ඔය වචන කොච්චර දරුණු ද කියල දන්නව ද ඔයා?" මට කට කොනට හිනාවක් ගියා.

"හඃ!~ ඇයි රිදෙනව ද..?"

"ගොඩක්.." එයාට කඳුළු උනද් දි මට හිනා ගියා.

"28ක මහ මිනිහෙක් වෙච්චි ඔයාටත් මේ වචන මෙච්චර රිදෙනව නං, එදා ඒ 18ක පොඩි ලාමක කෙල්ලට කොච්චර රිදෙන්න ඇති ද කියල ඔයාට තේරෙනව ද?" කඳුළක් රෝල් වෙලා කම්මුල දිගේ බේරිල ගිහිං තණ බිස්සට වැටුණා.

එයා ඇහැ පිහිදගත්තා.

"මං යනවා!" මං නැගිටින්න හැදුවේ. ඒත් එයා මා ව අල්ලගත්තා. මං ටිකක් ඔරවල බැලුවා.

"මට සමාවෙන්න!! මං ඒ කාලෙ, ආශ්! මං මහ මෝඩ යි! පොඩි යි! තේරුම්ගන්න!"

"ඔච්චර හරියක් කරනෙක නරක යි කියල 18ක නෙවේ 8ක පොඩි එකෙක්ගෙන් ඇහුවත් කියයි. ඕක නවත්තගන්න! ලැජ්ජ නැද් ද!?" මා ව කවුරු වගේ ද පේන්නෙ!?

"ඇයි තා ම බඳින්නැත්තෙ?" තමුසෙ සිරාවට ම හිතුව ද ආ--!? මට ආය ම හිනා ගියා.

"හඃහ්!~ මට බයයි! තේරෙන්නැද් ද!? මට හරි බයයි ඒ කෙනත් දෙපත් නයෙක් වෙලා ඇවිත් ආයි පාරක් දෂ්ට කරයි කියල.." එයාගෙ ඇස්වල කඳුළු පිරුණෙ මගෙ ගාණට ම යි. සමාවෙන්න ජොන්ග්ගුක්. ඔයා මේ කියන්නෙ මොකද් ද කියල මං දන්නවා, මට දැනෙනවා. මට මෙච්චර රිදෙන්නෙ ඒ වචන ඇත්ත ම ඇත්ත නිසා කියලත් දන්නවා. වෙන කාට තේරෙන්න ද..?

ඒත් දැන් පරක්කු වැඩියි..

මං අත ගසල දාල එළියට එනකොට ම එයත් එළියට ආවා..

"සරංග්හේ.. යොන්ග් සු-යා..!" එයා කීවෙ කඳුළු පුරවගන.. මං තොල හපාගත්තා.

"මා ව මෝඩයෙක් වගේ ද පේන්නෙ!? තමුන් මට මේ විහිළු කරනව ද? කෝමත් එච්චරනෙ පුළුවන්! රවට්ටන්න!" කඳුළු ජරාව මගෙ ඇස්වල පිරිලා. මට දැනෙනවා.

"අනේ යොන්ග් සු-යා මං කියන දේ අහන්න..!"

මං අන්තිම පාරට එයා දිහා බැලුවා.

"ෂිරෝ.. ඔයා ගොඩක් පරක්කුයි... ජොන්ග්ගුක්.. හොඳට ම පරක්කුයි.. පරක්කු වැඩි යි.." මගෙ ඇස් දෙකෙන් ම කඳුළු බේරි බේරි ගිහින් කෝට් එකේ උරිස්ස තෙත් කරනවා.

"එක අවස්ථාවක්වත් දෙන්න බැයි ද මේ කාලකණ්ණියට..?" එයාට ඉකි ගැහෙනවා. ඒ ඇස්වලට තාමත් පුළුවන් වුණා මාව දිය කරල දාන්න. හැංගිච්ච හැඟීම් ටික ටික ඔළුව උස්සද්දි මගේ මොළේ කෑගැහුවා.

බැහැ! මට ඕන නැහැ..

"මියාන්හේ.. අවස්ථා ඉවරවෙලා.. දැන් එතන ඉඩක් නෑ.."

"යොන්ග් සු-යා ජෙබල්.."

