♫ 01
ඈතින් පියානෝවක හඬ ඇසෙන්නට විය. එම නාදය මිහිරි යැයි පැවසිය නොහැකිය. නැගෙන්නා වූ සෑම ස්වරයක්ම අවට පැතිර තිබූ අඳුරත් සමඟ එක්වී මහා මූසල නාදයක් පරිසරයට එක් කළේ ය.
"ඒ පැත්තට යන්න එපා"
"ඒ වුනාට බොලේ ගියේ ඒ පැත්තට නේ"
"බෝලේ නැති වුනාට කමක් නැහැ..අපි ආයේ යමු"
කැලය අසල සෙල්ලම් කරමින් සිටි ළමයින්ගෙන් දෙදෙනෙකුම පියානෝ හඬ ඇසෙන දෙසට ඇවිද යන ළමයාට අනතුරු ඇගවූවෝය.
"ඔය පැත්තේ ගෙයක් තියෙනවා...ඒ ගෙදර ඉන්නේ මිනිස්සුන්ව මරණ අමුතු සතෙක් ලු...ඒ නිසා අපිට ඒ පැත්තට යන්න එපා කියලා තියෙන්නේ. අපි සෙල්ලම් කරන්න කැලේ ළඟට ආවා කියලා දැනගත්තොත් ඔම්මා අපිට හොඳටම බනියි.. ඒ නිසා දැන් අපි ආයේ යමු"
"ඔව්.. මම කියන්නම් බෝලේ ඈතට විසි වුනා කියලා, ඔම්මා ආයේ ඒ ගැන අහන එකක් නෑ.. එන්න දැන් අපි යමු"
තම මිතුරන් දෙදෙනා පවසන්නේ කුමක් වුවත් කැලය දෙසට ඇවිද යන ළමයා ඒ කිසිවක් අසා සිටින බවක් නම් පෙන් වූයේ නෑ.
"ඔය කියන්නේ බොරු කතා... ඔයාලා ඇත්තටම ලොකු අය කියන දේවල් විශ්වාස කරනවද? එයාලා බොරුවට අපිව බය කරන්න ඔය කතා කියන්නේ..ඔයාලට ඕනේ නම් ආයේ යන්න. මම ඔය කියන ගෙදරට යනවමයි! "
එලෙස කියූ වයස අවරුදු 8ක් පමණ වූ දරුවා තම මිතුරන් දෙදෙනා බලාගෙන සිටිය දීම අඳුරු කැලය තුළට දිව ගියේ ය.
.
.
.
"දෙවියනේ මගේ දරුවා !!!"
කැලයේ කොළ ගොඩක් මත, ලෙයින් නැහැවී තිබූ සිරුර දෑතින් බදාගෙන හඬන මැදිවියේ කාන්තාව දෙස රැස්ව සිටි සියල්ලෝම බලාගෙන සිටියේ අනුකම්පාව පිරුණු දෑසින්. එය තම දරුවා අහිමි වූ කාන්තාවකගේ සැබෑම දුක් අදෝනාවකි. වෙනදාට තම උකුල මත කෙළිදෙලෙන් සෙල්ලම් කරන දරුවා අද ලෙයින් නැහැවී නිසලව තම උකුළ මත වැතිර සිටී.
දරුවාගේ ශරීරය පුරා කැපීම පහරවල් ය. බැලූ බැල්මට ඉතා තියුණු ආයුධයකින් කළ කැපීම් වැනිය...
"අපි මෙහෙම බලාගෙන ඉඳලා හරියන්නේ නෑ.. මේ වැඩේ කළ අමනුස්සයව නිකන් අත අරින්න බෑ..."
සෙනඟ අතරට වී බලාගෙන සිටි එක් තරුණයෙක් කියූ දේ නිසා සියල්ලන්ම ඔහු දෙස බැලුවෝය.
"අපි අද රෑට ඕකව හොයාගෙන ගිහින් මරලා දාමු. මෙහෙම දෙයක් වුන පලවෙනි පාර නෙමෙයි නේ මේ.. දැන් අවරුදු ගානක ඉඳන් මේක වෙනවා..මීට අවරුදු ගානකට කලින් ඉදන් මේ දේම වුනා.. අපිට කලින් මේ ගමේ ජීවත් වුන අය පවා මේ දේ අත්වින්දා, එයාලා එදා මේකට විසදුමක් හෙවුවනන් අද මේ මරණය වෙන්නේ නෑ. ඒ වගේමයි... අපි අද මේකට විසදුමක් නොගත්තොත් හෙට අපෙන් පස්සේ ජීවත් වෙන අයටත් මේ දේම වෙන්න පුළුවන් නේද ?"
හැඩි දැඩි ශරීරයක් තිබූ ඒ තරුණයා දෙස සියල්ලන්ම කන් යොමා සිටියේ ඔහු පවසන දේ සත්‍ය බව හිස සොලවා සනාථ කරමින්.
