Chào các bạn! Vì nhiều lý do từ nay Truyen2U chính thức đổi tên là Truyen247.Pro. Mong các bạn tiếp tục ủng hộ truy cập tên miền mới này nhé! Mãi yêu... ♥

♫ 02

"ඔයාලා මාව මීට කලින් දැකලා නැද්ද ?" 

රතු පැහැති ඇඳුම ඇඳ සිටි ආගන්තුක, වයස 27ක් පමණ වූ තරුණයා සෙල්ලක්කාර හිනාවක් මවා ගනිමින් ඇසුවේය. 

"මම තමයි බලාපොරොත්තුව...

 ඔයාලා දන්නවද පැන්ඩෝරාගේ භරණිය ගැන. පැන්ඩෝරා ඒ භරණිය වැරදීමකින් ඇරපු නිසා භරණිය තුළ හිරකරලා සිටි  රාක්ෂයින්, නපුරු ආත්ම සිය ගණනක් නිදහස් වුනා. ඊට පස්සේ ලෝකය කියන තැන මහා භයානක තැනක් වුනා. එච්චර විනාසයක් වුනාට පස්සේ පැන්ඩෝරාගේ භරණිය ඇතුලේ ඉතුරු වුනේ එකම එක දෙයක් විතරයි.. ඒ බලාපොරොත්තුව"

සියල්ලන්ම තරුණයා දෙස පුදුමයෙන් බලා සිටියත් ඒ කිසිවෙකුටත් ඔහු පැවසු එක් දෙයක් ගැන හෝ අවබෝධයක් තිබුනේ නැහැ.

"ඔයාලා ඔය මරන්න හදන කෙනා ජීවිතය සාපයකට ලක් කරගත්ත කෙනෙක්. ඔයාලා කොච්චර ශක්තිමත් වෙලා ඒ කෙනාව යට පත් කරන්න හැදුවත් ඔයාලගේ ශක්තියට වඩා ඒ කෙනාගේ සාපයේ ශක්තිය වැඩියි. හිතන්න එපා ඔයාලට ඒ බලය යට කරන්න පුළුවන් කියලා. අද රෑට ඔයාලා ලැස්ති වුන විදිහට පහර දෙන්න ගියත් ඔයාලට වෙන්නෙත් මේ දරුවට වුන දේම විතරයි "

කිසිවෙකුත් මෙම තේරුම් ගත නොහැකි අමුතු කතා කියනා තරුණයා ගැන නොදන්නවා වුවත් ඔහු පවසන සෑම වදනකින්ම ගැමියන්ගේ සිත් වල ඔහු පිළිබඳව විශ්වාසයක් ගොඩ නැගුනා. එය යම්කිසි බලයකින් සිදුවන්නක් වැනියි. ඔහුගේ වචන වලින් ගැමියන්ව මෝහනය කරනවා වැනියි. 

"ඔව් ඔයා හිතන දේ හරි.. මම ඔයාලව මෝහනය කරනවා"

කෙසඟ සිරුරක් තිබූ කාන්තාවක් දෙසට හැරුණු ඔහු එක්වරම පැවසුවා. කාන්තාවගේ ඇහිබැම ඉස්සි මුහුණේ ඉරියව් වෙනස් වුනා..

"ඔව් මට පුළුවන් ඔබේ හිත කියවන්න"

තරුණයා යළිත් ඒ කාන්තාවට කියද්දී ඈ බියෙන් ඇකිලී තම සැමියාගේ පිටුපස සැඟවුනා. 

"මට ඔයාලා හැමෝම මේ වෙලාවේ හිතන දේවල් ඇහෙනවා, හැම පුංචි දෙයක්ම. ඔයාලගේ ඇස් වලින් මට ඔයාලගේ සිතුවිලි දකින්න පුළුවන් "

ඔහුගේ අත්භූත බලයන් ගැන ඇසූ ගැමියන් බියටත් විශ්මයටත් පත් වුන බව ඔවුන්ගේ මුහුණු වලින් පෙනුනා. එය 1926 වසරයි. මිත්‍යාව හා සත්‍යය අතර වෙනසක් දකින්නට ඔවුන්ට පුළුවන් වූයේ නැහැ. ඔවුන් දකිනා, ඔවුන්ට අසන්නට ලැබෙනා දෙය සත්‍ය ලෙස සැළකීම සාමාන්‍ය දෙයක් වූවා.

"මම ඔයාලට මේ ප්‍රශ්නයට විසඳුමක් හොයලා දෙන්නම්. මෙතෙක් කාලයක් ගත කළා වගේම ඔයාලා මේ කාලයත් ගත කරන්න"

එලෙස කියා තම ඉනෙහි බැඳ තිබූ දුරදක්නය අතට ගත් ඔහු එය කැලය දෙසට හරවා එතුලින් බලන්නට විය. 