"ෂිරෝ..ඔ~? මට කරදර කරන්න එපා..! මං කැමැතියි තනියෙන් ඉන්න.. මට ගැළපෙන්නෑ වෙන අය එක්ක ඉන්න එක..! ඔයත් එක්ක ඉන්න එක.. ඔයා ම යි ඒක කිව්වෙ! මගෙ ජීවිතේ විනාස කරපු එක මදි ද? මගෙ ඔම්ම අප්ප නොහිටියා නං.. මං, මං දිව් නහගන්නත් තිබ්බ දන්නව ද..?"

එයාට හොඳට ම ඇඬෙන්න ගත්තා.
"යොන්ග්...සු-යා.." කටහඬ පවා ඉකියකින් පිටවුණේ.

"මං වගේ හඩ්ඩියෙක් ඔයාට ගැළපෙන්නෑ! කෝ ඔයාගෙ මින් ආ..? ඔ~? ඇයි දැන් මං ලෝකයක් දන්න නිසා හඩු ගතිය ගිහින් ද? ඔ~? ආ නෑ! මින් ආ, ඒ ගෑනි මගෙ හඩු පාට ඇරියනෙ එදා! කොණ්ඩෙ මුලින් ම කපල දාල!" මං මෙච්චර කල් පාලනය කරගන උන්නු තරහ මේ තරං ලොකු යි කියල මං වත් දැනං උන්නෙ නෑ. එදා ඉඳන් මගෙ කොණ්ඩෙ උරිස්සෙන් එහාට වැවෙන්න දුන්නෙ නෑ මම.. හඩ්ඩි.. ඒ වචනෙ ඔළුවෙ පැලපදියම් වෙලා..

"යොන්ග් සු ක්මාන්හේ.." (නවත්තන්න..) එයා කියද් දි මං ලොකු හුස්මක් ගත්තා.

"අපි ආය හම්බවෙන් නැතුව ඉමු ජොන්ග්ගුක්-ශී.. ආය මේ විදිහට මා ව ගෙන්නගන්නත් එපා.. මේක ටීන් මූවි එකක් නෙවේ කොල්ල නිදහසට කාරණා කිව්ව පලියට සමාව දීල කිසි අවුලක් වුණ් නැති ගාණට හැපීලි එවර් ආෆ්ටර් වෙන්න.; මේ ඇත්ත ජීවිතේ.."

එයා මං දිහා බලා උන්නෙ වේදනාවකින්. ඒත් මට ආය විශ්වාස කරන්න බයයි. ඔයා ම යි මා ව ඒ තැනට ඇදල දැම්මෙ ජොන්ග්ගුක්.
ආය ම වතාවක් කොහේහරි අතරමං වෙන්න මට බයයි.

"ආහ්.. තව දෙයක්. දන්නව ද ඔයාගෙ නම නොදත්තට ඔයාව මං මතක තියාගත්තෙ කොහොම ද කියල..?" එයා මං දිහා බලන් හිටියෙ එදා මං මුලින් ම එයා ව කැන්ටිමේ දි මග ඇරපු දවසෙ වගේ ම යි. ලොකු ඇස් දෙකකින්. හා පැටියෙක් වගේ. මං ලොකු හුස්මක් ඇරියා.
"ඒලියන් කියලා.. හෙහ්. ඒක ඔයාට හොඳට ම ගැළපෙනවා.."

එයාට පුංචි හිනාවක් ගියා.

මං කෙනෙක් ව මෙහෙම රිද්දුවෙ ජීවිතේ පළවෙනි වතාවට..

"අන්න්‍යොංග්!" මං හැරිල කඳුළුත් පිහිනගමන් ආය ම එන්න ආවෙ ආය හැරිලවත් නොබලා. බලන්න ඕනි වුණා මට.. ඒත් මගෙ හිත දුර්වල වෙයි කියල මට බය හිතුණා.

"මියාන්හේ..." එයා කෑ ගහද් දි මා ව එහෙම්ම ම නැවතුණත්, ආයි ආයාසයෙන් ම මම පසු නොබලා එන්න ආවා.

'ඔයා විඳවන්න ජොන්ග්ගුක්.. ඒකයි මං ඔයාට දෙන දඬුවම..'

.
.
.
.
.
.

...මේ ඔයා අපි ජීවත් වෙන ලෝකේ තනිකර සුදු උතෝපියාවක් නෙවේ; තනිකර ම කළු ඩිස්ටෝපියාවකුත් නෙවේ.. කළු සුදු ලෝකෙකුත් නෙවේ. සුදු කියල අය නැහැ. හැමෝම අළු යි. ඒ නිසා, පරිස්සම් වෙන්න..♡

Bạn đang đọc truyện trên: Truyen247.Pro