Sinhala | වොට්පෑඩ් තානාපති වැඩසටහන
වොට්පෑඩ් තානාපතිවරුන් යනු ලොව පුරා විසිරුණු ස්වේච්ඡා කණ්ඩායමක් වන අතර ඔවුන් ප්‍රජාවගේ එදිනෙදා කටයුතු සඳහා වොට්පෑඩ් හට උදව් කරයි.
තානාපති ස්වේච්ඡා වැඩසටහනේ පරමාර්ථය වන්නේ සෑම දිනකම මෙහි කියවන සහ ලියන මිලියන සංඛ්‍යාත වොට්පෑඩ්ඩර්වරුන්ට සහාය වීම හා විනෝදජනක ලෙස නිරත විය හැකි වේදිකාවක් තැනීමයි.
වොට්පෑඩ් තානාපතිවරයෙක් වීම යනු වොට්පෑඩ් සමාජයට යමක් නැවත ලබාදීම යන්නයි. අපි අවධානය යොමු කරන්නේ මිනිසුන්ට වොට්පෑඩ් වේදිකාව තුළ ඔවුන්ගේ මාර්ගය සොයා ගැනීමට උපකාර කිරීම, ප්‍රයෝජනවත් තොරතුරු සොයා ගත හැකි ස්ථාන ඔවුන්ට පෙන්වීම, අපූරු කියවීමේ ලැයිස්තු (Reading Lists) සකස් කිරීම සහ නව ලේඛකයින් දිරිමත් කිරීමට හා පෝෂණය කිරීමට උත්සාහ කිරීමයි.
අපි සොයන දේ:
- නීතිමය හේතූන් මත කණ්ඩායමට සම්බන්ධ වීමට ඔබ අයදුම් කරන විට ඔබ වයස අවුරුදු 18 හෝ ඊට වැඩි විය යුතුය.
- ඔබ ක්‍රියාකාරී වොට්පෑඩ් සාමාජිකයෙකු විය යුතු අතර, අයදුම් කිරීමට පෙර අවම වශයෙන් මාස 4 ක් වත් වොට්පෑඩ් ප්‍රජාවේ සාමාජිකයෙක් වී තිබිය යුතුය. (වොට්පෑඩ්හි ක්‍රියාකාරී ගිණුමක් තිබිය යුතුය)
- වොට්පෑඩ් ප්‍රජාවේ නියෝජිතයන් වීමට කැමති පුද්ගලයින් අපගේ ප්‍රජා මාර්ගෝපදේශ නඩත්තු කරන සහ ආරක්ෂා කරන පුද්ගලයින් විය යුතුය.
- සතියකට අවම වශයෙන් ස්වේච්ඡා පැය 4 ක්වත් කණ්ඩායමට කැප කිරීමට හැකි සාමාජිකයින් විය යුතුය.
- ඉංග්‍රීසි භාෂාව පිළිබඳ හොඳ ලිඛිත දැනුමක් අත්‍යවශ්‍ය වේ. ඔබ චතුර විය යුතු නැත, නමුත් කණ්ඩායමේ එදිනෙදා සන්නිවේදනයන් සියල්ලම ඉංග්‍රීසි භාෂාවෙන් සිදු කරනු ලැබේ, එබැවින් හොඳ අවබෝධයක් අත්‍යවශ්‍ය වේ.
කරුණාකර සලකන්න: තානාපතිවරුන් සමඟ සම්බන්ධ වීමට ඔබ අයදුම් කරන පැතිකඩ / ගිණුම හවුල් ගිණුමක් විය නොහැක. 'හවුල්' යන්නෙන් අප අදහස් කරන්නේ ඔබ අයදුම් කරන ගිණුමේ මුරපදය එක් අයෙකුට වඩා දන්නා බවයි.
ජංගම උපාංගයක් භාවිතයෙන් සම්පූර්ණයෙන්ම ප්‍රවේශ විය නොහැකි පැතුරුම්පත් සහ ලේඛන භාවිතා කරන බැවින් ඔබේ රාජකාරි ඉටු කිරීම සඳහා පරිගණකයකට / ලැප්ටොප් පරිගණකයකට නිතිපතා ප්‍රවේශ වීමට හැකි විය යුතුය.
අයදුම් කිරීම්
නව තානාපතිවරුන් සඳහා අයදුම් කිරීම් වසරකට තුන් වතාවක් විවෘත වන අතර තානාපති වැඩසටහනට නව ස්වේච්ඡා සේවකයන්ගේ වාර්ෂික බඳවා ගැනීම් තුන සමඟ සන්ධානගත වේ.
තානාපති වැඩසටහන සහ මේ සඳහා අයදුම් කරන්නේ කෙසේද යන්න පිළිබඳ වැඩි විස්තර ඔබට පහත වෙත පිවිසීමෙන් සොයාගත හැකිය .
Bạn đang đọc truyện trên: Truyen247.Pro