"අපි කොහොමද තමුන්ව විස්වාස කරන්නේ"

"අනික ඇයි ඔබ අපි වෙනුවෙන් ඒක කරන්නේ...ඔබ ඒ සතා අතින් මැරෙන්න පුළුවන්. ඇයි ඔබ එහෙම අවධානමක් ගන්නේ"

මහල්ලෙක් එලෙස අසද්දී තරුණයා දුර දක්නයෙන් ඇස ඉවතට ගෙන මහල්ලා වෙත හැරුනා.

තරුණයා යලිත් පෙර මෙන්ම කට කොනින් හිනා වෙමින් මහල්ලා වෙත අඩියෙන් අඩිය ලං වන්නට විය. මහල්ලා අසළටම ඇවිද ගිය ඔහු තමාගේ උසින් භාගයකටත් වඩා උසින් අඩු කුදු වී සිටි මහල්ලාගේ මුහුණට ලංවූවා.

"ඒ ගැන කිසිම කෙනෙක් වද වෙන්න ඕනේ නැහැ. ඒ වගේම මගේ දේවල් වලින් කිසම අයෙක්ට වැඩක් වෙන්නත් නැහැ. ඒ නිසා ඒ දේවල් ගැන හොයන්නේ නැති වීම හොඳයි. අනවශ්‍ය විදිහට මට බාධා වෙන විදිහට වැඩ කළොත් නොහිතන දේවල් වලට මුහුණ දෙන්න වේවි"

ඔහු නැවත කෙලින් වී කැලය දෙසට පියවර තබමින් ඇවිද යන්නට පටන් ගත්තා. නමුත් ඔහු පියවර දෙකකට වඩා ඇවිද යනු කිසිවෙක්ට දකින්නට ලැබුනේ නැහැ. ඔහු අඳුරු කැලය තුළට අතුරුදන් වූයේ සියලුම දෙනාගේ දෑස් ඉදිරිපිටයි.

.

.

.

මුහුදු වැලි වර්ණයෙන් දිදුලන ඔහුගේ කෙහෙරැලි සිනිඳුයි, ලා සුළඟටත් කෙහෙරැල් එහෙමෙහෙ වෙන ආකාරයෙන් ඒ බව හොඳින් පෙනුනා. පියානෝව මත හිස තබාගෙන සිටි ඔහු සිටියේ තද නින්දක, නිදා සිටින ඔහුගේ මුහුණේ වූයේ පූස් පැටියෙකුගේ වන් පෙනුමක්. සුදු පැහැයට වඩා සුදු මැලි සමක් තිබූ ඔහුගේ ලා රෝස පැහැති තොල් හා කම්මුල් ඒ පෙනුම තවත් අහිංසක කළා.

එම අහිංසක පෙනුම ඇතුලතින් සැඟවී සිටි රාක්ෂයා ඒ මොහොතේ නිදමින් සිටියා. පෙර දින රාත්‍රියේ ඔහුගේ අතින් මිය ගිය දරුවාගේ මව හඬා වැලපෙද්දී, ගම්මානයම එකම මළ ගෙයක් වී තිබියදී ඔහු කිසිඳු පසු තැවීමකින් තොරව තම පියානෝව මත නිදමින් සිටියා. 

මාලිගාවක් වන් විශාල මන්දිරයක, කාමර සිය ගණනක, යහන් ගණනාවක් තිබියදීත් ඔහු පියානෝව මත අපහසුවෙන් නිදා සිටීම යමෙකුට පුදුමයක් විය හැකියි. නමුත් ඔහු තවත් ගොදුරක් තමා වෙත එන තෙක් බලා සිටියා.

ඔහුත් ඔහු තුළ සැඟව සිටි රාක්ෂයාත් එක් වරම අවදි වූයේ ඔහුගේ මීළඟ ගොදුර ලංවන බව ඉවෙන් මෙන් දැනීමෙන්. ඒ පැමිණෙන්නේ ඔහුගේ ගොදුර නොව, තමා ඒ පැමිණෙන පුද්ගලයාගේ ගොදුර බව දැන සිටියානම් ඔහු කිසිවිටෙකත් එලෙස නැගිට මන්දිරයෙන් පිටතට ඇවිද යන්නට නොතිබුනා. 

කළුපැහැති දිලිසෙන සපත්තුවල අඩි ශබ්දයේ දෝංකාරය මන්දිරය පුරාම පතුරවමින් ඔහු ප්‍රධාන දොරටුව දෙසට ඇවිද යන්නට විය.  