"මම මේ කියන දේට එකඟ වෙනවා. අපි හැමෝම එකතු වුනොත් මේකට විසඳුමක් හොයන්න බැරි නෑ. කවුද එන්නේ අපිත් එක්ක.."
තවත් තරුණයෙක් එසේ කියද්දී වට වී සිටි පිරිසෙන් තරුණයන් දසදෙනෙක් පමණත් මැදි වියේ සිටි ශක්තිමත් පිරිමින් කිහිප දෙනෙකුත් ඔවුන් හා එක්විය.
"ඔයාලා හිතනවද ඒ කෙනා ඔයාලා එකතු වෙලා ගැහුවත් මරලා දාන්න පුළුවන් කෙනෙක් කියලා "
එක්වරම සියල්ලන්ගේම මුහුණු එසේ පැවසූ ආගන්තුකයා දෙසට හැරිණි. ගමේ මිනිසුන්ට හුරු පුරුදු මුහුණක් නොවූ ඔහුගෙන් දිස් වුයේ මංකොල්ල කරුවෙකුගේ පෙනුමයි. ඔහු ඇඳ සිටි වර්ණය ගෙවී ගිය ඇඳුමේ පාටින්ම රෙදි පටියක් ඔහු හිස වටා බැඳ සිටියේ ය.
.
.
.
ඔහුගේ ජීවිතය කාලය මඟින් එක තැන බැඳ දැමූවකි. කාලය විසින් ඔහුට විරුද්ධ වීමකි. කාලයේ දොරටු විවර කිරීම නිසා ඔහුට කාලය විසින් ලබා දුන් දඬුවමකි..
ලෝකයේ සංගීතය වර්ග දෙකකි, එයින් එක් සංගීතයක් මිනිසාගේ ජීවිතය තුළ වින්දනයක් ඇති කරයි. නමුත් අනෙක් වර්ගය මිනිසාට ජීවිතය විඳවීමක් කරයි.
සංගීතය ජීවිතය කරගත්තවුන්ට, සංගීතයෙන් මිනිසුන්ගේ හදවත් දිනා ගැනීමට අවශ්‍ය වේ. ඔවුන්ට අවශ්‍ය මිනිසුන්ගේ හදවත් වල මතකයන් වල රැඳෙන්නටයි. ලොව පුරාම සංගීතඥයින්, ගායකයින් ඒ වෙනුවෙන් විවිධ ක්‍රම යොදා ගනිති. පිරිසක් සංගීත භාණ්ඩ වාදනය කරමින් ගායනා කරති. තවත් පිරිසක් නටමින් ගායනා කරති. තම පෙනුමෙන්, අඳින ඇඳුම් වලින් ඔවුහු රසිකයන් තමා වෙත ආකර්ශනය කර ගනීති.
නමුත් ඒ වෙනුවෙන් වෙනස්ම ආකාරයක දේ කරන්නා වූ සංගීතඥයින්ද සිටිති.
ඔහුත් එවැන්නෙක් විය.
ඔහුටත් අවශ්‍ය වූයේ මිනිසුන්ගේ හදවතෙහි රැඳෙන්නටයි. නමුත් ඔහුගේ හිත තුල ඇති වෛරය හා ද්වේශය ඔහුව සම්පූර්ණයෙන්ම යක්ෂයෙකු කර හමාරය. ඔහුගේ එක් වාදනයකින් මිනිසෙකු මරණයට පත් කිරීමට වුවත් හැකියි. ඔහු වාදනය කරන එක් සංගීත ස්වරයකින් මිනිසෙකුගේ ශරීරය පුරා ලේ ගලනා තුරු සීරීම් ඇති කළ හැකියි. තවකෙකුගේ ජීවිතයක වටිනා කම ඔහුට වැදගත් නොවීය. ඔහුගේ එකම අරමුණ වුයේ මිනිසුන්ගේ මතකයේ රැඳීම යි.
නමුත් මිනිසුන්ගේ මතකයෙහි ඔහු රැඳුනේ ආදරනීය සංගීතඥයයෙකු ලෙස නොවෙයි.
සංගීතයෙන් ජීවිත බිලිගන්නා අමනුස්සයෙකු ලෙසයි.
.................................................................
මේ කතාවේ story idea එක @ndh_meow ගේ story idea book එකෙන් තමයි ගත්තේ. ඒ නිසා story idea එකට අදාල credit එක එයාට තමා යන්නේ. ඔයාලට ඒ පොතට ගියොත් හොඳ story ideas ගොඩක් බලාගන්න පුළුවන් :D
මේ කතාව මම දවස ගානේ update කරනවා කොච්චර වැඩ තිබුනත් :") ඒ නිසා ඔයාලා කතාව කියවලා enjoy කරයි කියලා හිතනවා <('o'<)~
ඒ වගේම ඔයාලා කතාව enjoy කරනවනම් vote කරන්න අමතක කරන්න එපා. අදහස් comment කරන්න මටත් දැනගන්න :)
Bạn đang đọc truyện trên: Truyen247.Pro