ඔහුගේ දෑස් යමෙකු අපේක්ෂා කළත් පෙනෙන තෙක්මානයක කිසිවෙකුත් පෙනෙන්නට සිටියේ නැහැ. 

මන්දිරය වටා වූ සුන්දර මල් උයන පුරාම ඔහුගේ දෑස් ගමන් කළා.. කිසිම දිනෙක ඔහුට තම ගොදුරක් මගහැරී නැහැ, එමෙන්ම කිසි දිනෙක ඔහුගේ ඉවක් වැරදී නැහැ. ඔහු දැන සිටියා කිසිවෙකු හෝ තමා අසළම ගැවසෙන බව. 

එක්වරම සිදු වූයේ ඔහු කිසිවිටෙකත් බලාපොරොත්තු නොවූ දෙයක්, වාතයෙන් මතුවූ අතකින් බෙල්ල වැරෙන් තද වෙද්දී ඔහුව පිටුපස තිබූ කළුගල් බිත්තිය අසළට තල්ලු විය . 

ඔහු කහිමින් තම අත් දෙකෙන්ම බෙල්ලෙහි වූ අදිසි හස්තයන් ඉවතට ඇදීමට තැත් කළේ ය. නමුත් ඒ වෙනුවට එම හස්තයේ හිමිකරුවා දිස්වන්නට වුවේය.

"මින් යුන්ගි... හමුවෙන්න ලැබීම සතුටක්" මෙතෙක් වෙලා අදිසිව සිටි තැනැත්තා එලෙස කියමින් ඔහුව බිත්තියට තබා තද කළේ ය.

තම නම, කිසිදා නොදැකපු අමුත්තෙකුගෙන් අසන්නට ලැබීම නිසා ඔහුගේ දෑස් විශ්මයෙන් පිරී ගියේ ය.

එයයි ඔහුගේ නම. කිසිම දෙනෙකු දැන නොසිටි නමුත් අනාගතයේ සියල්ලන්ම ඔහුව දැනගන්නා නම.

"පුදුමයිද ? මම තමුන්ගේ නම දන්න එක ගැන.....

 මම හෝසොක්..."

හෝසොක්... ඔහු නොවෙයි... මේ  

මුහුණට  අඟලක්වත් නොදුරින් වූ හොසොක් යැයි තමා හඳුන්වා ගන්නා තරුණයාගේ මුහුණ පුරාම යුන්ගිගේ රතු පැහැති දෑස් ගමන් කළේය. වසර 210ක් පුරාවට කිසිවෙකුට යටත් නොවී ජීවත් වූ තමාව මෙලෙස යටත් කරගැනීම ඔහු කෙසේ කළාදැයි යුන්ගිට සිතා ගත නොහැකි විය. 

හෝසොක් තම දෑත් යුන්ගිගේ ගෙලෙන් ඉවතට ගත්තේ ය. හෝසොක්ගේ දෑස් තවමත් යුන්ගිගේ ඇස් තුලින් යුන්ගිගේ මනස වෙත එල්ල වී තිබුනත්, කියවීමට නොහැකි තරමටම ඔහුගේ මනස සංකීර්ණ විය. 

"එපා... තේරුමක් නෑ... තමුන්ට බැහැ මාව මරන්න. ඒ නිසා උත්සහා කරන එකේ තේරුමක් නෑ " 

එසේ කියූ හෝසෝක් යුන්ගිව මගහැර මන්දිරය තුළට හිනා වෙමින් ඇවිද ගියේ ය. තම මන්දිරය තුළට කිසිඳු අවසරයකින් තොරව ඇවිද යන මේ තැනැත්තා ලේසි පහසු අයෙකු නොවන බව යුන්ගිට වැටහිණි. 

එමෙනම ඔහුගේ නම..... 

හෝසොක් 

එම නම හිමි තැනැත්තා අතීතයේ දී ඔහුගේ ජීවිතයේ කොටසක්ව සිටියේ ය. එමෙන්ම අනාගතයේ ද එම තැනැත්තා ඔහුගේ ජීවිතයේ කොටසක් වීමට නියමිතව තිබුණි. නමුත් ඔහුව වර්තමානයේ දක්නට ලැබීම යුන්ගිට විශ්වාස කළ නොහැකි විය.

ඔහු සැබවින්ම හොසොක් ද ? නැත්නම් ....




.....................................................


කතාව enjoy කරනවානම් vote එකක් දාන්න. comment එකක් දාන්නත් අමතක කරන්න එපා ඔයාලගේ අදහස් කියලා. තාම කතාවේ introduction එක වගේ ටික නේ යන්නේ. ඒ නිසා කතාවේ characters ගැන අවබෝධයක් දෙන්නයි මම try කරන්නේ :) 

next chapter - 07th November 

Bạn đang đọc truyện trên: Truyen247.Pro